X කණ්ඩායම කෝ??

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    '90 දශකයේ මැද භාගයේ සිට ලාංකික සමාජයේ කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටු කළ රොහාන් පෙරේරා, දීප්ති කුමාර ගුණරත්න ඇතුළු "X කණ්ඩායම" දැන් කෝ?
     
    • Like
    Reactions: Identity

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ආ දීප්ති නං දැන් ඉන්නවා චතුරිකා සිරිසේනගේ කැම්පේයින් එකට සෙට් වෙලා. සිරිසේනගේ කතා ලියලා දෙන්නෙත් දීප්ති. හැබයි වැඩේ කියන්නේ දීප්ති කියන දේවල් වෙන එවුන්ට තියා ඌට වත් තේරෙන්නේ නෑ මිනිහා මොනවාද කියන්නේ කියලා. පොර කතා කරද්දී ඒ නිසානි සැරින් සැරේ කියන්නේ 'මම කියන දේ තේරෙනවද දන්නේ නෑ' කියලා. මොකද මිනිහත් දන්නේ නෑ මිනිහා කියන දේ.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    math eka parak book mark ekak aragena tibba podi kale x kandayama kiyala ee kale teruneth ne dan tereneth ne radical seen ekakda
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    math eka parak book mark ekak aragena tibba podi kale x kandayama kiyala ee kale teruneth ne dan tereneth ne radical seen ekakda
    නව්‍යවාදය සහ පශ්චාත් නව්‍යවාදය ගැන ලංකාවේ මුලින්ම ගැඹුරු විමසුමක් කරමින් සංවාදයට ලක්කළේ මේ X කණ්ඩායමයි. ඒත් ඔය කිව්ව පශ්චාත් නව්‍යවාදය කියන්නේ නව්‍යවාදයේම කොටසක් විනා අන් යමක් නොවන බව දක්වමින් ආචාර්ය නලින් ද සිල්වා මෙයාලගේ තර්ක විතර්ක සියල්ලම පාහේ බිඳලා දැම්මා. සාමාන්‍යයෙන් ප්‍රතිවාදියකු ඇගයීමකට ලක්කරන්න කවුරුත් කැමති නෑ. ඒත් මේ X කණ්ඩායම ප්‍රසිඉධියේම නලින් ද සිල්වා ව අගයකළේ "මුදලට නොවිකිණෙන ලංකාවේ එකම බුද්ධිමතා" යයි කියමින්.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    monawa karapu kattiyak da?
    නව්‍යවාදය සහ පශ්චාත් නව්‍යවාදය ගැන ලංකාවේ මුලින්ම ගැඹුරු විමසුමක් කරමින් සංවාදයට ලක් මේ X කණ්ඩායමයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Liberal Leftist Snowflakes aka Libs aka ලිබ්බෝ

    :lol: Deepthi is a Marxist you dumbass. Not a Liberal. Leftists and Liberals aren't the same thing. They are on completely different political spectrums. Liberals believe in the reformation of capitalism while leftists believe in abolishing it. Learn your politics before you spout conservative youtube's talking points
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    2010 වගේ එක්ස්පෙරිමෙන්ටල් මැතිවරණයක් ආවනන් X උත්පේරකය බලාගන්න පුලුවන්....
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    දීප්තිලගේ රැස්වීම

    මහවැලි කේන්ද්‍රයේ 29 වනදා තිබ්බ දීප්තිලගේ රැස්වීම

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    2004 දෙසැම්බර් මස 26 වැනිදා (සුනාමිය ආපු දවසෙ:nerd:) එක්ස් කණ්ඩායමේ රැස්වීමක් තිබුනා. ඒ වනකොට X කණ්ඩායම peak එකේ හිටියේ, ඒ අයට සහ ඒ අයගෙ මතවාදයයටත් හොඳ පිළිගැනීමක් ඇතිවෙමින් තිබුන කාලෙ. එතකොට යුද්දෙ වුනත් තිබුනා LTTE එක එතකොට ගොඩක් ප්‍රබලයි උන්ව යුධමය වශයෙන් පරාජය කළ නොහැකියි කියන මතවාදය ගොඩක් බලවත් වෙලා තිබුනා, ඒ හින්ද ඔය සිංහල ජාතිකවාදී ව්‍යාපාර දැන් තිබුනට වඩා දුර්වලව තිබුනේ. මේකෙ ලොක්ක වගේ හිටියෙ දීප්ති. ඊට අමතරව හිටිය මට මතක විදියට නිර්මාල් රංජිති දේවසිරි, කළ්‍යානද්ද පෙරේරා, සුමිත් චාමින්ද වගේ අයත් පොරවල් වෙලා හිටියා.

    එක්ස් එක climax එකේ හිටියට උන් අතර තිබුන සීතල යුද්ධය සුනාමි දවසෙම අවිලිල අන්තිමේදි ගොඩක් අනුගාමිකයෝ දීප්තිව දරුණුවටම විවේචනය කරල එක්ස් එකේ ලන්ඩන් සඟරාවේ බලයත් අත්පත් කරගෙන ඊලඟ කලාපෙ දීප්තිව පතුරු ගැහුව. දීප්තිට ඉතුරුවුනේ රාවයේ කාටුන් ඇන්ද (දැන් ඒකේ කර්තෘ) ජනරංජන කියන පිස්ස වගේ ටික දෙනෙක් විතරයි. පස්සෙ දීප්ති එයාගෙ අනුගාමිකයොයි තව එන්ජීඕ කට්ටියක් එක්ක පෙරටුගාමි පක්ෂය පටං අරං පෙරදිග සුලං කියල පත්තරේකුත් දාල බුක්මාක් එහෙමත් විකුන්න ගත්ත අනුගාමිකයො දාල:rofl: පස්සෙ මවුබිම කියල පත්තරේකටත් සෙට්වෙලා AK47 කියල අතිරේකයකුත් දුන්න පස්සේ ඒ මවුබිම පත්තරේ ඒ කාලේ තහනං කරා. 2009 යුධ ජයග්‍රහණයත් ඒක්ක ඒ වගේ අයට තිබුන තැන වේගයෙන් අඩුවුනා. ඔය රැඩිකල් උණ තියෙන කීපදෙනෙක් හැර ගොඩක් අය එයාව ගනංගන්නෙත් නෑ දන්නෙත් නෑ.