අඩේ බං ඕක සංසිද්ධියක් විතරක් වෙන්නත් පුලුවන් නේ. මොකද බං දැන් ඕක උඹ කියනකන් මට නම් එහෙම තුන් හිතකවත් තිබ්බේ නෑ. මම හිතන විදියට අනික් උන්ටත් බං ඕක ඔහොමම තමා. මම නම් X-Men එක හුදෙක්ම Marvels Comic එකක් විදියට විතරයි දකින්නේ. අනික් එක මචං ඕක මේ Comic එකක් ෆිල්ම් එකකට හැරෙව්ව එකක් මිසක් වෙන දෙයක් නම් තියෙන්න විදියක් නෑ. තව දෙයක් තමා Marvel Comics වල X-men ට අමතරව තව ගොඩක් ඒවා තියෙනවා ඒ හැමෝමත් වෙනම පිරිසක්. Avengers ගනින් උදාහරණෙකට. මම නම් කියන්නේ ඕක හුදෙක්ම නෙට් එකේ නිකන් ඉන්න බැරි සෙට් එකක් උන්ගේ ඈන්ගල් එකෙන් ඒක දිහා බලලා කිව්ව එකක්. මොකද කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුලුවන්. නමුත් ඉතින් කියවන, අහන කෙනා ඒක තේරුම් ඇතිව තේරුම් ගන්න ඕනේ. මම මේ කිව්වේ මගේ මතය
ඔය හැම Comic එකකම තේරුමක් තියෙනවා මචන්, Wonder Woman එක පටන් ගත්තේ Feminism එකටයි, X-men එක පටන් ගත්තේ සමලිංගිකත්වය වගේ දේවල් සදහායි, Superman එක පටන් ගත්තේ Jesus ගේ චරිතයට ආරෝපණයක් දීමටයි.

...Comic walata ohoma kiyanwa nam





