98 වලට පස්සෙ XP එක ආවම හැමෝම ඒක දාගත්තා!, ඒ වගෙම ඒක ගොඩක් සාර්ථක OS එකක් උනා. ඊට පස්සෙ Vista ආවම හුඟක් අය ඒකත් දාලා බැලුවා. හැබැයි ඒකට ඇපත් නැති උනා. ඊට පස්සෙ Se7en ආවම සමහරු එකට යන්න පස්ස ගැහුවා Vista වලින් කාපු කට්ට නිසා. ඕන දෙයකට ඔට්ටු හා කාලයත් සමඟ අලුත්වේන ජාතියෙ මිනිස්සු Se7en දාගත්තා. System requirements හරියට තිබුන කට්ටියට Se7en උපරිමයෙන්ම හරිගියා. හැබැයි System requirements හරියට නැති කට්ටියට XP තමා හොඳම කියලා හිතුනා. ඒ වගේම අර වයසක් මිනිස්සු වගේ Se7en අල්ලලවත් බලන්නෙ නැතිව XP තමයි හොඳම කියාගන්න කට්ටියක් තාම ඉන්නවා!.
මමත් ඔය හැම එකක්ම පාවිච්චි කරලා තියෙනවා..
මොනව උනත් මමනම් කියන්නෙ හොඳම එක Se7en තමා!!!