මේ වෙනකොට රටේ හැමෝම කතාකරන ප්‍රශ්නයක් තමයි මේ වාහන මිළ ඉහළ යාම. ඇත්තට ම ඒක ප්‍රශ්නයක් තමයි මචං. කාර් එකක් හදලා එළියට දාන company කරයාට වඩා ළාභයක් මේ නිකං පිනට කකා ඉන්න එවුන් ලබනවා නම් අන්න ඒක ප්‍රශ්නයක් තමයි මචං.
ඕනෑම හරකෙක් ට තේරෙනවා රජයක් බදු වලින් යැපෙනවා කියන්නේ උන් රජයක් වශයෙන් කරන නිශ්පාදනය සහ සේවා ගොඩක් පහළ මට්ටමක තියෙනවා කියන එක. ඉතිං ඇයි මුන් ට බදු වැඩි නොකර නිෂ්පාදන හා සේවා ඉහළ දාන්න බැරි. බදු වැඩි කිරීම්, ණය ගැනීම් සිදුකරන්නේ පෙර රජයේ ණය පියවන්න නම්, ඇයි මේ මහ එකාලා ගේ සැප වලින් ඒක අඩුවෙන්නෙ නැත්තේ. චන්දේ ට කළින් මිනිස්සු එක්ක එකට වැඩ කරනවා, බත් කනවා, කවනවා ඉඹිනවා ලෙවකනවා.. ඒකෙන් උන් ගේ අරමුණ උන් සාමාන්‍ය ජනතාව එක්ක එකට ඉන්නවා කියන එක පෙන්නන එක නේ. ඒ සමානාත්මතාව ඇයි මහත්තයෝ බලේට ආවාම අමතක වෙන්නේ.
සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් ඇමතියෙක් පහුගිය දවසක කීවා සෝක් සුරංගනා කතාවක්. පොර ට අනූව ඒ කතාව මෙහෙමයි, වාහන මිල වැඩි කළේ වාහන තදබදය සහ මිනිසුන් වාහන ගැනීම පාළනය කරන්න ලු. දැන් ඕක කරන්නේ ඒකට නම්, ඇයි යකෝ ලක්ෂ 3 ට මේ ඩේවිඩ් පීරිස් එකෙන් වාහන දෙන්න යන්නෙ. එතකොට වාහන වැඩි වෙන්නෙ නැද්ද...? ලැජ්ජයි මහත්තයෝ, පිළිගනිල්ලා, උඹලා ට ඕනි ඒ කීව දෙක ම නෙවෙයි, බදු සල්ලි... අපිට සැප දෙන්න නෙවෙයි. උඹලා ට සැප විඳින්න.
ඒ වගේම , ඒ වාහනේ වාහනේ උඹලා කියනවා වගේ පරිසමාප්ත අර්ථයෙන් ම සුපිරි වන්ඩියක් නම්, මැති ඇමතිලා ට ඕවාගේ යන්න කියපල්ලාකෝ... මේ කුණුකොල්ලෙට දෙන්න යන හිඟන වාහනේ දැක්කාම තදවුනේ තව දෙයක් නිසා, මේ වාහනේ ඉන්දියාවේ එකක් මිසක් ලංකාවේ එකක් නෙවෙයි. අනේ යකෝ, ලංකාවේ මයික්‍රෝ කාර් වලට ඒ තැන දෙන්න බැරි උඹලා ඔය පෙන්නන්නේ උඹලා ගේ ඉන්දියන් ගැතිකම කියන එක අපි දන්නවා මහත්තයෝ. ඒ වගේ ම ඉන්දියාවට *ක දෙන්න එපා ඔය තරම්. හිටගෙන ඉද්දි කක්කි යයි.
උඹලා ගේ ජන්ද වලට උඹලා වගේ ම මිනිස්සු දාගත්තාම. අපි කරන්නේ පොඩිම ගොනා තෝරන එක. උඹලා දින්නා කියලා සතුටු වුනාට අපි දන්නවා පොඩි ගොනා වුනත් කවදා හරි මහ ගොං නාම්බෙක් වෙනවා කියන එක. බොක්කෙන් ම කියන්නේ, පක්ෂ විපක්ෂ මොකේ වුනත් උඹලා අතර එකෙක් වත් නෑ ශ්‍රී ලංකාවට , ලංකාවෙ මිනිස්සුන් ට ආදරේ එකෙක්. එකෙක් වත් කීවේ ඉතිං මහ පුටු දෙකේ ඉන්න උන් දෙන්නටත් එක්ක ඈ.... ඒ වගේම සිය කැමැත්තෙන් ඉල්ලන් කාලා ගෙදර ගියපු අංකල්ටත් එක්ක තමා මේ කීවේ...
උඹලා ට රිද්දගන්න දෙයක් කීවෙ නෑ. එක එකා ට කඩේ යන්න එපා. බයියො ටොයියෝ නොවී හිතපල්ලා අපේ ජනතාව පැත්තෙන්. උඹ පක්ෂපාතී වුනොත් වෙන්නේ උඹ පක්ෂ වුන උන් කරන වැරදි වලදී කට *ක පියන් ඉන්න වෙන එක. චන්දෙ භාවිතා කරපල්ලා. ඒත් එකෙක් ට වත් ගැති වෙන්නෙ එපා.