You meet the nicest people on a honda -super cub

sika2

Well-known member
  • Nov 15, 2013
    3,623
    2,457
    113
    නිධානයක් උඩ
    02.jpg
    1960 දශකයට පෙර මෝටර් සයිකල් නමැති වාහනය භාවිතා කලේ ඉතා අවදානම් වාහනයක් ලෙසය. මෝටර්සයිකල් පදින්නන්ද සැරපරුෂ පුද්ගලයන් වූ අතර සාමජයේ හොඳ පිළිගැනීමක් ඔවුන් හට තිබුනේ නැත. honda මෝටර්සයිකල් කර්මාන්ත ශාලාව විසින් සාමාන්‍ය ජනතාව අතර මෙම වාහනය ජනප්‍රිය කරවීමට වඩා ආරක්ෂාකාරී යතුරුපැදි මොඩලයක් හදුන්වාදෙන ලදී. honda cub ලෙස හදුන්වා දුන් මෙම යතුරුපැදිය ඉලක්ක පාරිභෝගිකයන් වුයේ කුඩා ව්‍යාපාරිකයින්, කාන්තාවන්, තරුණ තරුණියන් ආදීන් ය.1958 සිට මේදක්වා නිෂ්පාදනය වන මෙම මාදිලිය 2008 වනවිට බයිසිකල් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.

    අලෙවිකරණය
    මුල් කාලයේ මෙම මෝටර්සයිකලය වෙළදපොලට හදුන්වා දීමේදී මෝටර් සයිකල් පිලිබදව සාමාන්‍ය ජනතාව තුල තිබුණු භයානක චිත්‍රය වෙනස් කිරීමට honda ආයතන යට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුසිදුවිය.එය You meet the nicest people on a honda යන පාඨයෙන් අවුරුදු කිහිපයක් සිදුකෙරුණි. එහි සාර්ථකත්වය විකිණී ඇති බයිසිකල් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ.
    honda-nice-people-11.jpg

    ශ්‍රී ලංකාවට honda cub හදුන්වාදීම.
    1958 සිට honda cub නිෂ්පාදනය වුවද ලංකාවට වානිජමය වශයෙන් ගෙන්වීම ඇරඹුණේ 1978 විවුර්ත ආර්ථිකයත් සමගය. එවකට ලංකාවේ පැදවූ අනෙක් මෝටර්සයිකල් වලට සාපේක්ෂව ඉතා අඩු ශබ්දයක්, වැඩි ඉන්දන පිරිමසුමක් තිබු නිසා මෙය බෙහෙවින් ජනප්‍රිය විය. අදටත් 7 ශ්‍රී , 8 ශ්‍රී ලියාපදිංචි අංක යටතේ මේවා ධාවනය වනු දැකිය හැක. ස්කූටර් පැමිණීමට පෙර cub බයිසිකල් කාන්තාවන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

    නඩත්තුව
    50cc සිට 110cc දක්වා බලය ඇති එන්ජිමකින් සමන්විත මෙය නඩත්තුව අවමවේ. අමතර කොටස්ද සුලබ වන අතර 1978 මාදිලිය හා වර්තමාන මාදිලිය වෙනස් වන්නේ සුළු වශයෙනි. පරණ cub බයිසිකලයක වුවද ඉන්දන කාර්යක්ෂමතාව ඉහලින්ම පැවතීම මෙහි ඇති තවත් වාසියකි.
    කෙසේ වුවද ලංකාවේදී රීකොන්ඩිෂන් 50 cc මෝටර් සයිකලයක් වුවද 120,000.00 වඩා වැඩිය ( වෙනස් විය හැක).

    කියවලා බම්ප් එකකුත් දාගෙන යන්න.
    අලුත් දෙයක් තියනවනම් එකතු කරන්න..
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    me thiyenne uba kiyapu attitude eka wenas karanna use karapu honda ad eka,api A/L business studies class eke sir pennuwa a dawas wala
    good things happen on Honda


     
    • Like
    Reactions: sika2

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට භාණ්ඩේ බන් දැන් කාලෙකට ඉස්සර ඩිස්කවරි චැනල් එකේ මෙතෙක් ලෝකේ හදපු හොදම බයික් 10 න් අංක i වුනේ මේක .උන් ඕක උඩ ඉදන් බිමට අටාරිනවා .ඊටපස්සේ engine oil අයින් කරලා ස්ටාර්ට් කරලා දුවලත් පෙන්නනවා .:P:P

    කිසිම ලෙඩක් නැති බයික් එකක් .

    මෙන්න ලින්ක් එක

    http://www.discovery.com/video-topics/cars-bikes/motorcycle-guide-videos/greatest-bike-ever.htm
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    adoo mage lagath thiyanawa 105 sri super cub 90 patta bike eka bann,thamath hodatama weda thel suwandatath duwanawaaa,