යාළුවනේ මේක මට ආපු අදහසක්. අලුත් you tube chanel එකක් පටන්ගන්න.අඩුවියදමකින් කොහොමද ජීවත් වෙන්නෙ කියන එක ගැන videos තමයි කරන්න බලාපොරොත්තුව. හාල් කිලෝවක් පවුලකට කීදෙනෙකුට දවස් කීයක් ඇතිද කියන දේ ඉදන් වේලක් දෙකක් නොකා හිටියොත් ශරීර සෞඛ්‍යට කෙලවෙනවද? ඇත්තටම නෑනෙ මෙන්න මේ වගේ videos කරන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. තව ගෑස් වෙනුවට විකල්පය දර පාවිච්චියට ගන්නවනම් ඉක්මනින් ඇවිලෙන දර වර්ග මොනවද? එකක් දෙකක් විතරයි කිව්වෙ තව මේ වගේ ගොඩක් කාලීන අපේ රටට ගැලපෙන අදහස් ගොඩක් තියෙනවා ලයිට් තියෙන පැය කිහිිිපය අපි කොහොමද කලමණාකරණය කරගන්නේ වගේ.. ඉතින් උබලගෙත් අවංක අදහස් මේ වැඩේට ගොඩක් වටිනවා.. ඔන්න ඉතින් ඒකට අවස්ථාව