Zලකුණුඅර්බුධය හා ශ්‍රී ලංකාව..

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Zලකුණුඅර්බුධය හා ශ්‍රී ලංකාව..

    ශ්‍රී ලංකාව යනු තුන් වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි.රටක් සංවර්ධනය කරා යන ගමනේදී පළමු තැන අධ්‍යාපනයට හිමි විය යුතුය.එය අවිවාධිත විශ්ව සත්‍යයකි.නව නිපැයුම්,නව සංකල්ප බිහිවනු ලබන්නේ මිනිසුන් අධ්‍යාපනය තුලින් ලබා ගන්න වූ සාර්ථකත්වය මගින් වන බැවින් අධ්‍යාපනය කෙරෙහි දක්වන අවධානය ඉතා ඉහල අගයක පැවතිය යුතුය.රටේ මේ වන විට අධ්‍යාපනය විශාල අර්බුධ රාශියක ගිලෙමින් පවතී.ඒවා අතර වර්තමානයේ උසස් පෙළ Z ලකුණු අර්බුධය,සරසවි ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය වන්නේය.මේ අතර ගුරු සංගම්ද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග තෝරමින් පවතී.


    564577_4244856648640_1399918293_n.jpg




    ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වසරකට ළමුන් ලක්ෂ තුනක අධික ප්‍රමාණයක් පෙනී සිටයි.මෙයින් සිසුන් ලක්ෂයක් වැනි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සුදුසු කම් ලබයි.2011 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා විෂය නිර්දේශ 2 ක් යටතේ සිසුන් මුහුණ දුන් අතර එම ප්‍රතිපල නිකුත් කර ලකුණු ගණනය කිරීමේදී අලුත් හා පැරණි විෂය නිර්දේශ යටතේ විභාගයට අපේක්ෂකයින් එකම නියැදියක් ලෙස සලකා Z ලකුණ ගණනය කිරීම තුලින් මෙම අර්බුධය මතු විය.සංඛ්‍යානය විද්‍යාවට අනුව එම ක්‍රියාවලිය වැරදි බව සංඛ්‍යාන විද්‍යාවේ මුලික සංකල්ප පිලිබඳ අවබෝධයක් ඇත්තෙකුට පවා තේරෙන්නේය.මෙහිදී විභාග දෙපාර්තුමේන්තුව Z ලකුණ ගණනය කිරීමේදී යොදාගත් නිදර්ශක මොනවාදැයි ඔවුන්වත් නොදන්නා ආකාරයක් පෙන්නුම් කරයි.මෙවැනිම සිදු වීමක් 2000 වසරේදී උද්ගත විය.එමෙන්ම 2005 වසරේදී කෙටි ප්‍රශ්න පත්‍රය පරිගණක ආධාරයෙන් සමීක්ෂණය කිරීමේදී ඇති වූ දෝෂයක් නිසා දෙවරක් Z ලකුණු නිකුත් කිරීම සිදු විය.මෙහිදී සිසුන්ට සිදුවූ අසාධාරණය බරපතලය.සමහර සිසුන්ට ඉංජිනේරු පීඨයට ඇතුලත් වීමට සුදුසුකම් තිබියදී වෙනත් පාඨමාලා වලට ඇතුලත් වීමට සිදු විය.එමෙන්ම එම වරද නිවැරිදි කිරීම සඳහා රජරට වෛද්‍ය පීඨය ස්ථාපනය කරන ලද අතර,එය මේ වන විට අර්බුධ රාශියක් මවන ලද වැරදි තීරණයක් බව ඔප්පු කරමින් පවතී.


    පසුගිය උදාහරණ මෙපමණ තිබියදී විභාග දෙපාර්තුමේන්තුව ගන්නා ලද මේ තීරණය සම්බන්ධයෙන් ඔවුන් වග කිව යුතුය.අධ්‍යාපන අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිපල නිකුත් කරන ලද සමයේ කරන ලද ප්‍රකාශ,අද ජනතාව හමුවේ පට්ටපල් බේගල් බව ඔප්පු වෙමින් පවතී.ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ඉතා ඉහල පිළිගැනීමක් පවතී.එම අගය හෑල්ලු වන අන්දමට ක්‍රියා කිරීම අප සංවර්ධිත රටක් කරා යන ගමනේදී අවාසි සහගතය.මන්ද යත් ඒ සඳහා අපට අධ්‍යාපනය ඉතා හොඳ අවියක් වන බැවිනි.


    උසස් පෙළට මුහුණ දෙන අපේක්ෂකයින් කාණ්ඩ තුනකට ප්‍රධාන වශයෙන් බෙදිය හැක.ඒ පළමුවර,දෙවනවර හා තෙවනවර මුහුණ දෙන්නන් වශයෙනි.උසස් පෙළ කඩ ඉම යනු ඕනෑම සිසුවෙකුගේ ජිවිතයේ ඇති විශාලම අභියෝගයකි.උසස් පෙළ යනු ලංකාවේ තරඟකාරිම විභාගය වේ.Z ලකුණු නැවත ගණනය කිරීම මත සිසුවෙකුට තමා දැනට සුදුසු කම් ලබා ඇති පාඨමාලාව වෙනස්වීම හෝ නැවත විභාගයට මුහුණ දීමට පවා සිදු විය හැක.මෙවැනි පසු බිමක් තුල සිසුන්ගේ බලාපොරොත්තු,අරමුණු විශාල ලෙස වෙනස් විය හැක.මෙම අවුල විසදීම සඳහා රජය විසින් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා පිරිස වැඩි කිරීම හෝ අලුතින් පීඨ ස්ථාපනය කිරීම සිදු කරන්නේනම් ඔවුන් විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය හදාරන වසර 3,4 හෝ 5 තුල ඔවුන් අපහසු තාවයට පත් නොවන ලෙස විධිමත් සැලැස්මක් යටතේ ඔවුන් බඳවාගැනීම කල යුතුය.සරලවම කිවහොත් රජරට වෛද්‍ය පිඨයේ සිසුන් මුහුණ දුන් කටුක අත්දැකීම් වලට ඔවුන් ඇද නොදැමිය යුතුය.විශ්වවිද්‍යාල වරම් නොලද ලක්ෂ දෙකකට අධික සිසුන් ප්‍රමාණය රටේ සංවර්ධනයට සෘජුව දායක කරගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් අවශ්‍යය.දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වන විට මේ තාරුණ්‍යය මස අටකට අධික කාලයක් කිසිම අරමුණක් නොමැති තත්වයට පත් කොට ඇත.ඔවුන්ට සිදුව ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පිකටින් කිරීමටය.මේ තත්වය ඉදිරියටත් පැවතුන හොත් ලංකාව ලිබියාවක් බවට පත් වීමට ඇති හැකියාව බොහෝය.මේ අතර සරසවි ආචාර්යවරු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මසකට අධික කාලයක් තිස්සේ මේ වනවිට වර්ජනයේ යෙදේ.මෙලෙස රාජ්‍ය අධ්‍යාපන කාබාසිනියා කරන අතරතුර ජාත්‍යන්තර පාසල්,පෞද්ගලික විශ්වවිද්‍යාල නමින් බටහිර බුවල්ලන් දුප්පත් දෙමව්පියන්ගේ හා සිසුන්ගේ මුදල් බිලි බාගනිමින් සිටි.



    මෙම අර්බුධ වලින් ශ්‍රී ලංකාව හා අධ්‍යාපන කේෂ්ත්‍රය ගලවා ගැනීමට නම් වහාම අධ්‍යාපනය සම්බන්ධයෙන් ස්ථිර හා නව්‍ය ප්‍රතිපත්තියක් සැදිය යුතුය.එවිට අප රටට වර්තමානයේ නොමැති වුවත් අනාගතයේදී දීප්තිමත් වීමට එය බලපානු ඇත..


    See More From
    http://sabravoice.blogspot.com/2012/08/blog-post.html


    උපුටා ගැනීමක් නෙවෙයි.elakiriයේ සහෝදරවරු තමන්ගේ අදහස කියන්න...

    blog-post.html
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ටික නොතේරෙන්නේ දේශපාලක බූරුවන්ට විතරයි.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මොකක්ද වරද කියල කියල නැහැනේ මේ ලිපියේ? සන්ක්යන විද්‍යාව දන ගත්තට වරද නම් මට තේරෙන්නේ නැහැ. 2000 වසරේ ඇති උන ගැටලුව නම් මට මතක නැහැ. නමුත් 2005 වසරේ උනේ රසායන විද්‍යාව කෙටි ප්‍රශ්න පත්තරේ ලකුණු හරියට ගණනය කරලා නැතුව වෙච්ච ප්‍රශ්නයක්. ඒක Z එකට සම්බන්ධයක් නැහැ. අපි රි කරෙක්ෂන් දැම්මට කෙටි ප්‍රශ්න පත්තර අපහු බලන්නේ නැහැ. (පරිඝනකයේ බලන නිසා) නමුත් 2005 දී ඒවා ඔක්කොම මැනුවලි බැලුව. සෑහෙන්න වරදක් වෙලා තිබුන ඒකෙදි. ඒ නිසා කලින් Z එක අහෝසි කරලා නැවත Z එකක් නිකුත් කල. සම්පුර්ණ වරද විභාග දෙපාර්තමේන්තුවේ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැමෝටම සර්ව සාධාරණ ක්‍රමයක් හදන්න බෑ බන්, z එක නැතුව වෙන ක්‍රමයක් ගෙනාවත් එත් ඔච්චරයි.
     

    waligamaya

    Well-known member
  • කිසිම දෙකට සැලසුමක් නැති රටක. ඒවගේම එදා වෙලේ පාලකයෝ ඉන්න එදා වෙලේ පාලනය ගෙනයන රටකට වලපලට යන එක නවත්වන්න බැ. යන්තම් හරි බේරිලා තිබුනේ විබහග ක්‍රමය විතරයි එකත් ඉවරයි. එක එක මුදලාලිලා ඉස්කෝල, ටියුෂන් උසසද්දයන ආයතන දාලා අසරණ මිනිස්සුන්ගේ සල්ලි හරන් කනවා.