Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි


    supreme_court_colombo.jpg



    පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

    ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා


    ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.


    නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක්‌ නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබුණා.


    විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළේ ඉන් පසුවයි.


    විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස්‌ කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ අතර අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ එම පෙත්සම් විභාග විවුණා.


    තීන්දුවෙන් පසුව විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි පවසෙන්නේ.



    මෙවැනි තත්වයක් තුල ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ කටයුතු කරන සියලුම අමාත්‍ය වරු ඉල්ලා අස්විය යුතුය.මන්දයත් ප්‍රතිපල නිකුත් වූ සමයේ අධ්‍යාපන ඇමති සහ උසස් අධ්‍යාපන ඇමති වරු ප්‍රතිපල නිවැරිදි බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කලේ එම ප්‍රතිපල වැරදි බව සදහන් කල ආචාර්ය,මහාචාර්ය වරු මෝඩයින් සේ සලකාය.මේ සිදු වීමේදී වග කිවයුතු අමාත්‍යවරු සියලු දෙනාම තමාට ආත්ම ගරුත්වයක් හා ලැජ්ජාව බිඳක් හෝ ඇත්නම් වහාම තම ධූර වලින් ඉල්ලා අස් විය යුතුය.රටක අනාගතය වන්නේ දරුවන්ය.දරුවන්ගේ අනාගතය මෙලෙස කාබාසිනියා කිරීමට දී බල නොසිටිය යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: sasithawathmal

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ සිදු වීමේදී වග කිවයුතු අමාත්‍යවරු සියලු දෙනාම තමාට ආත්ම ගරුත්වයක් හා ලැජ්ජාව බිඳක් හෝ ඇත්නම් වහාම තම ධූර වලින් ඉල්ලා ඇස විය යුතුය.

    Balanhitapan ainwenakan. okunta redi nethuwa pare yanna unath puluwan.lejjawak kiyala namayak ne.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    රටේ අධ්‍යාපන ඇමතිවරුන් කියලා ජෝකර් වරු අනවශ්‍යයි....
     

    *SUPERMAN*

    Member
    Jun 25, 2012
    48
    10
    0
    Krypton
    මේ වගේ අසාධාරනයන් දිහා ඇයි මිනිස්සු තවත් බලන් ඉන්නේ...
    :angry: :angry: :angry:
    ඉගෙන ගන්න ආසාවෙන් බලාපොරුත්තු ගොඩක් හිතේ තියන් ඉන්න කොල්ලො කෙල්ලෝ තව කී දෙනෙක් සියදිවි හානි කර ගනීද ?
    :confused: :confused: :confused:
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මේ වගේ අසාධාරනයන් දිහා ඇයි මිනිස්සු තවත් බලන් ඉන්නේ...
    :angry: :angry: :angry:
    ඉගෙන ගන්න ආසාවෙන් බලාපොරුත්තු ගොඩක් හිතේ තියන් ඉන්න කොල්ලො කෙල්ලෝ තව කී දෙනෙක් සියදිවි හානි කර ගනීද ?
    :confused: :confused: :confused:


    SBගොනා මේකටත් මොකක් හරි ගොන් කතාවක් කියයි..
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    SBලා,බන්දුලලා,ජොනිලා, රත්තරන්ලා,රෝසිලා,පබාලා ,මර්වින්ලා පිනුම් ගහන රටේ ඔලුව තියෙන මිනිස්සු ඉන්න බව අද අධිකරණය පෙන්නුම් කලා..