z ස්කෝර් ශාප ඇමති බිරිඳට වදී

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    z ස්කෝර් ශාප ඇමති බිරිඳට වදී

    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වාහනයේ සවි කළ කොමඩ් එකක් සහිතව කැබලිත්ත දේවාලයට ගිය පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන එන ලද අතර අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ද ඓතිහාසික කැබලිත්ත දේවාලයට ගොස් අතරමන්වූ පුවතක් ගෙන එන ලදි.

    ඇමති මර්වින් සිල්වාද පසුගියදා කැබලිත්ත දේවාලයට ගොස් තිබුණේ තමන්ට ඇති අපල දුරුකර ගැනීමටය.

    කැබලිත්ත දේවාලය වඳින්නට දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය.

    z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගිය පෝය දිනට පෙර දින යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙනවා.

    එම පුද බිමට කාන්තාවන් නොගැලපෙන බව බොහෝ දෙනා පැවසුවද එම බිරිඳ හා පිරිස ජීප් රථ දෙකකින් හා කැබ් රථයකින් යාල කලාප අංක තුනට ගොස් තිබෙන්නේ පසුගිය 31 වනදායය. එදින සවස් වන විට ඔවුන් දේවලයට පැමිණ තිබේ.

    ඔවුන් ගමන් ගත් වාහන වලින් එක් ජීප් රථයක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් කුලී පදනම මත ගත් එකක්ය.

    එම ජීප් රථ රියදුරා විසින්ම රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි කපු මහතෙකුද මෙම ඇමති බිරිඳගේ පූජාව සඳහා කැඳවාගන ගොස් තිබේ.

    කපු මහතාගේ උපදෙස් පරිදි ඇමති බිරිඳ ඇතුළු පිරිස පුද බිමේ එක් පෙදෙසක බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවී තිබෙන අතර සියළුදේම අමතක වූ ඇමති බිරිය හා පිරිස පසුපසට දුවනට දිව ගොස් තිබෙන්නේ කෑමොර දෙමිනි.

    ඉන්පසුව අසල තිබූ හමුදා කඳවුරක ආරක්ෂාව යටතේ පූජාව පවත්වා තිබෙන අතර z ස්කෝර් ගැටළුව හමුවේ රටම ශාප කරනා ඇමතිවරයාව ඒවායෙන් මුදවා දෙන ලෙස ඉල්ලුවද වෙනත් යමක් ඉල්ලුවද දන්නේ ඇමති බිරියම පමණි.


    Souse gossip9 Link
     
    Last edited: