ZD8 - Charitha Attalage | Kasun Edirisinghe

LOyalnIMa

Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මෙයාගේ අමුතුම සින්දු ටිකක් තියෙන්නේ. මේ වගේ සින්දු ලියන, කියන, හදන අය ලංකාවේ තව තව එන්න ඕනේ. මාර වටිනවා මේ වගේ අය.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මෙයාගේ අමුතුම සින්දු ටිකක් තියෙන්නේ. මේ වගේ සින්දු ලියන, කියන, හදන අය ලංකාවේ තව තව එන්න ඕනේ. මාර වටිනවා මේ වගේ අය.



    ------ Post added on Nov 21, 2023 at 1:33 AM
     
    • Love
    Reactions: LOyalnIMa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව



    බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
    දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
    සැප රථෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
    බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
    මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
    අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැඳන්?
    අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
    දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
     
    • Love
    Reactions: LOyalnIMa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113



    මේක අරලගංවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්ව හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා. (2020 දි තමා ඒ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ.) ඊටපස්සේ ඒ මනුස්සයාට ජීවිතාන්තය දක්වා ම සිර දඬුවම් නියම කරලා. ඊටපස්සේ ඒ මනුස්සයා මාස 10 ක් හිර ගේ ඇතුලේ ඉඳලා අන්තිමට හිර ගේ ඇතුලෙදිම ජීවිතක්ෂයට පත් වෙලා. ඒ සීන් එක ගැන තමා ඔය සිංදුවේ තියෙන්නේ. ඒ Documentary එකේ තියෙන හැටියට ඒ මැරුම් කාපු නිලධාරියා අලි වැටවල් ගහන්න තියෙන මුදල් ටික වංචා කරලා Money Scam එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අලියා මැරිලා තියෙන්නේ. අලි වැටවල් හරියට කලමණාකරණය කරන්නේ නැති නිසා එක අවුරුද්දක් ඇතුලත අරලගංවිල අලියෝ 35 කටත් අධික ප්‍රමාණයක් මැරෙනවලු. ඔයගොල්ලො මේ අරලගංවිල මිනීමැරුම් සිද්ධිය ගැන වැඩිදුර විස්තර දන්නවද? මේ සිංදුවේ තියෙන අලි වැටවල් සම්බන්ධ Money Scam එක මොකක්ද කියලා කව්රුහරි දන්නවද?

    මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා. පොරගෙ සිංදුවක තියෙන Music Theory, Consepts, Genre Thoery, Audio Quality, Uniqueness, Video Quality වගේ වගේ හැම දෙයක්ම Near Perfection Level එකේ තියෙන්නේ. මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට. Lyrics ලියපු කෙනත් ලස්සනට සිංදුව ලියලා තියෙනවා. Journalist ගෙ Photos ටිකත් නියමයි.
     
    • Love
    Reactions: iworld