350000/= bank ekaka sthawara dammanam poliyen current bill1 gewanna puluwan..
ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ...
ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම් ගොඩාක් අය දන්නව මම ඒක කොහොමද කරන්නෙ කොහොමද වෙන්නෙ කියල කියලා දෙන්න ඔනෙ නෑ මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න නිසා...නමුත් ඔයගොලොන් ගොඩක් දෙනෙක් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මම ඔයගොලොන්ට කියන්න යන්නේ..මෙය හඳුන්වන්නේ නෙට් මීටරින් සිස්ට්ම් (Net Metering) කියලා...
අපි බලමු නෙට් මීටරින් (Net Metering) කියන්නෙ මොකක්ද කියලා..
![]()
නෙට් මීටරින් (Net Metering) යනු දිවා කාලයේ සූර්ය පැනල ම්ගින් නිපදවන සරල ධාරා විද්‍යුතය (DC-Direct Current) , ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුතය (AC-Alternate Current) බවට පරිවර්තනය කර නිවසේ භාවිතයට යොදා ගැනේ. සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.
සූර්ය විදුලිබලය උත්පාදනය නොවන රාත්‍රී කාලයේදී හා උත්පාදනය වා සූර්ය විදුලිබල ප්‍රමාණය නිවසේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන විට, සාමාන්‍ය පරිදි ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනේ.
ඔබගේ සූර්ය විදුලිබල පද්ධතියෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන විදුලි ඒකක ප්‍රමාණයත් (Exports), ජාතික විදුලිබල පද්ධතියෙන් ඔබගේ ගෘහස්ථ විදුලිබල පද්ධතියට ලබා ගනනා විදුලි ඒකක ප්‍රමාණයත් (Imports) "නෙට් මීටරය " නැමති සුවිශේෂී මනුව මගින් වෙන් වෙන්ව සටහන් කරගනී.
අදාල මාසය අවසානයේදී, සත්‍ය වශයෙන්ම ඔබ ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගත් විදුලි ඒකක ප්‍රමාණයක් වේනම්, එම විදුලි ඒකක ප්‍රමාණයට පමනක් (ඉතා අඩු ඒකක ගනණකී) ඔබ ගෙවීම කලයුතු වේ.
මෙම ක්‍රම වේදය මගින් ඔබගේ මාසික විදුලිබිලෙහි අයකිරීම, ස්ථාවර ගාස්තුවට පමණක් (Fixed Charge Only) සීමා වීමක් හෝ එය ඉතා සුළු ගනණක් බවට (මුල් විදුලි ඒකකයන් සඳහා ගාස්තුව ඉතා අඩුය) පත් කිරීම හෝ ප්‍රායෝගිකව කල හැක.
(මෙය ඔබගේ බිල්පත් අගය ශුන්‍ය වීමකට ඉතා ආසන්නය)
අපි නෙට් මීටරින් සිස්ටම් (Net Metering System) එකේ වාසි ගැන කතා කරොත්,
1) Net Metering පද්ධතියේ විද්‍යුත් කෝෂ (බැටරී) නොමැති හෙයින් නිරන්තරයෙන් සිදු කළ යුතු විද්‍යුත් කෝෂ නඩත්තුව (Battery Maintainance) හා මිල අධික ක්‍රියාවලියක් වූ විද්‍යුත් කෝෂ ප්‍රතිස්ථාපනයෙන් (Battery Replacement) තොරයි.
2) නෙට් මීටරින් පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහන් පරිපථයේ කිසිදු වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.
මම දැන් කියන්න හදන්නෙ ඔයගොලොන්ට මේ සිස්ටම් එක ඔයගොලොන්ගෙ ගෙදරටත් සවි කරගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් මාගේ ආයතනය විසින් එය ඉතාමත් පහසු මිලකට සහ ඔබලාගේ අවශ්‍යතාවය මත මෙම පද්ධතිය සවි කර දිය හැක ඒවගේම අප විසින් ලංකාවේ ඕනෑම තැනකට පැමින මෙම සේවය ලබාදිය හැක.
මා මෙහි විශේෂයෙන්ම කිවයුතුව තියෙනවා අප ආයතනය විසින් සවි කරනලද නෙට් මීටරින් සිස්ටම් එකට අප ලබා දෙන වගකීම සහතික ගැනත්,
1) අප සවිකරන Net Metering සිස්ටම් එකෙහි සන්නම් නාමය (Brand name) වන්නෙ රිනිසෝලා (Renesola) යන නාමයයි..මෙය ලෝකයෙ ඉතාමත් ජනප්‍රිය සූර්ය පැනල (Solar Panel) නිෂ්පාදනය කරන ආයතනයක් බවත්, එම ආයතනය විසින්ම නිපදවන ලද ඉන්වර්ටරයත් (Inverter) නිසා ලොව ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත.
![]()
![]()
![]()
![]()
2) අප විසින් වසර දහයක දීර්ග වගකීම් කාලයක් ඉන්වර්ටර් එක සඳහාත්, වසර විසිපහක වගකීම් කාලයක් සූර්ය පැනල සඳහාත් ලබා දිය හැක.
3)තව දෙයක් කිව යුතුව තියෙනවා අලෙවියෙන පසු සෙවාව (After Sales Activity) යන වැදගත්ම දේවල් අප ආයතනය ව්සින් ලබා දෙන්නට අපි පසුබට වෙන්නේ නෑ..!!
තව දෙයක් මතක් කරයුතුයි එළකිරි මෙම්බර්ස්ලට අප විසින් වෙනම වට්ටමක් ලබදෙන්නත් අපට හැකියාවක් ඇත.
අපගේ මිල ගණන් දැන ගැනීමට අවශයතාවක් තිබේනම් ඔයගොලොන්ට මෙම අංකයට අමතන්න..!!
0777737181 - අසංග
මම ඉස්සරහට අපගේ සිස්ටම් වල මිල ගනන් මෙහි ඔබ සැමටම දැන ගැනීමට දාන්න බලන්නම්..
මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ
good job machan
i am currently planing my house and this is part of it
my idea is to set 2kw one and buy a prius electric car....


Micro Inverter eka mona brand ekakda
lower capacity price pls and production (units)
1Kw - 120 Unitz - 350000/=
1.5Kw - 180 Unitz - 450000/=
2KW - 220 Unitz - 550000/=
machan me roughly...!!
unit 80-100 athare ekak nadda ban.mata CEB eke wada karana ekekuth oka gana kiwuwa.mama wadiya ganan gaththe naha,meka dakkama hithune eka tikak wadagath kiyala



, government eken gana aduwata high efficiency solar panals loku gaanak bulk order karanna puluwannam apita okak gana aduwata ganna puluwan wei..


eth 50000ka wage bilak enawanam, eka unit ekak sahenna ganan, ethakota meken unit 100k adu karath ekath loku ganak, ethakota investment eka ikmanata cover wenawa..

ara air cooler ehema puluwan 24 hour?thattu deke gedarakata udatai yatatai meter dekak daganna eka thama hondama wade,.![]()




puka irena gaanak aurudu gaanakata invest karala, Fan ekak karakawana eka padui ban.price's eehema dapan machan mamath solar system ekak hoya hoya inne FAN eka ehema daala thiyanna thibbanam athiara air cooler ehema puluwan 24 hour?



මාත් සොලර් සෙල් ගෙනල්ල බෝඩ් හැදුව 100w ඒව (ආතල් එකට හැදුව) , තමන් හැදුවත් අනුන් හැදුවත් සාමාන්යෙන් හොඳ බෝඩ් එකක් අවු 20 ක් වත් ශේප් එකේ දුවන්න පුළුවන්.. ලොකුම ප්‍රශ්නෙ තමයි විදුලිය රඳවා තියාගන්න බැටරි, ඒව සවුත්තු වෙනව අවු 4 කින් විතර, සෑහෙන මුදල් ප්‍රමාණයක් යනව ආපහු බැටරි දාන්න ගියාම ... ඒත් ඉතිං අනාගතේ විදුලි මිල අහස උසට නැගී කියල හිතල ඕක හයි කරත් බැටරි මිලත් අනෙකුත් ක්ෂය වෙන උපාංග මිලත් අහස උසට නගී .... ඉතිං හරියට බැලුවොත් තාමත් කෙටි කාලීන සහ දීර්ග කාලීනව සෝලර් පැනල් භාවිතය ඉකොනොමිකල් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ .. මම නම් ආතල් එකට හැදුවෙ ඒක නිසා අව්ලක් නෑ ... සල්ලි ඉතුරු කරගන්නම කරනවානම් පර්චස් 50 කම පැතිරිච්ච කරන්ට් බිල දඩ ගණන් එන ලොකු ගෙයක් නෙමෙයි නම් සෝලර් පැනල් දාන එකේ එච්චරම තේරුමක් නෑ කියලයි මගේ අදහස ... ඕවයේ මිල අධික බව නිසා නෙමෙයි නම්, ලංකාව වගේ රටකට හොඳටම ගැලපෙන්නෙ සෝලර් පවර් තමයි. කොහොමත් සාමාන්‍ය ගෙයකට සියලුම උපාංග සහිතව 1500W සිස්ටම් එකක් හයි කරන්න ලක්ෂ 12 ක් වත් ඕව විකුණන අය ගන්නව, ඔය Inverter එක මම හිතන්නෙ CEB එකෙන් Aprove කරපු එකක් වෙන්න ඕනෙ. National Grid එකට අපේ සෝලර් එක සෙට් කරනවානම් අනිවා දාන්න අනිවාර්යය කරල තියෙන පොඩි Inverter එක විතරක් ලක්ෂ 3.0 වගේ වෙනව ... අයියෝ විස්කි ...

