පිටරටවල ගිහින් වහල්කම් කරල සල්ලි හොයල ලන්කාවට ඩොලර් ගේන අයට කාර් පර්මිට්, නම්බුනාම ඇතුලි සියලු වරප්‍රසාද ලැබෙනව. නමුට් හැමෝටම අමතක උනු, ඒත් ලොකු වැඩ කොටසක් කරන පිරිසක් තමයි freelancersලා. මම දන්න තරමට ලා ලක්ශ 2-3ක් අතර ඉන්නවා. මෙයාලට කිසි පහසුකමක් නෑ. ඔක්කොම තමුන්ගෙ උනන්දුවෙන් ඩොලර් ගේනවා කිසිම හදුනාගැනීමකින් තොරව. රට රස්සාවල් වලට යන අයගෙන් 90%ක්ම කම්කරු, ගෘහ සේවිකා වගේ අඩු වැටුප් ලබන අය. වැටුප ආසන්න වශයෙන් ඩොලර් 500-600ක් වගේ. ඒත් ලන්කාවෙ ඩොලර් 1000+ හොයන freelancersලා ගොඩක් ඉන්නවා, ඒ අයට කිසි සහනයක් නෑ. මගෙ යාලුවෙක් මාසෙට ඩොලර් 1500+ පමන ගේනවා, ඒත් ප්‍රාග්ධන වියදමවත් කරන්න බැංකු වලින් සහයක් නෑ. ඩොලර් 150-200 වියදම් කරන්න දෙන්නේ නෑ බැංකු වලින් ලිමිට් දානවා. දැන් යාලුවා කරන්නෙ රටින් පිට ඩොලර් තියාගෙන ඒකෙන් වියදම් කරන එකයි. එච්චර දුක් විදලා ඒත් ඩොලර් ටික ලන්කාවට ගේනවා. මේවා මහ උනුට පේන්නෙ නැද්ද? freelancersල ටිකට උදව් කලානම් ඉන්දන ටිකට සල්ලි හොයාගන්න පුලුවන්නේ. රජයේ කිසි තැනක මම දැකලා නෑ freelancersලගෙ ඩොලර් ගැන සදහන් වෙනවා.