දන්නෙ නැති ගොඩක් අයට
ආර්ථික අර්බුධයට හෙතු දැක්වීමේදී සහ රට බංකොලොත්භාවයට පත්වීමට හේතු දැක්වීමේදී රාජපක්ෂ පරපුර වගේම රNIL ඇතුලු රොත්තත් ඒකට වගකියන්න ඕනෙ. 2022 වෙද්දි ලංකාවෙ භාහිර මුලු ණය ඇමරිකානු ඩොලර් බිලියන 58.71ක්, ඒ ණය වලින් ඇමරිකානු ඩොලර් බිලියන 9කට ආසන්න ගානක් අරන් තියෙන්නෙ 2015 - 2018 කියන කාලසීමාව ඇතුලෙ. ඒ කියන්නෙ ඒ කාලෙ අපේ රNIL අගමැති තුමාගෙ කාලය ඇතුලෙ තමයි.
1970 ඉඳන් 2015 වෙනකම්ම අවුරුදු 45ක් වෙනකම්ලංකාවෙ සමස්ථ ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 43.93ක්. ඒ කියන්නෙ අවුරුද්දකට සාමාන්‍යය ආසන්නවශයෙන් ඩොලර් බිලියනයක ණය බරක්. නමුත් 2015 ඉඳන් 2019 වෙනකම් අවුරදු 5ට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 12ක ණය බර වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. එතනින් පොලිය හැර ණය බර විතරක් ඩොලර් බිලියන 9කට ආසන්න ගානක්. ඒ කියන්නෙ ඒ අවුරුදු පහේ අවුරුද්දක ණය වැඩ්වීමේ සාමාණ්‍යය ආසන්නවශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක්. එතකොට පැහැදිලිව පෙනීයන දෙයක් තමයි රNIL විසින් අවුරුදු 5ක් ඇතුලත ගත්ත ණය ප්‍රමාණය රටේ සමස්ථ ණය බරෙන් 6න් එකක් කියලා. ඒ අනුව ඔහු ණය ගන්න වේගය අනුව අවුරදු 20කින් පුලුවන් අවුරුදු 45ක සමස්ථ ණය ප්‍රමාණය දෙගුණ කරන්න. මේ ගත්ත ඩොලර් බිලියන 9 පාවිච්චි කලේ ණය ගෙවන්න කියලා, ඒ කියන්නෙ එතකොටත් මේ වැඩ්ඩා ණය ගෙවලා තියෙන්නෙ ණයට අරන්, ඒ වෙද්දිත් එයා දැනන් ඉඳලා නෑ කියන්නෙ කොහොමද ඉස්සරහදි තවත් අමාරුයි කියලා. කොහොම උනත් ඒ වෙද්දිත් 2016 IMF එකට ගිහින් තිබුනා මේ ණය කළමණාකරණයට ඒත් කොන්දේසි ඉටු නොකිරීම හින්දා ආණ්ඩුව ඉවරවෙලා අගමැති පුටුවෙන් බිමට වැටෙනකම්ම රටට දෙයක් කරනවා තියා ණය ටිකවත් කළමණාකරණය කරගන්න බැරි උනා. රNIL කියන චරිතය ලංකාවේ පහුගිය වසර කීපයේ ඇතිවෙච්ච ආර්ථික අර්බුධයට සෘජුවම වගකියන්න ඕන පුද්ගලයෙක් වෙන්නෙ අන්න එහෙමයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් කරන පවු හිලවු වෙනවා කියලා කතාවක් තියෙනවා ඒත් නීතිය අනුවනම් පවු හිලවු වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට කවුරුහරි කෙනෙක් ඇවිත් ගෙදරකට ගිණි තියනවා, ඒ ගිණි තියපු ගේ ඇතුලෙ ඉන්න බාගෙට පිච්චුන මනුස්සයෙක්ව ටික වෙලාවක් ගිහින් ගිණ්න ඇති කරපු මනුස්සයම ඇවිත් බේරගන්නවා. එතනදි අර මනුස්සයා බේරගත්තා කියලා ගෙදරට වෙන හානියට ඔහු වැරදිකාරයා වෙන්නෙ නැද්ද?. අර මනුස්සයා බාගෙට පිලිස්සුන එකට වැරදි කරයෙක් වෙන්නෙ නැද්ද? අනිවාර්‍යයෙන්ම වැරදි කාරයා වෙනවා. අන්න ඒ වගේ තමයි රNILත් මුලින් ණය අරන් රට ආර්ථික අර්බුධයකට යන්න පාර කපලා පස්සෙ ඇව්ත් බේරගත්තා බේරගත්තා කියලා කෑ මොර දෙනවා. ඇත්තටම ඔහු විසින් ලංකාව බේරාගත් කතාවනම් හාස්‍යයක්, ඒක තවදුරටත් මේ කතාව කියවන් යද්දි ඔයාලටම තේරෙයි. ඒ බේරගත්තා උණත් පවු හිලවු කරනවා වගේ කලින් කළමණාකරණයකින් තොරව ණය අරන් කරපු අපරාදයනම් හිලවු කරන්න බෑ. දූෂණය හා වංචාව පැත්තකින් තිබ්බත් කළමණාකරණයකින් තොරව ණය ගත්ත එකේ ප්‍රතිවිපාක වලට රටක් වශයෙන් සහ ඒ රටේ වෙසෙන ජනතාව වශයෙන් අපි වන්දි ගෙවමිනුයි ඉන්නෙ. ඒ නිසා බේදයකින් තොරව රනිල් සහ රාජපක්ෂ මේ ආර්ථික අර්බුධයට වගකිව යුතු බව පැහැදිලී.
ලංකාව විදේශ ණය ගෙවීම නවත්තලා IMF යන්න තීරණය කලේ 2022 අප්‍රේල් 12 වෙනිදා. මහබැංකු අධිපති මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමයි ඒක කියන්නෙ, එතකොට රNILට ඇවිල්ලා කරන්න තිබ්බෙ මොනවද?, IMF එක දාන කොන්දේසි ටික ක්‍රියාත්මක කරන එක. ඕක රNILට නුපුරුදු දෙයක් නෙමෙයි පකිස්ථානෙට පස්සෙ වැඩිම වාරගානක් IMF එකේ සහය පතලා තියෙන ලෝකෙම දෙවෙනි රට ලංකාව, ඒකෙත් වැඩිම වාර ගාණක් ගියේ රNILගෙ පාලන කාලයේ, ලංකාව මේ වන විට IMF ආයතනයට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ණයයි හැබැයි ඉතින් කවදාවත් IMF එකේ කොන්දේසිනම් සම්පූර්ණ කරලා තිබුනෙ නෑ මේ වෙනකම්. මේපාර කොන්දේසි ටික ක්‍රියාත්මක කරන්න උනේ වෙන මුකුත් හින්දා නෙමෙයි ජනතාව එකතු වෙලා අරගලය කියලා එකක් කරපු හින්දාම විතරයි. මොකද එහෙම නොවුනනම් ජනතා නැගිටීම් ප්‍රභලව එන්නෙ ඊලඟට රNILගෙ පැත්තට, ඒක වලක්වවාගන්න අවම කොන්දේසි ට්කවත් මුලින් මුලින් සම්පූර්ණකරගත්තා. IMF එක දාන කොන්දේසි අතර රාජ්‍ය වියදම අඩුකරගන්න ඕනෙ කියලා තියෙනවා, මට මතකයි දෙවෙනි වාරිකය ප්‍රමාදවෙන්න හේතුව රජය විසින් කොන්දේසි සපුරලා නැති වීම, මේ කොන්දේසිවලින් ජනතාවට පීඩනය වැඩි කරන කොන්දේසි ක්‍රියාත්මක කරලා එයාලා එයාලගෙ සැප ඒ විදිහටම තියාගෙන ගියා, රNIL ඇතුලු කවුරුත් කිවුවද අපි භාවිතා කරන වාහන ගාන අඩු කරනවා කියලා? නෑ. ,රNIL කලේ තමන්ට ජනාධිපති වැය ශීර්ෂය කියලා රුපියල් මිලියන 6600ක් වෙන් කරගත්ත එක, ඒකත් මදි වෙලා තවත් මිලියන 200ක් අමතර වැය ශීර්ෂයකින් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත්තා. මිනිස්සු දකුණු ආසියාවෙ වැඩ්ම විදුලි බිල ගෙවද්දි රNIL කලේ ඔන්න ඔහොමයි මිනිස්සුන්ට. මිනිස්සු එකසිය ගානට තිබ්බ තෙල් හාරසීයට සල්ලි දීලා ගද්දි ඒ සල්ලි වලින් විදේශ රටවල සංචාරවල ගියා, රNIL කලේ ඔන්න ඔහොමයි රටට. එහෙම කරපු නායකයද රට හැදුවා කියලා කියන්නෙ. දැන් අලුත්ම එක, පහුගිය මාස 3 ඇතුලත රNIL ව මුහුණු පොතේ නගාසිටවන්න , අදාල නගාසිටවන පිටු මගින් ඩොලර් 25000කට වැඩි වෙලඳ දැන්වීම් දාලා තියෙනවා කියලා වාර්තා උනා. ඒ සල්ලි කාගෙ මුදල්ද? රටේ අපේ සල්ලිද? ඒ ගැන කවුරුත් කතාවක් නෑ. මේකෙන්ම පේනවා එයාලා ගන්න සැප සහ ආතල් එක. ඩොලර් 25000ක් කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් ලක්ෂ 75කට වැඩී. ලංකාවෙ මිනිස්සු ඉන්නවා මුලු ජීවිත කාලෙටවත් ලක්ෂ 75ක් ආදායම විදිහට ලැබෙන්නෙ නැති. එහෙනම් මේ මුදල් ආවෙ කොහෙන්ද කියලා හොයන්න ඕනෙ නැද්ද.
2022 වෙද්දි ලංකාවට ඒ අවුරුද්දෙ ගෙවන්න තිබ්බ සම්පූර්ණ ණය ප්‍රමාණය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 6500කට අධිකයි. 2023 වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4,242ක් ද, 2024 වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4,404කුත් ගෙවන්න තිබුනා, මේවා තාම ගෙවලා නෑ. පහුගිය අවුරුදු 3ට විතරක් ඩොලර් මිලියන 12000කට අධික ණය සහ පොලිය ආපහු ගෙවන්න තිබුනා, රට 2022 ණයගෙවීම නතරකිරීමට ප්‍රකාශයට පත් කිරීමත් එක්ක ඒක නොගෙවා ඉන්න පුලුවන් උනා. එහෙනම් රට ගොඩ ගියා කියන්නෙ කුමන පදනමකින්ද? ඇයි රNIL අලුතින් පටන් ගත්ත නිශ්පාදන ආර්ථිකයක් හින්දා රට ගොඩ ගියාද? නෑ, ණය නොගෙවන එක හින්දා රට මෙහෙම තියෙනවා, සංචාරකයන්ගෙ පැමිණීම වැඩි හින්දා රට මෙහෙම තියෙනවා, එයාලගෙ අවුරුදු 76ක කෙරුවාව ඉවසාගත නොහැකිව විදේශගත වෙන තරුණ තරුණියො වැඩි හින්දා විදේශ ප්‍රේෂණ වැඩි හින්දා රට මෙහෙම තියෙනවා, එකපාරට හඳුන්වලා දුන්න ආදායම් බද්ද මිනිස්සු ගෙවාගෙන යන හින්දා රට මේ විදිහට තියෙනවා, IMF එකෙන් වාරික වශයෙන් ණය හම්බෙන හින්දා රට මේ විදිහට තියෙනවා, මිසක් රNIL කරපු කෙං ගෙඩ්යක් හින්දවත්, රNIL කරපු කැපකිරීමක් හින්දාවත් රට මේ තත්වයේ තියෙනවා නෙමෙයි.
ලෝක බැංකුවේ කාර්‍යයභාරය
----------------------------------------------
ලෝක බැංකුවෙන් ලැබුන ආධාර පිලිබඳව ලෝක බැංකුව ප්‍රකාශ කරන්නෙ රNIL ජනාධිපති වෙන්න කලින්. ඔවුන් කිවුවෙ ලංකාව තුල ලෝක බැංකුව මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති 17 ඒ විදිහටම මූල්‍යආධාර ලබාදියහැකි අයුරින් ඒවා ලබාදෙන බවත් IMF සමග ගිවිසුම් ඇතිකරගත් පසුව ග්‍රාමීය හා කෘෂිකාර්මික කටයුතු සඳහා ආධාර පිලිබඳව ඉන්පසු සලකා බලන බවත්ය. ඒ අනුව මේ ලඟදි රNIL උජාරුවෙන් වේදිකාවකට නැගලා ලෝක කාන්තා දිනය දවසෙ ඇඟෙවුවා ලෝක බැංකුවේ පොහොර සහනාධාරය ලෝක බැංකුවේ ඉන්න කාන්තාවක් තමන්ට ලබාදුන්නු බව, ඒක ඊට කලින් ලෝක බැංකුව විසින් සාකඡ්චා කරලා තිබ්බ හින්දා අපිට පැහැදිලී රNIL ගේ එතන මැදිහත්වීමක් නොතිබ්බ බව. මොකද එයා පත්වීම ලබන්නත් කලින් ලෝක බැංකුව තීරණය කරලා තිබුනා IMF සමග ගිවිසුම අත්සන් කලාට පස්සෙ කෘෂි ශේක්ත්‍රයට පොහොර ආධාර දෙන්න. ඒ වගේම 2022 ජුනි මාසයේදී මේ රNIL බලයට එන්න කලින් පැවති සාකඡ්ඡාවකදී ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇතිබව ලෝක බැංකු නියෝජිතයන් සදහන් කරලා තිබුනා. එතකොට මේ කරපින්නාගෙන යන ගෑස් හිඟය නැති කලා කියන එකට පිලියම් දීලා තියෙන්නෙ රNIL බලයට එන්න කලින්ද?. ඔවු කලින් තමයි, නැත්තම් ඔවු විසින් මහබැංකුවේ හිඳිලා තිබ්බ ඩොලර් සංචිත සාක්කුවෙන් අරන් දීලා ගෑස් තෙල් ගෙනාව නෙමෙයි, මුලින් හිඟය පැවති කාලේ ලැබුන ඒවා ලෝක බැංකුවෙන් ලැබ්ච්ච ආධාර හා ඉන්දියාවෙන් රNIL පත්වෙන්නත් කලින් ඉඳන් ලැබුනු ආධාර වලින් තමයි ලබාගත්තෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‍යභාරය.
-----------------------------------------------------------------
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සාමාජිකයන්ට ගෙවුම් ශේෂ හිඟයන් පියවා ගැනීමට තාවකාලික ණය දෙනු ලබනවා. සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්‍යයක්. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහයෝගය දැක්වීම, විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, ක්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම සිදුකරනු ලබනවා.
මෙතනදි ඉතා පැහැදිලී ලංකාවෙ ඇතිවෙච්ච ආර්ථික අර්බුධයට ඒ වෙලාවෙ තිබ්බ හොඳම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක කියලා. හැබැයි උද්දච්ච විරුවයි, ඒ කාලෙ මහබැංකු අධිපතීයි කලේ කට මැද දොඩව දොඩව IMF එකට යන එකට වංගු ගහපු එක. සමහරවිට IMF එකට යන තීරණය ඊට මාස කිහිපයකට කලින් ගත්තනම් තාමත් විරුවා තමයි අපේ රටේ කරුමෙට හරි ජනපති. ඇත්තටම උද්දච්ච විරුවා , ඒ කාලෙ මහ බැංකු අධිපති ඉවත්උනාට පස්සෙ අලුතෙන් ආපු මහබැංකු අධිපති සමග එකතු වෙලා අවසානයේ කරන්නම දෙයක් නැති තැන ජන විරෝධය තරමක්හෝ මැඩපවත්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීරණය කරනවා. එතනට ගියාට පස්සෙ ඔවුන්ගේ කොන්දේසි තරමක් රලු උනේ ඇත්තටම එතනට යන්න වෙච්ච ප්‍රමාදයත් එක්ක. කලින් එතනට ගියානම් මේ කොන්දේසි මීට වඩා ලිහිල් වෙන්න තිබුනා.
Last edited:
