ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

    හැමෝටම සුබ දවසක්..

    මම මේ කියන්න යන්නේ මන් ගිය හීතලම ට්‍රිප් එක ගැන.එක අපේ වාසනාවක්.එහෙම අත්දැකීමක් ලැබුන එක.ඒක අව්රුද්දෙ එක කාලෙකට විතරක් ලැබෙන ලංකාවේ පොඩි පොඩි තැන කිහිපයකදී විතරක් ලබන්න පුළුවන් අත්දැකීමක්.

    මේ ගමන අපි ගියේ 2018 ජනවාරි..මේකේ නං මුල ඉඳන් හිටියෙ 4යි.එකට හේතුව අපි ගියේ කාර් එකක.කාලෙකට පස්සේ අපේ මද්ද එකතු උනා ගමනකට.ඒ වගේම බොකයත් ..

    අනික් දේ තමා මේ ගමනේදී අපි දැක්කේ අපි ගිය තැන කිසම විදියකින් ජරා වෙලා නෑ.එක පොලිතින් කෑල්ලක් නෑ.අන්න ඒ නිසා මෙතනට යන්න හිතන් ඉන්නවා නං අනේ වඳින්නන් ජරා කරලා නං එන්න එපා කොල්ලනේ..එහෙම නං යන්න එපා.මේක ලංකාවේ තියෙන වැදගත් ජාල පෝෂක ප්‍රදේශයක්.අපි නං ගියේ අපේ පුද්ගලික දැන හැඳුනුම් කමක් මත.එහෙම යන්න හේතුව තමා මෙතනට යන්න තියෙන්නෙ තේ වතු මැද්දෙන්..ඒ වතු බලාගන්න යට බලය තියෙනවා ඕනේ නං මෙතනට යන එක නවත්තන්න..අන්න ඒ හේතුව නිසා තම මන් හිතන්නේ මේවා මෙහෙම තියෙන්නේ.කාලෙකට කලින් මෙතනට යන්න තහනම් කරලත් තිබ්බ.අ නිසා මෙතනට යනවා නං බලල වරෙන්..විනාස නං කරන්න එපා..

    හරි දැන් කියන්නන් කොහෙද ගියේ කියල.අපි ගියේ ගවරවිල.ගවරා කියන්නෙ ඉස්සර කාලේ ,ඒ කියන්නෙ හරියටම කොයි කාලේද කියල නං දන්නේ නෑ.ඉඳල තියෙනවා සතෙක්,බයිසන් ගවය වගේ ලොකු.ඊට වඩා ලොකුයි කියල තමා කියන්නෙ..අන්න ඒ අන්තිම ගවරා ඉඳපු ප්‍රදේශය තමා ගවරවිල කියන්නෙ.මේක මීටර් 1800 වඩා උසින් තියෙන තැනිතලා ප්‍රදේශයක්..හරියටම පොඩි හෝර්ටන් තැන්නක් වගේ.

    අපි ගමන පටන් ගත්තේ පානදුරෙන් ගොඩක් පාන්දර.මොකද අපි බඩු මුකුත් අරන් තිබ්බේ නෑ..යන ගමන් ගන්න තම හිතන් හිටියෙ.කොහොමහරි අපි උදේ 8 වගේ වෙද්දී හැටන් වලට ආව..

    මගදී එන ගමන් පොඩි කඩේකින් උදේට කාල අවේ.

    කාපු තැන.
    LLgsql7.jpg


    කාපු දේවල්.
    q3DxAsI.jpg


    අපි..
    1VyJm0W.jpg


    ඔතන ඉදන් ටික දුරක් එද්දී පාලමක් හම්බුනා.එතැනදී දැක්ක ලස්සනට ඉර එලිය වැටීගෙන එනවා.නවත්තල බැලුව ඉතින්.

    පාලම
    X4qnVfB.jpg


    3MEL9Tv.jpg


    ඉර සේවය.
    2eIp3xM.jpg


    පාලමේ අනික් පැත්ත.
    6RhDet1.jpg


    මේ හැටන් වලට කිට්ටුව
    VF2BMs1.jpg


    ccUjzh5.jpg


    එහෙමම ගියේ හැටන් ෆූඩ්සිටි එකට..ගමනට ඕන බඩු ටික ගන්න..හැමදේම ගත්ත. හැබැයි වෙලා ගියා..

    බඩු ගන්න ගමන්.
    uY72m5k.jpg


    ඊට පස්සේ අපි ගියේ මස්කෙලියට..එතනින් තමා ගවරවිලට යන්නේ..මස්කෙලියේ ඉඳලත් තියෙනවා ටික දුරක්..අපි දවල්ට කන්න කියල මස්කෙළිය ටව්න් එකෙන් බත් පාර්සල් ටිකක් අර ගත්ත.

    හැටන් ඉඳන් මස්කෙලියට යන ටික හරිම ලස්සනයි..

    හැබැයි තේ වතු තමා..
    RkOhG4W.jpg


    lFPosul.jpg


    ගොඩක් තැන්වලදී සිරීපාදේ පේනවා ලස්සනට.
    7tAxyxb.jpg


    මස්කෙළිය ටව්මේදී
    Pmn4PFc.jpg


    අපි බත් ගත්ත කඩේ..අපි ගැන දුක හිතිලද මන්ද තඩි බත් 4ක් බැඳලා දුන්න
    OP1HphU.jpg


    එතන ඉඳලත් ටික දුරක් තියෙනවා ගමන පටන් ගන්න තැනට..

    යන ගමන් ලස්සන කෝවිලක් දැක්ක.
    nGdIcI3.jpg


    මේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාශය.ඔතන පට්ටම ලස්සනයි..

    photo ගැහුව ඇති වෙනකන්.
    Jb1YnLC.jpg


    අන්තිමට ඔතන තාර පුච්චපු දැලි පුකේ ගාගෙන තමා ආවේ සෙට් එක.

    එතන තිබ්බ තේ ගහක්
    vUE9X2L.jpg


    ඊට පස්සේ අපි ආවේ අපේ ගමනේ වාහනෙන් එන්න පුළුවන් අන්තිම තැනට.අපි එතන කලින් ලෑස්ති කරන හිටියෙ පොඩි පොඩි contacts වලින්..උඹල දන්නවනේ මන් ගැන.ගිය ගමන් අපිට පට්ට විදියට සැලකුව..ආයේ කියන්න වචන නෑ.අපේ වාහනේ බලාගන්න විතරක් නෙමේ අපිට දවල්ට කන්න ඔක්කොම ලෑස්ති කළා පොර.අ වගේම අපිට ටික දුරක් යනකන් පාර පෙන්නන්නත් කෙනෙක් එව්වා.

    අපි ගියේ ගාට්මෝර් කියන තේ වත්තට.එකේ මැනේජර් කෙනෙක් තමා අපිට උදව් කලේ.එතන බංගලාවක් තියෙනවා උඹල ඕන කෙනෙක්ට යන්න පුළුවන් .හැබැයි බර ගානක්..එයාලගේ වෙබ් එකෙන් බලන්න පුළුවන් ගණන් එහෙම..

    මේ තියෙන්නෙ ඒක.
    DLLXutn.jpg


    ගාර්ඩන් එක සුපිරියටම මේන්ටේන් කරනවා..අපි යද්දිත් අමුත්තෝ සෙට් එකක් ෂොට් එක දානවා .
    vZzdQyh.jpg


    මේ තියෙන්නේ ගාර්ඩන් එක.
    fE08DaN.jpg


    QmQtWMf.jpg


    hshMBcK.jpg


    KkAFN7N.jpg


    දවල්ට කන අපි
    WSJPDOV.jpg


    ඊට පස්සේ පිටත් උනා ගමනේ ඉතුරු හරියට..පයින් තමා ඉතින්.
    LtwcTNs.jpg


    HaEWQ4U.jpg


    සැහෙන දුරක් යනකන් තේ වතු.
    bcY00zm.jpg


    කව්රුහරි ටිකක් උස වාහනේක එනව නං මීට වැඩ දුර යන්න පුළුවන්.හැබැයි එකට මේ වත්තෙ අයගේ කැමැත්ත තියෙන්න ඕනා.

    මේ පාලමෙන් එගොඩ වෙලා තමා වාහනේ යනවා නං යන්නේ.
    o0ZxmKf.jpg


    අපි ගියේ ශෝට්කට් වලින්.
    vzTd5He.jpg


    අපහු පාරකට ආව
    DW7XLEn.jpg


    මෙයා ආව ටික දුරක් අපිට පාර පෙන්නන්න.
    5Chp0dJ.jpg


    තව දෙයක් කියන්න ඕන ගවරවිල කියන්නෙ ,ගාට්මෝර් කියන්නෙ දිය ඇලි රාජධානියක්..ඒ තරන් දිය ඇලි.
    මේ තියෙන්නේ ටිකක්.
    Ps9I0oY.jpg


    0ZZFGuB.jpg


    නිම්නය
    Ia51MKG.jpg


    පොඩි විවේකයක්
    PWCVn8H.jpg


    ගහට දීපු වදයක්
    CTKxfNN.jpg


    ගමනේ.
    bqhgYOF.jpg


    zkkbdmj.jpg


    ලස්සනයි නේ
    OT0KUlB.jpg


    මේකට කියන්නෙ upper gatmore falls කියල.ඕක වැටෙන්නෙ ගවරවිල තැන්නෙන් තමා.අ කියන්නෙ අපි යන්න ඕන ඔකේ උඩට
    vNhtuL8.jpg


    මේ photo එක නං කාලද මන්ද මන්
    Nk4nyKy.jpg


    තවම තේ වතු
    rfF7q1R.jpg


    පොඩි පොඩි වතුර පාරවල් කීපයක් පහු වෙනවා..
    7hqn8tk.jpg


    අපි ආවේ ඔය පැත්තේ ඉඳන් තමා.අර පාලමත් ලාවට පේනවා
    unJp5QZ.jpg


    වර්ණ
    O3x3B1I.jpg


    තව ටික වෙලාවකින් අපි ආවේ පොඩි දිය ඇල්ලක් ලඟට..එක තවත් දිය ඇල්ලක උඩ.
    zK2qUEr.jpg


    මෙතනින් පහල තවත් එකක්
    56GELFj.jpg


    ආපහු ගමනේ..වැඩිය රෙස්ට් කරන්න වෙලාවක් නෑ..ටික ටික හවස් වේගෙන එන නිසා
    Nbk61z8.jpg


    මේ photo එකේ පේනවා ලස්සනට අපි ආපහු පැත්ත සහ ඒ අවට ඔක්කොම.
    i2ZzoKB.jpg


    ඊට් පස්සෙ තමා කැලේට ඇතුල් වෙන්න තියෙන්නෙ.

    දැන් කැලේ
    P0DgG6F.jpg


    හැබැයි ටිකක් අමාරුයි ගමන..එකට හේතුව තමා මේකේ වැඩිය මිනිස්සු යන්නේ නැති නිසා ගස් වැවිල පාරෙ.කොන්ද නමාගෙන බඩ ගාගෙන යන්න උනා සැහෙන්න

    අපිට නං එච්චර අව්ලක් නැති උනාට මද්ද වගේ රිටි ඩයල් වලට තම සීන් එක.
    Yu8qvQm.jpg


    ZHZETl7.jpg


    හොල්මන් ෆිල්ම් එකක් වගේ
    VOwEveg.jpg


    ටික වෙලාවකින් ආව මාරම ලස්සන වතුර පාරකට..එතන නාගන්නවා නං සිරාම තැනක්..හැබැයි පුතෝ පට්ට හීතලයි..අනික අපි නාද්දී ගොඩක් හවස් වෙලා.නාවේ හැබැයි මමයි සජ්ජයි විතරයි..
    MxOs6eF.jpg


    මේ එකේ උඩහ පැත්ත.
    RBQ34VR.jpg


    ඔතනින් අපි පිටත් වෙද්දී ටෝච් අතට අරන් අවේ..එකට හේතුව තමා කියන්න බෑ කොච්චර රෑ වෙයිද අතරමන් වෙයිද කියල..

    මගදී දැක්ක දිවි කක්ක.
    3qiVWWP.jpg


    අපහු අර වගේ
    QcPgAvK.jpg


    හරියටම හවස 6 වෙද්දී අපි ගවරවිල තැන්නේ..
    Yq768rf.jpg


    ඇත්තටම හහරිම ලස්සනයි..පට්ටම ලස්සනයි..

    හෝර්ටන් තැන්නට අව වගේම තමා.
    yJIgSQh.jpg


    epSn4zm.jpg


    අපි ඉක්මනට කලේ කැම්ප් සයිට් එකට තැනක් හොයපු එක..එන්න එන්න රෑ වෙනවා හීතල වැඩි වෙනවා.දෙන්නෙක් ගිහින් දර ටිකක් අරන් ආව ගිනි මලේ ගහන්න.එකෙක් ටෙන්ට් එක ගැහුව

    අනික සුපුරුදු පරිදි මස් ලෑස්ති කළා බාබක්‍යු දාන්න..

    අපිට ගිනි මැලයක් නං ගහන්න උනේ නෑ.ඒ තරන් පින්න.. බාබක්‍යු එක දාන්න පුදුම දුකක් වින්දේ..හැබැයි කොහොමහරි වැඩේ කළා..

    සෑහෙන වෙලාවක් ඉඳල නිදා ගත්ත..අනික තමා එදා අහස පට්ට පැහැදිලි..ඒත් ඒ හීතලත් එක්ක එලියට එන එක අමාරුයි..

    පේනවනේ පින්න
    AeRNsJQ.jpg


    කැඩි කැඩී නින්ද ගියා සෙට් එකටම..මැද්දට නං පිට මැද්දට මුලක් හිටලා..කොයි වෙලෙත් නැගිටලා එලියට යනවා මුත්‍රා කරන්න..මන් හිතන්නේ 4 පාරක් වගේ ගියා.ඔක්කොමටම වගේ ඇහැරුනා උදේ 5ට කලින්..හීතල තමා හේතුව..උදේ පාන්දර වෙද්දී එන හීතල හිතාගන්න බෑ ..උඹල එකෙක්වත් පිළිගන්න එකකුත් නෑ..හැබැයි මන් photo දානවා.

    මේ හරියටම 5ට
    ZCBdbWD.jpg


    cAdwmkV.jpg


    මේ තියෙන්නේ අපේ ටෙන්ට් එක
    g4MZv1w.jpg


    මෙන්න මේක බලහන් හොඳට
    ZLu9f7E.jpg


    ඔය -2 තියෙන්නේ temperature එක.

    හීතලේ එළියේ ඉන්න බැරි නිසා අපහු ගියා ටෙන්ට් එක ඇතුලට.
    wZlT3O4.jpg


    අපහු ඇහැරුනේ උදේ 6ට

    හැබැයි ඒ වෙද්දී තිබ්බ ලස්සන වචනෙන් කියන්න බෑ..මාරම ලස්සනයි..පුදුම පාට එකතුවක්.

    photo දාන්නං.
    cLJ1qGg.jpg


    ඒ වෙද්දී තිබ්බ උෂ්ණත්වය මන් දාන්නන්..එක කියනවට වඩා හොඳයි..
    k5KsT7F.jpg


    fwMw8vf.jpg


    ඕවයේ සමහර තැන් වල පින්න මිදිලා.හොදට බැලුවොත් පේනවා
    7lTkhmq.jpg


    5VP6Mzo.jpg


    අවට ලස්සන
    E22zBPT.jpg


    zZ9SOBY.jpg


    මේ තියෙන්නේ තව
    7C08peH.jpg


    eU6A2q4.jpg


    ඉර පායනකන් බලන් ඉන්න මන්
    WlSaOP9.jpg


    ළඟ තිබ්බ කන්ද
    PQ1i4iW.jpg


    අපේ සයිට් එක ළඟ
    e7dPgUY.jpg


    fWk4TNx.jpg


    pYbqD98.jpg


    k3BjSp8.jpg


    තවම බඩු තියෙනවා
    A9i2KdT.jpg


    ටික ටික ඉර පායාගෙන එනවා.
    rcQyeHK.jpg


    තවත් අයිස්
    1RdCikM.jpg


    8Zvw1yV.jpg


    ඇත්තටම අපේ ඇස් නං පින් කරලා තිබුන මේක දකින්නඅ වගේම මේ අත්දැකීම විඳගන්න..

    තවත් ටිකක්
    j90hmbI.jpg



    QQzx5SV.jpg


    උදේ 7 වගේ වෙනකන් තිබුන සීන් එක

    ඊට පස්සේ නැතුව ගියා..අනික් හොඳම සීන් එක තමා ඊට පස්සේ පුදුම වේගෙකින් උෂ්ණත්වය වැඩි වෙන්නේ..

    තවත් පොඩි close up ටිකක්.
    ry0w2JS.jpg


    SOrVPe3.jpg


    NM6Bdsf.jpg


    zOoskug.jpg


    cmzuujN.jpg


    Zv22HHU.jpg


    දැන් ඉර පායලා හොඳට
    eLqfgpj.jpg


    අපි ඔතන තිබුන වතුර පාර දිගේ ටිකක් පහලට ගියා..වටේ පිටේ බලන්න..
    Q8tweTg.jpg


    ඔය දිවියෙක්ගේ අඩියක්
    r7KX0z7.jpg


    cCUKaM4.jpg


    wow..!
    Cv0cBeN.jpg


    සිරීපාදේ ලස්සනටම පේනවා..ගොඩක් ලඟයි..
    7ULbcR7.jpg


    e50gLZ7.jpg


    6KXitqL.jpg


    වටේම පේනවා

    tCL2xKt.jpg


    මේ අපි ඉන්නෙ කලින් දවසේ දැක්ක දිය ඇල්ල උඩ..
    SLWnBh5.jpg


    මේ තියෙන්නේ දිය ඇල්ල
    RiBuawD.jpg


    වචන නෑ..
    hU9hnis.jpg


    අපි ගැහුව පොටෝ කෑල්ලක්.
    ikD2bKg.jpg


    ආපහු එන්න පිටත් උන කැම්ප් සයිට් එකට
    ywpaAAA.jpg


    ඇවිල්ල ඉතුරු වෙලා තිබ්බ පානුයි මසුයි කාල ටිකක් ඇල උනා..කලින් දවසෙ රෑ නින්ද ගියේ නැති නිසා.
    pzfoqW1.jpg


    ඇහැරිලා බලද්දී වෙලාව 10ත් පහු වෙලා..එහෙමම අස් පස් කරල පිටත් උනා එන්න..

    දැන් උෂ්ණත්වය
    Gq54ll6.jpg


    කොහේ ගියත් අපේ ස්ටයිල් එකට photo එකක් ගහන්නම ඕන
    gmH3nWx.jpg


    අපි යනවා..අපහු කවදාහරි දවසක එනවා..
    Iz01ULi.jpg


    කලින් දවසේ නාපු තැනට ඉක්මනට ආව
    3Sdukbs.jpg


    NSUdeDO.jpg


    මේවා නං කොහෙත් තියෙනවා
    BO2jMcO.jpg


    පල්ලම් බහිනවා..
    daImjZR.jpg


    ඉක්මනටම අර දිය ඇල්ල උඩට ආව..එතනින් නාල දවල්ට කන්න සෙට් උනා..කන්න තිබ්බේ අලයි මසුයි..

    එක පට්ටම රහට ආව.
    EiypL4G.jpg


    මෙහෙම තම හැදුවේ
    12cTufx.jpg


    iIWG2HL.jpg


    HpjbCcg.jpg


    දවල් කෑම වේල .
    AyJ7jOl.jpg


    ඔතනින් පස්සේ ඇත්තටම photo ගහල තිබ්බේ නෑ..අර බංගලාව ලඟට ඉක්මනටම ආව අපි..එතනිනුත් ඇඟ හෝදගෙන පිටත් උනා ගම රටවල් වලට එන්න..එන ගමන් මගේ යාලුවෙක්ගෙ ගෙදරත් පොඩ්ඩක් ගියා මග තිබ්බ..මොකද මිනිහ තමා උදව් කලේ මුළු ගමනටම..ස්තුතියි මචන්..

    ඉතින් ඒ ගමනත් ඉවරයිලු..මේක මෙච්චර වෙලා කියවපු උඹලටත් ස්තුතියි ගොඩක්..ඒ වගේම මට උදව් කරපු හැමෝටමත් මේ ගමන යන්න ආපු ඔක්කොටමත්..

    උඹල මෙතනට යනවා නං අපේ පින් සිද්ද වෙයි මචන් මේක රැකගනිල්ල..මොකද මෙතන සැහෙන්න ආරක්ෂා වෙලා තියෙනවා මිනිස්සු යනවා අඩු නිසා..මේක ලංකාවේ ප්‍රධාන ගංගාවල් දෙකක ආරම්බයන් ..වලාකුලු වනාන්තරයක් කියන්නෙ දන්නා කෙනා දන්නවා වැදගත්කම..ඒ නිසා යන කෙනා ඕක ඔය විදියටම තියල එන්න..

    ආපහු තවත් සංචාරක නූලකින් හම්බෙනකන් හැමෝටම ,


    තෙරුවන් සරණයි..!!

    නමෝ බුද්ධාය..!!
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ.............මේක සිරාම ගමනක් නේ. මාර ලස්සනයි පින්තුරු ටික.

    මටත් ලොකු ආසාවක් තියෙනවා ගවරවිල යන්න.... තවම ගිහින් නැහැ බන්...
    මේක දැක්කම යන්නයි හිතුනේ..


    :love::love::love::love::love:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අඩෝ.............මේක සිරාම ගමනක් නේ. මාර ලස්සනයි පින්තුරු ටික.

    මටත් ලොකු ආසාවක් තියෙනවා ගවරවිල යන්න.... තවම ගිහින් නැහැ බන්...
    මේක දැක්කම යන්නයි හිතුනේ..


    :love::love::love::love::love:

    hari yamu.....:love::love::love::love::love::love: