නිරෝධායන මධ්‍යස්ථානවලදී ජනතාවට පීඩාවට පත්වන්නට සිදුවෙන බවට පළවන මතය පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිතුරු දී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථාන කරා පිරිස් රැගෙන යෑමේදී ඔවුන්ට සූදානම්වීමට පවා ඉඩක් නොලැබෙන අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළදී අමු කරවල කෑමට සිදුවන බවට මතයක් සමාජගතවෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.
දෙරණ අරුණ වැඩසටහනට අද (18) උදෑසන එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී "මේවා ප්‍රායෝගික නැති බොරු. මමත් හොයලා බැලුවා මේ ගැන. අපි ඉස්සෙල්ලාම කරන්නේ හැකි ඉක්මණින් ආශ්‍රිතයන්ට දුරකථනයෙන් කතා කරලා අපි ඔබව ගන්න එනවා කියලා දැනුම්දෙන එක. ඒ වෙලාවේ අපි ඔහුට හෝ ඇයට වෙලාවක් දැනුම් දෙනවා. ඇතැම්විට අපි වෙලාවක් දීලා තියෙද්දිත් එතනට ගියාට පස්සෙ ඔවුන් තවත් පැයකට ආසන්න කාලයක් ගන්නවා ලෑස්ති වෙලා එන්න. එහෙම තත්ත්වයන් තමයි වාර්තා වෙන්නෙ. එහෙම නැතුව තත්පරෙන් ගත්ත කතාවක් නෑ. කොහොම වුණත් අපි මේ අයව ඉතා ඉක්මනින් සමාජයෙන් ගත යුතුව තියෙනවා. මෙච්චර කැපවීමෙන් වැඩ කරන ත්‍රිවිධ හමුදාවටයි මේ ඇඟිල්ල දිගු කරන්නේ. අනික අපි අමු කරවල කන්න දෙනවාද කියලා ඕන කෙනෙකුට පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානවලට කතා කරලා අහන්න. අපිට හැකි හොඳම කෑම වට්ටෝරුවක් තමයි දෙන්නේ. මේවා හොඳට වෙනවට අකමැති අයත් ඉන්නවා නේ." යනුවෙන් සඳහන් කළේය.
කෝ දැන් මේකේ හැමිනෙන්න හදපු උන් පෝලිමකට වරෙල්ලා

පොඩ්ඩක් එහෙමෙහෙ උනාම මැරෙන්න හදනව පොඩි උන් වාගේ.