මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy | 2026-01-15 බදාදා
2026 වසරේ පලවෙනි සංචාරය ලෙස පසුගිය මාසයක අලුතෙන් විවෘත කල නුවර වෝටර් වල්ඩ් යන්න හිතුවා. ඉතින් අද නිවාඩු දවසක් නිසා පාන්දරම බස් අඩු වෙයි කියලා හිතලා, ගෙදරින් උදේ 5 ට 3වීල් එකක් කථා කරන් කිරිබත්ගොඩට ආවා. නුවරට යන්න බස් එකක් එනකන් හෝල්ට් එකේ හිටියා. උදේ 5.20 ට ආව මහනුවර යන සීටීබී බස් එකට නැග්ගා. සෙනග පිරිලා නිසා හිටගෙන ගියේ. රු.372 ටිකට් ගත්තා. පැය 2 ක් විතර පහු උනාම වාඩි වෙන්න සීට් එකක් ලැබුනා. උදේ 8.10 ට බස් එක නුවරට ආවා. පැය 3 කින් පස්සේ ආව නිසා බෝගම්බර පාරේ වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා.. රු.30 යි. ඊට පස්සේ වෝටර් වල්ඩ් යන්න බස් හොයන්න ගියා. ඊයේ මම නුවර වෝටර් වල්ඩ් කෝල් කරලා බස් ගැන අහලා තිබ්බේ.. ඔරලොසු කනුව ලග හොල්ට් එකේ බස් තියෙන්නෙ... මම ඔරලොසු කනුව ලගට පයින් යද්දි මගදි බෝගම්බර ලගදි තලාතුඔය 639/5 බස් එක නවලතා තිබ්බා. (වෝටර් වල්ඩ් කිට්ටුවට වගේ යන්න පුලුවන් සිංහාරගම පාරේ යන බස් හෙව්වත් ඒවා නිතර නැති නිසා තලාතුඔය බස් එකට නැග්ගා.) උදේ 8.25 ට තලාතුඔය බස් එක ගියා. රු.60 ක ටිකට් ගත්තා. 8.55 ට බස් එක ගිහින් ඉවර වෙන තලාතුඔය බස් ටැන්ඩ් බැස්සා. එතැන් සිට කි.මි 2.8 වගේ ගූගල් මැප් පෙන්නපු නිසා, 3 වීල් එකක ගියා. රු.400 යි. (ගාන නම් වැඩියි වගේ) 9.05 ට වෝටර් වල්ඩ් ලගින්ම බැස්සා. ඒක 9.30 ට අරින නිසා බලන් හිටියා. තව කීප දෙනෙක් ඇවිත් හිටියා. ටිකට් කවුන්ටර් 9.30 ට ඇරියම ටිකට් එකක් ගත්තා. ෆුල් පැකේජය රු. 1200 යි. ඒකට මාලුන්ට, කුරුල්ලන්ට කැම දෙන්න හා වායු රයිෆල් වෙඩි තැබීම අමතර දේවල් දෙනවා. හාෆ් පැකේජ් ටිකට් එක රු.850 යි. ටිකට් අරන්, මුලින් තිබූ කෘතිම දිය ඇල්ල පහු කරන් , ලස්සන මාලු ටැංකි, මාලු රැසක් බලමින් උමග තුලින් පොටෝ වීඩියෝ කරමින් ගියා. ලස්සනයි. පහල වීඩියෝව බලන්න... මාලු බලලා. කුරුලු පැත්තට ගියා. එක කුඩුවක විතරයි කුරුල්ලො නම් හිටියේ. ඒක ඇතුලට ගිහින් කුරුල්ලන්ට කෑම දාන්න දෙනවා ෆුල් ටිකට් අයට. නැත්නම් එතනදි ගෙවලත් ගන්න පුලුවන්. ඊට එහා ළමයයින්ට සෙල්ලම් කරන්න සීසෝ, ඔන්චිල්ලා.. වගේ තව ඒවා කීපයක් තිබ්බා. වොශ් රූම් තිබ්බා. කැන්ටිමකුත් තියනව. ඒත් ඒකේ කෙටි කැම තිබ්බෙ නැ. අයිස් ක්‍රීම්, පොඩි බිස්කට් පැකට් වගේ ඒවා තිබ්බෙ. තවත් ඉදිකිරීම් ගොඩක් කරමින් තිබුනා... කැලනිය එකට වඩා විශාල උවත් ඒ තරම් දියුනු නැ තවම. පැය 2 කට ආසන්න කාලයක් ගත කරලා එයින් පිටවෙලා වටපිට බල බල පයින්ම ගියා තලාතුඔය බස්ටැන්ඩ් එකට. එවෙලෙ වෙන පාරකින් ආවා සිටීබ් බස් එකක නැගලා රු.60 ටිකට් අරන් නුවර බැස්සා. ඊට පස්සේ පයින්ම දළදා මාළිගාව වදින්න ගියා. ඇතුලට ගිහින් වැන්දා. එලියට ඇවිත් දළදා වීදියෙන් දවල්ට කාලා, බෝගම්බර පැත්තට ගිහින් බස් ටෑන්ඩ් ගියා. එවෙලෙම එලියට යමින් සිටි කොළඹ යන ප්‍රයිවෙට් බස් එකට නැග්ගා රු.372 ටිකට් ගත්තා. හවස 5.30 ට විතර කිරිබත්ගොඩ බැස්සා. 356 බස් එකේ ඇවිත් ගෙදර ආවා...වෙනදා වගේ බස් එකේදිම මේ සටහන ලිව්වා...
* මම තායිලන්තයේ හා සිංගප්පූරුවේ සංචාරවලදීත් මෙවැනි/මීට වඩා අත්දැකීම් ලබා තිබුනත්. එවැනි රටවලට නොගොස් ලංකාවේ අයට මෙවැනි දේවල බලා ගැනීමට තියන එක ගැන අගය කරන්න ඕනා...
.
* මේ ගමනේ විනාඩි 14 ක කෙටි POV වීඩියෝව බලන්න.. :
.
• කිරිබත්ගොඩ - මහනුවර සීටීබී බස් : රු.372/- | පැය 03 යි.
• මහනුවර - තලාතුඔය බස් : රු.60 යි | විනාඩි 35
• මහනුවර - කිරිබත්ගොඩ ප්‍රයිවෙට් බස් : රු.372/- | පැය 03 යි. විනාඩි 15
.
වෝටර් වල්ඩ් ටිකට් :
# ෆුල් පැකේජය රු. 1200 යි.| වයස අවුරුදු 3-11 ළමයින්ට රු.700 යි. (ඒකට මාලුන්ට, කුරුල්ලන්ට කැම දෙන්න හා වායු රයිෆල් වෙඩි තැබීම අමතර දේවල් දෙනවා.)
# හාෆ් පැකේජ් එක රු.850 යි.| වයස අවුරුදු 3-11 ළමයින්ට රු.500 යි.
# විදේශිකයන්ට : රු.3250 යි. | රු.1800 යි
..
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>
.
.
* * * මේ පෝස්ට් එක දැම්මේ පුද්ගලික ආයතනයක් සතු මෙය ප්‍රවර් ධනය කිරීමට නොවන බව කරුනාවෙන් සලකන්න. මමත් මුදල් ගෙවා ටිකට් එකක් අරන් ගියේ. මම ලබා ගත් සතුට, අත්දැකීම ඔබ සමග බෙදා ගෙන ඔබටත් එම අත්දැකීම ලබා ගැනීමට දැනුවත් කිරීම පමනි. එයයි මා ලබන සතුට. ****
.
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Last edited: