ඇමරිකාවෙ, ලොස් ඇන්ජලිස් නගරයේ ඉදි කරලා තියෙන 'Ventana' කියන න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු විශාල ගැටළුවක් ඒ බලාගාරය අයිති බලාධිකාරිය විසින් වසන් කරන්න උත්සාහ කරද්දි, ඒ ගැටළුව පිළිබද තොරතුරු එළි කරගෙන එය මහජනයාට ඉදිරිපත් කරන්න උත්සාහ කරන මාධ්‍යවේදිනියක් සහ මාධ්‍ය කැමරාකරුවෙක් වගේම ඒ සදහා සහය වෙන බලාගාරයේ සුපවයිසර්වරයත් වටා තමයි 1979 වර්ෂයෙදි තිරගත කෙරුණු "The China Syndrome" කියන චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැගෙන්නේ. ප්‍රවීණ සහ සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පීන්, ශිල්පිනියන් වෙන Jane Fonda, Jack Lemmon, සහ Michael Douglas ප්‍රධාන චරිත සදහා දායක වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ "James Bridges" විසිනුයි. ඒ ඔහුත් Mike Gray, සහ T. S. Cook විසින් රචනා කරපු තිර රචනයක් ඇසුරු කර ගනිමිනුයි.
ඇමරිකාවෙ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන පිළිබදව එරට මහජනතාවගේ මතය වෙනස්ම අතකට ගෙන යන්න විශාල බලපෑමක එල්ල කරපු මේ සිනමාපටය තිරගත කරලා දින 10 කට පස්සෙ ඇමරිකා ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර සිදුවීම සුවිශේෂ සිදුවීමක් විදිහට සදහන් කරන්න පුළුවන්. පෙන්සිල්වේනියා ප්‍රාන්තයට අයත් "Harrisburg' නගරයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය හටගත්තු "partial meltdown" එකක් නිසා සිදුවුණු මේ අනතුර "The Three Mile Island accident" විදිහටයි හදුන්වනු ලබන්නේ.

"China Syndrome" නමින් හදුන්වන ඉතාමත් දුලබ න්‍යෂ්ටික ව්‍යයසන සංසිද්ධියක් (theoretical nuclear meltdown scenario) පාදක කරගනිමින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය 1979 වසරේ පැවැත්වුණු 52 වන ඔස්කාර් සම්මාන උළෙල සදහා නාමයෝජනා 4 ක් ලබාගන්නත් සමත් වෙනවා. ඒ වසරේ හොදම නළුවා (Jack Lemmon), හොදම නිළිය ( Jane Fonda), හොදම තිර රචනය ( Best Original Screenplay), හොදම කලා අධ්‍යක්ෂණය කියන සම්මාන වෙනුවෙනුයි.
සැ:යු - මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම "Scientifically Accurate" නොවුණත් චිත්‍රපටයෙ ඇතුළත් වුණු හුගක් දේවල් "Scientifically Accurate" විදිහට නිරූපණය කරන්න උත්සාහ අරන් තියෙනවා. විශේෂෙන් "China Syndrome" කියන සංසිද්ධිය සැබෑ ලෝකයේ වෙන්න තියෙන අවස්ථාව ඇත්තෙම නැති තරම් කියලා තමයි විද්‍යාඥයන්ගේ මතය වෙලා තියෙන්නෙ. ඒ නිසා "scientific documentary" එකක් මට්ටමකින් බලන්න නැතුව "fictionalized thriller" එකක් විදිහට මේ චිත්‍රපටිය බලන්න උත්සාහ කරන්න. එහෙම බලනවා නම් පටන් ගැන්මෙ ඉදලා අවසානය වෙනකම් ම කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් තමයි "The China Syndrome" කියන්නෙ. චිත්‍රපටියෙ රගපෑම්, තිර පිටපත, අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය ඒ තරම් විශිෂ්ට මට්ටමක තියෙනවා. චිත්‍රපටය බලද්දි මේක 1979 හදපු ෆිල්ම් එකක් කියන එක පොඩ්ඩක්වත් තේරෙන එකක් නෑ. ඒ නිසා චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න. Highly recommended.

Last edited: