සිනමා විචාරකයන්ගෙ වගේම ප්‍රේක්ෂකයන් බහුතරයකගෙත් මතයට අනුව ප්‍රංශ සිනමා ඉතිහාසෙ තුළ බිහිවුණු විශිෂ්ටම චිත්‍රපට දෙකක් විදිහට සලකන, 1986 වසරෙදි තිරගත කරපු "Jean de Florette" සහ "Manon of the Spring" කියන "Film duology" එක ගැන තමයි අද ත්‍රෙඩ් එකෙන් මං කතා කරන්න යන්නෙ.
මේ වෙනකොට පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා ටික කලක් ගත වෙලා ගිහින්. තමන්ගෙ අම්මගෙ සහෝදරයාගෙ හදිසි මරණෙන් පස්සෙ "Jean de Florette" කියන පුද්ගලයා ඔහුගෙ බිරිදයි, දුවයි එක්ක ප්‍රංශයේ 'Provence' කියන පළාතට අයත් ගම්මානයකට එනවා තමන්ගෙ මාමගෙ අභාවයෙන් පස්සෙ උරුම උණු නිවස සහ විශාල ඉඩමේ පදිංචි වීමේ අරමුණෙන්. නගරයේ බදු එකතු කරන්නෙක් විදිහට කටයුතු කරපු "Jean' මේ නිවසේ පදිංචියට එන්නෙ තවත් ලොකු අරමුණක් ඉටු කරගන්න බලාපොරොත්තුවෙනුයි. ඒ තමන්ටම කියලා ලොකු වගාවකුයි, ගොවිපොළකුයි පටන් අරන් මූල්‍යමය පැත්තෙන් හුගක් ඉහළ තැනකට පත්වෙන අදහසකුත් ඇතුවයි. කොහොම නමුත් මේ ගම්මානෙ ඉන්න ඉහළ පැලැන්තියෙ පවුලක සාමාජිකයො දෙන්නෙක් වෙන 'Papet' සහ ඔහුගෙ බෑණා වුණු 'Ugolin' ත්, 'Jean' ගෙ මාමට අයිති වෙලා තිබ්බ මේ ඉඩම තමන්ට අයිති කරගන්න කාලෙක ඉදන් මාන බල බලයි හිටියෙ.
'Papet' සහ 'Ugolin' මේ විදිහට "Jean' ගෙ මාමගෙ ඉඩම මේ විදිහට අයිති කරගන්න මාන බල බල හිටියෙ ලොකු හේතුවක් නිසාවෙනුයි. ඒ හේතුව මොකද්ද කියලා කියන්න යන්නෙ නෑ, එහෙම කිව්වොත් කතාවෙන් වැඩක් නැති වෙන නිසා.
කොටින්ම "Jean' ගෙ මාමගෙ මරණෙටත් මේ දෙන්නා සම්බන්ධ බව අපිට කතාවෙ මුල හරියෙදිම දැන ගන්න ලැබෙනවා. 'Jean' උපතින් ශරීර විකෘතියක් ඇතිව ඉපදුන කෙනෙක්, එහෙම නැත්නම් 'hunchback' එකක් ඇතුව ඉපදුන පුද්ගලයෙක් නිසා මේ ගම්මානෙ ඉන්න අයගෙනුත් 'Jean' ටයි, එයාගෙ බිරිදටයි, දුවටයි කෙනෙහෙළිකම් විදින්නත් සිද්ධ වෙනවා. ඒ විදිහෙ ප්‍රතිචාරයක් 'Jean' ට ගම්මුන්ගෙන් ලැබෙන්න 'Papet' ගෙ පෙළඹවීමත් මූලිකව හේතු වුණා. මේ විදිහට දුක් කම් කටොළු, නින්දා අපහාස විදගෙන තමන්ගෙ අරමුණ ඉටු කරගන්න 'Jean' යි, එයාගෙ බිරිදයි, පොඩි දුවයි ගන්න අප්රහිත උත්සාහයත්, අවසානයේ ඔවුන්ට මොන වගේ ඉරණමක් අත් වෙයි ද කියන දේත් පෙන්නන කතා පුවතක් ඇතුළත්ව තමයි 1986 වසරෙදි තිරගත කරපු "Jean de Florette" චිත්‍රපටය, එහෙමත් නැත්තම් මේ චිත්‍රපට ද්විත්වයට අයත් වුණු පළවෙනි චිත්‍රපටියේ කතාවෙන් අරන් එන්නෙ. මේ චිත්‍රපටි ද්විත්වයේ දෙවැනි කොටස වුණු "Manon of the Spring" චිත්‍රපටියත් ඒ අවුරුද්දෙම තමයි තිරගත කරේ.
මේ චිත්රපටියෙ කතාව ප්‍රධාන වශයෙන් 'Jean' ගෙ දුව වුණු 'Manon' වටා තමයි ගොඩනැගෙන්නෙ. චිත්රපටියෙ කතාව පටන් ගන්නෙත් පළවෙනි චිත්රපටියෙ කතාවට වසර ගණනාවකට පස්සෙ වෙන කතාවක් විදිහටයි. ඒ කියන්නෙ 'Manon' යොවුන් වියට පත් වුණු අවධියේදි ගලාගෙන යන කතාවක් තමයි "Manon of the Spring" චිත්‍රපටියේ ඇතුළත් වෙන්නෙ. කොහොම නමුත් පළවෙනි චිත්රපටියෙයි, දෙවැනි චිත්රපටියෙයි ඇතුළත් වුණු ප්‍රධානම චරිත ගැන අපි හිතන් හිටපු විදිහ වෙනස්ම අතකට හරවන හෙළිදරව්වකුත් මේ "Manon of the Spring" චිත්රපටියෙ අවසාන හරියෙදි සිද්ධ වෙනවා. පටු අදහස් ඇතුව තණ්හාවෙන්, ක්‍රෝධෙන්, වෛරෙන් වගේම පළිගැනීමේ අරමුණින් වැඩ කරන්න ගියාම මිනිස්සු නොමිනිස්සු වෙන හැටියි, පසු කාලෙක ඒවට ප්‍රතිවිපාක ස්වභාවධර්මෙන් ම භුක්ති විදින්න හම්බ වෙන හැටියි මේ චිත්‍රපටි ද්විත්වයේ කතාවෙන් අපූරුවට අපට පෙන්නලා දෙනවා.
ප්‍රංශ සිනමාවෙ හිටපු පුරෝගාමීම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් විදිහට සලකන "Claude Berri" විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපට ද්විත්වය නිර්මාණය වුණේ ප්‍රංශයේ හිටපු ප්‍රකට ගත් කතුවරයෙක් වුණු "Marcel Pagnol" විසින් රචනා කරලා 1962 වසරෙදි එළි දක්වපු "The Water of the Hills" (L'Eau des collines) කියන් වෙළුම් ද්විත්වයකින් සමන්විත වුණු නවකතාව (Two-volume novel) ඇසුරු කරගෙනයි.
Yves Montand, Gérard Depardieu, Daniel Auteuil වගේ ප්‍රංශ සිනමාවෙ ඉන්න ප්රවීණතම රංගන ශිල්පීන් ඇතුළුව තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් "Jean de Florette" චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මේ අතර "Manon of the Spring" චිත්‍රපටය වෙනුවෙන් "Yves Montand" සහ "Daniel Auteuil" කියන රංගන ශිල්පීන් දෙදෙනා තමන් පළමුවැනි චිත්රපටියෙ පණ පොවපු චරිතවලට නැවතත් පණ පොවද්දි වෙද්දි තරුණ 'Manon' ගෙ චරිතයට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු "Emmanuelle Béart" ත්, 'Bernard' කියන චරිතයට "Hippolyte Girardot" ත් තමන්ගෙ රගන දායකත්වය ලබා දුන්නා. ප්‍රංශ ජාතික ප්‍රවීණ සංගීතඥ "Jean-Claude Petit" ගෙ මනරම් පසුබිම් සංගීතයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කළේ "Bruno Nuytten" විසිනුයි. ගැමි පරිසරය මුසු වෙච්ච මන්ස්කාන්ත පසුතල රාශියක් පසුබිම් කරගෙන කැමරා අධ්යක්ෂ "Bruno Nuytten" විසින් කරපු විශිෂ්ට කැමරාකරණයත් මේ චිත්‍රපටි ද්විත්වය පුරාවටම ඔයගොල්ලන්ට අත් විදින්න ලැබේවි.
"Restored version" එක බැලුවම මේ චිත්‍රපටි දෙක 1986 අවුරුද්දෙ ආපු එකක් කියලා නම් පොඩ්ඩක්වත් හිතෙන්නෙ නෑ. "Picture quality, audio quality ඒ තරම්ම හොදයි. අලුතෙන්ම ආපු චිත්‍රපටියක් බලනවා වගේ හැගීමක් දැනෙන්නෙ.
ඒ නිසා මේ චිත්‍රපටි දෙකම බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න. සිනමාවට ආදරේ කරන කෙනෙක් නම් මග අරින්නෙ නැතුව බලන්න ඕන චිත්‍රපටි දෙකක් තමයි ඉතින් ආයෙ. Highly recommended.