BBC Studios (Australia & New Zealand), Bunya Entertainment සහ Amazon MGM Studios කියන සමාගම්වලින් තමයි මේ අලුත් සීරීස් එක produce කරන්නෙ.
The Office වල ඔරිජිනල් UK version එකේ බොස්ගෙ චරිතෙ වෙන "David Brent" ගෙ චරිතෙට පණ පොවපු "Ricky Gervais" යි, US version එකේ "Michael Scott" ගෙ චරිතෙ කරපු "Steve Carell" වෙනුවට මේ අලුත් සීරීස් එකේ ප්‍රධාන චරිතෙට ඉන්නෙ ගෑණු බොස් කෙනෙක්.
"Hannah Howard" කියන මේ චරිතෙට පණ පොවන්නෙ "Felicity Ward" කියන ඕස්ට්‍රේලියානු නිළියයි. සීරීස් එකේ සෙසු චරිත කරන්න හොද diverse cast එකකුත් මේ සැරේ තෝරගෙන තියෙනවා.
මේ අලුත් "The Office" සීරීස් එක "Amazon Prime Video" හරහා මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් 18 වැනිදා ඉදලා ඔයාලට බලන්න පුළුවන් වේවි. එපිසෝඩ් 8 ක් තියෙනවා පළවෙනි සීසන් එකේ.
ප්‍රථම නිල ඡායාරූපය (First official look)
The Office (UK)
The Office (US)
වැඩිදුර තොරතුරු
UK වර්ෂන් එකේ ප්‍රධාන චරිත වුණු David, Tim, Dawn සහ Gareth කියන චරිතත්, US වර්ෂන් එකේ ප්‍රධාන චරිත වුණු Micheal, Jim, Pam සහ Dwight කියන චරිතත් අනිත් රටවල නිර්මාණය වෙච්ච "The office" versions වලදි නිරූපණය කරපු නළු නිළියන්ගෙ ස්වරූපය තමයි පහළින් දක්වලා තියෙන්නෙ.
ඡායාරූප උපුටා ගැනීම - Zealousideal-Pay3937 (Reddit)
කිරියෙ කට්ටිය මොක ද හිතන්නෙ මේ අලුත් සීරීස් එක ගැන?

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.


. මුල් සීසන්වල ඒමි අක්කත් හිටපු නිසා ඉතින් cuteness overload.