යකුසා පාතාලය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මම එක පාරක් ලොකේ තියෙන භයානක පාතාල කල්ලි ගැන මම ත්‍රේඩ් එකක් දැම්මම සමහරු ඇහුවා කෝ යකුසා සංවිධානය ගැන විස්තර කියලා. ඇත්තටම මම ඒවෙනකොට යකුසා මාෆියාව ගැන වැඩි තොරතුරු දැනගෙන හිටියේ නෑ. එක හින්දා එවා ගැන ලියවුනු අන්තර්ජාල ලිපි කියවන්න ටිකක් දවස් ගියා. මම එවයේ තිබ්බ තොරතුරු පරිවර්තනය කරලා කෙටියෙන් ලියන්න. මම සිංහල ලියන විදිය පොඩ්ඩක් වැරදී ඇති.

    -------------------------------------------------------

    220px-Yakuza-katakana.svg.png

    යකුසා

    280px-Brawling%2C%E5%96%A7%E5%98%A9%2CPA160113aaa.jpg



    එක් දිනක් හොනොලුලු හී ගුවන්තොටු පොලෙහි ජපන් ජාතිකයෙකු අත් අඩංගුවට ගැනුනු.ඔහු ලග නීති විරෝධි අවි ආයුද හෝ මත්ද්‍රව්‍ය නොතිබිණි . එසේ නම් ඔහුගේ වැරැද්ද කුමක් විය හැකිද ?? ඔහුගේ වමතෙහි සුලැගිල්ල කපා දමා තිබුණි. ලොව බිහිසුණු පාතාල සංවිධාන අතරින් ඉහලින්ම වැජබෙන යකුසා සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ඔහු හදුනා ගැනුනි.

    20090814-yakuza%20pinkie.jpg




    ජපන් පොලීසිය සහ සිවිල් ජනතාව යකුසා සංවිධානය හදුන්වන්නේ මිලේච්ඡයන්ගෙන් පිරි පාතාල කල්ලියක් ලෙස වුවත් යකුසා සාමාජිකයින් තමන් වීරත්වයේ සංකේත බව පවසයි.යකුසා සංවිධානය සමහර සාමාජිකයන් එය තමන්ට පරම්පරාවෙන් උරුම වන දායාදයක් ලෙස පවසයි. කෙසේ හෝ පවුල් 2500 ක පමන සාමජිකයන්ගෙන් සමන්විත යකුසා සංවිධානය, ඉතාලි මාෆියාව මෙන් 6 ගුණයක් විශාල වන අතර ඇමරිකානු මාෆියාවටද වඩ ශක්තිමත් බව පැවසේ. සමහරෙක් පවසන්නේ යකුසා සංවිධානය සමුරායි භටයන්ගෙන් ඇරඹුනු බවයි .එහි සත්‍යතාවය කෙසේ වුවත් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් බැහරව හිංසාව යොදා ගැනීම මොවුන්ගේ ලක්ෂණයයි.
    එමෙන්ම යකුසා සාමාජිකයන් හට තම සංස්කෘතිය පිලිබදද දැඩි ගෞරවයක් තිබේ. යකුසා සංවිධානය එහි විශාලත්වය නිසාම කල්ලි වලට බෙදී පවතී. කල්ලි අතර සටන් සුලබය. දැනට පොලීසිය විසින් හදුනාගෙන ඇති ආකාරයට යකුසා කල්ලි 24 ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ.

    ඔවුන්ගේ වාර්ෂික ආදායම බිලියන $45 පමණ වේ. යකුසා සංවිධානයට ජපානය පුරා , විශේෂයෙන් ටෝකියෝහි කාර්යාල ඇත.
    එවිට නැගෙන ප්‍රශ්නය ජපනයෙහි වග කිවයුතු බලධාරීන් ඊට එරෙහිව පියවර ගන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ විමතියටද හේතු වන කරුණ වන්නේ යකුසා සංවිධානය මැඩලීමට ජපානය විසින් ගන්න ක්‍රියාමාර්ග වල හා නීති වල දුර්වලතාවයයි.
    ජපාන පොලිසීය පවසන්නේ එයට අවශ්‍ය නීති සම්පාදනය වී නැති නිසා යකුසා සාමාජිකයන් මැඩලීමට ගන්නා උත්සාහයන්හීදී තමන් බලවත් අපහසුතාවයන්ට ලක් වන බවයි.

    1992 දී යකුසා කාර්යාල වසා දැමීමට පහසු වන පරිදි නීති සම්පාදනය වු අතර 2000 දී අපරාධ විමර්ශණ සදහා දුරකථන වලට රහසේ සවන්දීමට හැකි බලයද පොලීසියට ලබා දුනි. එසේ වුවත් යකුසා සාමාජිකයින් අදටත් රකුසන් මෙන් තම අපරාධ කරන්නේ කෙසේදැයි යන්න අබිරහසයි.අතීතයේ සිට පැවතීගෙන එන සංවිධානයක් නිසා එයට එරෙහි වීමට බිය රට වැසියන්ද සිටිති.

    යකුසා සංවිධානය ගැන පැවසීමේදී එක්තරා යකුසා සාමජිකයෙකු ලේඛකයෙකු හට පවසා තිබු කතාවක් මතකයට නැගේ. ඔහු යකුසා සංවිධානය සමග එකතු වීමේදී ඔහුගේ වයස අවුරුදු 18 කි. වසර 15 වකට පමණ පසු එනම් ඔහුට වසර 33 දී , දිනක් ඔහුගේ කුඩා දියණිය ඔහු හමුවට පැමිණීය.
    " තම තමන්ගේ තාත්තලා කරන රස්සාවල් ගැන රචනාවක් ලියාගෙන් එන්න කියලා ඉස්කෝලෙන් කීවා "
    අවුරුදු 15 ක අපරාධ ජීවිතය තුල කිසි දිනය නොදැනුනු චකිතයක් ඔහුට ඇතිවිය. ඔහු එදින් තම දියණියට බොරු තොරතුටු පැවසූ අතර යකුසා සංවිධානයෙන් ඉවත් වන්න තීරණය කලේ තම වැරදී අවබෝධ වූ නිසාය.
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    යකුසා සාමාජිකයන් ගැන පැවසීමේදී ඔවුන් ස්ත්‍රීන් කෙදිනකවත් විශ්වාස නොකරයි. කල්ලි හමුවීම වලදී ස්ත්‍රියකට ඒ අසලට පැමිණිය හැකි වුවහොත් නිසැකවම ඒ ප්‍රධානියෙකුගේ බිරිද විය යුතුයි.
    යකුසා සාමාජිකයන් විශ්වාස කරන පරිදී ඔවුන් මරණය තෙක් සටන් කරන පිරිසකි. එය බොහෝ විට සත්‍යයකි. යකුසා සාමජිකයෙක් වීමට අවශ්‍ය මූලිකම සුදුසුකම ශක්තියයි.
    යකුසා සාමජිකයකු අතින් තවකෙකු හට සමාව ඉල්ලිය යුතු වරදක් සිදු වුවහොත් ඔහු තම සුලැගිල්ල කපා එම සමාජිකයට ලබා දීමෙන් තමා සමාව ඉල්ලන බව සංඛේතවත් කරයි.
    වරක් යකුසා සාමජිකයෙකු තම ප්‍රධානියෙකුගේ දියණියක් සමගින් පෙම් සබදතාවයක් පැටලුනි. එය යකුසා නීතී රීති වලට පටහැනිය. එය දත් තරුණ යකුසා සාමාජිකයා අවසානයේ තම සුලැගිල්ල කපා තම ප්‍රධානියාගෙන් සමාව අයැදීය.

    හිරේ යාම යකුසා සාමාජිකයෙකුට තම අයත් කල්ලියේ අයත් තැනට වඩා ගරු සැලකිලි ලැබෙන සුදුසුකමකි.යකුසා කල්ලි බොහෝ විට මුදල් උපයන්නේ සූදුවෙන් හා තරුණියන් ගණිකා සේවයෙ යෙදවීමෙනි. තමා උපයන මුදල් බොහෝ විට ආයුද සදහා වියදම් කරන අතරද මුදල් සෙවීමට දරන අපරාධ අරගලයේ ප්‍රතිපලය බොහෝ විට කල්ලි අතර සටන්ය. කල්ලි අතර සටන් වලදී කල්ලි සාමාජිකයින් බොහෝ විට උත්සහ දරන්නේ ප්‍රතිවාදී කල්ලියේ ප්‍රධානියා මරා දැමීමටය. යකුසා කල්ලි වලට අනුව ප්‍රධානියා නොමැතිව කල්ලිය ඉතා දුර්වලටය. එහෙයින් එසේ වුවොහොත් ඔවුන් පරාජය භාර ගනී.



    ඇග පුරා කොටා ගත් පච්චති යකුසා සාමාජිකයන්ගේ ලක්ෂණයකි.මෙම හේතුව නිසා ජපානයේ වෙසෙන බොහෝ සිවිල් වැසියන් පච්ච් කොටා ගැනීමට අකමැත්තක් දක්වන්නේ තමනුත් යකුසා සමාජිකයන් යැයි වරදවා වටහා ගනී යන බිය නිසාය.

    යකුසා සංවිධානය ඉතා ප්‍රසිද්ධය. ඔවුන් ගැන පොත් ගණනාවක් වුවද ලිවීමට කරුණු තිබේ. ඔවුන් පිලිබද නිමැවුනු චිත්‍රපට ,පරගණක ක්‍රීඩාද එමටය. මේවා හේතුවෙන් යකුසා සාමාජිකයෙකු වීම හීනය කරගත් පිරිසක්ද සිටිති. එහෙත් අද වන විට ජපානයට තදබල හිසරදයක් වී ඇති යකුසා සංවිධානය මුලු ලොවටම තර්ජනයක් විමේ හැකියාවක් ඇත.
     
    • Like
    Reactions: platinumweb

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34