මම එක පාරක් ලොකේ තියෙන භයානක පාතාල කල්ලි ගැන මම ත්‍රේඩ් එකක් දැම්මම සමහරු ඇහුවා කෝ යකුසා සංවිධානය ගැන විස්තර කියලා. ඇත්තටම මම ඒවෙනකොට යකුසා මාෆියාව ගැන වැඩි තොරතුරු දැනගෙන හිටියේ නෑ. එක හින්දා එවා ගැන ලියවුනු අන්තර්ජාල ලිපි කියවන්න ටිකක් දවස් ගියා. මම එවයේ තිබ්බ තොරතුරු පරිවර්තනය කරලා කෙටියෙන් ලියන්න. මම සිංහල ලියන විදිය පොඩ්ඩක් වැරදී ඇති.
-------------------------------------------------------
යකුසා
එක් දිනක් හොනොලුලු හී ගුවන්තොටු පොලෙහි ජපන් ජාතිකයෙකු අත් අඩංගුවට ගැනුනු.ඔහු ලග නීති විරෝධි අවි ආයුද හෝ මත්ද්‍රව්‍ය නොතිබිණි . එසේ නම් ඔහුගේ වැරැද්ද කුමක් විය හැකිද ?? ඔහුගේ වමතෙහි සුලැගිල්ල කපා දමා තිබුණි. ලොව බිහිසුණු පාතාල සංවිධාන අතරින් ඉහලින්ම වැජබෙන යකුසා සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ඔහු හදුනා ගැනුනි.
ජපන් පොලීසිය සහ සිවිල් ජනතාව යකුසා සංවිධානය හදුන්වන්නේ මිලේච්ඡයන්ගෙන් පිරි පාතාල කල්ලියක් ලෙස වුවත් යකුසා සාමාජිකයින් තමන් වීරත්වයේ සංකේත බව පවසයි.යකුසා සංවිධානය සමහර සාමාජිකයන් එය තමන්ට පරම්පරාවෙන් උරුම වන දායාදයක් ලෙස පවසයි. කෙසේ හෝ පවුල් 2500 ක පමන සාමජිකයන්ගෙන් සමන්විත යකුසා සංවිධානය, ඉතාලි මාෆියාව මෙන් 6 ගුණයක් විශාල වන අතර ඇමරිකානු මාෆියාවටද වඩ ශක්තිමත් බව පැවසේ. සමහරෙක් පවසන්නේ යකුසා සංවිධානය සමුරායි භටයන්ගෙන් ඇරඹුනු බවයි .එහි සත්‍යතාවය කෙසේ වුවත් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට ප්රජාතන්ත්රවාදී මාර්ගයෙන් බැහරව හිංසාව යොදා ගැනීම මොවුන්ගේ ලක්ෂණයයි.
එමෙන්ම යකුසා සාමාජිකයන් හට තම සංස්කෘතිය පිලිබදද දැඩි ගෞරවයක් තිබේ. යකුසා සංවිධානය එහි විශාලත්වය නිසාම කල්ලි වලට බෙදී පවතී. කල්ලි අතර සටන් සුලබය. දැනට පොලීසිය විසින් හදුනාගෙන ඇති ආකාරයට යකුසා කල්ලි 24 ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ.
ඔවුන්ගේ වාර්ෂික ආදායම බිලියන $45 පමණ වේ. යකුසා සංවිධානයට ජපානය පුරා , විශේෂයෙන් ටෝකියෝහි කාර්යාල ඇත.
එවිට නැගෙන ප්රශ්නය ජපනයෙහි වග කිවයුතු බලධාරීන් ඊට එරෙහිව පියවර ගන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ විමතියටද හේතු වන කරුණ වන්නේ යකුසා සංවිධානය මැඩලීමට ජපානය විසින් ගන්න ක්‍රියාමාර්ග වල හා නීති වල දුර්වලතාවයයි.
ජපාන පොලිසීය පවසන්නේ එයට අවශ්‍ය නීති සම්පාදනය වී නැති නිසා යකුසා සාමාජිකයන් මැඩලීමට ගන්නා උත්සාහයන්හීදී තමන් බලවත් අපහසුතාවයන්ට ලක් වන බවයි.
1992 දී යකුසා කාර්යාල වසා දැමීමට පහසු වන පරිදි නීති සම්පාදනය වු අතර 2000 දී අපරාධ විමර්ශණ සදහා දුරකථන වලට රහසේ සවන්දීමට හැකි බලයද පොලීසියට ලබා දුනි. එසේ වුවත් යකුසා සාමාජිකයින් අදටත් රකුසන් මෙන් තම අපරාධ කරන්නේ කෙසේදැයි යන්න අබිරහසයි.අතීතයේ සිට පැවතීගෙන එන සංවිධානයක් නිසා එයට එරෙහි වීමට බිය රට වැසියන්ද සිටිති.
යකුසා සංවිධානය ගැන පැවසීමේදී එක්තරා යකුසා සාමජිකයෙකු ලේඛකයෙකු හට පවසා තිබු කතාවක් මතකයට නැගේ. ඔහු යකුසා සංවිධානය සමග එකතු වීමේදී ඔහුගේ වයස අවුරුදු 18 කි. වසර 15 වකට පමණ පසු එනම් ඔහුට වසර 33 දී , දිනක් ඔහුගේ කුඩා දියණිය ඔහු හමුවට පැමිණීය.
" තම තමන්ගේ තාත්තලා කරන රස්සාවල් ගැන රචනාවක් ලියාගෙන් එන්න කියලා ඉස්කෝලෙන් කීවා "
අවුරුදු 15 ක අපරාධ ජීවිතය තුල කිසි දිනය නොදැනුනු චකිතයක් ඔහුට ඇතිවිය. ඔහු එදින් තම දියණියට බොරු තොරතුටු පැවසූ අතර යකුසා සංවිධානයෙන් ඉවත් වන්න තීරණය කලේ තම වැරදී අවබෝධ වූ නිසාය.

rep++++++++++++++++

තේරෙන්නෙ නෑ