Most Ruthless Gangsters

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Vincent Gigante

    The_Chin.jpg


    GiganteES_228x400.jpg


    1928 ඇමරිකාවේ නිව්යෝක් හී උපත ලද Vincent Gigante කුඩා කල සිටම දඩබ්බරයෙකු විය. 9 වන ශ්‍රේණියේදීම පාසලෙන් ඔහුව නෙරපා හැරීමට හේතුවත් එය විය හැකිය . ඔහු ඉන් පසු බොක්සින් ක්‍රීඩකයෙකු ලෙස පුහුණු වී තරග රැසක්ද ජයග්‍රහණය කල මුත් ඔහුගේ ක්‍රියා සියල්ලක්ම අපරාධකාරයෙකුගේ දිවියට නෑකම් කීය. අවුරුදු 25 වන විට Gigante 7 වතාවක් පමණ හිරේ ගොස් තිබුණි.
    Genovese crime family නම් අපරාධ කල්ලියට එකතු වූ Giganteගේ ප්‍රථම ගොදුර වුයේ Frank Costello නැමති එවකට ඇමරිකාවේ සිටි අංක එකේ පාතාල නායකයෙකි. එහෙත් තම ගොදුර ඩැහැ ගැනීමට Giganteට නොහැකි වුයේ උණ්ඩයට ඉලක්කය සපුර ගත නොහැකි වු හෙයිනි. එහෙත් ඉතා ඉක්මනින් නැමති නාමය නිව්යෝක් හී අපරාධ ඉතිහාසයේ ඉහලින් ලියවෙන තවත් නමක් බවට පත් කරවීමට Giganteට හැකි විය .
    Tony Salerno නැමැති පාතාල කල්ලි නායකයා මිය ගිය පසු ඔහුගේ තැන ගනිමින් කිරුලු නොපලන් පාතාල රජෙකු වීමට ඔහුට හැකි විය. කිසිදු බයක් සැකැක් නොමැතිව නිව්යෝක් හී වීදී වල සිය තුවායද කර වටා දමාගෙන ඇවිදිය Gigante වැසියන්ට සාමාන්‍ය දර්ශනයක් විය. Giganteගේ මෙවැනි ලක්ෂණ නිසාම ඔහුව හැදින්වීමට "Oddfather", "Pajama King." යන වදන් භාවිතා කර ඇත.
    කෙසේ හෝ ජීවිතයේ අවසන් කාලය හිරේදී ගත කල Gigante 2005 දී එහිදීම මිය ගියේය.

    Frank_Costello_320X240.jpg

    Frank Castello

    220px-Anthony_Salerno.jpg


    Tony Salerno






     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Albert Anastasia

    200px-Anastasia.JPG


    albertanastasia.jpg


    1903දී , ඉතාලියේ Tropeaහී Albert Anastasia උපත ලැබුවේය. නමුත් තරුණ කාලයේදීම ඇමරිකාවට සංක්‍රමණය වූ හී වාසය කර ඇත. දියුණුවේ මග සොයා ඇමරිකාවට පැමිණියත් ඔහුට සිදු වුයේ පාතාල කල්ලි සාමාජිකයන් හා එක් වී අපරාධ කිරීමටයි. මිනී මැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අවුරුදු 2 ක සිර දඩුවමක්ද ඔහුට හිමි විය. කෙසේ හෝ මිනී මරුවෙකු ලෙස එකල පාතාල ලොව තුල ඔහු ලබා තිබු ප්‍රසිද්ධිට සිරෙන් නිදහස් වූ වහාම ඔහුව Joe Masseria
    කල්ලියට බදවා ගැනීමට සමත් විය. එම කල්ලිය එවිට ඇමරිකානු පාතාල ලොව තුල ප්‍රාධාන පෙලේ අපරාධ පවුලකි. කෙසේ වුවත් එම කල්ලිය තුලත් අභ්‍යන්තර ගැටුම් තිබු අතර එහි සාමාජිකයෙකු වූ Charles "Lucky" Luciano නැමැත්තාට කල්ලි නායකත්වය ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුනී. අවසානයේ ඔහුගේ පිහිටට පැමිණියේ ඔහුගේ ලගම මිතුරා ලෙසින් සිටි Anastasiaයි. තමා එදා බදවා ගත් තරුණ ඉතාලි ගැටවරයා අතින්ම තමන්ට මැරුම් කන්නට සිදු වේවියයි Joe Masseria පාතාල කල්ලි නායකයා කිසි විටෙකත් නොසිතන්නට ඇත. කෙසේ හෝ කාලය ගෙවී යද්දී Anastasia වෙනමම පාතාල කල්ලියක් ආරම්භ කල අතර එම කල්ලිය මගින් මිනීමැරුම් 400-700 අතර ප්‍රමාණයක් කර ඇත. භයානකම මැරවරයන් අතර Anastasia ට සුවිශේෂි තැනැක් හිමි වන්නේ එම නිසයි. කෙසේ වුවත් Anastasia ගේ මරණය අදටත් අබිරහසක් වන අතර තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වූ Carlo Gambino අතින් ඔහු ඝාතනය වන්නට ඇතැයි සැක කෙරේ. ඒ 1957 දීයි.Anastasia හදුන්වා ඇත්තේ "Lord High Executioner" , "Mad Hatter" වැනි නම් වලිනි.

    luciano.jpg

    Charles Luciano

    carlogambino.jpg


    Carlo Gambino

    GiuseppeMasseria.jpg


    Joe Masseria


     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Joseph Bonanno
    bonnano.jpg


    Joseph Bonanno 1905 දී ඉතාලියේ සිසිලියේ උපත ලැබූ අයෙකි . එකල පාලකයා වූ මුසලෝනිගේ දරදඩු පාලනය හේතු කොට ගෙන ඇමරිකාවට සංක්‍රමණය වූ Bonanno මුසලෝනී පාලයනයට විරුද්ධ කැරලි වලට හැකි සෑම සහයක්ම ලබා දිය.කෙසේ හෝ එය අවසාන වුයේ Bonanno මාෆියා සංවිධානය සමග සම්බන්ධ වීමෙනි.ඔහුව පාතාල ලොව තුල Joey Bananas හැදුන්වුයේ නමිනි.තම ව්‍යාපාර අතින් Bonannoඉතා ධනවත් විය. ඔහුට තිබු මුදල් වල බලවත් කම ඔහු පාතාල ලොව තුල බලවතෙක් කරවීය. ඔහු තමන්ට විරුද්ධ අපරාධ කල්ලි සියල්ල විනාශ කිරීමට උත්සහ දැරූ අතර එහි ප්‍රතිපලය වුයේ එම අපරාධ කල්ලි සියල්ල එකට එකතු වී Bonannoට විරුද්ධ වීමයි. වරක් ඔහුව පැහැර ගෙන ගොස් දින 19ක් රදවා ගෙන සිටියේය. නමුත් අපරාධ ජීවිතයෙන් සමු ගැනීමට ඔහු ගත් තීරණයත් සමග සියලු තර්ජණ පහවූ නමුදු Bonanno පාතාල ඉතිහාසයේ තවත් චරිතයකි. 2002 දී ඔහු මිය ගොස් ඇත.



     
    Last edited:
    • Like
    Reactions: ac2000

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Dutch Schultz

    220px-Schultz_dutch_mug.jpg


    Dutch_Schultz.jpg


    1902 , Bronxහී උපත ලද Arthur Flegenheimer පසුව Dutch Schultz ලෙස හැදින්වූ අතර ඔහුද පාතාල ලොව සුවීශේෂි චරිතයකි. කුඩ කල සිටම අපරාධ තුලින් තැනකට ඒමට සිහින මැවූ Schultz තමා හමුවට එන ඔනෑම බාධකයක් විනාශ කිරීමට හැකි දරුණු සිතක් තිබු තැනැත්තෙකි. Syndicate නැමති අපරාධ සංවිධානය හැදීමට පුරෝගාමි වුවද ඔහු සමග සමීපව සිටි ප්‍රබල ඉතාලි පාතාල නායකයින් වූ Luciano හා Capone පසු කලෙක ඔහු සමග අමනාප කම් ඇති කර ගත්තේය. ඒ බලය සම්බන්ධයෙනි.1933 දී ඇමරිකානු පොලිසීය Schultz පසු පස හඹා ඒමට පටන් ගත්තේ මරා දමා හෝ Schultz යටපත් කර ගන්නා අරමුනෙණි. එම නිසා New Jersey වලට පලා ගොස් එහි සැගවී සිටියේය.එම අවස්තාවෙන් ප්‍රයොජනය ගත් Luciano , Albert Anastasia යවා ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලදී.

    LuckyLucianoSmaller.jpeg


    Luciano

    AL-CAPONE.jpg

    Capone

    Albert%20Anastasia%20looking.jpg


    Albert Anastasia
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    John Gotti

    gotti.jpg



    john.gotti6.jpg


    Fulton-Rockaway Boys කල්ලියකින් තම පාතාල ජීවිතය ඇරඹු Gotti ඉතා ඉක්මනින් එහි නායකයා බවට පත් වුයේ අපරාධ කිරීමට ඔහු සතුව තිබූ දක්ෂතාව නිසයි. ඉතා ඉක්මනින් Gambino family නම් වූ එකල භයානක ඉතාලි පාතාල කල්ලියක කොටසක් වූ Bergin crew පාලනය කිරීමට Gottiට හැකි අතර ඔහු කල්ලියේ නිතී වලට පටහැනිව මත්ද්‍රව්‍ය වෙලදාමේ නිරත විය, මෙයින් උරණ වූ කල්ලි නායක Paul Castellano ඔහුව පාතාල කල්ලියෙන් නෙරපා දැමීය. එහි ප්‍රතිපලය වුයේ Castellano , Gotti අතින් ඝාතනය වීමයි . එම සිදුවිමෙන් Gambino familyහී පාලනය Gotti අතට පත් විය. ඔහු නිව්යෝක් හී දරුණුතම අපරාධ කාරයෙක් ලෙස පොලිසීය ඔහුව අත් අඩංගුවට ගැනීමට සැදූ සෑම අවස්තාවකම සාක්ෂී මද කම නිසා Gotti ඒ සෑම විටම නිදහස් විය. ඉතා අලංකාරවත් ඇදුමින් උසාවියෙන් පිටතට එන Gotti සුලුබ දර්ශනයක් බවට පත් විය. මේ නිසාම ඔහුව "The Dapper Don","The Teflon Don." වැනි නම් වලින් හැදින්විය. කෙසේ හෝ 1992 දී ඔහුව මිනීමැරුමකට වරදකරු වූ අතර පිලිකාවක් හේතුවෙන් 2002 ඔහු හිරේදීම මිය ගියේය.



     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    Meyer Lansky


    MeyerLanskySmaller.jpeg


    408px-Meyer_Lansky_NYWTS_1_retouched.jpg


    Meyer Lansky 1902දී රුසියාවේ උපත ලද්දෙකි. Lanskyවයස අවුරුදු 9දී ඇමරිකාවට සංක්‍රමණය වූ අතර නැමති පසු කලක පාතාල රජෙකු වූ ඉතාලි ජාතිකයා Charles Luciano ඔහුගේ පාසල් සගයෙකු විය. මුදල් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වූ අතර තම සගයාගේ ශක්තිමත් බාවය ගැන සතුටු වූ Luciano ඔහුව තම ලගම මිතුරා බවට පත් කර ගත්තේ පාතාල ලොව තුල මිතුරන් නොමැති යන නීතිය අමතක කරමිනි. කෙසේ හෝ පසු කලෙක නැමති තවත් ප්‍රධාන පෙලේ මැරවරයෙක් වු Bugsy Siegel හදුනා ගත් අතර මොවුන් දෙදෙනා දැඩි මිතුරන් වී Murder Inc නැමැති පාතාල කල්ලිය ඇති කලේය.කෙසේ හෝ අවසානයේ මුදල් ප්‍රශ්නයක් මත Bugsy Siegel , Lansky අතින් ඝාතනය විය.1983 මිය යන තුරාවටම කිසිදිනෙක හිරකුටියක දිනක්වත් ගත කර නොමැති බව සදහන් වේ.

    LuckyLucianoSmaller.jpeg

    Charles Luciano

    BugsySiegel.jpg

    Bugsy Siegel



     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Frank Costello

    frank-costello-324.jpg


    costello.jpg

    Frank Costello යනු ඉතාලියේ සිසිලියේ උපත ලද්දෙකි. වයස අවුරුදු 4 දී ඇමරිකාවට පැමිණි Costello අවුරුදු 13 දී පාතාල කල්ලියක් හා සම්බන්ධ වී අපරාද කොට ඇත. කෙසේ හෝ මිනීමැරුම් හේතුවෙන් හිරේ යාමට සිදු වූ Costelloහට පසු කලෙක් Charlie Luciano මූණ ගැසී ඇත. පාතාල ලොව තුල ඔහු බලවත් පුද්ගලයෙක් වුයේ ඔහු හට දේශපාලන සම්බන්ධතාවන් රැසක් තිබූ හෙයිනි. Luciano හට හිරේ යාමට සිදු වීමෙන් ඔහුගේ තැන හට හිමි විය. Genovese Family පාතාල කල්ලිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් Vincent Gigante නැමති පාතාල කල්ලි සාමාජිකයා සෑම විටම Costello ඝාතනය කිරීමට තැත් කලේය. තම අපරාධ ජීවිතය ගැන කලකිරී පසුව එයට සමුදෙන්න ම තීරණය කලේය. 1973 ඔහු මිය ගොස් ඇත.

    LuckyLucianoSmaller.jpeg


    Charles Luciano

    The_Chin.jpg

    Vincent Gigante
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Carlo Gambino
    carlogambino1.jpg


    2010-09-01-12-04-47-1-6d5cff09dd90ad72f36e368c59613f70.jpeg





    Carlo Gambino ඉතාලියේ මාෆියා පවුලකින් පැවත එන තැනැත්තෙකි. තරුණ වියේ දීම අපරාධ රැසකට මුල් වූ Gambino මුසොලෝනී පාලනයට බියෙන් ඇමරිකාවට පලා ගොස් තම ඥාති සොයුරෙකු හා තවත් පාතාල ලොව කෙරුමෙකු වූ Paul Castellano හමු විය. Lucky Lucianගේ කල්ලියට එකතු වන තෙක්ම ඔහු සෑම කල්ලියකම කොන්ත්‍රාත් පිට අපරාධ කරන අයෙකු ලෙස ප්‍රසිදධ වී සිටියේය. ඒ වන විට අපරාධ ලොව තුල තවත් සුවිශේෂී චරිතයක් වූ Albert Anastasia සමග හට අමනාපයක් හට ගැනුනි. ඒ ඔහු ඝාතනය කලොත් තමන්ට අපරාධ ලොව තුල ඉහල තැනක් ලැබේ යැයි Carlo Gambino විශ්වාස කල නිසාය.එය එලසටම සිදූ වී Anastasia , Carlo Gambino අතින් ඝාතනය විය. 1976 දී ඔහු ස්භාවිකවම මිය ගියේය.

    LuckyLucianoSmaller.jpeg

    Lucky Luciano

    220px-Castellanomug.jpg

    Paul Castellano

    albert-anastasia.jpg

    Albert Anastasia
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Charlie "Lucky" Luciano
    Lucky_luciano_1949.jpg

    lucky_luciano.jpg



    නිව්යෝක් හී පමනක් නොව ඇමරිකාව තුලම බලය පතුරවා ගෙන සිටි පාතාල ලොව රජෙකු ලෙස Charlie "Lucky" Luciano හැදින්විය හැකිය. ඉතාලියේ සිසිලියේ උපත ලද Lucky ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ ඉතා කුඩා වයසෙනි. 1936 දී වසර 50 ක සිර දඩුවමක් නියම වූ වත් පසු කලෙක ඔහුව ඉතාලියටම පිටුවහල් කිරීමට ක්‍රියාත්මක විය. 1962 හෘදයාබාධයක් හේතුවෙන් Lucky මිය ගොස් ඇත.

     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Al Capone

    AL-CAPONE.jpg


    al_capone_double.jpg

    al%20capone.jpg

    පාතාල ලොව තුල මෙතෙක් බිහි වූ ප්‍රබලම පාතාල නායකයා ලෙස හැදින්විය හැක්කේ Al Capone ම පමණි.ඉතාලි ජාතිකයෙකු වුවත් ඔහු උපත ලැබුවේ 1899 ඇමරිකාවේය. කුඩා කල සිටම විවිධ අපරාධ කල්ලි සමග Al Capone පාතාල ලොව මුලකුරු කියවීය. තමා ක්‍රියා හේතුවෙන් ම ලබ ගත් කැලලි හේතුවෙන් ඔහු " Scareface " යන නාමයෙන්ද හැදින්වීය.
    දැඩි බිහිසුණුම අපරාධකරුවෙකු වූ ඔහු තමාට උපතින්ම හිමි වූ සූක්ෂම දැනුමෙන් පාතාල ලොව තුල හිණිපෙත්තටම පියමන් කල අයෙකි.
     
    • Like
    Reactions: dmsupun

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
    http://www.elakiri.com/forum/showthr...97#post9156897

    පාතාලයෙන් ඇහෙන කතා
    http://www.elakiri.com/forum/showthr...62#post9215362

    බිහිසුණුම පාතාල කල්ලි
    http://www.elakiri.com/forum/showthread.php?t=1116943

    පොතකින් යමක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1119041

    යකුසා පාතාලය
    http://www.elakiri.com/forum/showthread.php?p=10021402#post10021402

    -----------------------
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    me okkoma parana kakul ne... :dull::dull::dull:

    You must spread some Reputation around before giving it to eghty again.

    kamak na... wechcha mahansiyata onna thalluwak....;););)

    BTW, page 1 eke tama inne Bill Gates...:P:P:P
     
    Last edited: