Have trouble falling asleep at night? රෑට නිදගැනීමේ අපහසුකම් තියෙනවාද? *INSOMNIA*
Do you have a hard time in sleep? නිදා ගැනීම අපහසුද?
Then this article is for you. එහෙනම් මේ ලිපිය ඔබටයි.
මොකද්ද මේ Insomnia?
Insomnia එහෙම නැත්නම් සිංහල වචනය අන්ද්රතාවය යන වචනයෙන් හැඳිනෙවෙන්නේ යම් පුද්ගලයෙකුට ඇති නිදා ගැනීමේ අපහසුවයි. මෙම Insomnia යන වචනයේ සෘජුව හැඳින්වෙන්නේ නින්දට එලඹීමේ (Sleep Initiating) අපහසුව විතරක් නෙමෙයි. එනම් නිදා ගැනීමෙන් පසු නින්ද එක දිගට පවත්වා ගෑනීමේ (maintaining sleep) දුර්වල කම්, නින්දේ ගුනාත්වයේ (Sleep quality) ඇති දුර්වල කම් සහ නිදා ගන්නා සම්පූර්න කාල පරාසයේ (sleep duration) ඇති අඩුපාඩු කම්ද මෙම Insomnia යන රෝග තත්වය යටතේ නිර්වචනය වෙයි.
යම් පුද්ගලයෙකුට අවශ්‍ය නින්ද ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නමුත් නවීන වෛදය ව්ද්‍යාවේ මතය නම් පුද්ගලයෙක් අඩුම පැය 7ක් හෝ 8ක නින්දක් ලබා ගත යුතු බවයි.
Insomnia ඇතිවීමට හේතු. (causes)
*මානසික ආතතිය (Stress) - කාර්යාල්යේ, පාසලේ, තම්න්ගේ පවුලෙ හෝ වෙනත් එවැනි තැනක ඇති ප්‍රශ්න නිසා මනස අවිවේකයෙන් සිටින්න පුලුවන්. පවුලේ සමාජිකයෙක්, හෝ තමාට ලන් වුන පුද්ගල්යෙකූ ගේ අහිම වීමක් වුනත් මාන්සික ආතතිය ඇති වීමේ හේතු. එවැනි අවස්තාවකත් නින්ද ට යෑමේ අපහසුකම් ඇතිවෙනවා.
*මානසික සාංකාව (anxiety)- යම් විභාගයකට , සම්මුක පරික්ශනයක් වැනි දෙයක් හෝ ඕනෑම දෙයක් පිලිබඳ ඇති අනවශ්‍ය බිය නින්දට බාධා විය හැකියි.
*විශාදය (depression)- දීර්ඝ කාලීන ඇති වෙන කලකීරීම් තත්වයද නින්ද ලබාගැනීමේ අපහසුතා ඇති කරයි.
*ඖෂධ (medications)- විවිධ ඖෂද ජාතී මගින් ද නින්ද අඩාල වීමේ හැකියාවක් තියෙනවා.
උදා- අධි රුධිර පීඩන ඖෂධ, අසාත්මිකතා (Allergy) ඖෂධ.
විවිධ ආහාර වර්ග. කෝපි, කෝලා පානයන් සහ අනෙක් ඔනෑම කැෆේන් (caffeine) නම් රසායනය අඩංගු අහාර වර්ග ද නින්ද අඩාල කිරීමේ හැකියාව තියෙනවා.
*මත්පැන් සහ දුම්වැටි. දුම්වැටි වල අඩංගු නිකටීන් නම් රසායනය මනස උත්තේජනය කරන කාන්ඩයේ රසායනයක්, එබැවින් මෙයින්ද නින්ද අඩාල වීමේ හැකියාව තියෙනවා. මත්පැන් වල ගැටුලව නම්, මත්පැන් ඇත්තටම ශමනකයක් (sedative) නමුත් නින්දේ ගැඹුරු අවස්තාවට මත්පැන් බාදකයක්.
Insomnia ඇති වීමට බලපාන විවිද ලෙඩ රෝග (diseases that cause insomnia)
*වාතරක්තය (Arthritis)
*පිලිකා
*හදවත ආශ්රිත ලෙඩ
*ස්වසන පද්ධතිය (respiratory system) ආශ්රිත ලෙඩ
*ආහාර ජීර්න පද්ධතිය ආශ්රිත ලෙඩ.
*තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති ලෙඩ
*අඝාතය (Stroke)
*පාකින්සන් රෝගය (Parkinson disease)
*ඇල්සයිමර්ස් රෝගය (Alzheimer's disease)
*හන්ටින්ටන්ස් රෝගය (Huntington’s disease)
Insomnia මගින් ඇති වන සංකූලතා. (complications due to insomnia)
*පාසලේ සහ රැකියාවේ ඇති අකාර්යක්ශමතා.
*ප්‍රතික්‍රියා කාලයේ (reaction time) දුර්වල කම් නිසා රථවාහන අනතුරු සහ යන්ත්‍ර භාවිතයෙන් අනතුරු.
*විවිද මානසික ලෙඩ රෝග.
උදා - විෂාධය, සාංකාව, bipolar disorder, hallucinations, psychosis, schizophrenia
*ස්නායු පද්ධතිය ආෂ්රිත ලෙඩ රෝග.(Neurological Disorders)
උදා- පාකින්සන් රෝගය, Narcolepsy, චිත්ත වික්පේෂය (dementia), fibromyalgia,
*තරබාරු කම
*ප්‍රතිශක්තී කරන පද්ධතියේ දුර්වල කම් නිසා ඇති විය හැකි රෝග. (Immunodeficiency)
*ස්වාභාවිකව ඇතිවන ප්‍රතිශක්තී කරන ලෙඩ රෝග. (Autoimmune diseases)
**මෙයට අමතරව දීර්ඝ කාලීන insomnia නිසා විවිද මරාන්තික ලෙඩ රෝගද හැදිය හැකියි. ඒත් ඒ හැම රෝගයක්ම ඇතුලත් කරන්නේ නැත්තේ ඒ ලෙඩ රෝග Insomnia සමග සෘජු සම්බන්දතා නැති නිසයි.
උදා- වොන් හිපල් ලින්ඩාවු රෝගයේ (Von Hippel–Lindau disease) සිට ලූපස් (Systemic lupus erythematousus), වැස්කියලයිටිස් (Vasculitis) යන ස්වාභාවිකව ඇතිවෙන ප්‍රතිශක්ති කරන ලෙඩ (Autoimmune diseases). ක්ශය රෝගය වැනි බැක්ටීරියා මගින් ඇති වෙන රෝග සහ ප්‍රතිශක්තී කරන පද්ධතියේ දුර්වලකම් මත වැලඳිය හැකි ඕනෑම රෝගයක් වැලඳිය හැක.(opportunistic infections)
රෝග විනිශ්චය (diagnosis)
වෛද්‍යවරයා Insomnia වැලඳි ඇතැයි සැක සහිත පුද්ගලයාගෙන් අසන විවධ ප්‍රශ්න මගින් සහ ශරීර පරික්ශාවකින් රෝගය විනිශ්චය කිරීමට උත්සහ කරයි. යම් කාලයක සිට insomnia ඇතනම්, මධයම ස්නායු පදධතිය සම්බන්ධ EEG, මොලයේ අනුරූප පරීක්ශා වන(imaging brain scan) MRI, PET, CT පරික්ශන මගින්ද, දිඝු කාලින Insomnia නම් Polysomnography යන නින්ද පිලිබඳ කරන විශේශ පරික්ශ්නය ද (මේ පරීක්ශ්නය තාම ලංකාවේ තියෙනවාද කියලා ස්ථීරව නොදනිමි.) මීට අමතරව Lumbar puncture (පිට කොන්දෙන් ශුශ්මනා දියර ස්වල්පයක් ලබාගෙන කරන පරීක්ශ්නය) සහ වඩාත්ම දරුනු අවස්තාවන් හී Brain Biopsy (හිස් කබල විවුර්ත කර මොලයේ සෛල කොටසක් ගෙන කරන පරීක්ශාව) දක්වා මට්ටම ට දක්වාද යා හැකිය.
ප්‍රතිකාර (treatments)
විවිධ ජීවන රටාවෙ වෙනස් කම් තමයි වෛද්‍යවරයෙක් මුලින්ම අනුමත කරන්නේ.
*කාල සටහනකට අනුව වැඩ නියමිත වේලාවට නිදා ගැනීම.
*බලෙන් නිදි මත නැති අවස්ථාවක නිදා ගැනීමට තැත් නොකිරීම
*නිදන කාමරය නිදා ගැනීමට පමනක් භාවිතා කිරීම.
*නිදා ගැනිමට පෙර ශරීරය සහ මනස ලිහිල් කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම
*දවල් කාලයේ නිද ගැනීම අවම කිරීම. දහවල් කාලයෙ නිදා ගන්නවනම් විනාඩි 30 පමනක් නිදා ගැනීම.
*නිදන කාමරය නින්ද ට සරින ලෙස පවත්වා ගෙන යාම. පිරිසිදු කර සහ නියමිත ඇඳ ඇතිරිල යනාදිය භාවිතයෙන්.
*කැෆේන් අඩංගු පාන, මත්පැන් සහ දුම්වැටි භාවිතය අවම කිරීම
*නින්දට පෙර විශාල අහාර වේල් නොගැනීම.
ඖෂධ (medications)
Insmonia රෝගයට බොහෝ විට වෛදයවරයෙක් ඖෂද නියම කරන්නේ නෑ. පරීක්ශන මගින් පසුව ඖෂධ නිකුත් කිරීම තමයි සමාන්‍ය සිරිත.
*Benzodiazepine ඝනයට අයත් වන ඖෂධ තමයි වඩාත්ම වැඩියෙන් Insomnia වලට නියම කෙරෙන්නේ.
උදා- Lorazepam, Flurazepam, Diazepam, Clonazepam, Flunitrazepam(Date rape drug), Nimetazepam
*Hypnotic ඝනයට අයත ඖශධ ලබා දෙන්නේ SECOND LINE TREATMENT වශයෙන් පමනයි.
උදා- zolpidem, zaleplon, zopiclone, eszopiclone
*මීට අමතරව Melatonin නම් හෝමෝන් ඝනයට අයත්වන ඖෂදයක් ද බටහිට රටවල් ව අලෙවි වෙනවා (ලංකාවේ නෑ.)
References
some past articles from The new England Journal of Medicine
Mayo Clinic Website
Acknowledgements
Madura online dictionary you are amazing bro. This is a very comprehensive dictionary. If it wasn't for this I wouldn't have written this.
cryztalz for proof reading the article
ප්‍රශ්න තියෙනවානම් මෙතන අහන්න එහෙම නැත්නම් pm එකක් දාන්න. පුලුවන් විදියට උදව් කරන්නම්.
If you have questions post here or pm me. I'll help as i can.
Sleep tight!

Last edited: