පුංචි කථාවක්....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියත් ලඟ ලඟම එන නිසා මට හිතුනා පුංචි කථාවක් ලියන්න. හැබැයි මේක නිකම් බොරු කථාවක් නෙමෙයි දැනට අවුරුදු 2600කට විතර කලකට ඉස්සරදී සිද්ධ වෙච්ච ඇත්ත කථාවක්. මටත් මගේ ගුරුවරයා නිසයි දැන ගන්න ලැබුනේ. ඒ ගැන හිතලා බැලුවම පුදුම සතුටක් දැනෙන නිසා ඔයාලත් එක්ක ඒ සතුට බෙදා ගත්තොත් හොඳයි කියල හිතුන නිසා මෙතැන ඉඳන් ඔයාලටත් ඒ කථාව කියවන්න ලැබෙයි. වෙලාව තියෙනවානම් ටිකක් කියවලා බලන්නකො. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙන් ටික වේලාවකට පස්සෙ සිදු වෙච්ච සිදුවීමකින් තමයි මේ කථා වස්තුව ගොනු වෙන්නේ. මේ සිදුවීම දම්සක් පැවතුම් සූත්‍රයත් අනත්තලක්ඛණ සූත්‍රයත් අතරතුර කාලයේදී සිදු වුන සිදුවීමක් මේ. [/FONT][FONT=&quot]මේ කථාවට වස්තු විෂය වෙන්නේ ආරක්ෂක යක්ෂයො දෙන්නෙක්. ඒ දෙදෙනා අතර වුන සාකච්ඡාවක් තමයි මේ කථාව. [/FONT]

[FONT=&quot]ඉතින් බුදුහාමුදුරුවො බුදු වෙලා සත් සතිය ගත කරලා එහෙම ඉවර වෙලා බ්‍රහ්මයාගෙන් ධර්ම දේශනා කරන්න ආරාධනා ලැබිලා කල්පනා කරලා බැලුව කාටද මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙදි මුලින්ම ආලාර කාලාම, උද්දකරාමපුත්ත ගැන හිතලා ඔවුන් දැන් මැරිලා බව දැනගත්තට පස්සේ උන්වහන්සේ ධර්මය දේශනා කරන්න තෝරා ගත්තෙ තමන්ට බුදුවෙන්න උත්සහ කරන කාලයෙදි උපකාරවුන පස්වග මහණුන්ව ඒ සඳහා තෝරා ගත්ත. [/FONT]

[FONT=&quot]ඉන්පස්සෙ බරණැස ඉසිපතනාරාමයේ මිගදායේදී තමන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න දැනට තෝර ගත්ත. ඒ දැනට අවුරුදු 2600කට විතර ඉස්සර. මේ ප්‍රථම ධර්ම දේශනාව සෑම බුදු රජාණන් වහන්සේ කෙනෙක් විසින් ම සිදු කරන්නක්. ඉතින් මේ ධර්ම දේශනාව අහන්න දෙවියො, බ්‍රහ්මයො ආදීන් ඉසිපතනයට රැස් වෙලා හිටියා. මේ ප්‍රථම ධර්ම දේශනාව අහලා පස්වග මහණුන්ගෙන් වැඩිමලා වන කොන්ඩඤ්ඤ තාපසයා සෝතාපත්ති ඵලයට පත්වුනා, තමන්ගේ පාරමිතා මස්තප්‍රාප්ත කර ගනිමින්. ඒ වගේම මිලියන 180 ක විතර බ්‍රහ්මයොත් නිමක් නැති දෙවියො ගණනක් ධර්මවාබෝධය ලබා ගත් බව සඳහන් වෙනවා. [/FONT]

[FONT=&quot]මේ රැස් වෙලා උන්න දේව කණ්ඩායම් අතරෙන් කෙනෙක් තමයි සාතාගිර යක්ෂයා. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසමින් සතුටට පත් වෙලා ඉඳියෙ සාතාගිර යක්ෂයා. නමුත් වටපිට බලද්දි එයාට ප්‍රශ්නයක් වුනා තමන්ගේ යාළුවා වන හේමවත එතන නැති එක. ඇත්තටම එයා ප්‍රාර්ථනා කලා තමන්ගේ යාළුවාත් අන්තිම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ කල්ප ගාණකින් අහන්න ලැබෙන මේ ප්‍රථම ධර්ම දේශනාව අහන්න සම්බන්ධ වුනානම් කියලා. ඒ නිසා ඔහු පුදුම වුනා ඇයි තමන්ගේ යාළුවා නැත්තේ කියලා ‍ප්‍රථම ධර්ම දේශනාව අහන්න. මේ නිසාම සතාගිරට ධර්මය අවබෝධ කර ගන්න නොහැකි වුනා. [/FONT]

[FONT=&quot]මෙතනදි සිතිය යුතු දෙයක් තියෙනවා අපිට. ධර්මයට ඇහුම්කම් දෙමින් ඒ ධර්මය අවබෝධ කරගන්නනම් කෙනෙක්ට සාවධාන මනසක් තියෙන්න ඕනා. මේ සාවධාන අවධානයට පමණයි සමාධිය සහ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවක් අහමින් ඉද්දි මනස ඉබාගාතේ යනවා නම් ඔය දේශපාලන, පවුල් සබඳතා වගේ දේවල් වලට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නෑ. ඒ නිසාවෙන්ම ප්‍රඥාව ඇති වෙන්නෙත් නෑ. ඉතින් කෙනෙක්ට ප්‍රඥාව නැත්නම් කොහොමද ධරමය අවබෝධ කරගන්නේ? මේ තමයි අපි සිතිය යුතු දේ. මේ නිසා සාවධානයෙන් ධර්ම දේශනාවකට ඇහුම්කන් දීම අත්‍යවශ්‍යයි. මේ ගැන කස්සප සංයුක්තයේ දක්වලා තියෙනවා, ටිකක් බලන්න. [/FONT]

[FONT=&quot]සරලව කියනවානම් දේශනාවකට ඇහුම්කන් දෙන්න ඕනා තමන්ට ප්‍රයෝජනයක් ගැනීමේ අරමුණ ඇතිව. අපි කවදාවත් අපිට පාඩුවක් වෙන ගණුදෙනු වල යෙදෙන්නේ නෑ. බො‍‍හෝම පරිස්සමෙන්‍නේ අපි ඒ දේවල යෙදෙන්නේ. ඒ වගේම තමයි, ධර්ම දේශනාවකට සවන් දෙද්දි කියවෙන හැම වචනෙකින්ම කියවෙන අර්ථය තේරුම් ගන්න අපි උත්සහ කරන්න ඕනා. ධර්ම ග්‍රන්ථ වලට අනුව බැලුවම අසන්නා තමන්ගේ මනස හොඳින් දේශනාවට යොදවා අසලා ඒ ධර්මට ප්‍රායෝගිකව යොදාගන්න ඕනා.

[/FONT]
[FONT=&quot]මේ තමයි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන හොඳම ක්‍රමය. කෙනෙක් මේ විදියට ධර්ම දේශනාවකට ඇහුම් කන් දෙනවා නම් ඒ කෙනාගේ මනස සන්සුන් වෙලා දේශනාවට ඇලෙනවා, ඒ තුලින්ම මනස පිරිසිදු වෙනවා. හුඟක් සත්‍වයො ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දීමෙන් විශේෂයෙන්ම චතුරාර්‍ය සත්‍යය ගැන වෙන දේශනාවන්ට ඇහුම්කන් දෙද්දි සත්‍යාවබෝධ කරගෙන තියෙනවා. හොඳම උදාහරණය තමයි දම්සක් පැවතුම් සූත්‍රය අහමින් ධර්මාවබො‍්ධයට පත්වුන කොණ්ඩඤ්ඤ වගේම අනෙක් දෙවියො, බ්‍රහ්මයො. ඒ වෙලාවෙදිම එතන ඉඳි සාතාගිරිට ඒ අවස්ථාව මග හැරුනා තමන්ගේ යාළුවා වන හේමගිරි ගැන හිතපු නිසා. ඉතින් වෙන දෙයක් ගැන හිතද්දි අනිවාර්යෙන්ම කියන දේවල් මග හැරෙන බව අපි හැමෝම දන්නවානේ. සාතාගිරිටත් වෙන්න ඇත්තේ ඒකම තමයි. නමුත් ඒ වෙලාවෙදි එයත් අනිත් අය වගේ ධර්මයට ඇහුම්කන් දුන්නනම් ධර්මාවබෝධය කරගන්නට හැකියාව තියෙන්න හැකි වෙන්නත් තිබුනා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]හේමවත මේ වෙලාවෙදි ලෞකික සැප සම්පත් වල සුව විඳිමින් හිටියෙ. සාතාගිරිත් හිතුවා හේමවත මේ විදියට කම් සැප විඳිමින් ඇති කියලා. ඇත්තටම කම්සැපයන්ගේ සත පහක වටිනා කමක් නැති වුනත් ඒවායින් මිනිස්සු සතුට හොයනවා. ඇත්තටම ප්‍රථම ධර්ම දේශනාව මේ වගේ අයට මග හැරුනා. අදත් එහෙමමයි. කම්සැපේ ඇලිලා ඉන්න අයට ධර්මය හුඟක් දුරයි. මෙයාලා හිතන්නේ ධර්මය පුහුණු කරන්න තව කල් තියෙනවා දැන් කරන්න ඕනේ සතුටින් ජීවත් වෙන එක යහමින් හම්බු කරන් කියලා. පුළුවන් කාලේ සැප විඳින්නයි බැරි කාලේ සිල් ගන්නයි තමයි බහුතරයේ කැමැත්ත. හිතන් ඉන්නේ කැලණියට ගිහින් වැන්දම කල පව් සේරම නැති වෙනවා කියලානේ. මේ තමයි ලෞකික සැප සම්පත්වල ඇති ඇදතබා ගන්නා ස්වභාවය. නමුත් මතක තියා ගන්න ඕනා ධර්මය පුහුණු කිරීම හුඟක් වැදගත් වගේම අතවශ්‍යයි. ඉතින් ධර්ම දේශනයක් හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ නෑ. නමුත් ලෞකික සැප සම්පත් ඕනා වෙලාවක හොයා ගන්න පුළුවන්. මේ නිසා ජීවත් වෙන්න ප්‍රමාණවත් ජීවිකාවක් ලබා ගත්තම කෙනෙක් ධර්මය වෙනුවෙන් අවධානය‍ යොමු කිරීම ඇත්තටම වටිනවා. [/FONT]

[FONT=&quot]ධර්මය පුහුණු කරන කෙනෙක්ට පුළුවන් අපාය දුකින් සහ නරා දුකින් මිදෙන්න. යමෙක්ට ඵල සම්පත් ලබා ගන්න නොහැකි වුනත් ධර්මයෙ යෙදෙන කෙනාට පුළුවන් කුසල් වර්ධනය කර ගන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඊළඟ ආත්ම වලදි පිනක් දහමක් කර ගන්න පුළුවන් විදියෙ උප්පත්තියක්වත් ලබා ගන්න ඒ කෙනාට පුළුවන් වෙනවා. නමුත් තමන්ට ලැබෙන අවස්ථාව අපතෙ යවා ගෙන කාලය නාස්ති කරගන්න කෙනාගේ මතු ජීවිතය දුක්බර එකක් බව ආපහු කියන්න දෙයක් නෑ. ඒ නිසා වටිනාකමක් නැති ලෞකික සැප සම්පත් වටිනවයි කියලා ඒකෙ ඇලිලා ඉන්න කෙනෙක් එතනින්ම රැවටීමට පත් වෙනවා. එක් අතකට ඒක මායාවක්. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාවෙන් පස්සෙ සාතාගිරි තමන්ගේ යාළුවාව හොයාගෙන ගියා ධර්මය අහන්න අඬගහගෙන එන්න. සාතාගිරි කියන්නෙ ආරක්ෂක යක්ෂ සේනාපතියෙක්. මෙයාගේ සේනාවකුත් මෙයත් එක්ක හිටියා. මේ වෙද්දි හේමවතත් හිමාලයේ තිබුන සිරි නරඹමින් සතුටට පත්වෙලා ඒ සතුට විඳින්න තමන්ගේ යාළුවා වන සාතාගිරිව අඬගහන් යන්න තමන‍්ගේ සේනාවත් සමග එමින් සිටියේ. මේ දෙගොල්ලො රාජගිරි කියන නගරයෙදි එකිනෙකා මුන ගැසුනා. [/FONT]

[FONT=&quot]යාළුවො මුණ ගැසුනම හේමවත කියනවා "සාතාගිරි, හිමාලය මල් වලින් පිරිලා වෙන කවදාවත් නොතිබුන විදියට. ඉතින් මන් මේ ආවේ ඒ සිරි විඳින්න ඔබට ආරාධනා කරන්න" කියලා. [/FONT]

[FONT=&quot]සාතාගිරි හේමවතගෙන් ඇහුවා මේ විදියට හිමාලයේ මල්, ගස් ඵල දරන්න හේතුව දන්නවාද කියාල. හේමවත කිව්වා නෑ කියලා. ඉතින් සාතාගිරි කියනවා "හිමාලය විතරක් නෙමේ, හැම තැනම මල් පිරිලා ඵල දරලා සිරියෙන් බබළනවා. ‍හේතුව තමයි මීට මාස දෙකකට කලින් සම්මාසම්බුද්ධ බුද්ධත්වයට පත්වීම. අද ඔහු තමන්ගේ පළවන ධර්ම දේශනාව, ධම්මචක්ක සූත්‍රය දේශනා කරනවා. ඒ බුදුහාමුදුරුවන්ට ගරු කරන්න පොළොවෙ තියෙන හැම ගසක්ම ඵල දරලා තියෙනවා. ඒ දේශනාව අහද්දි මට ඔබව මතක් වුනා ඒ නිසා මන් මේ ඔබව එක් කරන් යන්න ආවා" කියලා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]මේ දෙන්නා මෙහෙම කථා කර කර ඉද්දි තවත් සිද්ධියක් සිදු වුනා. මේ ලඟ පහල සිටි පෝසත් මිනිසෙක්ගේ කාලි කියන දුව ජනේලයෙන් අවට පරිසරයේ සිරි නරඹමින් සිටියා. එයාට මේ සාකච්ඡාව ඇහුනා. ඒ වගේම තේරුම් ගියා මේ නම් මිනිස්සු නෙමේ කියලත්. ඇය මේ සාකච්ඡාවට සාවධානව ඇහුම්කන් දුන්නා. ඇයගේ කුසේ මේ වෙද්දි දරුවෙක් සිටියා. ඒ දරුවා තමයි පසු කාලෙක සෝනකූටිකන්න හාමුදුරුවො කියලා හැඳින්වූවේ. මහරහතන් වහන්සේ නමක්. [/FONT]

[FONT=&quot]ඉතින් දැන් අපේ කථාව දිගිට ගලා ගෙන යනවා. සාතාගිරි කියනවා යහළු හේමවත, අද මාසේ පහළොස් වෙනිදා අද බුදුහාමුදුරුවො තමුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වනවා ඉතින් හිමාලයේ විතරක් නෙමේ සාත කන්දෙත් ගස් වැල් පල දරලා. මුළු ලෝකෙම මල් පිපිලා. දෙවියො බ්‍රහ්මයො බොහොමයක් ධර්ම දේශනාව අහන්න රැස් වෙලා. ආදි වශයෙන්. [/FONT]

[FONT=&quot]ඇත්තටම බලන්නකො රුවන්වැලි සෑයට ගිහිල්ලා. මමත් මේ වගේ අවස්ථාවක් දැක්කා. එක වරක් නෙමේ අවස්ථා කීපයකදිම පොහොය දවසට පුදුම ලස්සනක් තියෙන්නේ. කොහොමත් මගේ ජීවිතය මහථූපයත් එක්ක බැඳිලයි තියෙන්නේ. ඒ නිසා වැඩියෙනුත් ලස්සනට පේනවා ඇති. මහථූපයේ තියෙන්නේ බුදුන්ගේ ධාතු. ජීවත්වෙන බුදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය වෙලාවෙදි කොහොමට වෙන්න ඇතිද කියලා ඉතින් හිතා ගන්න පුළුවන්නේ. ඉතින් සාතාගිර කියනවා [/FONT]

[FONT=&quot]අද පොහෝ දිනයයි. දිව්‍ය වූ රාත්‍රිය එළඹ සිටියා වෙයි. එහෙයින් නොලමු නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ දකින්න යමු කියලා. [/FONT]

[FONT=&quot]තව දුරටත් සාතාගිර කියනවා ශාක්‍ය වංශික ගෞතම සිද්ධාර්ථ උරුවෙල කැලෑවේ සය වර්ෂයක් පුහුණු වෙලා දැන් බුද්ධත්වයට පත්වෙලා අරහං කියන ගුණයෙන් පටන් ගන්න නවයක් වූ ගුණයෙන් යුක්ත වෙනවා කියලා. [/FONT]

[FONT=&quot]අපි චුට්ටක් මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැනත් විමසලා බලමු. හැබැයි මන් දන්නවා මට වඩා ඒ ගැන ඔයාලා දන්නවා කියලා. [/FONT]

[FONT=&quot]අරහං කියන්නේ ලැබීමට සුදුස්සා කියන එකයි. ඉතින් මොනවද බුදු හාමුදුරුවො ලැබීමට සුදුසු? ඔහු පිදීමට සහ වන්දනාවට ලක් වීමට සුදුස්සෙක්. මිනිස්සු නොයෙක් දේවලට වන්දනා කරනවා. ගස් වලට, ගල් වලට, ඉරට හඳට තරු වලට ආදී විදියට. සමහරු බ්‍රහ්මයට වඳිද්දි සමහරු දෙවියන් වහන්සේට වඳිනවා. තවත් අය මිනිස්සුන්ටත් වන්දනා කරනවා. ලංකාවෙ ඉන්න අයට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඇයි මිනිස්සු වඳින්නේ? වෙන දෙයක් නිසා නෙමෙයි අතුරු අන්තරාවන්ගෙන් බේරිලා ඉන්න ඕනා නිසයි වඳින්නේ. හැමෝම බලාපොරොත්තු වෙන්නේ අන්තරාවන්ගෙන් බේරිලා සුව පහසුවෙන් සනීපයෙන් ජීවත් වෙන්න. කිසි කෙනෙක් දුකට කැමති නෑ. හැමෝම කැමතියි හුඟ කාලයක් ජීවත් වෙන්න නේද. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත් කැමතියි මේ විදියටම. තමන්ට බැරි දේවල් අත් කරගන්න කැමති මිනිස්සු ඒ වෙනුවෙන් නොයෙක් දෙනාට පුද සත්කාර කරනවා. වඳිනවා පූජා පවත්වනවා. බලන්නකො කතරගම, සීනිගම එහෙම ගිහිල්ලා බොරුද කියලා. සමහරු හිතන්නේ ලෝකය නිර්මාණය කරලා දෙවියෙන් විසින් කියලා. මිනිස්සුන්වත් මවලා තියෙන්නේ දෙවියෙක් කියලා හිතන අයත් ඉන්නවා. ඇත්තටම කිසි කෙනෙක් මේ මැවුම්කාරයාව දැකලා නැතත් මිනිස්සු වඳිනවා. ඇයි ඒ ? කලින් ඉඳි කෙනෙක් කියලා තියෙනවා මන් ඒ කෙනාව දැකලා තියෙනවා කියලා. ඔන්න ඉතින් වඳිනවා. නමුත් ඒ කෙනා සමහරවිට හිතළුවක් වෙන්න පුළුවන් කියලා තියෙන්නේ. [/FONT]

[FONT=&quot]සෑම පරම්පරාවක්ම විවේචන ඇති කරගන්නේ නැතිව පරම්පරාවෙන් පවත්වාගෙන ආපු විදියට තමන්ගේ විශ්වාසයට අනුව වන්දනාමාන පවත්වාගෙන යනවා. අද මේ තාක්ෂණික යුගයේදිත් මේ සම්ප්‍රදායික සිතුවිලි දකින්න පුළුවන්. තමන්ට වෙන අතුරු අන්තරා වලින් ගැලවෙන්න යාඥා කලොත් ඇති කියලා හිතාගෙන ප්‍රාර්ථනා කරන එකේ පදනමක් නෑ. එහෙම වෙනවා නම් යාඥා කරන විදියට හැම මිනිහම පෝසත් වෙන්න ඕනා. හැම මිනිහම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනා. හැම මිනිහම සැපවත් වෙන්න ඕනා. ඒත් කොහෙද එහෙම වෙලා තියෙන්නේ. මේ කිසි යාඥාවක් නැතිව මහන්සිවෙලා වැඩ කරන මිනිහෙක් දියුණුවට පත් වෙන හැටි ඔයාලක් දැකලා ඇති. ලෙඩ හැදුනම දොස්තර කෙනෙක් ගාවට නොගිහින් දෙවියන්ට යාඥා කරලා ඒකෙන් සනීප වෙනකම් බලන් ඉන්න කී දෙනෙක් මැරිලා තියෙනවාද මේ ලංකාවේ? හැම කෙනෙක්ම තමන් මහන්සි වෙන ප්‍රමාණයට ප්‍රතිලාභ ලබනවා. දෙවියන්ට යාඥා කිරීමෙන් ඒකෙ වෙනසක් වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො කියලා නෑ මම උඹලාව ආරක්ෂා කරන්නම් මට වැඳපල්ලා කියලා. ඔහු කියලා තියෙන්නේ කෙනෙක්ගේ හොඳ නරක ක්‍රියාවල ප්‍රතිඵල ඒ කෙනාම විඳ ගනියි කියලයි. කොහොම වුනත් ඇත්තටම ශීලයක් පවතින සහ අනෙකුත් ආර්ය ගුණයන් ඇති පුද්ගලයෙක්ට වන්දනා කිරීමෙනුත් ප්‍රතිඵලයක් නැතුවාමත් නෙමෙයි කියන එකත් මතක තියාගන්න අවශ්‍යයි. බුදුහාමුදුරුවො කියන විදියට සමහර විට ඒ ප්‍රතිඵල මේ ආත්මෙදි නැත්නම් වෙනත් ආත්මෙකදි ලැබෙන්න පුළුවන්. නමුත් කිසිම ගුණයක් නැති කෙනෙක්ට වැන්ද කියලා පිදුවා කියලා මේ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒක හරියට තිරිවාන ගල් මැණික් කියලා හිතන් ඉන්නවා වගේ වැඩක්. තිරිවාන විකුණලා කොහොමද මැණික් ගලක් විකුණලා ලබා ගන්න වටිනාකම ලබා ගන්නේ? හැබැයි ඇත්ත මැණික් ගල් නම් ඒ වටිනාකම ලබාගන්න පුළුවන් වේවි. [/FONT]

[FONT=&quot]මේ විදියටම ඔයාලා ආර්යයෙකුට වන්දනා කරනවා නම් බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්න පුළුවන්. බුදුහාමුදුරුවො කියන්නේ ශීලය සමාධිය ප්‍රඥාව ආදී හැම දේකින්ම ඉහලින්ම ඉන්න පුද්ගලයා. ඉතින් උන් වහන්සේට වන්දනා කරන දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යයො ඒ තුලින් කුසල් ඇති කරගන්නවා වගේම සැපයත් ඇති කර ගන්නවා. ඒ වගේම නිර්වාණයට මග පාදා ගන්නවා. මේවා බුදුහාමුදුරුවො විසින් දෙන දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවොන්ට පූජා කිරීම නිසා ස්වභාවයෙන්ම ලැබෙන ප්‍රතිඵලයන්. මෙලෙසින් බුදුහාමුදුරුවො දෙවි මිනිසුන්ගේ පූජාවට, වන්දනීයත්වයට පත් වීමට සුදුසු නිසා අරහං නමින් හැඳින්වෙනවා. සාතාගිරිත් අරහං නමින් බුදුහාමුදුරු‍වන්ව හඳුන්වන්නේ ඒ නිසයි. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]අරහං කියන වචනයේ තවත් අර්ථයක් තමයි යමකින් දුරස් කියන එක. කෙලෙස් වලින් බුදුහාමුදුරුවො දුරස් කියන එකයි ‍මෙතනදි තේරුම් දෙන්නේ. හැම ‍ලෝකෙකම ජීවත් වෙන සත්තු තම තමන් ආශා කරන දේවල් පස්සෙ එලවනවා. තවත් විදියකට කියනවානම් ලෝභය ඔවුන් සතුව තියෙනවා. තමන් අකමැති දෙයක් මුණ ගැහුණම මේ අයට තරහ යනවා, ද්වේෂය ඇති නිසා. ඒ වගේම දේවල් වැරදියට වටහා ගන්නවා මෝහය ඇති නිසා. බුදුහාමුදුරුවො ලෝභ ද්වේෂ මෝහ වලින් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසයි අරහං කියන ගෞරවයට උන් වහන්සේ සුදුසු වන්නේ. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවනගේ මීලඟ ගුණය තමයි සම්මාසම්බුද්ධ. සම්මා කියන්නේ සත්‍ය, සම් කියන්නේ තමන් විසින් කියන එක, බුද්ධ කියන්නේ දැනීම. ඉතින් සම්මාසම්බුද්ධ කියන්නේ තමන් විසින් සත්‍ය දැන ගැනීම කියන එකයි. බුදුහාමුදුරුවො සිදුහත් බෝධිසත්ව කාලයෙදි ආලාර කාලාම සහ උද්දකරාමපුත්තගෙන් භාවනා උපදෙස් ලබා ගත්තත් බුදු වෙන්න මුල් කර ගත්තෙ තමන්ගෙම ප්‍රඥාවයි. ආනාපානසතිය වඩවලා ධ්‍යාන අත් කරගත් උන්වහන්සේ තමන්ගෙම ප්‍රඥාව මෙහෙයවීමෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න යෙදුනා. නාම රූප විශ්ලේෂණය කල ඔහු බුද්ධත්වයට පත් වුනා. මේ සරලව විස්තරය. මේ නිසයි බුදුහාමුදුරුවන්ට සම්මාසම්බුද්ධ කියන්නේ. [/FONT]

[FONT=&quot]බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන සියල්ල දැන ගත්තා. තමන් හිතන ඕනාම දෙයක් ගැන ක්ෂණයෙන් ඔහු දන්නවා. උන්වහන්සේගේ ප්‍රඥාවේ හිස් තැන්, වැරද්දක් කාටවත් පෙන්වන්න බෑ. ඒ එහෙම දේවල් නැති නිසයි. බුදුහාමුදුරුවො බුද්ධ කියන නමට සුදුසු වන්නේ මේ විදියට අඩුවක් දෝෂයක් නැතිව ධර්මය සම්පූර්ණයෙන් අවබෝධකරගත් නිසයි. [/FONT]

[FONT=&quot]සාතාගිරි හේමවතට තවදුරටත් කියන්න යෙදුනා බුදුහාමුදුරුවන්ගේ ගුණ කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරම් බව. කල්ප ගානක් වුනත් ඒ ගැන කියන්න පුළුවන් බව. පස්සෙ යාළුවට ආරාධනා කලා දේශනාව අහන්න යන්න.

[/FONT]
[FONT=&quot]ඉතින් බුදු හාමුදුරුවො ගැන මේ විදියට ඇහුවට පස්සේ මේ කියන කෙනා ඇත්තටම බුද්ධ ද කියලා දැනගන්න හේමවත සාතාගිරිගෙන්‍ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඔහු සාතාගිරිගෙන් ප්‍රශ්න ඇහුවා. සාතාගිරි උත්තර දුන්නා. [/FONT]

[FONT=&quot]අපි ඉස්සරහට මේ ගැන බලමු. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]හේමවත අහනවා, යහළු සාතාගිරි, ඔබගේ ගුරුවරයාට පුළුවන්ද මනස හොඳින් සමාහිත කරගන්න? සියළු සතුන් කෙරෙහි සමසිත් ඇද්ද? නැද්ද? යහළු සාතාගිරි බොහෝ දෙනෙක් තමන් බුදු කියලා කියා ගන්නවා. ඉතින් ඔබේ ගුරුවරයා වෙනසක් නැතිව හැම කෙනෙක්ටම කරුණාව, මෛත්‍රිය, මුදිතාව පතුරුවනවාද කියලා. [/FONT]

[FONT=&quot]ඇත්තටම මේක ‍හොඳ ප්‍රශ්නයක්. මේ කාලයේ සිටි තමන් තමයි බුදු කියලා කියා ගත්ත අයගේ මෛත්‍රිය තිබුනේ තමන්ගේ පස්සෙන් එන අයට විතරයි. අදත් බලන්න සමහර ආගමික නායකයො උගන්වන්නේ තමන්‍ව අනුගමනය කරන අයව ආරක්ෂා කරන්නයි නැති අයව මරන්නයිනේ. ඉතින් මේ අය තමන් බුද්ධයි කියා ගත්තට වැඩක් නෑ. මොකද නියම බුද්ධගේ ලඟ බෙදිච්ච සිතක් නොපවතින නිසා. [/FONT]

[FONT=&quot]හේමවත තවත් අහනවා යහළුවා ‍ඔ‍බේ බුදුහාමුදුරුවො ප්‍රිය අප්‍රිය හැම සිතුවිල්ලකදිම උපේකෂාවෙන් යුතුව මනස පාලනය කරගෙන ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා. [/FONT]

[FONT=&quot]මේ ලෝකේ නොයෙක් විදියෙ මිනිස්සු ජීවත් වෙනවා. සමහරු තමන්ට ප්‍රිය දේවල් හම්බවුනාම ඒ තුලින් සෑහෙන වින්දනයක් ලබා ගන්නවා. ඒ වගේම තමයි අප්‍රිය දේවල් මුණ ගැසුනාම කේන්තියට, කණස්සල්ලට පත් වෙනවා. මෙයාලා තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා ඒ අනුව වැඩ කරනවා, තමන්ගේ මනස පාලනය කර ගන්නට බෑ. කොහොම වුනත් ඇත්ත බුදුහාමුදුරුවන්ගේ මනස හැම වෙලාවෙම පාලනය කරලයි තියාගන්නෙ. මේ නිසා හේමවතගේ මේ ප්‍රශ්න බො‍හොම වැදගත් ඒවා.

[/FONT]
[FONT=&quot]සාමාන්‍ය මිනිස්සු තමන්ගේ මනස හැඟීම් වලට ඉන්ද්‍රය පිනවීමට ‍ඔහේ යන්න අතාරිනනවා. මේ නිසා තමන්ගේ සිත පාලනය කර ගන්න අමාරුයි. එයාලට හිනාවෙන්න දෙයක් ලැබුනොත් හිනාවෙනවා. කේන්ති ගන්න දෙයක් ලැබුනොත් කේන්ති ගන්නවා. ඒ වගේම තමයි දුක දැනුනම අඬනවා. මුලින් නොගැලපෙන ස්ථාන වලට යාමෙන් වලකින මෙයාලා පස්සෙ ඒ තැන්වලට යනවා. එසේම නොගැලපෙන දේවල් සහ කථාවන්ද කරනවා.[/FONT]

[FONT=&quot]ටිකක් හිතන්න භාවනා කරන අයවලුන් ගැන. තමන්ට අවශ්‍ය කරන මානසික තත්වය නොලැබුනාම කලකිරිලා එතෙක් කල දේවල් අතඅරිනවා. [/FONT]නමුත් නිර්වාණය ඊළඟ දවසේ වෙයි කියාලා හිතන්නකො. ඉතින් අපරාදෙනෙ.

[FONT=&quot]සාමාන්‍ය ජීවිතයේදී ත් හුඟක් දේවලදි කෙනෙක්ට පුළුවන් තමන්ගේ මනස පාලනය කරලා තියාගන්න. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය තමයි මනස පාලනය කර ගන්න කියන එක. භාවනාව පුහුණු කරන්නෙකුට පුළුවන් යම් ප්‍රමාණයකට මනස පාලනය කර ගන්න. එතෙන්ට නොමැති අයට ඉතින් ධර්මය පිහිටන්නේ නෑ. මේ අයට හිරි ඔතප් නැති නිසා තමන් කැමති ඕනා දෙයක් කරන්න, කියන්න මේයට පුළුවන්.

[/FONT]
[FONT=&quot]කරුණු සොයා ගැනීමට ප්‍රශ්ණ අහන එක හොඳ දෙයක්. අපි ධර්මය ගැන දන්නෙ නැති දෙයක් නෑ වගේ ඉන්නෙ නැතිව නොදන්න දෙයක් තියේ නම් විශ්වාස තමුන්ට වඩා ‍ඒ ගැන දන්න කෙනෙකුගෙන ප්‍රශ්න කරලා දැන ගත්තට වරදක් වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]හේමවත කියන්නෙත් සාමාන්‍ය කෙනෙක් නොවේ. කස්සප බුදුහාමුදුරුවන්ගේ කාලයෙදී භික්ෂූන් 500 ක කණ්ඩායමකට උගන්වපු භික්ෂුවක් තමයි මේ. මේ නිසයි ඔහු බුදුගුණ ගැන ප්‍රශ්න අහන්නේ. සාතාගිරිත් එකලදී පූජනීය භික්ෂුවක්. එයාටත් 500ක පිරිසක් හිටියා. [/FONT]
[FONT=&quot]
ඉතින් හේමවත අහපු ප්‍රශ්නයට සාතාගිරි උත්තර දුන්නා, සියළු සතුන් කෙරෙහි සමසිත් ඇති උන්වහන්සේ‍ගේ සිතද මොනවට සමාහිත වෙයි. වැලිත් ඉටු අනිටු අරමුණෙහි උන්වහන්සේගේ විතර්කයෝ වශීකෘතයහ කියලා.

[/FONT]
[FONT=&quot]මෙතනදි සාතාගිරි පෙන්වන්න යෙදුනේ බුදුහාමුදුරුවො තමන්ට වැඳුම් පිදුම් නොකල කෙනෙක්ට වුනත් වෙනසක් නොකර සමානාත්මතාවයේ මූලධර්මයේ ඉඳන් කටයුතු කරන බවයි. ඔහු‍ගේ ලඟම ශිෂ්‍යයො අර්හත් භාවය පසක් කලා පළමු ධර්ම දේශනාවට ඇහුම් කන් දෙමින්. සාමාන්‍ය ශිෂ‍්‍යයො සිටියෙ මාර්ගය පටන් ගන්න ලන් වෙලා. ඇත්තටම කියනවානම් මාර‍යාගේ පැත්තෙ ඉන්න අය බුදුහාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට විරුද්ධයි.

අපේ ගුරුතුමා මෛත්‍රිය සහ කරුණාව සියල්ලන්ටම එක ලෙසින් පතුරවනවා සාතාගිරි කිව්වා.

[/FONT]
[FONT=&quot]මේ බුද්ධ ශාසනයේ ආරම්භයේදී. පසු කාලීනව තමන්ට සිව් පසයෙන් සංග්‍රහ කල උපාසකයන්ට වගේම තමන්ට ගරහන්න යෙදුන බමුණන්ටත් උන්වහන්සේ සම සිත දැක්වූවා. බුදුහාමුදුරුවො දේවදත්තට දැක්වුවෙත් තමන්ගේම පුතා වන රාහුල කුමාරයට දැක්වූ හිතම තමයි. කිසිම කෙනෙක්ට වැඩියෙන් කියලා බුදුහාමුදුරුවන්ගේ පක්ෂපාතීත්වයක් තිබුනේ නෑ. හැමෝටම එකම විදියට මෛත්‍රිය කරුණාව පතුරන්න යෙදුනා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]ඉතින් සාතාගිරි කියනවා සියළු ලෝකයන්හි ජීවත්වන සෑම සත්වයෙක් කෙරේම බුදුහාමුදුරුවො අපක්ෂපාතීත්වය පවත්වා ගන්නවා කියලා.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තමන්ගේ පවුලට යහළුවන්ට තියෙන පක්ෂපාතීත්වයත් තමන්ගේ හතුරන් සම්බන්ධයෙන් තියෙන අගතිදායී තත්වයත් එක්ක බැලුවම බුදුහාමුදුරුවන්ට සම්පූර්ණයෙන්ම පූජා කරන්න කෙනෙක්ට හැකියාව නැහැ. මනුෂ්‍යයන්ගේ හැම වැඩකම වගේ පක්ෂපාතීත්වය තියෙනවා. තමන්ට කැමති අයවලුන්ට ඕනා උව්වක් කරන්න මෙයාලා පැකිලෙන්නේ නෑ. නමුත් තමන්ගේ විරුද්ධවාදීන්ට උපකාර කිරීමේ ආශාවක් කැමැත්තක් මිනිස්සු ලඟ නෑ. කිසියම් අමුත්තෙක් උදව්වක් ඉල්ලුවොතින්, ඉල්ලුවොතින් ඔන්න බො‍හොම අමාරුවෙන් උත්තර හොයනවා. නියම අපක්ෂපාතීත්වය ඇත්තටම දුර්ලභයි. පිට අය පැත්තකින් ති‍යල බලන්න. මිනිස්සුන්ට අඩු තරමේ තමන්ගේ පවුලේ අයවලුන් හමුවේ වත් සමානාත්මාතවය පවත්වාගෙන යන්න අමාරුයි.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ ගිහියො පැත්තකින් තියන්න. දෙවියන්ට වන්දනා කරලා යාඥා කරන අයවලුන් ඉන්නවානේ, ඒ අයත් අපක්ෂපාතී නොවන බව ඔබලා දැකලා ඇති. මේ දෙවියො මොනවද තියන්නේ මා යටතට එන්න මන් මගේ අනුගාමිකයො ආරක්ෂා කරනවා, අනිත් අය අපායට යයි කියලා. ඉතින් බුදුහාමුදුරුවො ගැනයි අනිත් ෂඩ් ශාස්තෘත් වෙන්න යන අයගෙයි අතර පවතින වෙනස හිතාගන්න පුළුවන්නේ. ඒ අය එක්ක බලද්දී බුදුහාමුදුරුවො තමයි මහාත් කරුණාවන්ත සම සිත් ඇත්තා.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො තමන්ගේ පුත් රාහුලයන් සතුටින් ඉන්නවා වගේම අනෙක් සියළු සත්වයන්ටම සතුටින් ඉන්න ලැබෙන්නයි ප්‍රාර්ථනා කලේ. ඒ වගේම තමයි තමන්ගේ පුත් රාහුලයන් වගේම අනෙක් සියල්ලෝම නිවන් දකිත්වා කියලා බුදුහාමුදුරුවො ප්‍රාර්ථනා කලා. රාහුලයන්‍ට බුදුහාමුදුරුවො ලග තිබුන කරුණාවම මෛත්‍රියම තමයි අනිත් අය ලඟදිත් තිබුනේ.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඇත්තම කියනවානම් ඇත්තට අපක්ෂපාතී වෙන්න හරිම අපහසුයි. නමුත් බුදුහාමුදුරුවො තමන්ගේ මහා කරුණාව භේදයකින් තොරව සියළු ලෝකවල වසන්නාවු සෑම සත්වයෙක්ටම පැතිරෙව්වා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]පටිසම්භිදාමග්ගයට අනුව සත්වයෝ වයසට යාම, ලෙඩ දුක් වලට පත්වීම හා මරණයට පත්වීම ගැන බුදුහාමුදුරුවො දැනුවත්වීම නිසා මහා කරුණාව උන්වහන්සේගේ මනසේ ඇති වුනා. සත්වයො ඇති වෙන හැම භූමියක් ගැනම තමන්ගේ නුවණ මෙහෙය වූ උන්වහන්සේට හැම සත්වයෙක්ටම ඇති මේ තත්වයන් දැකීම නිසා මහා කරුණාව ඇති වුනා. ඒක හරියට කාරුණික මිනිසෙකුට මහා දුකකින් ඉන්න මිනිහෙක් දැක්කම ඇති වෙන අනුකම්පාව වගේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ කරුණාව හුඟක් ගැඹුරු නෑ. නමුත් බුදුහාමුදුරුවන්ගේ කරුණාව අසීමිතයි. සමහර මිනිස්සු මේ භවයේ විඳින දුක් ගැන වගේම ඒ අයත් ඉන් පසු භවයේදී අපාය ගාමී වීම දැකලා බුදුහාමුදුරුවන්ගේ හිතේ මිනිස්සු ගැන අනුකම්පාව ඇති වු‍නා.

විශේෂයෙන්ම සමහරු අපායේ යද්දි සමහරු ප්‍රේතයො වෙනවා. සමහරු තිරිසන්නු වෙනවා,සමහරු අසුරයො වෙනවා. මේවා දැක්කම බුදුහාමුදුරුවන්ගේ කරුණාව තවත් වැඩි වුනා. හැම සතෙක්ම මීළඟ භවයෙදි වයසට යාමට, ලෙඩට වගේම මරණයට විවෘත බවත් ඒ නිසා විඳවන බවත් දුටු බුදුහාමුදුරුවො හැමෝ ගැනම අනුකම්පා කලා.
[/FONT]

[FONT=&quot]හිතලා බලන්න මේ ආත්මය ගැන. ළමා කාලයේදී කෙනෙක්ට පුළුවන් තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න වෙනවා. තරුණ වුනාම රස්සාවක්, වෘත්තියක් හොයාගන්න ඕනා. හුඟක් වෙලාවට වයසට යනකම් රස්සාව කරන්න වෙනවා. මේ කාලයේදි වගේම මේ අතරතුර කාලයේදීත් නොයෙකුත් ලෙඩ දුක් වලට මුහුණ දෙන්නත් වෙනවා. ඉතින් සමහරු මේ ලෙඩ සනීප කරගන්න බැරි වෙලා මරණයට පත් වෙනවා. ඒ ‍නැතත් අවසානයේදී මරණයට පත්වෙනවා. ලෙඩ වෙලා බෙහෙත් නැතුව මැරෙන්න යද්දි වගේම කෙනෙක් ඒ විදියට මරණයට ලන් වෙලා ඉද්දි ජීවිතයේ තියෙන දුක්ගත තත්වය කෙනෙක්ට තේරුම් යනවා. හැබැයි ඒ අතරෙ තුරේදී බොහොම කලාතුරකින් කෙනෙක්ට තමයි ජීවිතයේ දුක තේරෙන්නේ. මරණාසන්න පුද්ග‍ල‍යෙක්ගෙ නෑදෑයො පුළුවන් හැමදේම කරනවා ඒ කෙනාව බේර ගන්න. නමුත් වැඩක් වෙන්නේ. ඥාතියො වට කරන් අඬ අඬ ඉද්දි මරණයට පත් වෙනවා. මාස කීපයක්, අවුරුදු කීපයක් ඥාතීන්ට මැරුණු කෙනා ගැන මතක් වෙනවා දුක හිතෙනවා. නමුත් ඒ මතකයත් කාලෙකින් නැති වෙලා යනවා. මේ තමයි සත්වයාගේ සංසාරෙ හැටි සරලවම ගත්තම. [/FONT]

[FONT=&quot]ඉතින් මතු ආත්ම වලදිත් මෙහෙමම තමයි. උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ තත්වය පැහැදිලිවම අවබෝධ කර ගත්තා. සත්වයාට උරුම මේ දුක්ඛිත තත්වය දකින්න දකින්න මහා කරුණාව උන්වහන්සේ තුල ඇති වුනා. මේ විදියට සත්වයාගේ ලෙඩ රෝග, වයසට යාම හා මරණයට පත් වීම ගැන ඇති වුන අනුකම්පාවෙන් මහා කරුණාව බුදුහාමුදුරුවන්ට ඇති වුනා. [/FONT]

[FONT=&quot]අපි ඉගෙන ගන්නවා අනිත්‍යතාවය මනුෂ්‍යයා වයසට, ලෙඩ රෝග වලට හා මරණයට රැගෙන යන බව. බුදුහාමුදුරුවො දැක්කා මේ ගැන මිනිස්සු දැනුවත් නොකලොත් මේ සංසාර උගුලෙන් ගැලවෙන්න මිනිසුන්ට බැරි වෙන බව. ඉතින් මේ නිසාවෙන් තමන්ගේ පුතා වන රාහුල කෙරේ ඇති වුන අනුකම්පාවම මේ දුක්ඛිත මිනිස්සු ගැනත් බුදුහාමුදුරුවන්ට ඇති වුනා. මේ නිසාවෙන් හේමවතගේ ප්‍රශ්නයට සාතාගිරි උත්තර දෙනවා, හැම තැනම ඉපදිලා ඉන්න ඉපදෙන හැම සත්වයෙක්ම අසරණයි. ඒ අයට ආරක්ෂාවට හා උදව්වවට යැපෙන්න කිසිම කෙනෙක් නෑ. මේ නිසාවෙන් බුදුන්ගේ හිතේ සියලු සත්වයෝ කෙරෙහිම මහා කරුණාව ඇති වුනා කියලා. [/FONT]

[FONT=&quot]කෙනෙක්ට පුළුවන් ආරක්ෂාවට හා නඩත්තුවට වෙනත් කෙනෙක් මත යැපෙන්න. දෙමව්පියො දරුවන්ව ආරක්ෂා කරනවා, දරුවො දෙමාපියන් වයසට ගියාම නඩත්තු කරනවා. ගුරුවරයා ශිෂ්‍යාව ආරක්ෂා කරනවා, ශිෂ්‍යයා ගුරුවරයාට සේවය කරනවා. මේ වගේ තමයි. නමුත් මේ උදව් උපකාර සේරම තාවකාලිකයි. නියම උදව්ව වෙන කෙනෙක්ට කරන්න බෑ. උදාහරණයක් විදියට දරුවන්ට බෑ දෙමව්පියො වයසට යන එක වලක්වන්න. ඒ වගේම තමයි දෙමව්පියන්ටත් බෑ තමන්ගේ දරුවො තරුණ විදියටට පවත්වාගෙන යන්‍න. දරුවො කැමති වෙන්නේ යෞවනත්වයට පත් වෙද්දි ළදරු කාලෙදි දෙමව්පියො කල හුරතල් තවත් කරනවාට. ලෙඩ දුක් හැදුනාම ඒවා ඉවත් කරන්න තව කෙනෙක්ට බෑ. දොස්තරවරයෙක්ට පුළුවන් යම් තරමකට ලෙඩ දුක් හැදුනාම ඒවා නැති කරගන්න උදව් කරන්න, ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. මැරෙන්න යන කෙනෙක්ට මොන බෙහෙත් දුන්නත් වරක් මරණයට නොගිය කෙනා පසු වෙලාවකදි හරි මරණයට යනවා, ඒක නවත්වන්න බෑ. වටේ පිටේ නෑදෑයො, යහළුවො රැස් වෙලා හිටියා කියලා වැඩක් තියේද? ඒ අයට පුළුවන් අනුකම්පාවෙන් මැරෙන කෙනා දිහා බලන් ඉන්න එක තමයි. මේ විදියට හුඟක් මිනිස්සු මැරෙනවා. හදිසි අනතුරු වගේ වෙලාවලදි ටිකක් වෙනස්. අවස්ථාවේ වෙනස විතරයි. කෙනෙක්ට වයසට යාමෙන් වලකින්න, ලෙඩ රෝග හැදෙන එකෙන් වැලකෙන්න හා මරණයට පත් වෙන එකෙන් වලකින්න තව කෙනෙක්ගේ උපකාරයන්ගෙන් පලක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි කෙනෙක්ගේ නරක කර්මයන් කරලා තියෙනවා නම් කර්මානුරූපව මරණයෙන් පස්සේ ඒ කෙනා නරක තැනක උපදින තැන වලක්වන්නත් තව කෙනෙක්ට පුළුවන් වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවන්ට විතරයි නියම මාර්ගය පෙන්වලා දීලා මේ තත්වයන්ගෙන් සතුන්ට බේ‍රෙන්න පුළුවන් මාර්ගය පෙන්වන්න පුළුවන් වෙන්නේ. කොහොමද දොස්තරවරයෙක් ලෙඩෙක්ට බෙහෙත් කරන්නේ? එයා ලෙඩේ නිරීක්ෂණය කරලා බෙහෙත් නිගමනය කරලා මාත්‍රාව නිගමනය කරලා ඒක ගත යුතු ආකාරය නියම කරලා ඒ වගේම සුදුසු කෑම, බීම, නෑම ආදිය නියම කරනවා ලෙඩාට. ඊට වෙනස්ව, ඔබ සුවපත් වේවා කියලා යාඤා කලා කියලා සනීප වෙන්නේ නෑ. දැන් දැන් මේ ක්‍රමයට ගිහින් ලෙඩ්ඩු මැරෙන්න පටන් අරන් තියෙනවා ලංකාවේ. මේ බව ඔයාලා දන්නවා ඇති. යම් විදියකින් ලෙඩා දොස්තර කියන විදියට පිළිපැද්දෙ නැත්නම් ලෙඩේ සනීප වෙන්නෙ නෑ. මේ විදියටම බුදුහාමුදුරුවො කරන්නෙත් මාර්ගය පෙන්වා දෙනවා විතරයි. ඒ මාර්ගය නැවැරදිව පිළිපදින කෙනා ලෙඩ වීමෙන් වයසට යාමෙන් මරණයෙන් නිදහස් වෙනවා වගේම සංසාරයෙනුත් නිදහස් වෙනවා. [/FONT]

[FONT=&quot]බුදු කෙනෙක් උපදින්නේ කල්ප ගාණකින්. ඒ වගේම හැම බුදුවරයෙක්ම ජීවත් වෙන්නෙත් ඒ කාලයේ ජීවත් වන මිනිස්සුන්ගේ ආයු කාලයම තමයි. ඒ විදියට බැලුවම බුදු කෙනෙක්ගෙන් ධර්ම දේශනයක් අහන්න ලැබීම මහා පිනක් විදියටයි. අද වෙනකොට ගෞතම බුදුන් නැති වුනත් උන් වහන්සේගේ දේශනා හොඳ බණ ධර්ම දන්න හාමුදුරුවන්ගෙන් අහන්න ලැබෙන නිසා අපිත් පින් කරලා තියෙනවා. ඉතින් කෙනෙක්ට මේ දේශනා වලට ඇහුම් කන් දීලා ඒ මාර්ගයෙ ගමන් කරලා දුකින් පෙලෙන සංසාරෙන් ගැලවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වරප්‍රසාදය හැම කාලෙකදිම හැම කෙනෙක්ටම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනෙක් අතට අද වෙනකොට වැරදි විශ්වාසයන් ලෝකෙ පුරාම පැතිරිලා තියෙන නිසා නැවරදි මාර්ගය සොයා ගන්න එක ටිකක් අමාරු වුනත් වැදගත්. හාමුදුරුවරුත් නොයෙක් වැරදි දේවල් උගන්වනවා කියන එක ඔයාලා දන්නවා ඇතිනේ. මේ වැරදි මාර්ගයකට වැටුනොත් නම් විනාශ බව මතක තියා ගන්න ඕනා. ඒ තුලින් කෙනෙක් සංසාරෙට තව තවත් ඇදලා තියන්න පුළුවවන්. මොන විශ්වාසය දරණ කෙනෙක් ගැන වුනත් බුදුහාමුදුරුවො අනුකම්පා කලා. ඔහුගේ කරුණාව ඊටත් වඩා වැඩියි වැරදි විශ්වාසයන් නිසා නොයෙකුත් නරක තැන්වල උපදිලා ඉන්න සතුන්ව දැකපු නිසා. [/FONT]





 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]වැරදි විශ්වාසයන් හෙලා දැකිය යුතුයි. [/FONT]

[FONT=&quot]වැරදි විශ්වාසයන් දරන් ඉන්න තැනැත්තන්ට අනිත් අයට වඩා අපේ අනුකම්පාව ලැබෙන්න ඕනා. මොකද කියනවානම් ඒ අය දැනට හිතන් උන්නට ඒ අය ඉන්නෙ සතුටින් කියලා පසුවට දුක් විඳින්න වෙන නිසා. බුදුහාමදුරුවො ඇසුරු කරන අය නියම මාර්ගය හම්බ වුනා කියලා ඕනාවට වඩා සතුටු වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ අඩුම තරමේ පළමු කඩයිම ඒ කියන්නේ සෝවාන් ඵලය වත් ලබා ගැනීමයි. ඔන්න එතකොට ඒ කෙනාගේ අනා‍ගතේ දුක්ඛිත වන්නේ නෑ කියලා සතුටු වෙන්න පුළුවන්. මීළඟ ආත්මෙදි දැන් ලැබිලා ඉන්න දෙමව්පියො, දරු‍වො, ගුරුවරු නොලැබෙන්න පුළුවන්. සමහරවිට වෙනත් විශ්වාසයන් දරන දෙමව්පියන්ගේ දරුවො වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඒ තුලින් වැරදි මාර්ගයේ ගමන් කරන්නත් පුළුවන්. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ සත්තුන්ට අනුකම්පාව දැක්වූයේ. මොකද ඒ අවය බේරන්න පුළුවන් කිසිවෙක් නොමැති නිසා. ඒ වගේම කිසිම වෙනසක් නොමැතිව කරුණාවත් හැම සත්‍වයෙක් කෙරේම බුදුහාමුදුරුවො දැක්වූවා.
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]රට්ඨපාල හාමුදුරුවො සහ කෝරබ්‍ය රජ්ජුරුවො.[/FONT]

[FONT=&quot]මේ ලෝකෙ රජ්ජුරුවන්ට මහා සේනාවන් ඉඳලා තියෙනවා. බලන්න අද වුනත් ලංකාව ගත්තත් ත්‍රිවිධ හමුදාව නීතියෙන්ම බැඳිලා ඉන්‍නවා අපේ මහ රජාව ආරක්ෂා කරන්න. ඒ වගේම එදිනෙදා වැඩකටයුතු වලදිත් උදව්වට පරිවාර සේනාවත් එමටයි. නමුත් මේ රජ්ජුරුවො වුනත් වයසට යනවා. අර හමුදාවට බෑ ඒ‍කෙන් රජ්ජුරුවන්ව බේර ගන්න. ඒ වගේම ලෙඩ රෝග වලින් මේ නිසා වෙන මරණයෙන් රජ්ජුරුවන්ව බේර ගන්න මේ එක හමුදාවකටවත් පුළුවන් වෙන්නේ නෑ. මේ රට්ඨපාල හාමුදුරුවො බුදුහාමුදුරුවන්ගේ කාලයේ ඉඳි මහරහතන් වහන්සේ නමක්. ධනවතෙක්ගේ පුතෙක් වුන මොහු කෝරබ්‍ය රජ්ජුරුවන්ගේ යාළුවෙක් වෙලා උන්නා ගිහි කාලයේදී. දිනක් රජ්ජු‍රුවො ඇහුවා හාමුදුරුවන්ගෙන් මහණ වෙන්න හේතුව මොකක්ද කියලා.

[/FONT]
[FONT=&quot]රට්ඨපාල හාමුදුරුවො උත්තර දුන්නා සියළු සත්වයො වයසට යාම, ලෙඩ වීම හා මරණය තුලදි කෙනෙක්ට කිසිම උපකාරයක් නොමැති වීම සම්බන්ධයෙන් බුදුහාමුදුරු‍වොන්ගේ ධර්ම දේශනයක් අහලා තමයි මහණ වෙන්න හිතුවෙ කියලා. [/FONT]

[FONT=&quot]රජ්ජුරුවන්ට තේරුම් ගියෙ නෑ මොකක්ද මේ උපකාරයක් නොමැති වීම කියන දෙයින් අදහස් වුනේ කියලා. ඔහු ඇහුවා මම රජෙක් විදියට මහා සේනාවක් ඉන්නවා ඕනාම අනතුරකින් බේර ගන්න, ඉතින් මොකක්ද මේ උපකාරයක් නෑ කියන්නේ කියලා. [/FONT]

[FONT=&quot]දැන් රට්ඨපාල හාමුදුරුවො ඇහුවා රජතුමනි, ඔබ කිසි විටක බරපතල අසනීපයකින් පෙලිලා තියෙනවාද? කියලා. [/FONT]

[FONT=&quot]ඔව් ස්වාමිණී, රජු උත්තර දුන්නා. [/FONT]

[FONT=&quot]දැන් රට්ඨපාල හාමුදුරුවො අහනවා ඒ අසනීපයෙන් මිදෙන්න තමන්ගේ වේදනාව තමන්ගේ නෑයො එක්ක, හමුදාව එක්ක බෙදා ගන්න පුළුවන්ද කියලා. [/FONT]

[FONT=&quot]ඒක කරන්න බෑ. මට සිද්ද වෙනවා තනිවම ඒ වේදනාව විඳගන්න රජ්ජුරුවො උත්තර දෙනවා. [/FONT]

[FONT=&quot]රට්ඨපාල හාමුදුරුවො කියනවා අන්න ඒක තමයි බුදුහාමුදුරුවො සියළු සත්වයො උපකාරයක් රහිතයි කියලා දේශනා ‍කලේ කියලා. (මජ්ජිම නිකායේ රට්ඨපාල සූත්‍රයෙ මේ ගැන වැඩි විස්තර තියෙනවා. කරුණාකර කියවන්න ඉංග්‍රීසි - [/FONT]http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima2/082-ratthapala-e1.html[FONT=&quot] , සිංහලෙන් - [/FONT]http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima2/082-ratthapala-s.html[FONT=&quot] ) [/FONT]
[FONT=&quot]
කොයි තරම් සේනාවක් හිටියත් වයසට යාමෙන්, ලෙඩ දුක් වලට සහ මරණයට පත්වීමෙන් කෙනෙක්ව බේර ගන්න ඒ කිසිකෙනෙක්ට පුළුවන් වෙන්නේ නෑ. අපේ ධර්මයේදී අපිට උගන්වන්නේ අපිට අපේ කියලා උරුමකම් කියන්න කර්මය ඇර වෙන කිසි දේපලක් නෑ කියලයි. මේ රට්ඨපාල සූත්‍රයෙන් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. අපි මැරෙද්දි කිසි දෙයක් අරන් යන්නෙත් නෑ. නව උප්පත්තියකදි කිසි දෙයක් අරන් එන්නෙත් නෑ. මේ බව තේරුම් ගත්ත නිසා බුදුහාමුදුරුවන්ගේ සිතේ මහා කරුණාව හැම සත්වයෙක් කෙරේම ඇති වුනා. [/FONT]


[FONT=&quot]මිනිස්සු නම් කරන් ඉන්නවා ගේ දොර හරකා බාන මුතු මැණික් කාර් වෑන් වගේ භෞතික දේවල් මේ මගේ දේපලය කියලා. ඉන්නකම් පාවිච්චිකරන බැඳීමක් ඇති කරන් ඉන්න මේ හැම දේම කෙනෙක් මැරෙද්දි අතහැරලා යන්න වෙනවා. ඒවා ඉන් පස්සෙ ජීවත් වෙලා ඉන්න අයට ලැබෙනවා. උරුම අයිතිවාසිකම් නීති හැදිලා තියෙන්නේ මේ නිසා තමයි. මොකද කියනවානම් අයිතිකාරයා මැරුනට පස්සේ ඒ මිනිහා ඒවාට අයිතිවාසිකම් නොකියන නිසා හිමිකාරයෙක් නොවන දේපලට අයිතිවාසිකම් කියාගන්න මිනිස්සු මරා ගන්න එක වලක්වන්න. ඒ වගේම තමයි ඉන්නකන් කරන්න පුළුවන් උපරිමෙන් සරසන මේ ශරීරය පවා මැරුනම දාලා යන්න අපිට සිද්ද වෙනවා. මරණය අද වෙන්නත් පුළුවන් නැත්නම් හෙට වෙන්නත් පුළුවන්. නිසි ‍දවසක් කියන්න බෑ. මැරුනම විතරක් නොවෙයි සමහර වෙලාවලදි මේ ලෞකික වස්තු අයිතිකාරයා ජීවත් වෙලා ඉද්දිම සොර සතුරන් විසින් පැහැර ගන්න හැටිත් අපිට දකින්න පුළුවන්. ඒ නිසා පැහැදිලි ඇති ඇයි අපිට අපේ කියලා උරුමකම් කියන්න දෙයක් නෑ කියලා කියන්නේ කියලා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]
කෙනෙක්ගේ නියම උරුමය වෙන්නේ ඒ කෙනාගේ කුසල් කර්මයන් ඔය දාන දීම, පන්සිල් රැකීම වගේ සහ භාවනාවයි. මේ දේවල් බලය යොදලා වත් මොන විදියකින් වත් අයිතිකාරයාගෙන් ඉවත් කරන්න බැහැ. ඒ වගේම මේ දේවල් මේ භවයෙන් අනිත් ආත්ම වලටත් ගමන් කරනවා. මේ නිසා දාන, ශීල හා භාවනා කිරීමෙන් කුසල් වර්ධනය කර ගැනීම ‍බොහොම වැදගත්. අඩු තරමේ දවස් දෙක තුනක් වත් මේ දේවල් කරන එක බොහොම වටිනවා කියන එක අපි මතක තියා ගන්න අවශ්‍යයි. ඒ ව‍ගේම ඔය අන්තිම ‍අංග දෙක කිසි වියදමක් නොදරා කරන්න පුළුවන් බවත් මතක තියා ගන්න ඕනා.
[/FONT]

[FONT=&quot]කුසල් කරපු අයට මැරෙන්න යද්දි දෙයක් තියෙනවා තමන් සතුව රැඳී සිටින්න. මරණයේදී අන්තිම හුස්ම පිට වෙද්දිත් බොහොම සැනසීමෙන් මැරෙන්න පුළුවන් භාවනාව පුහුණු කරපු කෙනෙක්ට. ඒ කෙනා අර්හත්ඵල නොලබා සිටින්නේ නම් මරණයෙන් පස්සෙ හොඳ උප්පත්තියක් ලබන්න මේ ක්‍රියාව හේතු වෙනවා. ඒ නිසා ඔබ විසින් දාන, ශීල සහ භාවනා කියන කුසල් කරන්න නිතරම උත්සහවන්ත වෙන්න. [/FONT]

[FONT=&quot]ඔබ සතු භෞතික දේපල ඇත්තටම ඔබ‍ට අයිති නෑ, මරණයේදී ඒවා ජීවත් වෙලා ඉන්න අයට භාර දීලා යන්න වෙනවා. නමුත් ඔබ ඊට ඇලිලා ඉන්නවානම් සමහරවිට ප්‍රේතයක් වෙලා උපදින්න බැරි කමක් නෑ. කොහොම වුනත් දුක් සහිත උප්පත්තියක් ලැබෙන එක නම් අනිවාර්යයි. මේ බව අවබෝධ කරපු නිසා හැම සතෙක් කෙරේම බුදුහාමුදුරුවො කරුණාව දැක්වූවා.

[/FONT]
[FONT=&quot]ඒ වගේම බුදුහාමුදුරුවො දැක්කා මිනිස්සු ආශාවෙන් මත් වෙලා ලෞකික දේවලට ඇලිලා ඉන්න ආකාරය, ඔවුන් කෑදරකමේ සහ ආශාවේ වහල්ලු බව. මේ හේතුව නිසාත් සත්වයො ගැන මහා කරුණාවක් බුදුහාමුදුරුවො තුල ඇති වුනා. සියළු සත්‍වයෝ තණ්හාවෙන් පිරිලා බව බුදුහාමුදුරුවො දැක්කා. තණ්හාව නිසා තමන්ගේ ෂඩ් ඉන්ද්‍රියන් පිනවන්න සත්තු දුවගෙන යන හැටි බුදුහාමුදුරුවො දැක්කා. ඒ වගේම ලැබිලා තියෙන ජීවිතයෙන් සතුටු වෙන්නෙ නැති බවත් දැක්කා. ඒ වගේම ලද දෙයින් සතුටු නොවන බවත් බුදුහාමුදුරුවො දැක්කා. කොයිතරමින් ලැබුනත් තෘප්තියට පත් නොවෙන පෘථග්ජනයො දිනයෙන් දිනයට තව තවත් සැප හොයනවා. සමහර රටවල ඉන්නවා කෝටිපතියො. ඒ අය ලඟ තියෙන සල්ලි එකතු කරලා එකිනෙක එකට ලන් කරලා තිබ්බොත් හඳට ගිහිල්ලා එන්න පුළුවන්. ඒත් මේ අය එතනින් නවතින්නෙ නෑ, තවත් හොයනවා. මේ තමයි ස්වභාවය.

[/FONT]
[FONT=&quot]කථාවට කියනවා දෙවියො හුඟක් කෑදරයි කියලා. හොඳ බලවත් දෙවියන්ට දේවතාවියන් පන්සියයක් දහසක් විතර ලැබෙනවා, ඒත් එයාලට ඒ මදි. තියෙන සේරම දිව්‍ය සම්පත් විඳලත් තව තවත් සම්පත් හොයනවා. මතකයි එක්තරා වෙලාවකදි සක්‍ර දෙවියො ඒ අයව ප්‍රේතයො පිරිසක් විදියට හඳුන්වනවා‍ මොකද කියනවානම් ඇති තරම් කන්න නොලැබෙන නිසා හැම වෙලාවෙම බඩගින්නෙ ඉන්නෙ කියලා. බුදුහාමුදුරුවො දැනගත්තා හැම සත්වයෙක්ම තණ්හාවෙ සහ කෑදරකමේ වහල්ලු බව, ඒ නිසා ඒ සෑම සත්වයන් කෙරේම කරුණාව පැතුරුවා. [/FONT]

[FONT=&quot]සත්තු කෑදරකමේ සහ තණ්හාවෙ වහල්ලු බව ඇත්ත. මේ දේවල් නිසා සත්තුන්ව පොළඹවනවා තමන් කැමති දේ සොයන්න වගේම ඒ දේවල් අත් කරගන්න. මේ නිසා තමන්ගේ ජීවිතය පවා අනතුරේ දාගන්නවා. බලන්න පළඟැටියා ගේ කථාව. ගින්දරට කෑදරේ ඇවිත් මැරිලා යනවා. මේ වගේ තමයි. ඒ වගේම තමයි දිනපතා වැඩ කරන්න වෙනවා තමන්ගේ ආශාවන් සන්තර්පනය කර ගන්න. ඊළග භවයෙදිත් ඒකෙ වෙනසක් වෙන්නේ නෑ. ගැලවීමක් නෑ ඉතින්. [/FONT]

[FONT=&quot]සාමාන්‍ය වහලෙක් වහලෙක් බවට පත් වෙලා ඉන්නෙ එක ආත්මභාවයකදි විතරයි. නමුත් තණ්හාවට වහලෙක් වුන කෙනා ආත්ම ගාණකදි සංසාරෙ පුරාවට වහලෙක් වෙලාම ඉන්නවා. ඒක ඉවර වෙන්නේ අර්හත්ඵලයට පත්වුනාම විතරයි. අවිද්‍යාව හැම දෙයක්ම ලස්සනට පෙන්වනවා. ඒවායේ තියෙන අප්‍රසන්නතාවය හංගනවා. තණ්හාවෙන් ඒ දේවල් මිනිහාට වුවමනා කරලා ඒ දේවල් ලබා ගන්න කියලා පොළඹවනවා. ඉතින් ජීවිතයම කැප කරනවා, නමුත් ලද දෙයින් සැනසෙන්නේ නෑ. තෘප්තියක් නොමැති වීම නිසාවෙන් ඒ අය ඉන්නෙ කම්පාවෙන්, පසුතැවිල්ලෙන්. මේ බව තේරුම් ගත් බුදුහාමුදුරුවො සෑම තැන්හිම උපදිලා සිටින සත්වයො වෙනුවෙන් කරුණාව මෙහෙයවූවා. [/FONT]

[FONT=&quot]ලෝවැසි තෙම ජරා මරණ දෙකට පත්වෙයි, බොහෝ කල් නොපවත්නේය. [/FONT]

[FONT=&quot] ලෝවැසි තෙම ආරක්ෂාවක්, පිහිටක් නැත්තේය. [/FONT]

[FONT=&quot]ලෝවැසි තෙමට තමා සතු වූවක් නැත්තේය, සියල්ල හැර යා යුතුය. [/FONT]

[FONT=&quot]ලෝවැසි සත්වයා සෑහීමක් නැත්තේ ඇතිවීමක් නැති නිසා තණ්හාවට දාසවූයේය.[/FONT]

[FONT=&quot]මේ තමයි රට්ඨපාල සූත්‍රයේදී හාමුදුරුවො සහ රජ්ජුරුවො කථා වෙන අපිට මෙතනදි වැදගත් කරුණු හතර. හාමුදුරුවො කියනවා බුදුහාමුදුරුවො මේ හෙලා දැකිය යුතු දේවල් දැකලා කරුණාව ඇති කර ගත්තා කියලා සියළු සත්වයා කෙරේම. [/FONT]

[FONT=&quot]ඉතින් සාතාගිරි හේමවතට කියනවා, ප්‍රිය අප්‍රිය ඕනාම අරමුණකදි බුදුහාමුදුරු‍වන්ගේ සිත සමාහිත වෙනවා කියලා. මේ උත්තරය දෙන්න හේතුවුන ප්‍රශ්නය පෙරදි දක්වලා ඇති. [/FONT]

[FONT=&quot]අද කාලෙ, වෙනත් ආගමක කෙනෙක්ගෙන් ධර්ම දේශනයක් අහන්න එන්න කියලා ඇහුවොත් මොනවද ඔයාගේ ගුරුවරයා උගන්වන්නේ? යන්ත්‍ර මන්ත්‍ර පුළුවන්ද ආදී වගේ නොයෙක් ප්‍රශ්න අහනවා. මේවා මහ මෝඩ ප්‍රශ්න වුනත් මිනිස්සු මේවා අහනවා. [/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]මේ විදියට බලද්දි හේමවතගේ ප්‍රශ්න ඒ අවස්ථාවේ හැටියට කෙනෙක් අහන ප්‍රශ්න. මොකද කියනවානම් මේ කාලයේදී නොයෙකුත් මතවාදයන් ඉන්දියාව පුරා පැතිරිලා තිබුනා. බොහෝ දෙනෙක් තමන් බුද්ධ යි කියලා කියා ගනිමින් සිටියේ. ඒ අය අතුරින් ඉදිරියෙන්ම හිටියෙ පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, නිගණ්ඨනාථපුත්ත සහ සංජය බෙල්ලට්ඨිපුත්ත යන අය. මේ අයගේ අනුගාමිකයො විශාල ප්‍රමාණයකුත් හිටියා. [/FONT]

[FONT=&quot]හේමවත දැන උන්නා මේ කියන එක්කෙනෙක්වත් ප්‍රසන්න අප්‍රසන්න හැම අරමුණකදිම උපේක්ෂාවෙන් ඉන්න බැරි බව. ඉතින් ඔහුට වුවමනා වුනා තමන්ගේ යාළුවා කියන තැනැත්තාට ඇත්තටම උපේක්ෂාව තියේද කියලා දැන ගන්න. ඒ නිසයි ඔහු අහන්නේ සාතාගිරි, ඔබගේ බුදුහාමුදුරුවන්ට ප්‍රසන්න අප්‍රසන්න අරමුණුවලදී උපේකෂ්වෙන් මනස පාලනය කරගෙන ඉන්න පුළුවන්ද කියලා. [/FONT]

[FONT=&quot]සාතාගිරි මේකට දෙන්නේ විස්තීරණ උත්තරයක්. බුදුහාමුදුරුවො ප්‍රසන්න අප්‍රසන්න හැම දෙයක්ම කිසිම වෙනසක් නැතිව දැක්කා. නමුත් උන්වහන්සේ ඒ දෙකම මනසින් ඉවත් කලා. දෙයක් කොයිතරම් ලස්සනයි ප්‍රසන්නයි කියලා කිව්වත් බුදුහාමුදුරු‍වො සමත් වුනා ඒ කියන දේ සත්‍ය දැක ගන්න. මාගන්ධියා කියන්නේ ඒ කාලේ ඉඳි සුරූපිම කාන්තාවක්. නමුත් බුදුහාමුදුරු‍වො මාගන්ධියාව අසූචි ගොඩකට උපමා කලේ. ඒ දෙතිස් කුණුපයන්ගෙන් ඒ ශරීරය හැදිලා තියෙන බව දැකපු නිසා. මේ විදියටම තමයි මාර දූවරුන්ගේ ලඟදිත් බුදුහාමුදුරුවො හැසිරුනේ. ඒ අයගෙන් ඒ නිසාම කිසිම පීඩාවක් බුදුන්ට ඇති වුනේ නෑ. [/FONT]

[FONT=&quot]බුදුහාමදුරුවන්ට විතරක් නොවේ අනිකුත් සෑම අර්හත් වහන්සේ කෙනෙක්ටමත් මේ තත්වය තියෙනවා. ඒ අයටත් පුළුවන් මනස පාලනය කරගෙන ඕනාම දෙයක් දිහා බලන්න. ඒ වගේම තමයි අර්හත් නොවුනත් [/FONT][FONT=&quot]අසුභකම්මට්ඨානය [/FONT][FONT=&quot]වඩවන කෙනෙක්ටත් පුළුවන් මේ විදියටම භෞතික කය දකින්න. අපේ ලංකාවේ මිහින්තලේ වැඩ සිටි මහාතිස්ස හාමුදුරුවො පිණ්ඩපාතයේ වඩිද්දි තමන්ට මුණ ගැසුන කාන්තාවක් දැක්කෙ දෙතිස් කුණුපයන්ගෙන් සෑදුන්නක් විදියට. ඒ තුලින්ම ධ්‍යාන ඇති කර ගත් උන්වහන්සේ රහත් භාවයටත් පත් වුනා. ඔයාලා දන්නවාද දන්නේ නෑ භන්ග ඥාණ (නැති වීම ගැන දැනීම) ඇති භාවනා යෝගීන්ටත් පුළුවන් දේවල නියම තත්වය දකින්න. මොකද ඒ අය දකිනවා දේවල් නැති වෙන ආකාරය. ඒ නිසා ප්‍රසන්න වුනත් අප්‍රසන්න වුනත් කිසිම දෙයක ඵලක් නැති බව ඒ අය දන්නවා. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො කේන්තියෙන් වියරු වැටුන මිනිස්සුන්ව නිවුන මිනිස්සු කලා තමන්ගේ මෛත්‍රියෙන්. ඒ අයත් තමන්ගේ පුතා වන රාහුල වගේ තමන්ගේ කරුණාවට ලක් විය යුතු අය විදියටයි උන්වහන්සේ දැක්කේ. එලෙසින් උන්වහන්සේ ඒ අය ගැන කලකිරුණේ නෑ. බුදුහාමුදුරුවො ගිජුකුළු පව්වෙන් ගලක් පෙරලලා තමන්ව මරන්න උත්සහ කරපු දේවදත්ත දිහා බැලුවෙත් රාහුල දිහා බලන විදියටම තමයි. මෙකෙන්ම පේනවා ප්‍රසන්න අප්‍රසන්න අවස්ථාවලදි බුදුහාමුදුරුවො හැසුරුන හැටි. [/FONT]

[FONT=&quot]තමන්ට අප්‍රසන්න දේ වුනත් ප්‍රසන්න විදියට දකින්න පුළුවන් නිසා උන්වහන්සේ සොහොනෙ දාලා තිබුන පුණ්නා දාසියගේ සාරිය සිවුරක් විදියට පාවිච්චියට ගත්තා. ඒ ගැන කිසි අප්පිරියාවක් උන්වහන්සේ තුල තිබුනේ නෑ. ඇයි පංචග්ගදායක විසින් කාලා ඉතිරි කල ඉඳුල් දානය විදියට භාර ගන්න වත් උන්වහන්සේ පැකිලුනේ නෑ.
[/FONT]

[FONT=&quot]මහාකස්සප තෙර හා ලාදුරු රෝගියා. [/FONT]

[FONT=&quot]මහා කාශ්‍යප හාමුදුරුවොත් අප්‍රසන්න දේවලදි බො‍හොම සැහැල්ලුවෙන් මුහුණ දීපු උත්තමයෙක්. වරක් කාශ්‍යප හාමුදුරුවො නිරෝධ සමාපත්තියෙන් නැගිටලා දානය සඳහා ලාදුරු රෝගියෙක් ලඟට වැඩම කලා. මේ ලාදුරු රෝගියා ඒ වෙලාවෙදි කැඳ ටිකක් ආහාර කර ගන්න සූදානම් වෙලා හිටියෙ. ඉතින් බො‍හෝම සතුටක් ඇති වුනා තමන් ලඟට කස්සප හාමුදුරුවො වැඩම කල එක ගැන. මේ ලාදුරු රෝගියා බොහොම ශ්‍රද්ධාවෙන් දානය පිලිගන්වද්දි සමෙන් එල්ලිලා තිබ්බ ඇඟිල්ලක් පාත්‍රයට වැටුනා. මේක කාශ්‍යප හාමුදුරුවො දැක්කත් රෝගියා දැක්කේ නෑ. පස්සෙ තව තවත් ලාදුරු රෝගියාට පින වැඩෙන්නත් එක්ක උන්වහන්සේ පේනමානයේ ඉඳන්ම ඒ දානය වැලඳුවා. නමුත් ඇඟිල්ල වැලඳුවේ නෑ. ඒ ගැන කිසිම අප්‍පිරියාවක් තිබ්බේ නෑ උන්වහන්සේ ලඟ. [/FONT]

[FONT=&quot]ඉතින් තවත් උදාහරණ මොකටද අප්‍රසන්න තැන් වලදි නියම බෞද්ධයො හැසිරෙන ආකාරය දකින්න. සියළුම අර්හත් වරුන්ට පුළුවන් මේ විදියටම දකින්න. [/FONT]

[FONT=&quot]ඒ වගේම තමයි බුදුහාමුදුරුවන්ට පුළුවන්කම තිබ්බා අප්‍රසන්න අවස්ථා ගැන කිසි සැලකිල්ලක් නොදක්වා ඉන්න. කෙනෙක්ගේ ඇ‍ඟේ ඇති වන වේදනාවන් වලින් ඉවත් වෙලා ඉන්න තියෙනවානම් ඒකත් ලොකු සැනසීමක් නොවැ. දේවදත්ත ගල පෙරලපු වෙලාවෙදි ගල් පතුරක් ශ්‍රී පතුලේ වැදිලා ඇති වුන තුවාලය නිසා බුදුහාමුදුරුවන්ට වේදනාව ‍දැනුනත් උනවහන්සේ ඒ වේදනාව ගැන සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඒ වගේම තමයි තමන්ගේ අවසන් කාලයේදී ඉවසන්න බැරි තරම් වේදනාවක් ගෙන දෙන අසනීපයක් ඇති වුනත් ඒ ගැනත් බුදුහාමුදුරුවො සැලකිල්ලක් දැක්වූවේ නෑ. රහතන් වහන්සේලාත් මේ විදියට ප්‍රසන්න අප්‍රසන්න දේ උපේක්ෂාවෙන් ඉවසූ බවත් මෙතනදි මතක් කරන්න ඕනා. [/FONT]

[FONT=&quot]සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාව[/FONT][FONT=&quot] (සංස්කාරුපේක්ඛා ඥාණ) ඇති භාවනා යෝගීන්ට පුළුවන් ප්‍රසන්න හා අප්‍රසන්න හැඟීම් ඇති වූ වහාම ඒ බව දැකලා ක්ෂණයෙන්ම ප්‍රතික්ෂේප කරලා දාන්න. මේ වගේ භාවනායෝගීන්ව හඳුන්වන්නේ තාවකාලික අර්හත් කෙනෙක්ගේ ගුණාංග අත් කරගත් අය කියලා. මේ තත්වයට පත් වෙච්ච අයව අපි ධෛර්යමත් කරන්න අවශ්‍යයි. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]වැරදි සිතුවිලි (මිච්ඡා සංකප්ප) වර්ග තුනයි. [/FONT]

[FONT=&quot]කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප හා විහිංසා සංකප්ප විදියට.[/FONT]

[FONT=&quot]මේ නරක සිතුවිලි කෙනෙක්ගේ මනසෙ තියා ගන්න හොඳ නෑ. ඒවා ඇති වුන ක්ෂණයෙන් ඉවත් කරන්න ඕනා වගේම ඇති වෙන්න දෙන්නත් නරකයි. [/FONT]

[FONT=&quot]නිවැරදි සිතුවිලිත් වර්ග තුනයි. [/FONT]

[FONT=&quot]නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප විදියට. [/FONT]

[FONT=&quot]මේ තමයි අපි වර්ධනය කර ගන්න අවශ්‍ය හොඳ සිතුවිලි. පෘථග්ජනයො කැමති ප්‍රසන්න දේවලට විතරයි. අප්‍රසන්න දේවල් නැති වෙලා යන්නයි ප්‍රාර්ථනා කරන්නේ. [/FONT]

[FONT=&quot]‍කෙසේ වෙතත් බුදුහාමුදුරුවනගේ මනසෙ මේ වගේ අකුසල් සිතුවිලි ඇති ව‍න්නේ නෑ. ඒ මනස පිරිලා තියෙන්නේ කුසල් සිතුවිලි වලින් විතරයි. උන්වහන්සේට ප්‍රසන්න දේ ගැන තණ්හාවක් නෑ වගේම අප්‍රසන්න දේ ගැන කේන්තියකුත් නෑ. ඒ මනස සම්පූර්ණයෙන්ම පැහැදිලියි වගේම මනාව පාලනය වූවක්. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවන්ට තමන්ගේ මනස ධ්‍යාන වලට සම වැදීමෙන් හෝ ඵල සමාපත්ති ඇති කර ගැනීමෙනුත් පාලනය කරන්න පුළුවන්. එකම තත්වයෙන් පවත්නා මෛත්‍රිය මො‍හොතක් නැත්නම් දවසක් සතියක් වගේ තමන් කැමති විදියට පවත්වා ගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]ඉතින් සාතාගිරි කියනවා, බුදුහාමුදුරුවො ත්‍රිවිධ නරක සිතුවිලි වලදි වගේම හොඳ ත්‍රිවිධ සිතුවිලි වලදිත් මනස සම්පූර්ණ පාලනයෙන් යුතුව තබා ගන්නවා කියලා. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො පූජනීයයි. තමන්ට පූජා කල අය අතරයි තමන්ට වෛර කල අය අතරෙයි වෙනසක් උන්වහන්සේ දැක්කේ නෑ. සියළු සත්වයන් කෙරේ පැතුරුවූ මෙත් සිත විශ්වීයයි. හොඳ නරක හැම විටකදිම එක ‍වගේම හිත පිහිටුවා ගත්ත. එසේ හෙයින් උන්වහන්සේ අති පූජනීයයි. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


බුදුහාමුදුරුවො හොරකම් කරනවාද?

හේමවතගේ පළවැනි ප්‍රශ්නයට ලබා දුන්න උත්තරයෙන්ම ඔහු දැන ගත්තා සාතාගිරි මේ කථා කරන්නේ නියමම බුදුහාමුදුරුවො ගැන තමයි කියලා. නමුත් එතනින් නොනැවතුණු ඔහු ඒ බව තවත් සහතික කරගන්න තවත් ප්‍රශ්න ඇහුවා. දෙවන ප්‍රශ්නය තමයි, යහළු සාතාගිරි යමෙක් ක්‍රියාවෙන් හො වචනයෙන් ලබා නුදුන් දෙයක් ඔබේ ගුරුවරයා ලබා ගන්නේද? ඔහු හොරකම් කරනවාද යන්න.

අයිතිකාරයා නුදුන් දෙයක් ලබා ගැනීම හොරකම. ඒක එක්කො බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. බෞද්ධයන්ගෙ පැත්තෙන් ගත්තම මේක නිකම් හෙළා දැකිය යුතු ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවො හොරකම් කරනවාද කියලා ඇහු‍වම කොහොම හිටීද? අඩු තරමේ අපේ වැඩිහිටි හාමුදුරු නමක් හරි හොරකම් කරනවාද කියලා ඇහුවොත් අපිට ටිකක් අප්සට් වෙන්නෙ නැද්ද? නමුත් ඒ කාලෙ හැටියට මේක ඒ තරම් වැරද්දක් නොවෙයි. මොකද කියනවානම් හැමෝම වගේ නියම බුදු කෙනෙක් හොයමින් සිටි කාලයක් ඒ. ඒ වගේම බොරුකාර බුදුවරුත් පෙනී සිටියානේ.

පූරණ කස්සප වගේම අනිත් පස් දෙනත් කිව්වේ තමන් බුදුන් කියලා. ඒ අයගේ අනුගාමිකයො ඔවුන්ට පුද පූජා පැවැත්වූවා ‍වගේම ඒ අය නියම ‍බුදුවරු කියලා විශ්වාස කරමින් ඒ අයගේ සරණ ගියා. බලන්න නමුත් මේ අය හොඳ නරක කියලා ක්‍රියාවන් නෑ කියලා දේශනා පවා පවත්වමින් සිටියානේ.

කස්සප බුදුහාමුදුරුවන්ගේ සාසනේ අවසන් භාගයේ සිට ගෞතම බුදුහාමුදුරුවන්ගේ සාසනේ වෙනකම් ආරක්ෂක යක්ෂයන් විදියට හිඳි දෙන්නෙක් තමයි හේමවත සහ සාතාගිරි. ඉතින් මේ දිග් කාලය තුලදි දැනගෙන ඉන්න ඇති මතු වෙන්න යන බුදුකෙනෙක් ගැන. ඒ වගේම බුදු කෙනෙක්ගේ ගති ගුණත් මේ අය දැනන් ඉන්න ඇති. හේමවත දැනන් හිටියා මේ තමන් තමයි බුද්ධ කියලා කියා ගන්න බොරුකාර බුදුවරු සොරකම් කිරීමෙන් වැලකිලා නැති බව. ඉතින් ඒ නිසා ඔහු මේ ප්‍රශ්න ඇසුවා. ඔහු‍ට ඕනා වුනා සාතාගිරිගේ බුදුහාමුදුරුවො ගැන දැන ගන්න හරියට.

අපිට පුළුවන් මේ තත්වය දෙවියන් වහන්සේට වඳින අයත් එක්ක ටිකක් සසඳලා බලන්න. ඔවුන්ගේ තෙස්තමේන්තුවට අනුව ඔවුන්ගේ දෙවියන් වහන්සේ වැරදි වැඩ වලින් නිදහස් කියලා පේන්නේ නෑ. බුදු දහමේ අකුසල් කියල හඳුන්වන අන් කෙනෙක්ට මරණයෙන් දඬුවම් කිරීම, දේපල විනාශ කිරීමෙන් දඬුවම් කිරීම වගේ දේවල් මේ දෙවියන් වහන්සේ විසින් කරනවා කියලා කියනවා. ඉතින් එහෙම බැලුවම හේමවතගේ ප්‍රශ්නයෙ වරදක් නෑ.

ඉන් පස්සෙ හේමවත අහනවා, ඔබේ බුදුහාමුදුරුවො පසුතැවිල්ලෙන්, ප්‍රමාදයෙන් නිදහස්ද? කියලා. මෙතනදි ප්‍රමාදය කියන්නෙත් එක් ආකාරයකට ගත්තම බ්‍රහ්මචරියාවට නොපවත්වාගෙන යාම. ලිංගික ආශාවෙන් මත් වුන සිත් ඇති කෙනෙක් වැරදි වෙලාවෙ වැරදි විදියට ලිංගික හැසිරීමක යෙදෙනවානම් ඒක නරක ක්‍රියාවක් විදියටයි දකින්නේ. ඉතින් ඒකත් ප්‍රමාදයක් වෙනවා.

ලස්සන කථාවක් තියෙනවා මේ ගැන. කස්සප කියලා තැනින් තැන යන්නෙක් බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 50 කට විතර පස්සෙ ආවා බක්කුල මහරහතන් වහන්සේව මුණ ගැහෙන්න. මේ කස්සප නිගණ්ටනාථපුත්තට අයිති කෙනෙක්. අද මේ අයව හඳුන්වන්නේ ජෛනයො කියලා.

අදටත් මේ හෙළුවෙන් ඉන්න ජෛනයො ඔයාලාට දැක ගන්න පුළුවන් ඉන්දියාවේ ඇවිද්දොත්. එයාලා මේ අයට මුණි කියලා කියනවා. බුදු දහමෙදි මුණි කියන්නේ බුදුවරයෙක්ට. බුදුවරයෙක් කහ සිවුර පො‍රවන් හිටියට මේ මුණි ලා ඉන්නේ හෙළුවෙන්.

ඉතින් මේ කස්සප බක්කුල හාමුදුරුවන්ගේ ගිහි කල යාළුවෙක්. කස්සප බක්කුලගෙන් අහනවා, යහළු බක්කුල ඔබ දැන් කොයි තරම් කාලයක් වෙනවාද බුදු සසුනට ඇවිත්? කියලා. බක්කුල උත්තර දෙනවා අවුරුදු 80 ක් කියලා.

ඉතින් කස්සප අහනවා ඔබ මේ කාලයේදී කොයි තරම් අවස්ථාවක් ලිංගික එක්වීම් ඇති කර ගත්තද කියලා. මේක ඉතින් ඇත්තටම හෙළා දැකිය යුතු ප්‍රශ්නයක් කියලා ඔයාලාට පේනවා ඇති.

බක්කුල කියනවා, යහළු කස්සප ඔබ අහන්න ඕනෙ ඔබ කොයි තරම් නම් ලිංගිකත්වය ගැන සිතනවාද කියලා නේද කියලා.

ඉතින් කස්සප මේ වචනත් දාලා ප්‍රශ්නය අහනවා කියපු විදියට. එ‍තකොට බක්කුල හාමුදුරුවො උත්තර දෙනවා, මන් උපසම්පදාවෙන් අටවැනි දවසෙදි අර්හත් බවට පත් වුනා. අර්හත් වෙනවා කියන්නේ ලිංගිකත්වයට ඇති සියළුම ආශාවන්ගෙන් නිදහස් වෙනවා කියන එකයි. ඉතින් මන් උපසම්පදාවේ ඉඳන් අවුරුදු අසූවක් කල් වෙලත් එක වරකදිවත් ලිංගික සිතුවිලි ඇති කර ගත්තෙ නෑ කියලා.

මේ උත්තරයෙන් කස්සප පුදුම වුනා. ඔහු ඉන් පස්සේ බුද්ධ සාසනේට ඇතුළු වුනා. ඒ වගේම භාවනා පුහුණු කරලා අර්හත් කෙනෙක් වුනා.
ඉතින් හේමවත කියන්නේ බුදු සසුන ගැන නොදන්නම කෙනෙක් නොවන නිසා ඔහු ප්‍රමාදය ගැන ප්‍රශ්නය ඇසුවා. ඔහු අදහස් කලේ සාතාගිරිගෙන් බුදුහාමුදුරුවො ආශාවෙන් නිදහස්ද කියලා අහන්නයි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]බුදුහාමුදුරුවො කිසි විටක ධ්‍යාන නොසලකා හැරියේ නැත. [/FONT]

[FONT=&quot]හේමවත ඇහුවා සාතාගිරිගෙන් බුදුහාමුදුරුවො ධ්‍යානයන් නොසලකා හරිනවාද කියලා. ප්‍රසන්න දේවල් පස්සේ හඹා ගෙන ගෙහුන් ඒ දේවල එල්ලීම අර්හත්ඵලයට බාධාවක්. ඉතින් කෙනෙක් මේවායින් වැලකෙනවා කියන්නේ එයා ධ්‍යානයන්ගේ පළමු පියවර තැබුවා කියන එකයි. මේ ප්‍රශ්නයත් අර කලින් ඇහුව ප්‍රශ්නයත් එක්ක ලඟින්ම යනවා. ඉතින් මේ අනුව ‍පේනවා හේමවත ශාරීරිකව කෙරෙන වැරදි ක්‍රියාවන් (ප්‍රාණගාතය, සොරකම සහ කාම මිථ්‍යාචාරය) අරබයා මේ ප්‍රශ්න ඇහුව කියලා. ඉන් පස්සෙ තමයි ධ්‍යාන ගැන ප්‍රශ්න කලේ. [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවෝ හොරකම් කලේ නැත. [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]යහළු හේමවත අපේ ගුරුවරයා සොරකමින් නිදහස්. ඔහු බොරු බුදුවරුන් වගේ සොරකම් හෝ මංකොල්ලකන්නේ නැත. සාතාගිරිට මේ තරම් විශ්වාසයක් කොයින්ද මේ විදියට බුදුහාමුදුරුවො ගැන කියන්න. හේතුව තමයි බුදුහාමුදුරුවො ධම්මචක්කෙදි දේශනා කරනවා තමන් විසින් මධ්‍යම ප්‍රතිපදාව සොයා ගෙන ඒක අනුගමනය කල බව. ඒ වගේම මාර්ග අංග දියුණු කල බවත් දේශනා කරනවා. මේ ආර්යාෂ්ටාංගික මාර්ගයට නිවැරදි ජීවිකාව ද ඇතුලත් වනවා. ඒ කියන්නේ ප්‍රාණගාතයෙන්, සොරකමින් සහ කාම මිථ්‍යාචාරයෙන් වැලකීමත්. මේ දේවල් කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කල යුතුයි. එය හඳුන්වන්නේ විරති කියලා. [/FONT]

[FONT=&quot]මේ විරතියත් වර්ග තුනක් තියෙනවා.

ප්‍රඥාව ඇති කරගෙන වැරදි ක්‍රියාවන්ගෙන් වැලකීම (සම්පත විරති), සිල් රැකීමෙන් වැරදි ක්‍රියාවන්ගෙන් වැලකීම ( සමාදාන විරති) සහ කෙලෙස් නැති කරලා ස්ථාවරවම වැරැද්දෙන් වැලකීම (සමුච්ඡේද විරති). [/FONT]


[FONT=&quot]සාතාගිරි දැනන් හිටියා බුදුහාමුදුරුවො කයින් වන වැරදි වලින් නිදහස් බව මොකද කියනවානම් තමන් විසින් ආර්ය මාර්ගය සම්පූර්ණ කල බව බුදුහාමුදුරුවො දේශනා කල නිසා. එනිසා ඔහු කිව්වා බුදුහාමුදුරුවො සොරකමින් නිදහස් කියලා.
[/FONT]

[FONT=&quot]බොරුකාර බුදුවරු.
[/FONT]

[FONT=&quot]සොරකම ගැන තව ටිකක් කථා කරමුකො. අපේ බුදුහාමුදුරුවො ඇති වෙන්නත් කලින් ඉඳල තමයි බොරුකාරයො තමන් බුදුවරු කියලා කියන්න පටන් අරන් තිබ්බේ. මේ අය හයක් හිටියා. ඒ අතරින් ප්‍රමුඛයෙක් වන පූර්ණ කස්සප කිව්වේ ප්‍රාණගාතය, සොරකම මංකොල්ලකෑම නරක දේවල් නෙමේ කියලාත් දාන දීම වගේ දේවල් හොඳ දේවල් නෙමේ කියලාත්. [/FONT]
[FONT=&quot]
තවත් බොරුකාරයෙක් වෙච්ච මක්ඛලී ගෝසාල කිව්වේ, දුකට හෝ සැපතට කිසි හේතුවක් නැති බවත් ඒ දේවල් දෛවයෙන් නියම වෙන බවත් කෙනෙක් කොයි තරම් නරක වැඩ කලත් ප්‍රශ්නයක් නොවෙන බවත්. ඒ වගේම තමයි කෙනෙක් හොඳ කලත් පලක් වෙන්නෙත් නෑ. මෙයා කිව්වේ සංසාරය කියලා දෙයක් නැති බවයි. තමන්ගේ අවස්ථාව ආවම සෑම සත්වයෙක්ම ආරක්ෂා වෙනවා කියලායි. [/FONT]


[FONT=&quot]පකුධ කච්චායනගේ කථාව තමයි සෑම සත්වයෙක්ම සතර මහා භූතයන්ගෙන් සහ දුක, සැප සහ ජීවිය කියන අංග හතෙන් යුක්ත බවත් ඉතින් සතෙක්ව කඩුවකින් කපනවානම් කැපෙන්නේ මේ අංග මිසක් සත්වයා නෙමෙයි කියලායි. [/FONT]
[FONT=&quot]
අජිත කේසකම්බලි ටිකක් වෙනස්. එයා කියන්නේ කිසිම සතෙක්ට මේ ජීවිතයෙන් පස්සේ වෙනත් පැවැත්මක් නෑ කියලයි. මේ නිසා ඉතින් හොඳ නරක කිසි දෙයකින් ඵලයක් ඇති කෙරෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]
මේ බොරු බුදුවරුන්ගේ ඉගැන්වීම් බැලුවම ඔයාලට පේනවා ඇති එයාලා මිනිස්සුන්ට සොරකමට කාමමිථ්‍යාචාරයට වගේ දුසරිත් කරන්න උඩගෙඩි දීමක් නේද කරන්නේ කියලා. [/FONT]

[FONT=&quot]
කිසිකෙනෙක් මැරෙන්නවත් සොරකමට ලක් වෙන්නවත් කැමති නෑ. [/FONT]


[FONT=&quot]ස්වභාවයෙන්ම සෑම සත්වයෙක්ම කැමතියි දිග කාලයක් ජීවත් වෙන්න. කවුරුවත් කැමති නෑ මැරෙන්න. ඒ වගේම කවුරුවත් කැමති නෑ තමන් මහන්සියෙන් හම්බකරගත් දේවල් වෙන කෙනෙක් හොරකම් කරනවාට. මේ නිසා කිසි කෙනෙක් තවත් සතෙක්ව මරන්න හොඳ නෑ. සතුන් බිලි දීලා පූජාවල් කලාම මහත් ඵලයි කියලා වැරදි වැටහීමෙ ඉඳන් සත්තු බිලි දීම අනුමත කරන්න බෑ. ඒ වගේම සොරකම් කිරීමත් කරන්න හොඳ නෑ. සමහරු කියනවා ඇති අයගෙන් අරන් නැති අයට දුන්නට කමක් නෑ කියලා. ඒකත් වැරදි මතයක් බව මෙහිදී කියන්න ඕනා. කොහොම කලත් මොණ අරමුණින් කලත් සොරකම සොරකමම තමයි.

[/FONT]
[FONT=&quot]ඒ වුනත් බුද්ධ කාලයේ ඉඳි ‍බොරු බුදුවරු පවත්වාගෙන ගිය මතය තමයි ප්‍රාණාගාතය, සොරකම කියන්නේ වැරදි දේවල් නොවෙයි කියන එක. ඉතින් මේ දේවල් මේ විදියට කියන තාක් කල් ඒකෙන් ඇඟවෙන්නේ ඒ අයත් ඒ දේවලින් ඈත් වෙලා නෑ කියන එකනේ. නමුත් නියම බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දේවල් වැරදියි කියලායි. ඔහු ඒ දේවල් කලෙත් නෑ, අනිත් අයව ඒ දේවල් කරන්න පෙළඹවූවෙත් නෑ. මේ තමයි හේමවත මේ ප්‍රශ්න අහන්නයි සාතාගිරි හොඳ විශ්වාසයෙන් යුතුව බුදුහාමුදුරුවො සොරකමින් නිදහස් කියලා උත්තර දෙන්නයි හේතුව. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]සොරකමින් වැලකීම. [/FONT]

[FONT=&quot]කෙනෙක් පූර්ණ වශයෙන්ම නිවැරදි ක්‍රියාවෙ යෙදෙන්නේ නැත්නම් එයා කොයිතරම් කිව්වත් තමන් හොරකම් කරන්නේ නෑ කියලා අපිට විශ්වාස කරන්න බෑ. අවස්ථාව ආපු ගමන්ම ආශාව ඇති කෙනෙක් සොරකම් කරනවා. බලන්නකො පසුගිය 2004 සුනාමියෙන් පස්සේ සමහර අවස්ථාවලදි බොරුවට සුනාමි එනවා කියලා මිනිස්සු බය කරලා ගෙවල් දාලා දිව්වාට පස්සේ තවත් පිරිසක් ඇවිල්ලා ඒ ගෙවල්වල තිබ්බ බඩු මුට්ටු හොරකම් කරන් ගියා නොයෙක් මුහුදුබඩ පැති වල. ‍මේ තමයි මිනිස්සුන්ගේ හැටි. මේ අය අතරෙ පන්සිල් ගන්න අයත් ඉන්න ඇති. ඒ අයගේ සිල් ගැන ඉතින් තවත් කුමන කථාද? බුදුහාමුදුරුවො නිවැරදි ක්‍රියාව අනු දැන වදාලා. ඒ වගේම සොරකම, ප්‍රාණගාතය වගේ අකුසලයන් ගෙනුත් නිදහස් වුනා. [/FONT]

[FONT=&quot]සොරකම් කරන කෙනෙක්ට මනුෂ්‍යයෙකුට අනිත් මනුෂ්‍යයො ගැන තියෙන්න ඕනා මානුෂික හැඟීම් ඇත්තේ නෑ. කිසි කෙනෙක් සොරකමට ලක් වෙන්න කැමති නෑ නේ. කවුද කැමති පාරක් ගැන අහන කෙනෙක්ට කරුණාවෙන් පාර පෙන්නද්දි බෙල්ලෙ තියන මාගේ කඩන් යනවාට? මානුෂික හැඟීම් තියෙන කෙනෙක් නම් සිල් නොරැක්කත් අනුන්ගේ දේවල් හොරෙන් ගන්න යන්නේ නෑ. මේ ආකාරයේ වැලකී සිටීම හඳුන්‍වන්නේ සම්පත්ත විරති කියලා. සිල් රැකීමෙන් පසුව කරනු ලැබෙන වැලකීම හඳුන්වන්නේ සමාදාන විරති කියලා. [/FONT]

[FONT=&quot]මේ සොරකම සම්බන්ධයෙන් ජෛන ගුරුවරයෙක් වරක කියනවා, මිනිහෙකුගේ දේපල කියන්නේ ඔහුගේ බාහිර ජීවිතයයි, ඉතින් සොරකම් කරනවා කියන්නේ ඔහුගේ ජීවිතය ගන්නවා වගේ කියලා. මොකක්ද මෙයා කියන්නේ? සොරකම කියන දේ ප්‍රාණගාතය හා සමානයි. මොකද කියනවානම් කෙනෙක්ට ජීවත් වෙන්න බාහිර දේවල් අවශ්‍යයි. ඉතින් ඒවා හොරකම් කරනවා කියන්නේ ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරනවා කියන එකනෙ. කෙනෙක් තමන්ගේ දේපල ගොඩනගා ගන්නේ හරිම මහන්සියෙන්. ඉතින් ඇත්තටම කියනවානම් දේපල ඒ මිනිහාගේ ජීවිතේ කොටසක්. සමහරු මේ දේපලට ඇති කෑදරකම නිසාවෙන්ම දේපල නැති වුනාම මැරිලා ‍යනවා. මේ නිසා තමයි ජෛන ගුරුවරයා කිව්වේ මිනිහෙක්ගේ බාහිර ජීවිතය කියන්නේ දේපලයි කියලා. [/FONT]

[FONT=&quot]ප්‍රඥාව නිසා වැලකීම. [/FONT]

[FONT=&quot]තණ්හාව ඇති කෙනා අඩු තරමේ සිල් නිසාවෙන් හරි නැත්නම් මිනිස් හැඟීම් ගැන හිතලා හරි හොරකම් කරන එක නතර කරන්න ඕනා. ඇති වීම නැති වීම ගැන භාවනා කරන අයට නම් හොරකම කියන එක එතනදිම සම්පූර්ණ වෙලායි තියෙන්නේ. එයාලාට හැම දෙයක්ම නිමක් නොමැතිව ඇති වෙලා නැති වෙලා යන දේවල්. සම්පූර්ණ සිද්ධියම කෙනෙක්ගේ පාලනයට යටත් නෑ. ඉතින් අනත්තයි. ඒ බව දන්නා නිසාවෙන් ප්‍රාණගාතයට හෝ සොරකමට ඇති ආශාව ඇති වෙන්නේ නෑ. භාවනා පුහුණුව විසින්ම වැලකීම සිදු කරනවා. [/FONT]

[FONT=&quot]ආර්ය මාර්ලය තුලින් වැලකීම. [/FONT]

[FONT=&quot]භාවනා පුහුණුව උසස් මට්ටමකට පත් වුනාම කෙනෙක්ට පුළුවන් නාම හා රූප වල නැති වීම සම්බන්ධයෙන් අවබෝධය ඇති කර ගන්න වගේම ආර්ය මාර්ගය ගැන දැනීමත් ඇති කරගන්න. මේ අවස්ථාවෙදි සොරකමට ආශාවක් හෝ වෙනත් නරක ක්‍රියාවක් සඳහා හිතක් පහල වෙන්නේ නෑ. මේ වෙලාවෙලදි ආර්යන් විසින් කරනු ලබන වැලකීම වශයෙන් කෙලෙස් ඇති වෙන්නේ නෑ. මේ පූර්ණ අතහැරීම හැඳින්වෙන්නේ සමුච්චේද විරති විදියට. මේ තත්වය උසස් තලයන්ට ලන් වූනාම විතරක් නෙමේ සෝවාන් ඵලයට පත් වුනාමත් ඇති වෙන්නේ පුළුවන්. [/FONT]

[FONT=&quot]ධම්මදාස සූත්‍රයට අනුව සෝවාන් ඵලයට පත් වුන පුද්ගලයා සතු ‍වෙනවා බුදුහාමුදුරුවො ගැන නොකැඩෙන විශ්වාසය. ඉතින් මේ නිසා එයාට බුදුහාමුදුරුවො ගැන තියෙන්නෙ ලොකු ශ්‍රද්ධාවක්. ඒ විදියටම ධර්මය හා සංඝ රත්නය ගැනත් විශ්වාසය ඔහුට ඇති වෙනවා. ඒ වගේම සෝවාන් තැනැත්තා පන්සිල් රකින්නෙත් අනිත් කෙනෙක්ට වඩා ඉහල විදියට. ඉතින් ත්‍රිවිධ රත්නය ගැන නොකැඩෙන විශ්වාසයක් ඇති සෝවාන් තැනැත්තා ආර්ය පුද්ගලයෙක් බවටත් පත් වෙනවා. [/FONT]

[FONT=&quot]ආර්යන් පන් සිල් වලට ගරු කරනවා වගේම එයාලට ඕනා වෙන්නේ නෑ ඒවා කඩන්නත්. ඒ අය නිතරම තමන්ගේ ශීලය ආරක්ෂා කර ගන්නයි උත්සහ වන්නේ. ඒ අය සිල් රකින්නේ අනිත් අ‍යගෙන් බැණුම් අහන්න වෙයි කියලා බයට එහෙම නෙමේ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මනස පිරිසිදුවට තියා ගන්නයි. ඉතින් පිරිසුදු මනසක් ඇති කර ගන්න නම් පන්සිල් රකින්න. මේ ආත්ම භවයෙදි විතරක් නෙමෙයි ඊළඟ ආත්ම වලදි වත් එයාලගෙන් සිල් කැඩෙන්නේ නෑ. ඒ අය දන්නේ නැ තමන් කලින් ආත්මෙදි සෝවාන් වුනා කියලා, ඒත් එයාලා දන්නවා පන්සිල් නොකඩා රකින්න ඕනා කියලා.

[/FONT]
[FONT=&quot]සමහරවිට මුණාගැහිලා ඇති පුංචි කාලෙ ඉඳන් කිසිම නරක වැඩක් නොකරන අයව. දෙමව්පියන්ගෙන් හරි වැඩිහිටියන්ගෙන් හරි උපදෙස් ගන්නෙ නැතුවම ඒ අය දන්නවා කරන්න ඕනා මොනවාද කියලා. සමහරවිට පෙර භවයෙදි ඒ කෙනා කුමක් හෝ විපස්සනා ඥාණයක් වුනත් අත්කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති නේ බෞද්ධ නොවන දෙමව්පියන්ට දාව දුරු රටවල ඉපදුන අය ලංකා‍වට එනවා ධර්මය ඉගෙන ගන්න. ඒ ව‍ගේ අය ගැන බලද්දි අපිට හිතන්න පුළුවන් ඒ අය පෙර ආත්ම වලදි බුදු දහම ගැන අවබෝධයක් ලබලා ඇති කියලා. මේවා ලස්සන සිදුවීම් නමුත් ධර්මයට අනුව දකින්න ඕනා. [/FONT]

[FONT=&quot]නියම සෝවාන් ඵල ලාභියා ආර්ය මාර්ගයට පිළිපන් නිසා දුසරිත් වලින් වැලකිලා තදින් පන්සිල් රකිනවා. තණ්හාවෙන් හා ද්වේෂයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නැති වුනත් මෙයා ඒවා බාධාවක් කර ගන්නේ නෑ පන්සිල් රකින්න. සෝවාන් කෙනාට යමක් අවශ්‍ය නම් එයා හොරකම් කරන්නේ නෑ. නමුත් ඒ දේ එක්කො මිලට ගනී, නැත්නම් දෙන්න පුළුවන්ද කියලා අහාවි. ඒ තමයි ආර්යන්ගේ ස්වභාවික හැසිරීම. බුදුහාමුදුරුවො සියළු කෙලෙස් ත්‍රිවිධාකාරයෙන්ම වැලකීමෙන් දුරු කර ඇති නිසා සොරකම සම්පූර්ණයෙන්ම අහක් වෙනවා එතනින්. ධම්මචක්කෙදි උන් වහන්සේ දේශනා කරනවා තමන් වැරදි ක්‍රියාවන්ගෙන් අත් මිදුනා කියලා. ඒ නිසයි සාතාගිරි කියන්නේ, [/FONT]

[FONT=&quot]ගෞතම බුදුහාමුදුරුවො තමන්ට වචනයෙන් හෝ ක්‍රියාවෙන් අයිතිකරු විසින් නුදුන් දෙයක් ගැනීමේ වැරදි ක්‍රියාවෙන් නිදහස්. එය මම විශ්වාසයෙන්ම ප්‍රකාශ කරනවා කියලා. [/FONT]


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]හේමවත මේ ප්‍රශ්න අහන්නේ බුදුහාමුදුරුවො ස්ථිරවම අකුසලයන්ගෙන් ඉවත් වුනාද කියලා දැනගන්නයි. [/FONT]

[FONT=&quot]දෙවන උත්තරය වෙන්නේ, ගෞතම බුදුහාමුදුරුවො ජීවි සතුන්ට වධ දීමෙනුත් නිදහස්. ඔහු සතුන්ට හිංසා කිරීමෙන් සහ ප්‍රාණ ගාතයෙන් නිදහස්. යන්නයි. මේ උත්තරය අවශ්‍ය වෙන්නේ නෑ බුදුහාමුදුරුවන්ගේ ගුණයන් අඳුන ගත්තම. නමුත් ඒ කාලේ හිඳි බොරුකාර මම බුදුයි කියලා කියා ගන්ත අය නිසා මෙහෙම අහන්නත් වෙනවා. අරමුණ තමයි මේ ‍හොරුන්ගෙන් නියම බුදුහාමුදුරුවන්ව වෙන් කර ගැනීම. සමහරු විශ්වාස කලේ ලෝකයේ සහ සත්වයන්ගේ නිර්මාතෘ දෙවි කෙනෙක් කියලා. ඔවුන්ගෙම පොත් වල ඔවුන්ම සඳහන් කරනවා කෙනෙක් ඒ දෙවියන්ගේ අදහස් වලට පිටින් ගියොත් දඬුවමට ලක් වෙන බව. මේ දඬුවම අත පය කැඩීමේ සිට භූමි කම්පා වලට ලක් කිරීම තරම් නැත්නම් ඊටත් වඩා දරුණුයි. ඉතින් එහෙම නම් මේ දෙවියොත් නරක ක්‍රියාවන්ගෙන් නිදහස් නෑ නේ. ඉතින් පවතිනා තත්වය ඇතුලත හේමවතගේ ප්‍රශ්නය හුඟක් වැදගත්.[/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]ප්‍රාණගාතය කරන්නා සෝවාන් වූවෙක් නොවේ. [/FONT]

[FONT=&quot]සමහර වෙලාවට සමහරු කියනවා සෝවාන් වූ කෙනෙක් අනෙක් අය නොමරන බවත් ඒත් කවුරුහරි එයාව මරන්න ආ‍වොත් අන්න ඒ කෙනාව මරාවි කියලා. නීතියෙනුත් තියෙනවානේ ආත්මාරක්ෂාවේ අයිතිය මරණය දක්වා ගමන් කරනවා කියලා. මේ කථාව ඒ අවස්ථාවන්ට සමානයි. [/FONT]
[FONT=&quot]බුදු දහමට අනුව නම් මේ කථන්දරේ ‍ගැලපෙන්නේ නෑ. කවුරුහරි කෙනෙක් තමන්ව මරන්න එන කෙනෙක්ට හරි විරුද්ධව කටයුතු කරනවා නම් එයා සෝවාන් වූවෙක් නොවේ. මේ වගේ මත තියෙන අය සාමාන්‍ය පෘථග්ජනයෙක් විතරයි. නියම සෝවාන් වූ කෙනා මිනිහෙක් තියා අඩු තරමේ කැරපොත්තෙක්වත්, මදුරුවෙක්වත් මරන්නේ නෑ. මේ කරුණ අපි සිහිතබා ගත යුතුයි. [/FONT]

[FONT=&quot]ඒ වගේම තමයි කවුරුහරි කියනවානම් මත් පැන් මොනවාහරි ජාතියක් වේවා මාර්ග ඵල ලැබූවෙක් පාවිච්චි කරනවා කියලා එයත් දැන ගන්න ඕනා තමන් ඉන්න තැන කොතනද කියලා. ඒ වගේම තමයි සෝවාන් වූවෙකුට කම් සැප නිවැරදි විදියට විඳින්න බැරි කමක් නෑ. සමහරවිට එයා ගිහියෙක් නම් පවුල් ජීවිතයක් තිබුනාට වැරුද්දක් නෑ. නමුත් පැවිද්දෙක් නම් පවුලක් තියෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො සම්බන්ධයෙන් ගත්තම මේ නරක වැඩ සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කලා. ඒ නිසයි සාතාගිරි බය නැතුව ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවො ගැන. [/FONT]

[FONT=&quot]තුන්වන උත්තරය තමයි මගේ ගුරුතුමා වන බුදුහාමුදුරුවන්ට අමතක වීමක් නෑ. ප්‍රමාදයෙන් හුඟක් ඈතයි කියන එක. [/FONT]

[FONT=&quot]අමතක වීම ගැන විශේෂයෙන් හඳුන්වන්න අවශ්‍ය නෑ නේ.ඔයාලාට නමක් අමතක වෙන්න පුළුවන්. නැත්නම් තැනක් අමතක වෙන්න පුළුවන්. නමුත් මෙතනදි කථා කරන අමතක වීම මේ අර්තයෙන් නෙමෙයි කථා කරන්නේ. මෙතනදි කථා කරන්නේ පංචේන්ද්‍රිය පිනවන්නට යාම නිසා ඒ පිනවීමට මනස යොදවීමෙන් ප්‍රමාදයට පත් වීමයි. [/FONT]

[FONT=&quot]ප්‍රමාදය කියන්නේ මනසට ඕනාම ආකාරයකට ඉන්ද්‍රිය පිනවන්නට දීමයි. හරියට කඹයකින් බැඳල ඉඳි හරක් බානක් ඉන් නිදහස් කරලා අත හැරීම වගේ. උන් උන්ට ඕනේ විදියට තණ කොල කකා ඇවිදගෙන යනවානේ. මේ ආකාරයේ අමතක වීම හරිම සැපතක් විදියටයි සැලකෙන්නේ.
ගැහැණියකුගේ හරි මිනිහෙකුගේ හරි සුන්දරත්වය විඳීම, මිහිර ශබ්දයක් අහන්න යොමු වීම, රස එහෙම නැත්නම් ප්‍රසන්න සුවඳවල් සෙවීම වගේම සැපවත් ස්පර්ශයන් සෙවීම වගේ දේවල් හරිම සනීපයි. ඇත්තටම කියනවානම් තමන්ට නැති වුනත් කල්පනා ලෝකෙදි හරි ජීවිතයේ සතුට විඳීම ඔය හුඟක් මිනිස්සු කරන්නේ අපි කියන්නේ හීන මාළිගා හදනවා කියලා ඒකත් හරිම සැපයි.

[/FONT]
[FONT=&quot]ඔයාලා අවදියෙන් ඉන්න හැම පැයකදිම වගේ මනස වැය කරන්නේ කොහොමද ජීවිතයේ සැප හොයන් ඒවා විඳින්නේ කියලා කල්පනා කරන්නයි.ඒක මේ පැයකට දෙකකට දවසකට විතරක් සීමා වූවක් නෙමේ මුළු ජීවිත කාලෙම කරන්නක්. යම් විදියකින් ඒ දේවල් හිතන්න කාලයක් නැති වුනොත් ඔයාලට ජීවිතය එපා වෙනවා. කලකිරෙනවා. ඉන්ද්‍රියන් පිනවන්න නැතිව මේ ලෝකෙ ජීවත් වෙලා වැඩක් නෑ කියලයි බොහෝ දෙනා හිතන්නේ. පෘථග්ජනයො වෙච්චම ඒ හිතු‍විල්ලේ ඇති ‍වැරද්දකුත් නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ එතනින් කවදාවත් නියම සැප, සතුට නොලැබීමයි. මේ විදියට ඉන්ද්‍රිය පිනවන්නට කල්පනා කිරීම ප්‍රමාදය විදියට හඳුන්වනවා. විශේෂයෙන්ම ලිංගිකව ලබන පිනවීම මේ අතුරින් ප්‍රදානයි. ඉතින් හේමවත අහනවා යාළුවාගෙන් බුදුහාමුදුරුවො ලිංගික තෘප්තියෙන් ලබන සතුටින් නිදහස්ද කියලා.

[/FONT]
[FONT=&quot]සාතාගිරිත් බය නැතුව උත්තර දෙනවා බුදුහාමුදුරුවො රාගයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කියලා.

[/FONT]
[FONT=&quot]ඇත්තටම කියනවානම් බුදුහාමුදුරුවො රාගයෙන් විතරක් නෙමේ අනෙක් ඉන්ද්‍රියන්ගෙන් වන පිනවීමෙනුත් සම්පූර්ණයෙන්ම නිදහස්. ඒ වගේම උන්වහන්සේ හැම වෙලාවෙම සතර සතිපට්ඨානයට අවධානය යොමු කරලයි සිටියේ. ඒ වගේම උන් වහන්සේ ධ්‍යානයන් නොසලකා හැරියෙත් නෑ. [/FONT]

[FONT=&quot]ධ්‍යානත් දෙයාකාරයි. සමථ හා විපස්සනා ධ්‍යාන විදියට. එක් අරමුණකට සිහිය පිහිටුවීම සමථය වෙද්දි නාම රූප සංසිද්ධිය සම්බන්ධයෙන් සිහිය පිහිටුවීම විපස්සනා වෙනවා. ඇති වීම හා නැති වීම ගැන ‍නිරන්තරයෙන් සිහිය පිහිටුවන තැනැත්තාට පුළුවන් වෙනවා ඒ තුල ඇති අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ස්වභාවය දකින්න. [/FONT]