*..මැරෙන..දවස..*

මැරෙනවට බයද....?

  • ඔව්

    Votes: 30 27.8%
  • නෑ

    Votes: 78 72.2%

  • Total voters
    108

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    dead-body-hearse.jpg


    අහ් කොහොමද යලුවනේ... ජීවිතේ.? අද මම ඔයාලට අලුත් දෙයක් දෙනවා කියල හිතුව (අලුත් කිව්වට අලුත්ම නෑ)
    කව්ද කමති මැරෙන දවස කලින් දැනගන්න .. මම හිතන විදියට අපි ඔක්කොම කැමති නේද යලුවනේ...
    ඉතින් මට හම්බවුනා මරු භාණ්ඩයක් මෙකෙන් පුලුවන් ඔයලගේ මැරෙන දවස බලා ගන්න හැබැයි මෙක ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්... කැමති අයට මේ ත්‍රෙඩ් එක අවසාන බාගන්න ලින්ක් එක දනවා බාගෙන බලන්න ...


    මරණය හා මරණින් මතු ජීවිතය විවිධ ආගමික අදහස් විමසා බැලීමක්

    ශාස්ත්‍රපති ආර්.ඩී. ශි‍්‍රයානි හේමලතා

    z_p16-Maranaya.jpg

    අපාගතවීම සම්බන්ධයෙන් යුදෙව්වන් තුළ පවතින්නේ පරස්පර විරෝධී අදහසකි. අතැම් තැනක දක්වන පරිදි අපාගත වන්නේ සදාකාලිකව එහිම සිටිති. එහෙත් තවත් අවස්ථාවකදී කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලබා නිරාගත ජීවිතයෙන් අත්මිදීමේ හැකියාව ලබති.
    ක්‍රිස්තියානි ආගමික මතය අනුව භෞතික සිරුරත් ආත්මයත් යන දෙකේම සුසංයෝගයක් වශයෙන් මිනිසා පවතී. මරණය යනු ආත්මය භෞතික සිරුර අත්හැර දැමීම නිසා එය අක්‍රිය තත්ත්වයට පත්වීමයි. ස්වභාවික මරණයත් අවසාන විනිශ්චයත් අතර කාල පරාසය තුළ සිරුරෙන් වෙන්ව යන ආත්මය පුද්ගල විනිශ්චය හා විශ්වීය විනිශ්චය යන අවස්ථා දෙකට මුහුණ දෙයි. පුද්ගල විනිශ්චය යනු දෙවියන් වහන්සේ වෙතින් ඒ ඒ පුද්ගලයා ලබන පෞද්ගලික විනිශ්චයයි. විශ්වීය විනිශ්චය යනු ස්වර්ගය හා නිරය ඇතුළුව සියලු දෙනා වෙත පොදුවේ ලබාදෙන විනිශ්චයයි. පුද්ගල විනිශ්චයේදී තුන් ආකාරයකට එය වර්ග කරනු ලබයි.
    1.දෙවියන් වහන්සේතේ අන්‍ය සත්වයනුත් වෙත ආදරයෙන් මියගිය තැනැත්තාගේ ආත්මය කිලිටි වී නැති බැවින් ඍජුවම සවර්ගය කරා කැඳවා ගනී.
    2. පාපී ජීවිත ගතකළවුන් ඍජුවම අපාගත වේ.
    3. පව්කමින් පළමුව ජීවත් වී කරුණු අවබෝධකර ගැනීමෙන් පසුව පශ්චාත්තාප වූ අය ස්වර්ගයට යෑමට පළමුව දුක්විඳිය යුතු ස්ථානයක ඉපදී අනතුරුව ස්වර්ගස්ථ වෙති.
    යෙසුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව ජීවත් වූවන් ස්වර්ගයටත් අනෙක් අය නිරයටත් පමුණුවන බව එහි සඳහන් වේ. නිරය යනු සදාකාලික දණ්ඩනයේ ස්ථානයක් වන අතර ස්වර්ගය යනු දෙවියන් වහන්සේ සමඟ සමගාමී වීමකි.
    ඉස්ලාම් මතය අනුව මිනිසාගේ ජීවිතය භෞතික සිරුරේ විනාශයෙන් කෙළවර වී ආත්මීය කොටස අල්ලාහ් ගේ අවසාන විනිශ්චය දිනය දක්වා පවතී. මරණයේ සිට අවසාන විනිශ්චය දක්වා කාලය ‘අල්බර්ෂාන් ‘ නමින් හැඳින්වෙන ස්ථානයේ පවතින බව සැලකේ. අවසාන විනිශ්චය දිනය දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ලබන්නකි. මෙම දිනයට කලින් සියල්ලෝම මරණයෙන් උත්තානය වෙති. සියලු ආත්මයෝ මරණයෙන් උත්තානය වූ භෞතික සිරුරු සමඟම දේව දූතයන්ගේ මඟ පෙන්වීමෙන්, අල්ලාහ් අභිමුඛයට යති. සියලු ආත්මයන් කෙරෙහි දෙවියන්ගේ අවසන් විනිශ්චය ලැබෙන අතර, අනතුරුව ඒ සියල්ලන් ම ‘අල්ෂිරාන් ‘නම් වූ පාලම අසලට පැමිණේ. එහිදී පාපීන් එතෙර වන විට පාලම අසිපත් තුඩක් තරමට සිහින් වී ඔවුන් නිරයට හෙළන අතර අල්ලාහ්ට අනුකූල වූවන් එතෙර වන විට එය පුළුල් වී ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ. එහිදී සිදුවන වැදගත් දෙයක් නම් තම භෞතික සිරුර පසෙක දමා ආධ්‍යාත්මික සිරුරුවලින් යුක්තව දෙවියන් වහන්සේ සහ දේවදූතයකු සමඟ සදා සංතෘප්තිකව ස්වර්ගයේ කොටස්කරුවකු බවට පත්වීමයි.
    සරථුස්ත්‍ර ආගම තුළත් ඉදිරිපත් කර ඇති මරණින් මතු පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කිතුනු හා ඉස්ලාම් මතයට සමාන වේ. සදාතනික ස්වර්ගය, නිරය හා අන්තරාභවය යනුවෙන් කොටස් තුනකින් මරණින් මතු පැවැත්ම ගැන ඔවුහු කතා කරති. එහිදී ‘වින්වන් පාලම’ නම් වු පාපින් හා ධාර්මිකයන් එතෙර කිරීමට උපකාරීවන ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. ඉස්ලාම් දහමෙන් මෙය වෙනස් වන්නේ මෙම පාලමෙන් එතෙර වීමේදී ‘වොහුමාන් ‘ නමැති දේවදූතයකුගේ උපකාරය ලැබෙන හෙයිනි. සරථුස්ත්‍ර ආගමට අනුව ද නිරාගත ජීවිතය සදාකාලික වුවක් නොවන අතර වසර දොළොස් දහසක් ගතවූ පසුව නිරාගත වූවකුට ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.
    මරණය සම්බන්ධයෙන් බෞද්ධ මතය මේ සියල්ලට ම වඩා වෙනස් වූවකි. පුද්ගලයාගෙ සිතෙහි අනුසය පවතී. (අනුසය යනු සිත තුළ යටපත්ව, සැඟව ඇති කුසලාකුසල බීජ සමූහයයි) තම තමා විසින් කරන ලද ක්‍රියාවේ බරපතළකම අනුව ඒවා සිත තුළ නිද්‍රෝපගතව පවතී. සිත නිතරම ක්‍රියාත්මකව පවතින්නකි. එය නවතා තැබීම දුෂ්කරය. එහි වේගය භෞතික රූප වෙනස්වීම් වේගයට වඩා දහහත් ගුණයකින් වැඩිය. සිතින් කරන කාර්යය දාහතරකි. මෙයින් පළමු වැන්න වන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යයයි. එනම්, මරණයෙන් ජීවිතය කෙළවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති කිරීමයි. අවසන් කාර්යය නම් චුති කෘත්‍යයයි. එනම් එක් එක් භවය (ජීවිතය) කෙළවර කිරීමයි. මෙයින් උපත හා මරණය යන දෙකෙහි ස්වභාව පැහැදිලි කර තිබේ.
    පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතූපපාත ඤාණය මගින්, මරණයට පත් වූ පුද්ගලයාගේ පෙර භවයන් හා පසු භවයන් පිළිබඳ අදහස දක්වා තිබේ. මරණය හා මරණයෙන් පසු තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මෙයද වැදගත් සාධකයකි.
    දස සංයෝජන (දස සංයෝජන යනු පුද්ගලයාග් නිදහස් චින්තනයට බාධා පමුණුවන සිතේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන කෙලෙස් දහයකි) සිඳලූ අයගේ මරණයෙන් මතු තත්ත්වයට කුමක් වුයේද යන්න විග්‍රහකර වචනාර්ථයෙන් දැක්වීම අපහසුය. පහන් දැල්ල නිවී යෑමෙන් අනතුරුව එය ගිය දිසාව සෙවිය නොහැකිවාත් මෙන්ම එයද සෙවිය නොහැකිය. එසේ නොවූ අය කරන කුසල,අකුසල කර්ම අනුව උත්පත්තිය ලබන බව තේවිජ්ජ , දේවදූත, චුල්ලකම්ම, මහාවිභංග ආදි සූත්‍රවලදී පැහැදිලි කර ඇත.
    අධර්ම චර්යා, විසම චර්යා හේතුවෙන් ඇතැම් සත්වයෝ දුගතියේ උපදිති. ධර්ම චර්යා, සම චර්යා හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ සුගතිගාමි වෙති(මජ්ඣිම නිකාය වේරඤ්ජ සූත්‍රය) මිනිස් කයක් දරමින් සිටියදී ම කෙනකු සුනඛ හැසිරීම් අනුව ජිවත් වන්නේද මරණින් මතු ඔහු සුනඛයින් අතර ඉපදීමට බොහෝ ඉඩකඩ ඇත. (මජ්ඣිම නිකාය කුක්කුරවතිය සූත්‍රය) යම් පුද්ගලයකු මෙත්තා, කරුණා,මුදිතා, උපෙක්ෂා ආදී බඹ විහරණ පුරුදු කරන්නන් ද ඔහු බ්‍රහ්මයන් අතර උපදී (තේවිජ්ජ සූත්‍රය) කුසල අකුසල කර්මවලට අනුරූපව විපාක ලැබේ. ඒ අනුව පුද්ගලයකු මරණයෙන් පසුව තමා සිදුකර ඇති කර්ම ශක්තීන් අනුව නිරය, තිරිසන් යෝනිය, පේ‍්‍රත ලෝකය , මනුෂ්‍ය ලෝකය හා දිව්‍යලෝකය ආදි වූ උප්පත්ති ස්ථානයන්හි උපත ලැබිය හැකිය.


    මෙන්න මම කියපු භාණ්ඩේ මෙතනින් බාගන්න...
    අහ් මේවගේ තව භාණ්ඩයක් තියෙනවා එක පස්සෙ දවසක දෙන්නම්කෝ

    යලුවනේ වැඩේ හොදනම් rep , comment දීලා යන්න මතක ඇතිව..


    picture.php

     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මම මැරෙන්න බයයි..... මම කියන්නේ අවංකවම.... උඩු හිතින් කිව්වත් මැරෙන්න බය නෑ කියලා... ය‍ටි හිත මැරෙනවට බයයි.... නැත්තම් ඕනම කෙනෙක් මරනින් ගැලවෙන්න උත්සහ කරන්නේ ඇයි.......
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මම මැරෙන්න බයයි..... මම කියන්නේ අවංකවම.... උඩු හිතින් කිව්වත් මැරෙන්න බය නෑ කියලා... ය‍ටි හිත මැරෙනවට බයයි.... නැත්තම් ඕනම කෙනෙක් මරනින් ගැලවෙන්න උත්සහ කරන්නේ ඇයි.......

    :yes::yes::yes::yes::yes:

    කතාව ඇත්ත මචෝ