gossipz

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    සක්විති කත තවත් දෙකෝටියකට විදලා

    රුපියල් කෝටි හතක මූලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටි දිනේෂා මාලියද්ද නැමැති කත යළිත් කෝටි දෙකක මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇප ලැබීමෙන් පසුව ඇය මාස පහක පමණ කාලයක් අධිකරණය මඟ හරිමින් සිට ඇති අතර එම කාලය තුළ මෙම මූල්‍ය වංචා සිදුකර ඇත. අධික පොලියක් (40%) ලබාදෙන බව හා විධධ රැකියා ලබා දෙන බව පවසා මෙම මුදල වංචාකර තිබේ.


    හසන්ත යුග දිවියට එළඹෙයි

    hasa_prew.jpg
    ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් ජනප්‍රියත්වයට පත් හසන්ත හෙට්ටිආරච්චි පසුගිය 6 වනදා යුග දිවියට එළඹුණා.

    විවාහ උත්සවය බෞද්ධ චාරිත්‍ර වලට මුල්තැන දෙමින් චාම් උත්සවයක් ලෙස සිදු කරනු ලැබිය.

    මංගල උත්සවය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරයේ පැවැත්විණි.


    රවී කරුණානායක බුද්ධාගම වැළඳ ගැනීමට සැරසෙයි

    ravi_prew.jpg

    පසුගියදිනවල පැවති එජාපයේ ප්‍රධාන සංවිධායක අර්බුධය විසදුනේ රවී කරුණානායක නිතරඟයෙන් ජාතික සංවිධායක බවට පත්වීමෙනි.

    රවී කරුණානායකගේ ආගම වන රෝමානු කතෝලික ආගම හැරදා නිවසේ දානමය පින් කමක් සිදුකොට බෞද්ධාගම වැළඳ ගැනීමට ඉදිරියේදී සුදානම් වන බව වාර්තා වේ.

    කලිසම් කෝට්වල සිට හදිසියේ ජාතික ඇඳුමට මාරු වීමත් ඉන්පසු බුද්ධාගම වැලඳ ගැනීමට තීරණය කිරීම පිටිපස හේතුකාරනා ලෙස වාර්තාවන්නේ රවී කරුණානායක ජනාධිපති අපේක්ෂයෙකු වීම සඳහා තිබිය යුතු සුදුසුකම් සපුරන බවයි.

    පිටිදුවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට

    piti_prew.jpg


    පසුගිය කාලයේ පිටිදුවේ සිරිධම්ම හිමියන් පිලිබඳ විවිධ කතා පැතිරෙන්නට විය.උන්වහන්සේ ලංකාව ගැන කලකිරි ඇමරිකාවේ පදිංචියට ගිය බව එක කටකතාවකින් කියැවුනි.එහෙත් එම කටකතාව අසත්‍යයක් බව අප පෙර ලිපියකින් හෙළි කලා.

    නමුත් සිරිධම්ම හිමියන්ගේ සදහම් ආශ්‍රමයේ අසල්වාසීන් සම්බන්ධ ගැටලුව හා වෙනත් සිද්ධීන් පිලිබඳ ගැටලුකාරි තත්වයක් පැන නැගී තිබෙනවා.ඒවා හෙලිකිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

    කට කතා පැතිරුණු පසු සිරිධම්ම හිමියන් රුපවාහිනියේ වැඩිපුර ධර්මදේශනා සඳහා ද පෙනී සිටියේ නොමැත.

    වෙසක් සමයේ සිරිධම්ම හිමියන් නැවතත් පෙනී සිටීමට පටන්ගෙන ඇත්තේ ජනප්‍රිය යොවුන් ගායක ඉරාජ් ගේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයෙහි රුප රචනාව වෙනුවෙන් පෙනිසිටිමෙනුයි.



     
    Last edited: