මට දෙයියන්ගෙම පිහිටයි....

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මට දෙයියන්ගෙම පිහිටයි....

    මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා...
    අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ ඉතුරුකරපු සල්ලි ටිකත් ඉවරයි. තාම රස්සාවක් හොයාගන්නත් බැරිවුණා... ඒ මදිවට තාත්ත ලෙඩවෙලා.. තාත්තට ඛෙහෙත් කරගන්නත් මම ලොකු වෙහෙසක් ගන්නවා..
    අනේ දෙයියනේ ඇයි මට මෙහෙම වුනේ... කාටවත් කිසිම කරදරයක් නොකරපු, හැමෝටම උදව්කරපු මටම මෙහෙම වුනේ ඇයි....
    මිනිස්සුන්ගෙ නරක කාලේ ආවම මේවගේ වෙනවා ඇති.
    ගිය සතිය ෆෝන එකේ ලයින් එක කැපුවා. හෙට මේ ඉන්ටර්නෙට් ලයින් එකත් කපයි.. මොනව කරන්නද ඒත් ඉවසන් ඉන්නම වෙනවානේ.

    ජීවිතේ ප්‍රශ්න හැමෝටම කියලා නෝනඩි වෙනවා කියලා කවුරුහරි කියයි..
    නෑ... මම ඔන්ලයින් ආවේ නැත්තේ මොකද කියලා කට්ටිය බැලූවොත් දැනගන්නයි මම මෙහෙම දෑවේ.
    අද මගෙ අතේ තියෙන්නේ රුපියල් 60යි..
    බලමුකෝ වැඩක් හොයාගන්න බැරිම වුනොත් බදාම අත්වැඩ දෙන්න හෙට ඉඳන් යනවා...
    මම අයි ටී පැත්තෙන් කොලිෆයිඩ්. ඒත් හොයාගන්න ජොබ්ස් නැහැ..
    ඒ නිසා දෑතේ වීරියෙන් සල්ලි හම්බකරගන්න මම හෙට ඉඳන් මේසන් අත්වැඩ දෙන්න යන්න ඉන්නේ...
    ඔන්න එහෙනම් මම ඔන්ලයින් නැතිවුනොත් හේතුව දන්නවනේ...
    ආයෙත් අපි හමුවෙමු...
    බුදුසරණයි යාලූවො හැමෝටම.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අයි ටී කොලිෆයිඩ් ගොඩක් අය‍ට දැන් රස්සා ගන්න ගොඩක් අමාරුයි. ඕකයි තත්වේ..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වැටෙන්න එපා. නරක කාලයක් වාගෙම මිනිහෙකුට හොඳ කාලයකුත් අනිවාර්යෙන්ම එනවා!
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උසස්පෙළත් පාස්වෙච්ච මම වගේ කී දෙනෙක් මම වගේ අද දුක් වෙනවා ඇත්ද?
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Duk wenna epa machooo hamadema hariyai..

    Ubata kawadahari hariyanawa.. Ena deyakata muhuna deepan.. Hithin watenna epa..

    Hamadema hodata hariyanna kiyala mama prarthana karanawa..
    Ubata Budusaranai..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මිනිස්සුන්ට නරක කාලයක් වගේම හොඳ කාලයකුත් එනවා බන්.. කණගාටුයි උඹගේ තත්වය ගැන
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Haiyo machhan one tharan jobs thiyenawa IT feild ekenma nemei anith feild walinuth balapan, Sunday observer hari mokak hari newspaper ekek aran balapan, You can find a good marketing executive job even.

    Anyways goodluck and best wishes for your future.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,856
    1,542
    113
    LANKAWE THIYENA ADYAPANA KRAMAYE WERRADA THAMAI.SALLI THIYENA UN RATA GIHILLA HARI IGENA GANNAWA,NETHI UNTA SORRY THAMAI.,

    TOP JOBS EKE EHEMA BELUWADA MATCHAN.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    for software developers : http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=SDQ

    for hardware/network people : http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=HNS&jst=OPEN

    internet තියෙන වෙලාවෙ ඕවයෙන් හරියන ඒවට දාපං.
    www.scriptlance.com
    www.freelancer.com
    වගෙ සයිට් වලට join වෙලා වැඩක් කරන්න බලපං.
    දෙයින්ටයි කර්මෙටයි කන්නලව් කලා කියලා වැඩක් වෙන්නෙ නෑ
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අල්ලගෙන ඉන්න සහෝ.. කන්දක් නැග්ගොත් අනිවා පල්ලමක් තියෙනවා මයි..
    උත්සාහය අතඅරින්න එපා.. ඉක්මණටම ජොබක් සෙට් වෙයි..
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අනිවා මචං උබ නොදන්න නොපතන වේලාවකට දෙවියෝ උබට උදව් වෙනවා.............. විශ්වාසෙන් ඉදපන්........
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකො දුක් වෙවි ඉදලා හරි යන්නෙ නැහැ, අපි කොල්ලට ජොබ් එකක් සෙට් කරන්න පුළුවන් විදියක් හොයමු, මචන් අපිට විස්තර ටිකක් දීපන්, වැටෙන්න එපා මචන්, කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා කතාවක් තිබුනට අද ඒක ප්‍රායොගික නැහැ, අපි බලමු ජොබ් එකක් හොයා ගන්න.

    ඉක්මනට විස්තර ටිකක දාන්න.

    කො දැන් මෙතනට පොස්ට් කරන්න බලන්න තමන් වැඩ කරන තැන හරි, දන්න තැනක හරි, මොනවා හරි IT වේකන්සි තියෙන්වනම් ඉක්මනට, අපි කාටවත් වැටෙන්න දෙන්න නරකයි, අපි ශ්‍රී ලාංකිකයෝ
     
    • Like
    Reactions: rauxz

    planet

    Member
    Apr 26, 2011
    20
    1
    0
    උබ දන්නවද මිනිහෙක් නැගිට්න්නනම් වැටෙන්න ඔනේ නැත්තටම නැති උනාම තමා නැගිටින්නේ :):):):)