මේ තියෙන්නේ අපේ එළකිරියේ ගංතෙර...
මිනිස්සු ගංතෙරකට යන හේතු ගොඩාක් තියනවා සමහරු යන්නේ නාල කාලා සිංදුවක් කියල විනෝද වෙන්න, සමහරු ස්වභාව සෞන්දර්ය රසවිඳින්න, මද පවන විඳිමින් ගලා යන ජල රටා බලන් ඉන්න, හිතේ දුකක් තියනවා නම් ඔහේ බලාගන ඉන්න අතරේ ඒ දුක ගඟේ වතුරත් එක්කම දිය කරලා හරින්න... ඔය වගේ එකී මෙකි නොකී දහසකුත් දේ වලට අපි ගංතෙරකට යනවා.
මේ සයිබර් අවකාශයේ සැරිසරද්දී එළකිරි අඩවියේදී මටත් හම්බුනා බොහොම ලබැඳි මිතුරන් පිරිසක්.. අපි එකතුවෙලා චාරිකාවකුත් ගියා ඒත් සමහරුන්ට එන්නත් බැරි වුනා... ඒ ගමනට පස්සේ එදා හම්බුනු හම්බනොවුණු මිතුරු අපි සියලු දෙනාම තීරණය කළා අපි හැමෝටම එළකිරියේ එකට එකතු වෙන්න අපේ සතුට දුක සිනහව කඳුල බෙදා ගන්න පුංචි අවකාශයක් හදාගන්න... ඉතින් මේ තමා අපේ ඒ පුංචි අවකාශය... අපි කට්ටිය වගේම එළකිරියේ හැමෝටම අපි එක්ක එකතු වෙන්න පුළුවන්..
ශ්‍රී ලාංකික සිරිතේ හැටියට අපේ ගංතෙරට එකතුවෙන්න එළකිරියේ හැමෝටම ආරාධනාව..
මේ සයිබර් ගංතෙරේ අයිනක, මුදු මද පවන වැදෙන මානෙක, ලබැඳි කතාබහකට එහෙනම් දැන් ඉඳල එකතු වෙන්න. හැමෝටම ආරාධනා....
ගංතෙර අසල ගංතෙරේ පිරිසිදුකම රැකගන්න කවුදෝ හිතහොඳ මනුස්සයෙක් බෝඩ් ලෑල්ලකුත් එල්ලලා.. අපි එයාගේ මතයටත් ගරු කරමු...
Last edited:




Wissata pahai wadeeeeeee


