
එකක් වත් බලන්නේ නැත..

මුලදිම නම් සිරස සුපර්ස්ටා(ර්) එකට කැමැත්තක් තිබ්බ.

දැන් නම් ටීවී බලන්නෙවත් නෑ අඩු ගානෙ.

ඔය ස්ටා අර ස්ටා ඔක්කොම එක එක නාලිකා ජනප්‍රිය කරගන්න කරන වැඩ..

සමහර මෝඩ මිනිස්සු ඕවට එස්.එම්.එස්. උත් යවනව තව අතේ තියෙන කීය හරි වියදම් කරගෙන.

මේ කොහෙවත් ඉන්න අය ස්ටාස්ල කරන්නයි නාලිකා ජනප්‍රිය කරවන්නයි..

පොඩි උන්ව විකුණගෙන කෑමක් ලිට්ල් ස්ටාර් එකේ වෙන්නෙ.

දිනන පොඩි එකා ගැන හැමෝම කතා වෙනව.

පොඩි කාලෙම ඔය වගේ ප්‍රසිද්ධ වේදිකා වල/නාලිකාවක තමන්ගෙ හැකියාව පෙන්නන්න ගිහින් පැරදුනාම මොන තරම් දුක හිතෙනව ඇති ද අර පැරදුන පොඩි එකාට (පැරදුන පොඩි උන්ට)..

පොඩි කාලෙම ඒ පොඩි අයගෙ මනසට එන්නෙ "

අනික් එකෙක්ට මොනව උනත් කමක් නෑ, මමයි දිනන්න ඕන" කියන සිතුවිල්ල.

දෙමාපියො, ඒ මාධ්‍ය වලින් කරන්නෙත් ඕක ඒ ළමයින්ගෙ ඔලු වලට දාන එක..

සුපර්ස්ටා නම් තව ටිකක් හරි කමක් නෑ, ඒවට යන්නෙ තරුණ අය නිසා.

අනික් ඔය සිරස කුමරිය, දෙරණ එකෙන් කරන ඒ සමාන වැඩසටහන වගේ ඒවගෙන් වෙන්නෙ කෙල්ලො හෝ ගෑණු ටිකක් ප්‍රසිද්ධියේම විකුණනව වගේ වැඩක්..

මේ ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ.

ඒ නිසා හොඳම දේ නොබලා ඉන්න එක.