කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#
කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක තොරතුරු හෙළිවේ
යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට ආයෝජන කලාප සේවකයන් ඇතුළත් කර නොගන්නා බවට රජය නිවේදනය කර තිබියදී එම සේවකයන් සහ පොලිසිය අතර දරුණු ගැටුමකට පෙළඹ වූයේ පිටතින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මැර පිරිසක් බව අනාවරණය වී තිබේ.
මේ සිද්ධිය රට අස්ථාවර තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.
පොලිසිය සහ නිදහස් ආයෝජන කලාපයේ සේවකයින් අතර ගැටුම ආරම්භ වී ඇත්තේ මෙසේය.
පසුගිය 30 දා විරෝධතාවට එක් වූ සේවක පිරිස් තමන්ගේ ඇඟලුම් කම්හලට ගල්වලින් පහර දෙන බව නොරිටෙල් ඇඟලුම් කම්හලේ මානව සම්පත් කළමනාකාරිණී උඩවත්ත මහත්මියට පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව සොයා බැලීමට කටුනායක පොලිසියේ ආධුනික පොලිස් භට පිරිසක් නිරායුධව එම ස්ථානයට ගොස් ඇත.
මේ අවස්ථාවට අසල විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්ද එක් වී තිබේ.
යෝජිත විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙළින් ආයෝජන කලාපයේ සේවකයින් ඉවත්කර ඇති බවත් ඒ අනුව සාමකාමීව විසිර යන ලෙසට පිරිසට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබේ. විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයන් ඉවත් කළ බව අසා එයට පී‍්‍රතිය පළ කළ බවද වාර්තා වේ.
මේ අවස්ථාවේ පිටුපස සිටි පිටස්තර පුද්ගලයින් පිරිසක් සංවිධානාත්මකව පොලිසියට ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරයට ලක් වූ පිරිස පොලිස් ස්ථානය වෙත දිව යද්දී සංවිධාන වූ පිටස්තර පුද්ගලයින් එළව එළවා පහර දී තිබේ.
පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැර පිරිස අතර ගැටුම වර්ධනය වී ඇත්තේ මැර පිරිසගේ පෙළඹවීම මත බවද අනාවරණය වේ.
ආයෝජන කලාපයට සම්බන්ධ නැති පිරිසක් එක් වී පොලිසිය සහ ;ස්වකයින් අතර ගැටුමකට පටලවා ඇත්තේ ඉතිහාසයේ කළ වැරදි එලෙසින්ම කිරීමට එම පක්ෂ කටයුතු කිරීම බවද අනාවරණය වේ.
වසර 34 ක යුද්ධය අවසන් කර සාමකාමී වාතාවරණයක් යටතේ රට සංවර්ධනය කරා යොමු වී තිබෙන මෙවන් මොහොතක තම බංකොළොත් දේශපාලන ව්‍යාපාරවලට යළි පනදීම සඳහා මේ සේවක උද්ඝෝෂණ යොදාගන්නා බවට තොරතුරු ලැබී තිබේ. 1971 කැරැල්ල, 1983 කළු ජූලිය සහ 88/89 භීෂණ යුගයේදී බලයේ සිටි ආණ්ඩු කුමන්ත්රණකාරී ලෙස පෙරලා දැමීමට උත්සහ දැරූ ප්රතිගාමීන් නැවත එවැනි තත්ත්වයකට අර අඳීන බවට ආරක්ෂක අංශයට තොරතුරු ලැබී ඇත.
එමෙන්ම පසුගිය 30 දා කටුනායක පැවැති සේවක උද්ඝෝෂණයට සේවකයින් නොවන පිරිසක් පිටතින් ගෙනවුත් සහභාගී කරවා ගෙන ඇතැයිද තවදුරටත් වාර්තා වේ