හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡාය&
හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡායාරූප
බ්‍රසීල-පේරු දේශසීමාවේ වැසි වනාන්තර තුළ ජීවත් වන හුදෙකලා වූ ගෝත්‍රයක නවතම ඡායාරූප රැසක් එළි දැක තිබේ. මෙම ඡායාරූප ගෙන ඇත්තේ ගුවන් යානා උපයෝගී කර ගනිමින් ගෝත්‍රිකයන් පිළිබඳව සොයා බලන බ්‍රසීල ඉන්දියානු සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවෙනි. එම ගෝත්‍රිකයන්ගේ ඡායාරූප මුල්වරට ලොවට අනාවරණය වූයේ මීට දෙවසරකට ඉහත දී ය.
මෙවැනි ගෝත්‍රිකයන් බොහෝමයක් ගුවනේ සිට නිරීක්ෂණය කිරීමට බ්‍රසීලය සමත් ව ඇති අතර ඔවුන් හැඳින්වෙන්නේ ‘හුදෙකලාවූවන්’ ලෙසිනි. මන්ද ඔවුන් පිටස්තර ලෝකයා සමඟ කරන ගනුදෙනු ඉතාමත් අල්ප බැවිනි. දේශසීමාවේ පේරු කොටසේ සිදුවන නීතිවිරෝධී දැව ජාවාරම් නිසා මෙම ගෝත්‍රික පිරිස් තර්ජනයට ලක්ව ඇති බව පැවසේ. එහෙත් බ්‍රසීල නිලධාරීන් පවසන්නේ නීති විරෝධී දැවජාවාරම්කරුවන් බුරුතු පිටින් පැමිණීම නිසා ගෝත්‍රිකයන් හා ඔවුන් අතර සිදුවන ඝට්ටනවල ප්‍රතිඵලයක් ලෙස පේරු පෙදෙසේ හුදෙකලා වූ ඉන්දියානු ගෝත්‍රිකයන් දැන් බ්‍රසීලය වෙත සංක්‍රමණය වන බවයි.
මෙම නව ඡායාරූප ඉදිරිපත් කරන ‘සර්වයිවල් ඉන්ටර්නැෂනල්’ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, ගෝත්‍ර කණ්ඩායම් හොඳ සෞඛ්‍යයෙන් පසුවන බවත් ඔවුන්ට ඔවුන්ගේ ‘සමූහ ගොවිපළ’ තුළ වගා කර ගත් මඤ්ඤොක්කා, ගස්ලබූ ඈ එළවළු ඇති තරම් ඇති බවත් ය. මොවුන් බොහෝ විට මීට සියවසකට පමණ ඉහත දී කැලෑ රබර් සඳහා කැලෑව එළිපෙහෙළි කෙරෙද්දී පළාගිය ගොත්රිකයන්ගෙන් පැවෙතෙන්නන් විය හැකි ය. ඇනාටෝ නම් පඳුරු වර්ගයක ඇටවලින් සාදා ගන්නා ලද රතු පැහැති සායම් වර්ගකින් මොවුන් සැරසී සිටන අතර එවා සිරුරු සායම් කිරීමට මෙන්ම ඔවුන්ගේ භාජන, නිදන මැසි ආදිය වර්ණවත් කිරීමට ද යොදා ගනී.
මොවුන් මන්නා පිහිය වැනි දෑ ද භාවිත කරනු නිරීක්ෂණය කර ඇති අතර ඒවා කැලයට පිටතින් ලබා ගත් ඒවා විය යුතු ය. වෙනත් ගෝත්‍රිකයන් සමඟ සිදු කෙරුණු ගනුදෙනුවලින් ඒවා ලබා ගන්නට ඇති බව, ‘සර්වයිවල් ඉන්ටනැෂනල්’ පර්යේෂණ අධ්‍යක්ෂිකා ෆියෝනා වොට්සන් පවසන්නී ය. “මෙවැනි සම්බන්ධතා වසර සියගණනක් තිස්සේ පවතින්නට ඇති නමුත් වෙනත් ගෝත්‍රිකයන් හැර පිටස්තර ලෝකයා සමඟ ඔවුන්ගේ සම්බන්ධයක් තියෙන්නට ඇතැයි මා නම් සිතන්නේ නෑ. මොකද එහෙම සම්බන්ධයක් තිබුණ නම් ඔවුන්ව මේ වන විට ඝාතනය වන්නට මෙන්ම ඔරොත්තු නොදෙන රෝගයකට හෝ ගොදුරු වන්නට වැඩි ඉඩකඩක් තියෙනවා” ඇය වැඩි දුරටත් පවසන්නී ය.
ගත්තේ
http://www.scitechlk.com/news/17/view-New images of remote Brazil tribe.html
මෙක ටිකක් පරණයි මට කොල්ලනේ ගෝත්‍රිකයන් ගැන හැදිච Films ටිකක් කියන්නකෝ