බබා සහ පාප ග්‍රහයා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බබා සහ පාප ග්‍රහයා

    දෙන්න බැදලා හදත් බලලා...
    ආදරෙන් කල් ගතකලේ...
    ටිකදිනක් ෆුල් ෆන් එකේ සිට...
    හරි වැඩක් නොව සිදු කලේ....

    දසමසක් තව කුස දරාගෙන...
    පැතුම් දහසක් මතු කලේ....
    ගිහිං රෝහල් දිනක් ගතකර
    බබෙක් මෙලොවට බිහිකලේ.....

    ගෑනු වටවෙයි... පිරිමි සෙට් වෙයි...
    ගෙදර ගෙන ආ වෙලාවේ....
    පාටි දම දම යටින් බලලා ..
    සිනා සෙයි හුදෙකලාවේ....

    රෙද්ද උස්සා හොදට බලලා
    හැම ගෑනියම හිනාවේ...
    පුතෙක් ලැබිලා කියා බලලා...
    ගෑනු පාරේ කථාවේ....

    පුතත් බලලා මවත් බලලා...
    එකෙක්වත් නෑ පිටවුනේ...
    උදේටත් කා දවල්ටත් කා...
    රෑට අරගෙන පිට වුනේ...

    බාලගිරියා දොරෙන් එනවෝ...
    බෝඩ් එක ඇත එල්ලලා...
    බාලගිරියට අකුරු පුළුවන්...
    දන්නෙ අපෙ ලොකු අම්මලා...

    වෙලා බලලා නැකත් හදලා...
    ජන්ම පත්රය සැකසුවේ.....
    උපන් දා සිට වසර පනහක්
    මාරකයි බව පැවසුවේ....

    අනේ අයියෝ අනේ අයියෝ..
    ගෙදර පිරිලා පැතිරුනේ..
    බෝධි පූජා පහන් පූජා...
    වලින් පන්සල ඉතිරුනේ...

    අයනු ආයනු කියව ගන්නට
    ටීච කෙනෙකුත් ගෙන්නලා...
    බබා ටීචට පාට් එක දා
    කනෙන් හරහට රිංගලා....

    අ ආ ඇ ඈ උ උෘ ඉ ඊ...
    කියවගන්නට බැරි වෙලා...
    සිහල පොලොවේ සිහල කොලුවා..
    ඉංගිරිසි සුද්දෙක් වෙලා.....

    ටව්මෙ පාසලෙ ලොකුම පුටුවක් ..
    මව් දෙමව්පියො අල්ලලා...
    හොරට ලියකිය විලිද හදලා...
    මූව එහි ඇතුලත් කලා...

    ඉන්ටවිව් එක පනස් දාහයි...
    බ්රෝකර්ට තව විසි පහයි...
    ප්රින්සිපල්ටත් එකයි පනහයි..
    අරමුදලකට තිස් පහයි..

    අපට නොදැනිම කාලෙ ගෙවිලා..
    පැයත් දින සති ගෙවීලා...
    පහේ වසරේ විභාගෙත් මූ..
    ‍මහා ලොකුවට ගොඩ කලා...

    ඔලෙවල් හා ඒ ලෙවල් කර...
    ලස්සනට සමතෙක් වෙලා....
    ඒත් අපලය තාම පස්සෙන්..
    නැතේ එය නං නිම වෙලා....

    උසස් පෙල නිම කරලා සතුටින්...
    මාලබේ කැම්පස් ගියේ...
    එහිත් වැඩ දා.. අපිට හැඩ පා..
    ඩිග්රි අරගෙන උ ගියේ...

    පිටරටින් ලොකු ගෙයක් අරගෙන
    ඇමති දුවකුත් ගත්තනේ...
    ගමන ප්රාඩෝ වලින්මයි දැං ..
    පයින් යන්නෑ සත්තනේ...

    දෙන්න බැදලා මගුල ජයටම
    අරං පිටරට පිටවුනේ.....
    වසර දහයක් වෙනවා අදටත්..
    දරුවො නෑ මේ දෙපලගේ...

    දරුවො නෑ තව දරුවො නෑ තව..
    මව් දෙමව්පියො දුක් වෙතී...
    වදෙක් ටම දුව දුන්න හින්දා
    මනාලිගෙ අය වැලපෙතී...

    පූරුවේ ලොකු පවක් ඇකි දෝ
    සොයා බලනට වෙහෙසෙතී...
    එහෙත් දෛවය ලියා ඇති ලෙස..
    ලොවත් සදහට කැරකෙතී...


    :sorry::sorry: :(:(






     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොල් මම හිතුව වෙන බබෙක් ගැන කියල :P ;)
    නොබලම යන්නත් හදල කියවනකොට තමා තේරුනේ :P
    මැක්ස :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාව්.... මැක්සා :)

    තෑන්ක්ස් රොවින්.. :)

    එළනේ බන් උබද ලිව්වේ :)
    පට්ට මචන්

    ඔව් බන්.. :):)
    11.gif


    wow maxxa machan ela ela niyamai

    තෑන්ක්ස් මචං.. :)

    maxxaaaaaaaaaa

    තෑන්ක්ස් මචං.. :)

    ලොල් මම හිතුව වෙන බබෙක් ගැන කියල :P ;)
    නොබලම යන්නත් හදල කියවනකොට තමා තේරුනේ :P
    මැක්ස :D

    වෙන බබාලා කිව්වේ ? :rofl::rofl::lol:
    තෑන්ක්ස් මචං.. :)

    maxxxxa
    ++

    තෑන්ක්ස් මචං.. :)

    මැක්සා :P;)
    +


    තෑන්ක්ස් මචං.. :)


    තෑන්ක්ස් මචං.. :)