A/L විභාගෙට තව මාස 2යි තියෙන්නෙ ඉතින් එළකිරියෙ මේ සැරේ A/Lකරන මල්ලිලාට පොඩි කාව්‍යමය තෑග්ගක් දෙන්න හිතුව.හොඳින් ඔය හැමදෙනාටම(නංගිලා ඇතුළුව) තමන්ගෙ A/L විභාගය සාර්ථකව කරගන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනව!
A ලෙවල්
ජීවිතේ ක්ෂණිකවම
ගෙවී යන වසර දෙක
දැන් කෙමෙන් පැමිණ ඇත
අවසාන කඩ ඉමට.
කෙලිලොල් ව ගෙවී ගිය
සොඳුරු ඒ අතීතය
කරා යළි එළඹෙන්න
යන්ත්‍රයක් තනනු මැන!
යාළුවන් හා එක්ව
කට්ටි පැන "set" වෙච්ච
කෙල්ලන්නට විහිළු කළ
තෘප්තිමත් ඒ සමය.
ජීවිතේ බර දැනෙන
මේ විසල් මාස දෙක
දමා තම සියළු වෙර
කරනු වැඩ දිවි හිමි ව
.







the_avatar ගේ වැඩක්
miss those past sweeet moments 
