කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

    මෙන්න ටිකක් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්.....රෑ කෑමක් විදියට නම් ඉතාමත් සුදුසුයි.....!!!!

    පැස්ටා සමග චීස් (Pasta & Cheese)

    අවශ්‍ය කරන දේ......(දෙදෙනෙකුට සෑහෙන ප්‍රමාණයක් සදහා)

    ing1.jpg

    ing2o.jpg

    1. පැස්ටා 150g
    2. චීස් 100g (සිහින් ව කපා ගන්න)
    3. මාගරින් 50g
    4. තිරිගු පිටි තේ හැදි 1ක්
    5.-6. රස අනුව ලුණු සහ ගම්මිරිස්
    7. හතරුස් ව කැපූ කැරට් 30g
    8. තරමක කෑලි වලට කැපූ ළූණු කොළ 30g
    9. තරමක කෑලි වලට කැපූ ළූණු 20g
    10. බඩ ඉරිගු පිටි තේ හැදි 1ක්
    11. ඔයිස්ටර් සෝස් තේ හැදි 1ක්
    12. ටෙරියාකි සෝස් තේ හැදි 1ක්
    13. පාස්ලි කොළ 10g(සිහින් ව කපා ගන්න)
    14. රම්පෙ 1cm පමණ(සිහින් ව කපා ගන්න)
    15. කරපිංචා ඉත්තක් (සිහින් ව කපා ගන්න)
    16. කොත්තමල්ලි කොල 5g පමණ(සිහින් ව කපා ගන්න)
    17-18 සැල්දිරි සහ සේර කුඩා පුමාණ වලින් (සිහින් ව කපා ගන්න)
    19. සුදුළූණු බික් 2ක් පමණ
    20. වඩා රත් පැහැති රතු ළූණු ගෙඩියක්.

    සාදන ක්‍රමය

    පැස්ටා තම්බා ගන්න. තම්බන වතුරට මාගරින් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එක් කරන්න. විනාඩි 10කට වඩා තැම්බීමෙන් වළකින්න.

    prep1.jpg

    තරමක කෑලි වලට කැපූ ළූණු,පාස්ලි කොළ 8g පමණ,රම්පෙ 0.5cm පමණ,කරපිංචා,කොත්තමල්ලි කොල 3g පමණ,සැල්දිරි සහ සේර,සුදුළූණු යන මේවා මාගරීන් ස්වල්පයක් ලිපතබා හොදින් බැදගන්න. (රූපයේ A)
    මෙයට ම චීස් එකතු කරන්න.(රූපයේ B) බැදුණු පසුව ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක දමා හොදින් ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.(රූපයේ C සහD)

    prep2.jpg

    ඉතිරි පාස්ලි, රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි කොළ, සැල්දිරි යන මේවා මාගරීන් ලිප තබා යන්තම් බැද ගන්න. (රූපයේ E)මෙයට ම ගම්මිරිස්, ලුනු,කැරට්, ළූනු කොල සහ රතු ළූණු එක්කරන්න. (රූපයේ F) මෙම කොටස බදුනේ පසෙකට කර තෙල් ටික බේරා වෙන් කරගෙන එයට පිටි තේ හැන්ද එක් කර බැදෙන්නට හරින්න.(රූපයේ G) මෙයට ම ජලය මදින් මද එක් කර ගන්න(රූපයේ H)

    prep3.jpg

    මෙම මිශුණයට ගසා ගත් චීස් මිශ්‍රණය එක් කරන්න.(රූපයේ I) මෙය හොදින් බුබුළු දමන තරමට තැම්බුණු පසුව එයට ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ ජලය මදක් දිය කර ගත් කෝන් ෆ්ලාර් එකතු කරන්න.(රූපයේ J) මිශ්‍රණය මදක් ගනකම් (රූපයේ K)වන විට තම්බා ජලය ඉවත් කොට ගත් පැස්ටා එක් කරන්න.(රූපයේ L)

    පිලියෙල කර ගත් Pasta & Cheese මෙලෙස දිස්වේ........

    lastc.jpg


    මෙලෙස පිළිගන්වන්න........

    servey.jpg


    දැනට බම්ප් කරලා යන්න....හදලා බලලා රස ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න.....!!!!

    අනිත් කෑම සෑදිමේ ත්‍රෙඩ්ස් මේවා.....
    කටට රහට උයමු........සුප් -EK cookery class (1)
    කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machan kimbula ayye..
    oya mokadda use karapu cheese eke?
    cheddar? da creeme cheese da? ricotta da? philadelphia da mokadda? parmesan da mokadda?
    mekenam maru recipe eke...
     
    • Like
    Reactions: amilabanuka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan kimbula ayye..
    oya mokadda use karapu cheese eke?
    cheddar? da creeme cheese da? ricotta da? philadelphia da mokadda? parmesan da mokadda?
    mekenam maru recipe eke...

    දැම්මේ නෝමල් කොත්මලේ චෙඩාර් චීස් එක.........ක්‍රීම් චීස් දානව නම් හොදයි තවත්......:yes::yes:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැම්මේ නෝමල් කොත්මලේ චෙඩාර් චීස් එක.........ක්‍රීම් චීස් දානව නම් හොදයි තවත්......:yes::yes:

    philadelphia hari yanne nathi wey da??
    kachal wey da?
    :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    philadelphia hari yanne nathi wey da??
    kachal wey da?
    :eek:

    philadelphia දැම්මොත් අනිත් herbs අයින් කරන්න වෙනවා.........සහ බ්ලෙන්ඩ් කරන්න ඕන නෑත....සහ වැඩියෙන් චීස් දාන්න වෙනවා......:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා මචන් උපරිමයි... උඹේ ත්‍රෙඩ් කියවන්නේ කොමෙන්ට් කියවන්නේ ආසාවෙන්... කරන දේ පිළිවෙලට කරනවා දකින්න ලැබීම සතුටුයි... :D චෙඩර් පවූඩර් දැම්මම හොඳයි නේද මචන් ? :D රෙප් බෑලු :(
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    philadelphia දැම්මොත් අනිත් herbs අයින් කරන්න වෙනවා.........සහ බ්ලෙන්ඩ් කරන්න ඕන නෑත....සහ වැඩියෙන් චීස් දාන්න වෙනවා......:eek:

    ehemada..?
    ehenam mama cheddar ma use karannam..
    ela..
    btw bro..
    kohenda teriyako sauce eke gaththe?
    which supermarket exactly?
    oka hamathanama na
    keels ekenda bro??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    btw bro..
    kohenda teriyako sauce eke gaththe?which supermarket exactly?oka hamathanama na
    keels ekenda bro??
    TERIYAKI SAUCE ටෙරියාකි සෝස් (බ්‍රෑන්ඩ් එක dad's garden) ඇතුළු සෝස් වර්ග සුපර් මාකට් වල තිබේ........!!!!!:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    How to Make Chicken Pasta (Macaroni) ?

    දන්න දන්න රෙසිපි දාන්නම් මචං.........හැබැයි ටිකක් කල් යයි...මොකද මම හදලා ෆොටෝ අරං තමයි දාන්නේ.....කරන්න වෙලාවක් නැහැ මගේ වෘත්තිය නිසා....ඉඩ ලද සැනින් අළුත් ත්‍රෙඩ් දානවා........!!!!:yes::yes: