ශ්‍රී ලංකා - එංගලන්ත පන්දුවාර 20-20 තරගය අද බ්‍රිස්ටල්හිදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු හා එකම පන්දුවාර 20/20 තරගය අද (25 දා) එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.
එංගලන්ත කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ අවසන් පන්දුවාර 20/20 ලෝක ශූරතාව දිනූ ශූරයන් ලෙසින් වන අතර එහිදී අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විටත් ටෙස්ට් තරගාවලිය 1/0 ක් ලෙස ජය ලබා සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් ඉකුත් ටෙස්ට් තරගාවලියේදී සිය සුපුරුදු දක්ෂතාවලට පැමිණීමට සමත්වීම අද තරගයේදී ඔවුන්ට අතිරේක වාසියක් වන නමුත් ඕනෑම අවස්ථාවක දක්ෂතා අතරට පැමිණීමට හැකි කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායමද අද තරගයේදී සත්කාරකයන්ට පහසුවෙන් තම අපේක්ෂා ඉටු කරගැනීමට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.
ලෝඩ්ස්හි පැවැති ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම මත අද තරගය මෙහෙයවීමේ වගකීම සංචිතයේ උපනායකයා ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බිට හිමිවී තිබෙන අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රොaඩ්ට හිමිව තිබේ.
අද තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරියට සුවිශේෂී එකක් වන්නේ තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසාන පන්දුවාර 20/20 තරගය මෙම තරගය නිසාවෙනි. පසුගිය 2009 වසරේ සිටම ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වූ ජයසූරිය, අදාළ එංගලන්ත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කිරීමෙන් අනතුරුව හෙතෙම අද පැවැත්වෙන පන්දුවාර 20/20 තරගයෙන් සහ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.
ටෙස්ට් තරගාවලිය 1/0 ක් වශයෙන් පරාජය වුවද පසුගිය බදාදා වොකෙස්ටෂයර් කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියල්ලම තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම අද තරගය පිළිබඳව වැඩි බලාපොරොත්තු තබාගත හැකි සිදුවීමක් වී තිබේ. එම තරගයේදී සනත් ජයසූරිය (79), ජීවන් මෙන්ඩිස් (නොදැවී 99), ඇංජලෝ මැතිව්ස් (81) ප්‍රධාන කොට ලකුණු 300 ඉක්මවා ලබා ගැනීමට සමත්වී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් තරමක් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් වී තිබේ.
2011 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තුවාල ලැබීම මත මුම්බායිහි පැවැති අවසන් මහ තරග අවස්ථාව අහිමි කරගත් ඇංජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණ සිටීම විශාල ශක්තියක් වන අතර, පසුගියදා නිමාවුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ලසිත් මාලිංගද කණ්ඩායමට එක්වීම එංගලන්ත කණ්ඩායම තරමක් කනස්සල්ලකට ලක් කරන සිදුවීමක් වී තිබේ.
කෙසේ වෙතත් අද තරගයේදී එංගලන්ත කණ්ඩායමට වේගයෙන් ලකුණු රැස්කර හැකි ක්‍රීඩකයන් කිහිප පළක්ම කැඳවා තිබෙන අතර ඉන් ප්‍රධානම ක්‍රීඩකයා ලෙස ක්‍රෙග් කීස්වෙටර්ව හැඳින්විය හැකිය. හෙතෙම, ඉකුත් පන්දුවාර 20/20 ලෝක ශූරතාවේදී එංගලන්තයට ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයා විය. මීට අමතරව ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ, මයිකල් ලම්ප්, ලුක් රයිට්, ෙ-ඩ් ඩර්න්බැකි, සමිත් පටෙල් සහ ක්‍රිස් වෝක්ස් කණ්ඩායමට එක්ව සිටියි.
බ්‍රිස්ටල් තණතීරුව එංගලන්ත පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දුන්නද අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකු සහ ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් සමන්විතව අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂිතය. එහිදී ඇංජලෝ මැතිව්ස්, සහ තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස් යන තිදෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයන් වීම මත ශ්‍රී ලංකාවට විශාල වාසියක් ගෙන දෙන්නක් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම - තිළිණ කණ්ඩම්බි (නායක), දිනේෂ් චන්දිමාල්, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිමුත් කරුණාරත්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, ඇංජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව්,
එංගලන්ත කණ්ඩායම - ස්ටුවර්ට් බ්‍රොaඩ් (නායක), ඉයන් මෝගන්, ඉයන් බෙල්, රවී බොපාරා, ෙ-ඩ් ඩර්න්බැකි, ස්ටීවන් µsන්, ක්‍රෙග් කීස්වෙටර්, මයිකල් ලම්ප්, සමිත් පටෙල්, ග්රැම් ස්වෝන්, ක්‍රිස් වෝක්ස්, ලුක් රයිට්, කෙවින් පීටර්සන්.

... Jayasuriyek kohenda ringuwe 
ඒ මොකෝ සනාට දැන් cricket ගහන්න තහනම්ද?