හැරී පෝටර් ආදර අන්දරය - වෙනත් මානයකින් (18+)

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    හැරී පෝටර් ආදර අන්දරය - වෙනත් මානයකින් (18+)

    “නිස්කාරණේ මොන මගුලකට තමන්ව තමන්ගේ තාත්ත එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරුම් ගන්න බැරි මෝඩයා”

    අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච harry potter දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පරිච්ඡේදය Draco කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම.


    “මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකම ඉස්කෝලෙ සහකාරයෝ හැටියට වැඩ කලත් ඒකේ වෙනසක් නෑ. අනේ මට ආපහු අතීතයට ගිහින් එදා Draco අත දික්කරපු වෙලේ ඒක පිලිගන්න පුලුවන්නම්.”


    කුරුටු අකුරු දිගේ හිමිහිට ඇඟිලි තුඩු ගෙනියන ගමන් Draco ගේ හිත අතීතයේ ඒ අවාසනාවන්ත දවසට ඇදිලා ගියා. එදා ඩ්‍රැකෝ හැග්රිඩ්ට අපහාස කලේ නැත්නම්, වීස්ලිත් එක්ක රණ්ඩුවක් ඇදල ගත්තේ නැත්නම් harry තමන්ගේ අත පිලිගන්න තිබ්බ බව Draco කල්පනා කලා.


    “එයා මං දිහා බලා ඉන්න හැම වෙලාවෙම මට හුස්ම ගන්න පවා අමතක වෙනවා. ඒ හැම වෙලාවෙම මට හිතෙනව ගිහින් එයාව තදින් බදාගන්න. මට ඕනෙ එයාව ඉඹින්න, එයාට කියන්න එයා වෙනුවෙන් ලෝකේ කෙලවරටම උනත් යන්න මම ලෑස්තියි කියල. මම හොග්වර්ට්ස් කාලේ එයාට වෛර කරපු බව ඇත්ත. ඉතින් මොකද ?”


    ඩ්‍රැකෝට කෑගහන්න ඕන උනා එයාටත් harry වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඒත් harry එහා පැත්තේ කාමරේ ඉන්න බවත්, එහෙම කලොත් දිනපොත හොරෙන් ගත්තු බව අහුවෙන බවත් Dracoට මතක් උනා.


    “මම එයාට ගොඩක් ආදරෙයි. ඒ මදිද ?”


    ඇති. හොඳටම ඇති. ඩ්‍රැකෝට හයියෙන් කෑගහලා අඞන්න ඕන උනා. ඒත් කිසිම සද්දයක් පිටනොකර හිටියේ එහෙම කලොත් එහා කාමරේ ඉඳන් harry මුමුණන සින්දුවට බාධා වෙන නිසා.


    “යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරක් ගතවුනා. ඒත් ඇයි තාමත් මිනිස්සු එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැත්තේ ? මුන් ඔක්කොම එයා සියදිවි නසාගන්නකන් කරදර කරාවි. පත්තර කාරයන්ටත් ඊට වඩා හොඳ ආරංචියක් නැති වෙයි. ‘Malfoy පරපුරේ අන්තිමයා සියදිවි නසා ගනී’ පත්තරේ එහෙම යයි. “


    Draco එලියට පනින්න ආපු ඉකිබිඳුම අමාරුවෙන් නවත්ත ගත්තත් කඳුලු නවත්තගන්න බැරි උනා. ඩ්‍රැකෝ අද ඉස්කෝලේ යන කාලේ හිටපු රදල තාත්තාගේ පුතා නෙමේ. යුද්ධය ගොඩක් දේවල් වෙනස් කලා.“මම Draco Malfoy ආදරෙයි. එච්චරයි. මගේ හැඟීම් වලට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. මම කොහෙවත් යන සක්කිලින්ට, පාහර පත්තරකාරයන්ට, ස්කීටර් වගේ ගණිකාවන්ට ඉඩ දෙන්නෙ නෑ එයාට තව දුරටත් කරදර කරන්න. එයා මගේ. ඒක ගලේ කොටපු දෙයක් වගේ ස්ථිරයි. එයා වෙනුවෙන් නැති මගේ මැජික් යශ්ඨිය වෙන මොනාටද ?”


    Draco ගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා. ඇහේ කඳුලු නිසා හරියට පේන්නෙ නැතුව ගියා.


    “ඕන කෙනෙක් ඕන ඕපදූපයක් පතුරපුවාවේ. ඒ එකෙක්ටවත් අපිව වෙන් කරන්න බෑ. මම මගේ උපරිමයෙන් එයාව ආරක්ෂා කරනවා. Draco Malfoy අයිතියක් තියෙනවා සතුටු වෙන්න. ඇයි හැම කෙනාම ඒ අයිතියට හරස් වෙන්නෙ ?”


    “මට එහා පැත්තේ කියුබිකල් එකේ ඉන්න එයාගේ හුස්ම ගන්න සද්දේ තරම් මාව සන්සුන් කරන්න පුලුවන් වෙන සද්දයක් නෑ. එයා කරදරේක නම් මොකක් හරි ප්‍රශ්නයක් නම් මම දැන ගන්නේ එතකොට එයාගේ හුස්ම ගන්න සද්දේ නෑහෙන තරමට අඩුවෙන නිසා. “


    “මට ඇහෙනවා අනිත් අය එයාට අපහාස වෙන්න කියන කතා, ඇනුම්පද. ඒ ඔක්කොම මරල දාන්න පුලුවන්නම් ඒ වෙනුවෙන් ඇස්කබාන් හිරගෙදරට යන්න උනත් මම ලෑස්තියි.”


    “සමහර වෙලාවට ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න හදන එයාගේ උත්සාහය කඩන් වැටෙනවා මම දැකල තියෙනවා. එයා එහෙම දකිනවා තරම් දුකක් මට තවත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඩ්‍රැකෝ Malfoy කියන්නේ කාටවත් අල්ලන්නවත් බැරි කෙනෙක්. එයාට සංසන්දනය කරන්න කිසිම කෙනෙක් නෑ. එයා අඩු පාඩුවක් නැති අපූරු මිනිහෙක්. එයාට පාඩුවේ ඉන්න දීපන් කියල මුලු ලෝකෙටම කෑගහල කියන්න ඕනේ මට. අවුරුදු කීපක් තිස්සේ එයා දුක් වින්දා හොඳටම ඇති. අවංක හිනාවක් එයාගේ මූනේ මම මෙච්චර කාලෙකට කවදාවත්ම දැකල නෑ.”


    ඒ වෙලාවේ Draco කඳුලු අතරින් හිනා වුනා.


    “Draco කොච්චර යටහත් පහත් කෙනෙක්ද කියල මට තේරෙන්නේ දැනුයි. මම තරමටම වොල්ඩ්මාට්ට වෛර කලත් අන්තිමට එයාට උනේ අඳුරු සලකුණ අතේ කොටා ගන්න; ඩම්බල්ඩෝර් දිහාවට යෂ්ඨිය දික් කරන්න. මට ඕනේ එයා මාව විශ්වාස කරන්න. එයාගේ පැත්තට කවුරු නැතත් මම ඉන්න බව, එයාට උදව් කරන බව එයාට ඒත්තු ගන්වන්න. එයා ඒක දැන ගත්තොත් එයාට ඒක ලොකු දෙයක් වෙයි. මම හිතන්නෙ.”


    දිනපොතේ තිබ්බ එකම සටහන් එච්චරයි. harry කියල යටින් අත්සන් කරල තිබ්බා.


    Draco පොත වහල කතාවක් නැතුව කවරේ දිහා ඇහිපිය නොගහ බලාගෙන හිටියා. තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල දැනුනු නිසා ඩ්‍රැකෝ ඔලුව උස්සල බැලුවම දැක්කා අවුල් වෙච්ච කලු කෙස්, දිලිසෙන කොලපාට ඇස්, රවුම් කන්නාඩි එක්ක harry තමන් දිහා බලාගෙන ඉන්නවා. හැරීගේ මූණ රතු වෙලා.


    “Malfoy, බැරිවෙලාවත් මගේ ජර්නල් එක දැක්කද ? රිදී පාට පොඩි එකක් ?”


    Draco ගේ ඇස් කඳුලු වලින් පිරෙන්න ගියේ තත්පරයකටත් අඩු කාලයක්. harry මේක දැක්කා.


    “Malfoy මොකද උනේ ? ඇයි අඞන්නේ ?”


    හැරී Draco ලඟට හිමින් ආවා. ඩ්‍රැකෝ harry ගේ දිනපොත උස්සලා පෙන්නුවා. harry ගල් ගැහිලා බලන් හිටියා. දිනපොත ආපහු මේසෙන් තියපු Draco නැගිටලා හැරී ගාවට ගියා. හිමින් සීරුවේ හැරීගේ වටේ අත්දෙක යවලා හැරී ලඟට ඇදල ගත්තු ඩැකෝ harryගෙත් තමන්ගෙත් දෙතොල් අතර තිබ්බ අඟල් කීපයක දුර නැති කලා. harryගේ පුදුමයෙන් ගල්ගැහිලා හිටියේ තත්පර කීපයක් විතරයි. හැරී Draco ගේ ඉන වටේ අත් යවලා තව Draco තමන්ගේ ඇඟට හිර කර ගත්තා.


    අහල පහල හැමදෙනාම වැඩ නවත්තලා ඇස්, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කැමරා විදුලි එලි එකදිගට වදිනවා. ඒත් හැරීවත් Dracoවත් ඒ එකක්වත් ගානකටවත් ගත්තේ නෑ. දිනපොතේ ලියල තිබුන විදියටම කිසි කෙනෙක්ට, කිසි දෙයකට බෑ දැන් එයාලව වෙන් කරන්න.

     
    • Like
    Reactions: Diego97

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    එක්කෝ උඹට පිස්සු නැත්තං මට පිස්සු...
    00020473.gif
    :lol::lol:
    00020473.gif

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුජීව ප්‍රසන්නාරච්චිද ලිව්වෙ :( :(
    මේව බලන්න මටත් ජීවත් වෙන්න සිද්ද වුනානෙ :( :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතුව හැරී හර්මොයිනි ගැන හිතන් අතේගහද්දි මතක් කරගන්න දේවල් ඇති කියල...