දරුවන් බේරාගනිමු!

kingdewi

Well-known member
  • දරුවන් බේරාගනිමු!

    දරුවන්ට හානිකර රසකාරක අඩංගු මාජරින් හා
    බිස්‌කට්‌ වෙළෙඳපොළේ


    ඒමන්ති මාරඹේ

    ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක්‌ හා බිස්‌කට්‌ වර්ග කීපයක්‌ දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා "දිවයින" ට පැවසීය.

    අදාළ රස කාරකය ළදරුවන්ට හා ළමුන්ට ස්‌නායු ආබාධ හා පිත්තාශය ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු වන බැවින් එම රසකාරකය ඔවුනට හානිකර බවට සඳහන් ලේබලයක්‌ එම ආහාර වර්ගවල සඳහන් කළ යුතු බව නියම කර තිබේ. නමුත් එම නියමය උල්ලංඝනය කරමින් ඉහත කී මාජරින් වර්ග එවැනි ලේබලයක්‌ රහිතව වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි රෝහණ මහතා සඳහන් කළේය.

    දැනටමත් කහටගස්‌දිගිලිය මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක්‌ මත දේශීය වශයෙන් නිපදවන එවැනි ලේබලයක්‌ රහිත මාජරින් වර්ගයක්‌ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දිවයින පුරා පිහිටි වෙළෙඳසල්වල පරීක්‍ෂාවට ලක්‌කරන බව ද හෙතෙම කීය. 2009 සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කරන ලද 1617 අංක 16 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය යටතේ මෙම ඊ 319 රස කාරකය ඇතුළු රසකාරක වර්ග 4 ක්‌ ළදරුවන්ට හා ළමුන්ට හානිකර බව දක්‌වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    උපුටා ගැනීම "දිවයින"

    මෙම ඊ 319 රසායනය අපි කවුරුත් දන්නා "A***a" මාජරින් වල අඩංගුයි!:no::no::no:
    ප්‍රවේසමෙන්...අපේ ආදරණීය දරුවන් බේරා ගනිමු!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාත් මේක උදේ කියෙව්වා. මාර සීන් එකනේ. තෑන්ක්ස් මචන් ශෙයාර් කෙරුවට +

    ඒක නෙමෙයි මේ මාජරින් වැඩිපුර කාලා තියෙනවා වගේ නිගා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Astra Awurudu 3nen Pahala Lamayinta Hoda Nelu Neda
    Kandos Walath Melamalayin Thibila Mattu Unane
    Salli Deela Mokatada Nikan Amaruwe Wetenne

    Udekata Kanawa Nam Mun Eta,Kadala Kawupi,Idi Appa,Appa,badairigu,Roti,Pittu Wage Ona Tharam Dewal Thiyenawa
    Quick Foods Ganna Giyama Nikan Ayusha Aduwenawa
     

    kingdewi

    Well-known member
  • මාත් මේක උදේ කියෙව්වා. මාර සීන් එකනේ. තෑන්ක්ස් මචන් ශෙයාර් කෙරුවට +

    ඒක නෙමෙයි මේ මාජරින් වැඩිපුර කාලා තියෙනවා වගේ නිගා...
    හෙ හේ!
    Astra Awurudu 3nen Pahala Lamayinta Hoda Nelu Neda
    Kandos Walath Melamalayin Thibila Mattu Unane
    Salli Deela Mokatada Nikan Amaruwe Wetenne

    Udekata Kanawa Nam Mun Eta,Kadala Kawupi,Idi Appa,Appa,badairigu,Roti,Pittu Wage Ona Tharam Dewal Thiyenawa
    Quick Foods Ganna Giyama Nikan Ayusha Aduwenawa
    අනිවා!
    මාතර කිඹුලා;10484270 said:
    අම්මෝ............ :baffled::baffled::baffled: දැනුම් දුන්නට ස්තූතියි මචන් මෙන්න මගෙ ගාණෙ බම්ප් එකක් ආයිත් බම්ප් කරන්නම් පස්සේ
    එළ එළ මචන්!