ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ පසුගියවර අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් දෙදෙනා අතරට පැමිණියේ ටෙක්ලා කුමුදු කුමාරි හා අක්ෂා සුදාරිය.
මොවුන් දෙදෙනා අතරින් අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් අතරට අක්ෂා පැමිණීම සම්බන්ධයෙන් වැඩසටහන අතරවාරයේදී විනිශ්චයකරුවෙකුවූ රංජන්ට, අක්ෂා දොස් නගා තිබේ.
අදාළ අවස්ථාවේදී එම වැඩසටහන මෙහෙයවූ සාලිය විසින් රන්ජන්ට දොස් නැගීමට අක්ෂාට උඩගෙඩිදීම නිසා සාලිය හා රන්ජන් අතර ගැටුමක් හටගෙන ඇත.
එම අවස්ථාවේදී විනිසුරු අසුනින් මෑත්වී වේදිකාවට නැගගත් රන්ජන් සාලියට පහරදීමට උත්සාහ කර ඇති බවද පැවසේ.
පසුව කැමරා නිවා දමා අදාළ තත්ත්වය සමතයකට පත් කිරීමට එම වැඩසටහනේ කාර්ය මණ්ඩලය මැදිහත්වී ඇතැයි පැවසේ.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ නර්තන ශිල්පීනියක්ව සිට ඉන් ඉවත්වූ චූලා පද්මේන්ද්‍ර රන්ජන් අමතා අදාළ සිද්ධිය ජනපි‍්‍රය නොවූවන් ජනපි‍්‍රය කිරීමේ ප්‍රතිඵලයක් බව පවසා ඇතැයි ද මේ අතර, වාර්තා වේ.
මෙම වැඩසටහනේ විනිශ්චකරුවන් ලෙස මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා හා සිනමා හා ටෙලි නිළි ගීතා කුමාරසිංහද කටයුතු කරනු ලබයි.
!
මේකෙ වීඩියො එක ට්ව් එකෙ ගියා.......රන්ජන් සාලියට ගහන්ඩ යනව....සාලිය දුවනව.....පට්ටයි....
මුන්ගෙ තවත් මෝඩ අතල් එකක් ද දන්නෙ නෑ.........



Last edited by a moderator:


dakalath tiyenawa reality shows eth mun wage gon hattak kohewat