උතුරු කොරියාව සතු මිසයිල ශක්තිය

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උතුරු කොරියාව සතු මිසයිල ශක්තිය

    _95727124_missiles_sinhala.png


    උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී.
    උතුරු කොරියාවේ සමාරම්භක නායකයා මෙන්ම එරට වත්මන් නායකයාගේ මුත්තණුවන් වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති එම සංදර්ශනයේදී විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රදර්ශනය කෙරිණි.
    ඒ අතර, මින් පෙර ප්‍රදර්ශනය නොකළ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ද (ICBM - Inter Continental Ballistic Missile) විය.
    කෙසේ වෙතත් උතුරු කොරියාව සතු එම මිසයිලවල හැකියාව පිළිබඳව සැබෑ ලෙසම ලෝකය කුමක් දැන සිටීද? මේ සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥයකුවන මෙලිස්සා හැන්හම් පැහැදිලි කිරීමක් කළාය.

    හමුදා සංදර්ශනයේ කෙරුණු මිසයිල ප්‍රදර්ශනය උතුරු කොරියානුවන්ට තාක්ෂණයේ විසල් බවක් මෙන්ම සමෘද්ධිය විය හැකි වුවද, පිටස්තරයන්ට එය තර්ජනයක් ලෙස හැඟෙනුයේ ආසන්නයේ හෝ දුරින් සිටියද මිසයිල විහිදුම් පරාසය තුළට ඇතුළත් විය හැකි බැවිනි.
    වත්මන් උතුරු කොරියානු නායකයාගේ පාලන කාලය පුරාම නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි.

    _95727125_icbm_missiles_ranges_english_624_sinhala.png


    උතුරු කොරියානු මිසයිල වැඩසටහනේ ඇරඹුම
    මෙතෙක් ලොව සන්නද්ධ බවින් වැඩිම මිසයිලයක්ව පැවති 'ස්කඩ්' මිසයිලය භාවිතයට ගැනීම සමග අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල වැඩසටහන දක්වා වූ සිය ගමන උතුරු කොරියාව විසින් වර්ධනය කරගනු ලැබීය.
    මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් පැවති එකඟතාවකට අනුව, ඊජිප්තුවේ ජනාධිපතිව සිටි අන්වර් සදාත් 1979 දී සෝවියට් දේශයේ නිෂ්පාදිත මිසයිල සුළු ප්‍රාණයක් උතුරු කොරියාව වෙත යවනු ලැබීය.
    ඉන් අනතුරුව 'ස්කඩ්' මිසයිලයේ තාක්ෂණය වෙනස්කම්වලට ලක්කරමින් තමන්ගේම වූ 'හ්වාසොං-6' සහ 'හ්වාසොං-7'මිසයිල නිපදවීමට මෙන්ම අත්හදාබැලීම උතුරු කොරියාව ආරම්භ කළේය.

    කාලය ඉකුත්වයද්දී 'ස්කඩ්' මිසයිලයේ පරාසය පුළුල්කරමින් ද එහි දේහය දිගු කරමින්ද නව මිසයිලයක් තැනූ අතර එය 'නොඩොං' නම් විය.
    පසුව මෙම නොඩොං මිසයිලයේ එන්ජින් කිහිපයක් කැටිකොට 'උන්හා-3' නම්වූ රොකට්ටුවක් උතුරු කොරියාව විසින් නිර්මාණය කරන ලද අතර එයට පෘථිවියෙන් එපිටට ද්‍රව්‍ය ගෙනයාමේ හැකියාවෙන් යුක්තය.
    'ස්කඩ්' පවුලේ මිසයිල තාක්ෂණික වශයෙන් වඩා දියුණු නොවුවද ඒවා විශ්වාසදායී මෙන්ම නිෂ්පාදනය වියදම සාපේක්ෂව අඩුය.
    නොඩොං මිසයිලය න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් අතර උතුරු කොරියාව එම මිසයිල පාකිස්තානය සහ ඉරානයටද අපනයනයකර ඇත.

    _95727126_icbm_trajectories_ws_624_sinhala.png


    _95727127_icbm_missile_diagram_ws_624_sinhala.png


    පහසුවෙන් සැඟවිය හැකි මිසයිල නිෂ්පාදනය
    මෑතදී, සෝවියට් නිෂ්පාදිත R-27 නම්වූ සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) වෙනස්කම්වලට ලක්කරමින්, ගොඩබිම් මාර්ගවලින් ගෙන යා හැකි එසේම ගුවාම් හි ඇමෙරිකානු හමුදාවලට පහරදිය හැකි තරමේ මිසයිල නිපදවීය.
    'මුසුඩාන්' යනුවෙන් හැඳින්වෙන මිසයිලය වසර ගණනාවක් ම හමුදා පෙළපාලිවලදී ප්‍රදර්ශනය කෙරුනද, උතුරු කොරියාව එය අත්හදාබැලීම ඇරඹුවේ 2016 වසරේදීය.
    අත්හදාබැලීම් හයකින් අනතුරුව 2016 ජුනි මාසයේදී එහි සාර්ථකත්වයක් දක්නට ලැබිණි.
    එහෙත්, සෑම අත්හදාබැලීමක් අතරදී කෙරුණු වැඩිදියුණුකිරීමේ වෙනස්කම් අවධානය යොමු කිරීමට තරම් වටී. උදාහරණයක් ලෙස, එක් වතාවක අසාර්ථක වූ අත්හදාබලීමකදී මිසයිලය ප්‍රවාහනය කෙරෙන හා විදින ට්‍රක් රථය (TEL-Transporter Erector Launcher) දැඩි හානියට ලක්වීම නිසා ඒ සඳහා පසුව යැවුණු රථයේ රෝද සහ චැසියට ආරක්ෂක ආවරණයක් යෙදීය.
    මෙම 'මුසුඩාන්' මිසයිලය න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදුසු විය හැකියැයි පැවසේ.
    උතුරු කොරියාව සතු මිසයිල සියල්ලම පාහේ ගොඩබිම් මාර්ග ඔස්සේ TEL ට්‍රක් රථ මතින් රටේ තැන තැන ප්‍රවාහනය කළ හැකි අතර උමං, ගබඩා සංකීර්ණ, බංකර හෝ ගුහා තුළ සඟවා තැබිය හැකිය. නිරන්තරයෙන් තැන තැන ගෙන යාම හා සඟවා තැබීම නිසා එම මිසයිල සොයාගැනීම අසීරු විය හැකිය.
    ජලයේ සිට විදිය හැකි මිසයිල

    _95578068_9bbb63e7-b940-426e-bd3d-d9edac51705d.jpg


    සබ්මැරින් තුළින් විදිය හැකි බැලිස්ටික් මිසයිල සම්බන්ධයෙන් ද 2016 වසර වැදගත් වසරක් විණි.
    2015 වසරේ සිදුවූ ආපදාකාරී අසාර්ථක අත්හදාබලීමකින් අනතුරුව 'පුක්ගුක්සොං' නම්වූ මිසයිලයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට උතුරු කොරියාවට හැකි විය.
    දිය යට වේදිකාවක් උපයෝගිකරගනිමින් සාර්ථක නෙරපීමක් ලබාගැනීමට උතුරු කොරියානු විද්‍යාඥයින් සමත්වුවද, සැළකිය යුතු දුරක් ළඟාකර ගැනීමට නොහැකිවිය. 2016 අප්‍රේල් මාසයේදී ඝන ඉන්ධන (ද්‍රව නොවන) යොදන එන්ජිමක් අත්හදාබලීමෙන් අනතුරුව සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) අත්හදාබැලීම් සාර්ථක කරගැනීමට එරටට හැකිවිය.
    කෙසේවෙතත්, ඇමෙරිකා, රුසියාව හෝ චීනය සතු SLBM මෙන් නොව උතුරු කොරියානු SLBM තවදුරටත් විශ්වාසදායී නොවන්නේ ඒවායෙහි අත්හදාබැලීම් තවමත් ක්‍රියාත්මකවන බැවිනි. උතුරු කොරියාව සතු සබ්මැරීන වැඩි ශබ්දයකින් යුතුවන බැවින් ඒවා නිරීක්ෂණය කිරීම පහසුය. මේ කරුණු අනුව බොහෝ අතින් සළකනවිට මෙම මිසයිල හමුදාමය පරිහරණයකට වඩා දේශයේ 'කීර්තිය' සඳහා යොදාගැනේ.
    එසේ වුවද, චන්ද්‍රිකා ඡායාරුප මගින් පෙන්නුම් කෙරෙන පරිදි සින්පෝ ප්‍රදේශයේ පිහිටි සබ්මැරීන අංගනය නවීකරණයට උතුරු කොරියාව විශාල ලෙස යොමුවී ඇත. ඒ අනුව, මෙම වැඩසටහනේ ආරම්භය මෙය ලෙස සැළකිය හැකිය.
    KN-17

    _95578065_5b0975a6-9267-4ca6-b9c8-277547ad81b9.jpg


    මෑතදී පැවති පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු KN-17 (ඇමෙරිකාව විසින් නම් කරන ලද) ගොඩබිම සිට විදින නෞකා නාශක බැලිස්ටික් මිසයිලය සින්පෝ ප්‍රදේශය ආසන්නයේදී පරීක්ෂාවට ලක්කර ඇත. දෙවරක් එය අසාර්ථක වුවද, ඉන් දී ඇති පණිවිඩයවන්නේ ඇමෙරිකානු, දකුණු කොරියානු හා ජපාන නැව් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවය.
    2016 වසර ආරම්භයේ සිට ඇතිවූ තත්වයන් පෙන්නුම් කරන්නේ නව මිසයිල තාක්ෂණය සංවර්ධනය කෙරෙහි පමණක් නොව, සැබවින්ම ක්ෂේත්‍රයට මිසයිල යොමු කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කරන බවය.
    2016 සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල තුනක් එකවර විදිනු ලැබූ අතර 2017 වසරේ මාර්තු මාසයේදී තවත් මිසයිල හතරක් විද්දේය. මෙසේ මිසයිල කිහිපයක් එකවර විදීම හඳුනාගැනීම මෙන්ම ඊට බාධා කිරීම අපහසු කරවයි. එසේම එය 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතියට අභියෝගයකි. ඇමෙරිකාව විසින් මෑතදී 'තාඩ්' මිසයිල පද්ධතිය දකුණු කොරියාවට යැවීම ඇරඹීම අර්බුදකාරී තත්වයක් මතු කිරීමට හේතු විය.
    උතුරු කොරියාව සතුව දිගු දුර විහිදුම් මිසයිල තිබේද?

    _95682749_8a31e56e-dfee-421b-8913-5c0ab652655e.jpg


    ඇමෙරිකානුවන් වඩාත් උනන්දු කරවන සුළු මේ ප්‍රශ්නයෙන් විමසන්නේ ඇමෙරිකානු බිමට ළඟාවිය හැකි මිසයිලයක් නිකුත් කිරීමට උතුරු කොරියාවට හැකිද යන්නය.
    අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) සතුවීමේ අවශ්‍යතාව ඇත්තේ න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහාය. ඒ හැර එවැනි මිසයිලයකට සම්ප්‍රදායික අවියක් යෙදීමේ හැකියාව ඉතා අල්පය.
    උතුරු කොරියාව 2012 වසරේ සිටම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනයේ යෙදෙන අතර එම මිසයිල අතරට KN-08 නම්වූ මිසයිලයද අයත්විය. මුලදී එම මිසයිල 'ව්‍යාජ' යැයි විවේචනය කෙරුණද කාලය ඉක්ම යද්දී කෙරුණු වැඩිදියුණු කිරීම් අතරේ ඒවා පිළිගතහැකි තත්වයට පත්විණි.
    දශක ගණනාවක් පුරා උතුරු කොරියාවේ මිසයිල හැකියාව බාහිර ලෝකය විසින් බැහැර කරනු ලැබුවද ප්‍රධාන වර්ධනයන් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.
    2015 වසරේදී උතුරු කොරියාව KN-14 නමින් හැඳින්වෙන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් හඳුන්වාදුණි. එවැනි මිසයිලයකට එක කෙරෙන කොටස් පිළිබඳ ඡයාරූප මෙන්ම වීඩියෝ දසුන්ද 2016 වසරේදී නිකුත් කළේය.

    _95665676_bf40e792-0ead-4cb8-8741-e4f6cd3b6cfa.jpg


    උතුරු කොරියාව අන්තර් මහාද්වීපික මිසයිලයක් අත්හදා බලන්නේ කවදාද යන ප්‍රශ්නයට පිළිතුර නම් ඒ සඳහා සුදුසු මෙන්ම සුදානම් අවස්ථාවේදී එය සිදුවනු ඇත යන්නයි.
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger