HACKING….HACKING…WEBSITES – Everybody must read!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    article-2009027-0236EF8900000578-502_233x347.jpg


    HACKING කිව්වාම ඉතින් මේ දවස් වල අපි ඕනම කෙනෙක් ඉතාම ඕනකමින් උනන්දුවෙන් කරන බලන අත්හදා බලන
    දෙයක් තමයි නේද?:):):)
    විකිලීක්ස් ගැනත් එක පාරම මතක්වෙනවා..
    :rolleyes::rolleyes:
    hacker.gif

    මාතෘකාව වෙබ් අඩවියක් හැක් කරමු කියලා තිබුනට ලියන්නේ නම් හැක් කරන්නේ කොහොමද කියලා පාඩමක් නෙවි...:baffled:
    ඒ වුනාට මේක අපිත් එහේට මෙහේට කරන්න උත්සහ කරන පරිගණක වැඩ වලට වගේම ජිවිතයට පාඩමක් වේවි කියලා හිතනවා...:):)
    බොහෝ දෙනෙක්ට මතක ඇති පසුගිය සති කිහිපයකදි පුවතක් තිබුනා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ වෙබ් අඩවිය හැක් කරලා දැන් පැය කිහිපයකට ඒක වහලා දාලා කියලා...:lol::lol::lol:

    අප්පා ඒකත් හැක් කරලා...:P
    නියමායි නියම වැඩ කාරයෝ තමා ඉන්නනේ..පිස්සු හැදෙයි කියලා බොහෝ දෙනා කියන්න ඇති..මාත් එහේමම හිතුවා..
    :P:P

    ඔන්න දැන් ඒ හැක් කරපු කෙනා එංගලන්තයෙන් අත්අඩංගුවට අරගෙන... :baffled::baffled::baffled:

    ඒ එංගලන්තයේ එසෙක්ස් හි පදිංචි රයන් ක්ලියරි නම් වු 19 හැවිරිදි තරුණ ළමයෙක්...
    8.gif
    8.gif
    article-2006118-0CACC17B00000578-505_308x439.jpg


    පසුගිය සදුදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් ඔවුන්ගේ වගේම ඇමරිකානු FBI හා CIA ආයතන වලින් ලබාදුන් සාක්ෂිත් සමගය.
    ඔහු තම මව සමග... :)
    article-2009027-0CC26EC800000578-203_468x286.jpg

    මේ ඔහුගේ නිවස හා කාමරයයි.:nerd:

    article-2006118-0CA9DDD600000578-242_634x434.jpg


    article-2006118-0CAB928C00000578-975_634x415.jpg


    එංගලන්ත පරිගණක අපරාධ පනතට අනුව බොහෝ විට ඔහුට දඩුවම් හිමිවන අතර ඇමරිකානු නඩු විභාග සඳහා ඉන්පසු ඇමරිකාවටද පිටුවහල් කරනු ඇති අතර ඔහුට අවුරුදු 60 වැඩි සිරදඩුවමක් ලැබෙනු ඇතැයි බොහෝ විට පැවසෙනවා...
    ආරක්ෂක අංශ සදහන් කරන ලෙස ඔහු ලල්ස්සෙක්(Lulzsec) නැමති පරිගණක හැකින් සමාජයක සමාජිකයකු ලෙස සිට ඇති බවයි.

    Lulz_Security.jpg



    ලල්ස්සෙක් යනු අවුරුදු 16-34 අතර හැකර්ස්ලාගෙන් සමන්විත වු හැකින් සමාජයකි.ලොව හැම රටකම වාගේ ඔවුන්ගේ සමාජිකයින් සිටී. :nerd::nerd:
    ඔවුන්ගේ හැකින් ක්‍රියාමාර්ග කරනු ලබන්නේ බොහෝම විට ප්‍රසිද්ධ සමාගම් හා රජයේ ආයතනවලට වන අතර ඒ මුදල් වලට නොවේ..ඔවුන්ගේ අදහස එවැනි ආයතනයේ දත්ත සොරා ගෙන නොමිලයේ ප්‍රසිද්ධ කොට එම ආයතන ලැජ්ජාවට පත්කිරීම හා තම සමාජයේ නම ප්‍රසිද්ධ කර ගැනීමයි.. :rolleyes::rolleyes::rolleyes:

    සෑම හැකින් ක්‍රියාමාර්ගයකට පසුව ඔවුන් එය ටිවිටර් මගින් ප්‍රසිද්ධ කරනු ලබයි. :oo::oo:

    ලල්ස්සෙක් සමාජය මේ දක්වා සිදුකරන
    ලද හැක් කිරීම්
    :angry::angry::angry:

    article-2006118-0CAB999900000578-485_634x427.jpg


    ඔවුන්ගේ ටිවිටර් වෙබ් පිටුව :oo::oo:

    article-2006118-0CA8EBEA00000578-828_634x378.jpg



    රයන් විසින් ඇමරිකානු CIA ආයතනය, ඇමරිකානු සෙනෙට් මණ්ඩලය, Fox Tv ආයතනයේ දත්ත වගේම Sony සමාගමේද තොරතුරු සොරා ගෙන ඇත.ඔහු විසින් Sony සමාගමේ තොරතුරු සොරකම් කර ඇත්තේ එම සමාගම නිපදවනන්ට සැරසුනු මිල අධික විඩියෝ ක්‍රිඩවක් ගෙන එහි ක්‍රිඩා කරන්නටයි..

    CIA ආයතනය හැක් කිරිමෙන් පසුව එය පලකල අයුරු :angry::angry:


    article-2009027-0C95AFCF00000578-468_468x191.jpg



    2001-2002 ඇමරිකානු පෙන්ටගනය හා නාසා ආයතනයේ පරිගණක දත්ත සොරාගත් එංගලන්ත ජාතික හැරි මැකිනොන් ඇමරිකාවට පිටුවහල් කල අතර ඔහුට අවුරුදු 60 සිරදඩුවමක් ලබා දී තිබුනි.
    :baffled::baffled::baffled::baffled:

    රයන් අත්අඩංගුවට පත්වු පසුව ලල්ස්සෙක් සමාජය පවසා තිබුනේ ඔහු ඔවුන්ගේ කෙනෙකු නොවන බවත් ඔහුගේ සර්වරය පමණක් භාවිතා කල බවත් ඉදිරියටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යන බවත්ය. :angry::angry:

    ‘Ryan Cleary is not part of LulzSec. We house one of our many legitimate chatrooms on his server, but that’s it.’

    මේ හැකින් නිසා තරුණ රයන්ටද අනිවාර්යයෙන්ම අවුරුදු ගනනාවක් සිර දඩුවමක් විදින්නට සිදුවනු ඇත.
    කවුරු කොහෝම කිව්වත් සයිබර් ලෝකයේදි අපි කරන කියන දේවල් කිසිවිටක ආරක්ෂා සහිත බව නම් කොහොමටත් සිතන්න හොද නෑ...:no::no:
    අපි කරන දේ ඉතාම භයානක වෙන්නත් ඉඩ තියෙනවා..
    :):)

    ඔබගේ දැනුවත් වීම උදෙසා ඉදිරිපත් කරන ලදි..

    උපුටාගෙන පරිවර්තනය කලේ මෙන්න මෙතනින්....වැඩිවිස්තර

     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මාර යකෙක්නෙ:oo:
    පොඩි උනාට වැඩ නම් මාහා පරිමාණයිනෙ:baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ කොල්ලො නම් මෙව අහුවට හැදෙන්නෙ නැ..ලන්කාවෙ කාට හරි ඔය වගේ වැඩක් උනොත් නම් ටිකක් බය වේයි:P
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි ගොඩක් වැදගත් විස්තර වගයක්...:yes: ස්තුතියි මිත්‍රයා...:)
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වටිනා විස්තරයක් මචන් ... පරිවර්තනය කරලා එළකිරි අඩවියේ පල කරට බොහොම ස්තුති !! .... රේප් +