¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැණික්
    gems1.jpg

    මැණික් (gemstone or gem) මීට අමතරව ( precious or
    semi-precious stone, or jewel) ලෙසද හදුන්වන අතර
    මේවා ඛනිජ වලින් සෑදී ඇති අතර කපා ඔප දමා ස්වර්ණාභරන සෑදීමට යොදාගනී
    මැණික් වර්ගීකරනය
    gems.gif

    සාම්ප්‍රදායික බටහිර වර්ගීකරනය පුරාන ග්‍රීසියෙන් ඇරබෙන අතර මෙම වර්ගීකරනයේදිමැණික් වර්ග precious සහ semi-precious ලෙස වර්ග 2කට වෙන්කරයි precious යටතට Diamond(දියමන්ති),Ruby(පද්මරාග),
    Sapphire(ඉන්ද්‍රනීල),Emerald(පච්ච).අයත් වන අතර semi-precious
    යටතට අනෙක් මැණික් වර්ග අයත්ය මෙම වර්ගිකරනය එතරම්ම විදයාත්මක වර්ගිකරනයක් ලෙසට නොපිලිගැනේ
    දියමන්ති හැර සියලු මැණික් වර්ග ආලෝකයට පාරගමය වන අතර ඉතාම ශක්තිමත් වේ බොහෝ මැණික් වර්ග ඒවාගේ ආලෝකයට පාරගමය බව සහ ශක්තිමත් බව අනුව වර්ග කර ඇත.

    වර්තමානයේදි මැණික් හදුනා ගැනීමට සහ වර්ග කිරිමට ඒවාගේ රසායනික සංයුතිය මූලික ලෙස යොදාගනි උදාහරන ලෙස දියමන්ති සෑදී ඇත්තෙ aluminium oxide(Al2O3) රසායනික සංයුතියට අමතරව මැණික් වර්ග කිරිමට කදා හැඩය යොදාගනි ඒවා cubic,
    trigonal,monoclinic ලෙස වර්ග කල හැක.
    විදයාත්මක මැනික් වර්ගිකරනය සදහා refractive index,dispersion,
    specific gravity,hardness,clevage,fracture සහ luster
    වැනි මිනුම් දඩු යොදාගනී.

    ශ්‍රි ලංකාවේ මැණික්
    ශ්‍රි ලංකාව මැණික් පිලිබද ඉතා දිගු සහ වර්නවත් ඉතිහාසයක් ඇති රටකි.අතිතයේදි අප රට
    රත්නදීප ලෙසද හැදින්වුයේද මෙම මැණික් නිසාය .අතීත සංචාරකයකු වන මාර්කො පොලෝ
    සදහන් කරන අන්දමට මෙරට ඉන්ද්‍රනීල,පුශ්පරාග වැනි මැනික් වර්ග සුලභව දක්නට ලැබී ඇත.
    ටොලමිගෙ වාර්තා අනුවද මෙරට පුශ්පරාග මැනික් සුලභව තිබි ඇත.
    ශ්‍රි ලංකාවෙ මැනික් පිලිබද කතා කිරීමෙදී අපට නිතැතින්ම මතකයට එන්නේ රත්නපුර
    දිස්තික්කයයි
    463px-Sri_Lanka_Gem_Fields.svg.png


    මෙරට සුලභ මැනික් වර්ග

    Sapphire(ඉන්ද්‍රනීල,නිල් මැණීක්)
    aluminum oxide වලින් සෑදී ඇති මෙම මැණික් වල වර්ණය ලානිල් පැහැයේ සිට
    තද නිල් ,නිල් දම්,කොල නිල්,කහ,ලා රතු, රතු තැබිලි,දුබුරු,පාරදුශය කලු,අවර්ණ,රෝස
    දම් රෝස තැබිලි දක්වා විවිදාකාරය.
    Sapphire_Link_op_800x707.jpg


    අතීත පර්සියානු පුරාවෘතයකට අනුව ලෝකය මෙම Sapphire මැණිකක් මත රදවා ඇති අතර මෙම මැණිකේ දිස්නය අහසේ දක්නට ලැබෙන බව විශ්වාස කරයි
    මෙම මැණික් Sri Lanka, Kashmir (India), Burma, Thailand, Australia, Tanzania, Kenya, Montana, Madagascar
    යන රටවල දක්නට ලැබේ.
    Ceylon Sapphires
    ශ්‍රි ලංකාවෙ දක්නට ලැබෙන නිල් මැණික් වර්ගය මෙරරටටම ආවේණික නිසා මෙවා වෙනම වර්ගයක් ලෙසද
    වර්ග කර ඇත
    112ct_599mm_Round_Ceylon_Sapphire_From_Sri_Lanka_NETLF10898.11785047_std.jpg



     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Ruby (පද්මරාග)
    මෙම වර්ගයද aluminum oxide වලින් සැදී ඇති අතර රතු,රතු දම්, රතු දුබුරු
    පැහැයන්ගෙන් යුක්තය.
    මේවා Sri Lanka, Burma, Thailand, Africa (Kenya, Madagascar, Tanzania), India.
    වැනි රටවල දක්නට ලැබේ

    ruby_single_500x400.jpg


    Alexandrite
    chrysobery විශෙශයක් වන මෙම වර්ගය ප්‍රති දීප්ත ආලොකය සහ හිරු එලියෙදී
    කොල පැහැ වන අතර තාප දීප්ත ආලොකයේදි රතු පැහැයක් ගනී
    මේවා Sources
    Sri Lanka, Tanzania, Soviet Russia, Brazil, Zimbabwe - Rhodesia, Burma.
    වැනි රටවල දක්නට ඇත.මෙම මැණික් වලට මෙම නම ලැබී ඇත්තේ රුසියාවෙ II
    වන Alexander රජුගෙ උපන් දිනයෙදි සොයාගත් වර්ගයක් වන නිසාය
    alex-ov.jpg


    Star stones(තාරකා ගල්)
    මේවා තාරකා නිල් කැට හෝ තාරකා පද්මරාග විය හැකිය මෙම ගල් වලට ආලෝකය වැටුනු විට තරුවක්
    හැඩැති දිලිසීමක් දක්නට ලැබෙන නිසා මෙම නම ලැබී ඇත.
    104-5-star-stones.jpg


    Chrysoberyl
    මේවා පාරදුශය මැණික් වර්ගයකි
    මේවාගෙ පැහැය කොල හො කහ කොල විය හැක.
    photo_natural_faceted_chrysoberyl.jpg


    Cat's eye
    මෙවාගේ බලල් ඇසක් වැනි ස්වරුපය නිසා මෙම නම ලැබි ඇත
    alexandrite cats-eye සහ chrysoberyl cats-eye
    ලෙස වර්ග 2කි
    chrysoberyl cats-eye කහ දුබුරු හෝ කහ කොල පැහැයක් ගනි
    Sri Lanka, Brazilයන රටවල් වල දක්නට ඇත
    images


    Quartz
    පොලව මතුපිට වඩා සුලභ මැණික් වර්ගයකි
    amethyst (දම්), citrine (කහ), milky quartz (අදුරු සුදු), rock crystal (අවර්ණ),
    rose quartz (රෝස සහ රතු රෝස), smokey quartz (දුබුරු අලු).ලෙස වර්ග ගනනාවකි
    phqp178.jpg



     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Amethyst
    silicon dioxide වලින් සැදී ඇති මෙවා තද දම් සහ අවර්ණ වෙ
    Sri Lanka, Brazil, Uruguay, Russia, Mexico, Zimbabwe
    Rhodesia, Zambia, Arizona. ආශ්‍රිතව දක්නට ඇත
    images



    Citrine
    quartz වර්ගයෙ පාරදුශය වර්ගයක් වන මෙවා කහ රතු තැබිලි,රෝස දුබුරු පැහැයන් ගනී
    citrine+gemstone.jpg




    Aquamarine (සුදු නීල)
    මෙවා නිල් ,කොල නිල් පැහැයක් ගනී
    Sri Lanka, Brazil, Madagascar (only historically), Tanzania, Russia,
    Kenya, Afghanistan, Nigeria ආශ්‍රිතව ඇත
    aquamarine1.jpg



    Garnet(රතු කැට)
    වඩාත් සුලභ වර්ගයක් වන අතර සෑඑම පැහැයකින්ම දක්නට ඇත
    Rhodolite
    Almandite
    Pyrope
    Grossularite
    Andradite
    Spessartite
    Uvarovite
    ලෙස වර්ග ගනනාවකි
    Garnet-054_1_.jpg


    Tourmaline(තෝරමල්ලි)
    boron-aluminum silicate සමග magnesium, sodium,
    lithium, iron, potassium හො වෙනත් කනිජ මිශ්‍රන වලින් සැදී ඇත
    ආලොකයේදි තද රතු සහ දම් වන අතර අදුරේදී තද කොල,කහ කොල,දුබුරු තැබිලි පැහැයන්ගෙන් යුක්තය
    Tourmaline-green-013.jpg


    Spinel(කිරිංච)
    magnesium aluminum oxide වලින් සැදී ඇති මෙවා බොහෝ වර්ණ වලින් දක්නට ඇත
    රුබි රතු පැහැය වඩාත් සුලභය.
    Spinel%20birthstone.jpg

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Topaz(පුශ්පරාග)
    මේවා පාරදුශය කහ ,කහ දුබුරු,රෝස දුබුරු,ලා සහ තරමක් තද රතු
    ලා නිල්,ලා කොල සහ දම් පැහැතිය
    ප්‍රදාන ලෙස හමුවන්නෙ බ්‍රසීලයෙදිය
    topaz-blue-synthetic-560.jpg



    Moonstone(චන්ද්‍රකාන්ත)

    අවර්න සහ සුදු පැහැතිය
    Moonstone-006.jpg



    Zircon(ගොමෙද)
    zirconium silicate වලින් සැදී ඇත
    අවර්ණ,ලා නිල්,දුබුරු තැබිලි,කහ,කහ කොල,කොල දුබුරු,තද රතු,
    රතු දම්,සහ නිල් පැහැතිය
    images


    Peridot
    magnesium සහ iron සිලිකෙට වලින් සැදී ඇත
    කහ කොල,කොල කොල දුබුරු,දුබුරු,පැහැයක් ගනි
    peridot2.jpg

    :):)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තොරතුරු ගත්තේ wikipedia ඇතුලු සයිට් ගනනාවකින් ඒ හැම සයිට් එකකටම ස්තුතිවන්ත වෙනවා
    විස්තරෙ හොදනම් කොමෙන්ට් එකක් දාලම යන්නකො ඔයාලට වැදගත් වැයි කියලා හිතනවා
    :):)