තිරියාය_ගිරිහඩු සෑය

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තිරියාය_ගිරිහඩු සෑය

    උරුමයේ උල්පත් සොයා යන ගමනක ඇරඹුම.....!

    ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ එළකිරියට තවත් සංචාරයක් අරගෙන මම ආවා....! මේ චාරිකාව නම් බස් එකෙන් තමයි යන්න උනේ. වැඩි විස්තර පසුවට කතා කරමු එහෙනම්, වැ‍ඩේ පටන්ගමු!


    "ගිරිහඬු වෙහෙර නොදුටු බොදුනු ඇස කුමටදැයි එහි නොගිය නොදුටු අයෙකුට නොවැටහේ"

    අපේ චාරිකාවෙ ගමනාන්තය උනේ ලංකාවෙ නැගෙනහිර පිහිටි තිරියාය නම් ගම් පියසෙහි වූ ගිරිහඬු සෑයයි. එය වැඳපුදා ගැනීම පමණක් නොව එම විහාරස්ථානයට අවශ්‍ය පුටු පරිත්‍යග කිරීමක්ද එහිදී සිදුවුනා....


    264206_2028301540393_1029705657_31867589_3479689_n.jpg


    අපේ ගමන් මාර්ගය උනේ,

    270137_2028260699372_1029705657_31867497_1120735_n.jpg


    අදහසක්.......!
    දෙව්බඹුන් පිදූ මේ පින්බිමේ රන් වැටක් වැනි වූ වෙරළ තීරයකින් අපේ දිවයින දිවයින, ශ්‍රී ලංකාද්වීපය රැකවරණය ලබයි. ඉන්දියන් සයුරේ මුතු ඇටය මෙන් දිදුලන අපේ දෙරණට ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි පමණක් නොව චෝලයින්, පාණ්ඩ්‍යයන්ගෙන් එහා ගිය දකුණු ඉන්දීය රාමයන් පවා කඩා පිනුයේ මේ දිවයිනේ පැවති විශ්මයන් අත්විඳිනු පිණිසය. ගල් කන්දට (ගල් වරාය) ගොඩබට තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ද මේ පින්බර දිවයිනට රැගෙන පැමිණි දෑහි වටිනාකම අමිලය අසීමිතය. එය තවත් ශිෂ්ඨාචාරයකද ආරම්භයක් විය හැක.

    රන් වැටක් බඳු ඒ වෙරලත සිඹින පාරිසරික ආගමික සංස්කෘතිමය හා සෞන්දර්යාත්මක උරුමය සොයා යන්න‍ට අපගේ සූදානම හුදෙක් චාරිකාවක් නොව ගවේශණාත්මක අත්දැකීමක් ලබාගැනීමට එන්න...අප හා එක්වන්න.........

    :):):)
    ගමන අතරමඟ ගත් ඡායාරූප වලින් කිහිපයක්!


    කුරුණැගල පසුවන විට හමුවන කොස් කැලය

    262312_2028261179384_1029705657_31867498_2670517_n.jpg


    268865_2028261379389_1029705657_31867499_7514055_n.jpg


    268517_2028261659396_1029705657_31867501_6043064_n.jpg



    සංවිධායක මහතා ගමන පිළිබඳ විස්තරයක් කරමින්...

    264321_2028261939403_1029705657_31867502_957016_n.jpg


    හබරන කන්තලේ මාර්ගය <A6 - Ambepussa Trinco>


    263449_2028262139408_1029705657_31867503_7624711_n.jpg


    268870_2028262499417_1029705657_31867504_5406297_n.jpg


    270241_2028315060731_1029705657_31867604_5545841_n.jpg


    පොඩි විවේකයක්!

    270598_2028262619420_1029705657_31867505_8383419_n.jpg


    ඉරක්කන්ඩි පාලම



    261525_2028262859426_1029705657_31867507_1773074_n.jpg



    කුම්පුරුපිඩ්ඩි පාලම

    267433_2028263099432_1029705657_31867508_2390170_n.jpg



    මාලු.. මාලු... මාලු..... වාඩි

    263188_2028263219435_1029705657_31867509_726029_n.jpg


    අපේ ගමන් සගයන්!

    267612_2028263499442_1029705657_31867510_5452961_n.jpg





    නීතුපත්පාන - ගිරිහඬු සෑය

    බුද්ධො තපස්සු සහ භල්ලික වානිජානං
    දානං ලභීසමධු පිණ්ඩික ලාජ පුණ්ණං
    තෙසං සුදින්න නිහිතං මුනි කේශ ධාතුං
    වන්දාමි සුන්දර තරං ගිරිකණ්ඩි ථූපං

    පොසොන් පොහොය දිනයේ සිරස ආයතනය විසින් මෙහි සිට සජීවී විකාශයක් ගෙන ආවා කාටත් මතක ඇති


    270183_2028264099457_1029705657_31867514_4782197_n.jpg



    ගිරිහඬු සෑ පුදබිමට පැමිණෙන විටම දක්නට ලැබෙන්නේ මෙයය!

    269839_2028263619445_1029705657_31867511_3125659_n.jpg


    263153_2028263819450_1029705657_31867512_2567733_n.jpg


    පූජා කිරීමට පුටු රැගෙන යන අපේ නඩය....

    263853_2028263939453_1029705657_31867513_892709_n.jpg


    දැනට මෙහි වැඩසිටින ස්වාමීන් වහන්සේ වෙත පුටු පූජා කල පසු කල කෙටි අනුශාසනාව

    269146_2028264459466_1029705657_31867516_5708006_n.jpg


    :angry::(එකල ත්‍රස්තවාදීන්:(:angry:

    263583_2028264699472_1029705657_31867517_7040486_n.jpg


    :angry::(මෙකල ත්‍රස්තවාදීන්:(:angry:

    269900_2028264979479_1029705657_31867518_4838138_n.jpg



    සෑරදුන් වෙත ඉදිරියට......

    263073_2028265139483_1029705657_31867519_2801206_n.jpg


    ගතේ ධෛර්යයෙන් නොව හිතේ ධෛර්යයෙන් බුදු පුදට

    263565_2028265219485_1029705657_31867520_4268317_n.jpg


    ආරක්ෂාව

    267669_2028265619495_1029705657_31867521_808307_n.jpg


    කලක අප මුරදේවතාවන්ගේ නවාතැන

    264097_2028266899527_1029705657_31867525_7981905_n.jpg



    !...ගිරිහඬු සෑ වහන්සේ...!

    ලක්දිව ප්‍රථම සර්වඥ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කොට මැණික් ගලින් තුන් රියනක් පමන කුඩා වෙහෙරක් පිහිටුවා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට උතුරු පැත්තෙන් පිහිටි ගල් වරාය අසලය. ඒ අද දක්වාම බෞද්ධ ජනී ජනයාගේ ගෞරවයට පාත්‍ර වී ඇති ගිරිහඬු සෑයයි. නිතිපත්පාන, නිතිප්‍රත්පාන, තිරියාය යන නම් වලින්ද අපේ පැරණි පොත පතෙහි මේ පිළිබඳව කරුණු දක්වා ඇත.
    බුදුරදුන්ගේ සම්බුද්ධත්වයෙන් 2600 සංවත්සරය යෙදෙන මේ වැදගත් වකවානුවේදී ගිරිහඬු සෑය පිළිබඳව අපේ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කරවීම වැදගත් කරුණක්ව තිබේ. මෙකී දාගැබ් වහන්සේ තුල පිහිටියේ බුදුරදුන්ගේ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද අතට එක් වූ කේශධාතුය. ගල් පඩි යොදා සොදාපාලු නොවන සේ ගල් වැටි බැඳ සංරක්ෂණය කරන ලද අඩ අක්කරයක් පමණ වූ මහ මලුව නයනාභිරමණිය දර්ශනයක් ගෙනදෙන තැනකි. එහි එක් පසකින් රළ නගන නිල්වන් සමුදුරත් අනෙක් පසින් අනන්තය තෙක් පැතිරෙන නිල්වන් වන උයනත් දැකගත හැකිය. එහි ඇත්තේ නෙත් සිත් පිනායන දසුන්ය. වසභ නිරිඳුන් (ක්‍රිව 67 - 111) තට්ටකාලක ගමෙහි තනන ලද නිතුපත්පාන වැවෙහි දහවල ජල කෙලියෙහි යෙදෙන වල් ඇතුන් බුදු පුදට නොව අහරට නෙලුම් මල් නෙලන අයුරුද නෙත ගැටේ. අරුණොදයෙහි මහ මලුවට ගොස් සෙල් ටැඹකට මුවාවී නිහඬව සිටියහොත් එහි රැස්වන මොණරුන් දෙවිඳුට උදය පූජාව පිණිස පිල් විදහා සර සර හඬ නංවා කරන රංගනයද නැරඹිය හැකිය. මහ මලුව මැද මනා කොට ඔප මට්ටමින් සුමටව තනන ලද පිටත බිත්ති සහිත වටදාගෙහි අංගනයෙහි විශ්කම්භය අඩි 79 ක් පමණය. එහි මැද එකිනෙකට වෙනස් වූ උසින් යුත් ගල් කණු දෙපලක් මැද කවුංචකයක් සහිත වෙහෙරකි. විශ්කම්භය අඩි දෙතිසකි. කවුංචකයට ඇතුලතින් ඇති වෙහෙරෙහි විශ්කම්භය අඩි 24කි. මහ මලු‍වෙහි සිට වටදාගෙට පිවිසීමට දිශා හතරෙහිම අලංකාර කැටයම් සහිත මුරගල් ඇති පියගැට පෙළක් වේ. වෙහෙර සිව්පසෙහිම මල් අසුන් දක්නට ඇත.



    බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශධාතූන් වහන්සේලා වැඩසිටින ගිරිහඬු සෑ රජුන් උදෙසා පූජෝපහාර දැක්වීම

    උදෑසන පූජාව - පෙ.ව. 6.00


    • හේවිසි හා ඝණ්ඨාර ශබ්ද පූජාව පැවැත්වීම
    • දැහැටි දඬු, දත් බෙහෙත්, මුව පිස්න
    • උණු පැන්, සිසිල් පැන්
    • විළඳ මී පැණි, කිරිපිඬු හා පලතුරු සහිත ආහාර පූජාව
    • අටපිරිකර, පාවහන්, වටාපත, කුඩය සමඟ පරිස්කාර පූජාව


    සවස පූජාව - ප.ව. 6.00


    • හේවිසි හා ඝණ්ඨාර ශබ්ද පූජාව පැවැත්වීම
    • අෂ්ඨපාන වර්ග සහිත ගිලන්පස
    • චතුමධුර
    • අටපිරිකර, පාවහන්, වටාපත, කුඩය සමඟ පරිස්කාර පූජාව

    264145_2028267299537_1029705657_31867528_7719358_n.jpg


    267809_2028267499542_1029705657_31867529_216629_n.jpg



    සුගන්ධි කාය වදනං - අනන්ත ගුණ ගන්ධිනං

    261259_2028267779549_1029705657_31867530_3061106_n.jpg



    EK Traveler @ තිරියාය

    268173_2028265779499_1029705657_31867522_5702171_n.jpg


    EK Traveler with friend!

    269088_2028266459516_1029705657_31867524_8205207_n.jpg


    268120_2028267059531_1029705657_31867526_2790126_n.jpg




    එක් පසෙකින් පුලුමුඩෙයි.........................................අනෙක් පසින් නිලාවේලි මුහුදු තීරය

    269582_2028267179534_1029705657_31867527_4035395_n.jpg


    267733_2028267979554_1029705657_31867531_4117410_n.jpg


    271167_2028268299562_1029705657_31867533_6302633_n.jpg


    ඉතින් දැනට මම ගිරිහඬ සෑ පුද බිමෙන් සමුගන්නවා...ඒ තවත් නැගෙනහිර බොදු උරුමයක් වූ වෙල්ගම් වෙහෙර පුද බිමේ තොරතුරු ඔබ හමුවට පැමිණීමේ අපේක්ෂාවෙන්!

    මේ පිළිබඳව ඔබගේ අදහස් තොරතුරු ඡායාරූප මෙහි බෙදාහදා ගමු! ඒ වාගෙම ඔබ මෙහි චාරිකාවේ යෙදෙන්නට බලාපොරොත්තු සිටිනවා නම් මෙම උතුම් පුද බිම ගොඩනැගීමට කුමන හෝ ආකාරයකින් දායක වන්නට හැකිනම් එය මහත් කුසලයකි!

    විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍ය දෙවිනුවර චන්දිම ස්ථවීර
    ගිරිහඩු සෑය, නීතුපත්පාන, තිරියාය.
    දුරකතන 0263202469


    ඔබ සැමට තෙරුවණ් සරණයි!


    ප.ලි. : මේ පිළබඳ තවත් තොරතුරු ඉදිරියේදිත්......




     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    නියමයි මචං හොදට විස්තර කරලා තියෙනවා....
    රෙප්+
    බුදු සරණයි..!

    :yes:
     
    • Like
    Reactions: lasa.lasa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    බොහොම අගෙ ඇති වටිනා පොස්ට් එකක් යාලුවා,තෙරුවන් සරණයි! REP+
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියමයි මචං හොදට විස්තර කරලා තියෙනවා....
    රෙප්+
    බුදු සරණයි..!

    :yes:

    නියමයි සහෝදරය වටින පෝස්ට් එකක් මැක්සා +++


    පට්ටම තමයි මචන්
    තෑන්ක්ස්

    godak pin !!! :) 6+ lassanata thread eka idiripath karala thiyenawa :D




    නියමයි ලසා මල්ලි
    රෙප් දෙන්න එපාලු :(

    ඒකට කමක් නෑ!


    ElaKiri macahn...man dapu thread ekath balala giya num tawa places walata yanna tibba :D

    7+

    one day tour:(

    නියමයි මචං, පෝස්ට් එකක් මැක්සා, විස්තර කරලා තියෙනවා හොදට ....
    රෙප්+

    බුදු සරණයි..!

    hodata wisthara karala thiyenawa machan.
    Thanks For Sharing
    REP++++

    good post

    බොහොම අගෙ ඇති වටිනා පොස්ට් එකක් යාලුවා,තෙරුවන් සරණයි! REP+

    Thanks 4 sharing Bro :) Avatar eka maru ..... :D

    thank u very much :D


    බොහොම ස්තූතීයි!:)