නායකත්ව පුහුනුවේ ඇත්ත.......
සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය.
ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත.
පලමුව මාගේ විවේචනය දිග හරිමි...
අප කදවුරේ සිටි බහුතරයක් අවසාන දවස වන තෙක් සිටියේ නොයිවසිල්ලෙන් සිටි බව නොරහසකි.අප බිලට් එකේ සිටි 64 දෙනාගෙන් 60 දෙනෙක්ම සිටියේ පුහුනුව ගැන කලකිරීමෙනි.නමුත් ලබා ගත් ෆන් එක ගැන ඔවුන් සතුටු උනේය.
පුහුනුව කිසිසේත්ම ප්‍රායෝගික නැත..උදෑසන ශාරීරක සුවතා අභ්‍යාස සහ සරඹ අභ්‍යාස හැරුනුකොට දවසේ ඉතිරි වේලාව වෙන්කර තිබුනේ දේශන සදහාය.දවස් 21න් 15ක් පමනම මෙම දේශන ක්‍රියාදාමය සිදුවිය.දේශන සදහා වැඩ කරන පැය 12න් පැය 7ක් ම වැය වී තිබුනි.දේශන කිසිසේත්ම ප්‍රායෝගික නැත.නායකයෙකු සතු ලක්ෂන,නායකයෙකුගේ හැකියාවන් තිරයේ දමා කොතෙකුත් පෙන්නුවද ඒවා ප්‍රායෝගිකව ලබා දෙන්නේ නැති නම් පුහුනුවෙන් ඇති වැඩක් නැත.දේශන වලට සහභාගි වීම සදහා සිසුන්ගේ තිබූ උනන්දුව නම් ඉතමත් අල්පය.සහභාගී වූ අයද කරේ තැනින් තැන නිදා ගැනීම පමනි.
කරන්නට දෙයක් තිබුනේ නැතිම තැන අප බිලට් එකේ සිටි 64 දෙනාම පුහුනුව භාර මේජර්වරයාව මුන ගැසීමට ගියෙමු.ඔහුත් සමග දේශන ප්‍රායෝගික නොවීමේ ගැටලුව සාකච්චා කලෙමු.ඔහු ලබා දුන් පිලිතුරු අනුව ඔවුන්ට මේ සදහා කල හැකි යමක් නැති බව වැටහුනි.හැන්දෙන් ගෑරුප්පුවෙන් කන රූප වල පින්තූර දමා කොතෙකුත් පෙන්නුවද එය ප්‍රායෝගිකව භාවිතා වන්නේ නැති නම් කිසිදු තේරුමක් නැත.බහුතරයක් දේශන වල තත්වය මෙය විය.
ප්‍රථමාධාර දේශනයද මෙයට සමාන විය.දේශකයාගේ දේශනය අවසානයේ ඉතා කුඩා ප්‍රායෝගික පුහුනුවක් ලබා ගැනීමට තරම් සිසුන් වාසනාවන්ත විය.නිදාගෙන සිටි අයද කබ කඩ දමමින් ඒ දෙස බලා සිටි ආකාරයෙන් දේශන ප්‍රායෝගික කිරීමේ වැදගත්කම මනාව වැටහුනි.
උසස් අධ්‍යාපන ඇමති තුමා පැමිනෙන දිනයේදි පමනක් සියලුම බිලට් ඉතා පිරිසිදුව තබා ගත්තෙමු.රජයේ නාලිකාවක් පැමින එය වීඩියෝ කරගත්තේය.ඉතින් ගෙදර සිට රූපවාහිනිය නරඹන අපේම අම්මලා තාත්තලා සිතන්නේ මුන් සිරාම නායකයෝ කියාය.නමුත් අපි අපි ගැන දනිමු.බූස්ස කදවුරේ සිටි අයට උසස් අධ්‍යපන ඇමති තුමා තැබූ හැදුනුම්පත් පොල්ල ගැන නම් කවදාවත් අමතක නොවනු ඇතැයි සිතමි.
නායකත්ව ලක්ෂන පුහුනු කල හැකි බවක් මම නොදැක්කෙමි.එම ලක්ෂන ඇති පිරිස පමනක් සෑම කටයුත්තකදීම මූලිකත්වය ගත්තෝය.අනෙක් අය කලේ බිලට් වලට වී නිදා ගැනීම පමනි.පුහුනුව ඔවුන්ට ආතලල් එකක් පමනක්ම වී තිබුනේය.
කිසිම දිනක pt නොගිය අයද , දේශන සදහා නොගිය අයද අප අතර සිටියේය.වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය.මේ සම්භන්දවද අපි දිගින් දිගටම සාකච්චා කලෙමු.නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවලක් නැත.
පුහුනුව අතරතුර සංගීත සංදර්ශනයක් ද dj night තුනක් ද කැලිප්සෝ එකක් ද අවසන් දිනයේදී ගිනිමැල සංදර්ශනයක්ද පැවැත් වුනි.සංගීත සංදර්ශනය සංවිධානය කලේ යුද හමුදාවේ සෙබල සෙබලියන් ය.කැලිප්සෝ එකද එසේමය.අප විසින් සංවිදානය කලේ dj night තුන සහ ගිනිමැල සංදර්ශනය පමනි.dj night එක සෑම වරම සංවිධානය කලේ ද එකම පිරිසකි.ගිනි මැල සංදර්ශනය සංවිදානය කලේ 20කට අඩු පිරිසකි.අනෙක් අය බිලට් වලට වී එම කටයුතු සංවිධානය වන තුරු හොදට නිදා ගත්තේය.
මෙම පුහුනුවේදී එකම චරිත නැවත නැවත කැපී පෙනුනි.එසේ වන්නේ අනෙක් අය අවස්තාවන් නොගත් නිසා බව මාගේ හැගීමයි.අප කල යුතු වන්නේ ඔවුන්ටද අවස්තාවන් ලබා දීමය.නමුත් එය එසේ කිරීමට හැකියාව සීමිතය.පුහුනුව තුල ෆන් ගැනීමට අවස්තා උපරිම තිබුනත් නායකයෙකු විමට පුහුනු වීමට නම් අවස්තා අවම විය.
රජයේ නාලිකාවකින් පැමින අපගේ සොහොයුරෙකුගෙන් නායකයෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් විමසුවේය..
"අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"ඔහුගේ පිලිතුර එය විය.
පන්ති යන කාලයේ සිටි ලද බොලද චරිත මෙහි සිටියේම නැති තරම් ය.සමාජය සමග බොහෝ දුරට ගැටී තෙම්පරාදු වූවෝ බහුතරයක් මෙහි සිටියෝය.
බාදක දිවීම සහ ක්ෂනික තීරන ගැනීම සදහා වූ ප්‍රායෝගික පුහුනු වැඩමුලු මාගේ සිත් ගත්තේය.එවැනි වැඩමුලු වලින් පුහුනුව පිරී තිබුනේ නම් මීට වඩා නායකයින් බිහි කිරීමට එය හේතුවක් වනු ඇත.
නායකත්ව පුහුනුව පිලිඹද විවේචනයන් මෙයින් අවසන් කරමි.මෙහි ඇති හොද පැති ගැනද මේ ලිපියේම මම සදහන් කරමි.
උදෑසන ශාරීරික සුවතා කිරීමෙන් නැවුම් ගතියක් සියලු දෙනාටම ලැබුනු බව මම පිලි ගනිමි.සමාජයේ සැගවී සිටි සමහර චරිතයන් එලියට ගැනීමටට අපට හැකි විය.එයට පුද්ගලිකව මමද මැදිහත් උනෙමි..මා සමග සිටි 64 දෙනා එකිනෙකාගෙන් සෑහෙන දුරට වෙනස් වූයේය.ඒ අතර සැගවුනු දක්ෂතා ඇති බොහෝ දෙනා මාගේ නෙත ගැටුනේය.මම ඔවුන් සියලු දෙනා ගැනම අවදානයෙන් පසු වුනෙමි.මොවුන් සැගවී සිටීම එක් අතකට සෑහෙන්නම දුකය.
ගැහැනු ලමුන්ට සමාජශීලී වීමට ගොඩක් අවස්තාව ලැබුනු බව මාගේ විශ්වාසයයි.පිරිමි ලමුන්ට වඩා මේ පුහුනුව වැදගත් වන්නේ ගැහැනු ලමුන්ට බව මා සමග සිටි අයෙක් පැවසුවේය.
හමුදාවේ කොල්ලෝ කෙල්ලන් ගැනද සෑහෙන දේවල් කිව යුතුය.නායකයෙකු වීමට ඔවුන් දෙස බලා සිටියද එය ඇති යැයි මට හැගේ.ඔවුන් තුල ඇති විනය කැපවීම ගැන පැවසීමට වචන නොමැතිය.
කවුරු කෙසේ කිව්වත් මෙය හමුදා පුහුනුවක් නොවන බව මම පවසමි.කිසිම ලෙසක හමුදාවේ නීති රීති අපට ක්‍රියාත්මක නොවුනි.අපි නිදහසේ සිටියෙමු..නංගිලා මල්ලිලා යැයි ඔවුන් අපිට අමතයි...අයියේ අක්කේ යැයි අපිද පෙරලා ඔවුන්ව ඇමතුයෙමු..
කිසිම විටක අපට අඩුපාඩු නොවීමට ඔවුන් වග බලා ගත්තේය.අප අතින් කුමන වැරැද්ද සිදු වුවද එය ඔවුන් ඉවසුවේය.
බිලට් වල සිටි සොයුරන් සොයුරියන් පට්ටම සහෝදර බැම්මෙන් සිටියෝය.එකෙක් ලෙඩ වුවොත් අනෙකා ඔහු ගැන අපමන තැවෙයි.හොර ලෙඩ අරගෙන නිදා ගත් අයද නැතුවාම නොවේ..එම රසකතා වෙනම ලිපියකින් ගෙන ඒමට මම අදහස් කරගෙන සිටිමි.
සමස්තයක් ලෙස ගත් විට නායකත්වෙන් අපි යම් දෙයක් ගත්තෙමු.නමුත් එය වියදම් කල මුදල හා සැලකූ විට ඉතා අල්ප බව මාගේ හැගීමයි.එම මුදලට සරිලන පුහුනුවක් අප නොලැබුවේ මම වැඩපිලිවෙලේ ඇති සංවිධානාත්මක නොවන බව නිසාය.හමුදාවන් කොපමන සංවිධානය වුවත් ඔවුන්ට ක්‍රමවත් වැඩපිලිවලක් ලැබී තිබුනේ නැත.
"අපිට මීට වඩා දේවල් කරන්න පුලුවන් මල්ලිලා..ඒත් අපි කරන්නේ කරන්න කියපු දේ..ඊට පිටින් පොඩ්ඩක් වත් එලියට යන්න අපිට බෑ.." මේ වචන අප සාකච්චා කල මේජර්වරයාගේය...
සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...
---------------------------------------------------------------------------------
යන දවසේ අපි හැමෝමලා මෙහෙම කිව්වා
තනුව දෙවැනි බුදුන් ලෙස ගීතයට අනුරූපය
මිතුරු දමින් අප
එක්ව බැදී හිඳ
සෙනෙහෙ සිතින් අද
ඔබට ගයමු අප
හැරදා// යනදා
රටට ණයක් නැති දිරිය පුතෙකි නුඹ
අපට මවක් බඳු දිරිය ලඳකි නුඹ
ඒ දිරියෙන් ලොව ජය ගන්නායුරු
අපට කියා දුන් ඇදුරු තුමයි නුඹ
හැරදා//යනදා
සිනහ කඳුළු හැම එකට බෙදා ගෙන
සොදුරු ලොවක් අප තැනුවෙමු හැම විට
යනමුත් අද,හෙට, අප දුර ඈතට
සොදුරු මතක හැම පොපියයි නෙතු අග
හැරදා// යනදා
මවගෙ සෙනෙහෙ නැති පියෙකුද ලඟ නැති
තනි වු සිත් ලඟ සුපිපි සුවඳ මල
ඒ පියුමින් ගත් රොන් හැරදා අද
යන්නේ කෙලෙසද කදුලැලි මග හැර

Last edited: