පින්තූර නැතුව දාන්නම් අවශයතාවය සළකලා....කමක් නෑ නේද???
අවශ්‍ය දේ
සහල් පිටි ග්‍රෑම් 500ක්
යීස්ට් ග්‍රෑම් 4ක්
පොල් ගෙඩියක වතුර
සීනි ග්‍රෑම් 25ක්
ජලය මිලි 200ක් පමන
පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ
සාදන ක්‍රමය
සහල් පිටි. යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මේය තරමක් ගණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනා ගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.
මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න.
හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. තරමක උකු හොද්දක් වන සේ හොදින් හැදි ගාමින් කලවම් කර ගන්න.
වැදගත් ම දේ - ආප්ප පිසීම සදහා හොදින් පදම් වූ තාච්චියක් අවශයයි. නැතිනම් "නොන් ස්ටික් " තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න.
බිත්තර ආප්ප සදා ගන්නා විට පිටි මිශ්‍රණය අඩුවෙන් යොදන්න. පුළුවන් නම් ගිනි අගුරු කබලක් උඩින් තබන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැනිය.