Where are the buddhists in EK I've got few questions

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    mehemai hamotama ekak kiyannam api hariyata godak dewal danne naha dannawa kiyala thamai hithannne e unata budu dahamata pitin yanna baha hodada
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    'ශක්තිය' කියන එක scientific වචනයක්..
    බුදුදහම දේශනා කරේ මීට අවුරුදු 2600 කට කලින්..
    ඒකාලේ මිනිස්සුන්ට 'ශක්තිය' ගැන අවබෝදයක් නැහැ.
    එනිසා මේක ශක්තිය කියන කුලකයට විඥානය අයත් වෙනවද කියල අපිට බලන්නත් බැරිවෙයි, මොකද ඒක පැහැදිලිව දේශනා කරලා තියනවද කියල බලන්න ඕන..
    මම ත්‍රිපිටකය කියවල නැහැ... එකේ තියනවද දන්නේ නැහැ...

    එත් බෞද්ද කෙනෙකුටනම් මේක ශක්තියක් ද නැද්ද කියන එකනම් ගැටළුවක් නෙවෙයි...
    මොකද අපිට ඒවා අවශ්‍ය නැහැ අපේ ගමනට..
    උදාහරණයක් ගත්තොත්,
    අපි හිතමු බුදුදහමේ ත්‍රිපිටකය තුල කොහෙහරි වාක්‍යයක් තියනවා කියල "විඥානය යනු හඳුනාගැනීමයි, හඳුනාගැනීමෙන් ඇතිවෙන සැප සිතුවිලි වලට ඇලෙන්න එපා ..." කියල..
    එතකොට අපිට එතැනදී වැදගත් වෙන්නේ විඥානය ශක්තියක් ද? නැද්ද? කියන ඒක නෙවෙයි,
    අපිට වැදගත් වෙන්නේ "සැප සිතුවිලි වලට ඇලෙන්න එපා" කියන කොටසයි...

    මොකද, බුදුදහමේ හැටියට මැරි මැරී නැවත නැවත ඉපදෙන්නේ ඔය කියපු 'ඇලීම' නිසයි...
    ඉතින් බෞද්ද කෙනාට වැදගත් වෙන්නේ 'ඇලීම' නැතිකරන්නේ කොහොමද කියන ඒක විතරමමයි...
    මොකද විඥානය කියන ඒක ශක්තියක් වුනත්, වෙන මොකක්හරි වුනත්, ඒක දැනගත්ත කියල ඒක 'ඇලීම' නවත්වන්න අපිට බලපාන්නේ නැතිනිසා....
    අනික හොයන්න ගත්තත් කෙළවරක් නැහැ, ඒක ශක්තියක් නම්, ඊළඟට, ඒක කොහොමද ඇතිවුනේ, කවුද ඇතිකළේ, මොකටද ඇතිකළේ, ශක්තියක්නම් මොනවද ශක්ති ප්‍රබේද, එතකොට ඒ ශක්ති ප්‍රබේද ඇතිවුනාද? ඇති කලාද?.. ඇතිකලානම් ඇතිකළේ කවුද.. ඇති වුනානම් ඇතිවුනේ කොහොමද.... කවද්ද ඇතිවුනේ? කොහෙදිද ඇතිවුනේ?... etc .....
    ඉතින් මේ කෙටි ජීවිතයේදී 'ඇලීම' නැතිකරන්න උත්සහ ගන්න බෞද්ද කෙනා, ඕව කොච්චර හෙව්වත් වැඩක් නැහැ අවසානයේදී එයා ට මැරෙන්න කලින් 'ඇලීම' නතර කරගන්න බැරි වුනානම් එයා ආයේ පාරක් උපදින නිසා....
    එනිසා බුදුන් දේශනාකළේ අපිට වැදගත් වෙනදේ නොහොත් 'ඇලීම' නවත්වන්න වැදගත් වෙන දේවල් විතරයි....



    විඥානය ගැන මං දැනට දන්නේ මෙච්චරයි....,

    *මැරෙන කොට,
    1)ආයුෂ අවසන් වෙනවා.
    2)ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැරවෙනවා.
    3)ශරීරයෙන් 'විඥානය' බැහැරවෙනවා...

    * 'විඥානය' කියන්නේ 'දැනගැනීම',
    උදාහරණක් ගත්තොත්,
    ඇස + රුපය + විඥානය = විඳීම

    රුපයක් තියනවා... + ඇසින් ඒක දකිනවා.... + විඥානයෙන් ඒක හඳුනා ගන්නවා... = සිතුවිලි පහල වෙනවා.... එනිසා සිතුවිලි වලින් විඳීමක් ඇතිවෙනවා....
    (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

    රුපය වෙනුවට ගැනුකෙනෙක් ගමු,

    ගැනුකෙනෙක් ඉන්නවා... (රුපය)
    අපි එයාව දකිනවා (ඇසින් දැකීම)
    එයා ගැනුකෙනෙක් කියල අපි හඳුනා ගන්නවා.. (විඥානයෙන්)
    ඒ ගනු කෙනා ලස්සනයි නම්, "ලස්සනයි" කියල සිතුවිලි පහල වෙනවා.. කැත නම් "කැතයි" කියල සිතුවිලි පහල වෙනවා... (සිතුවිලි පහළවීම)
    ඇය ඇඳුමක් ඇද ඇද ඉන්නව
    දැක්කනම් කාම සැප සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්.. ඇය අසුචි කරනවා දැක්කනම් පිළිකුල් සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්... ඇය සාමාන්‍ය විදියට ඇවිද ඇවිද ඉන්නවා දැක්කනම් දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන්න පුළුවන්....

    එතකොට අපිට පේනවා 'විඥානය' කියන්නේ 'දැනගැනීම'

    ඇස + රුපය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    කන + ශබ්දය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    නාසය + ගන්දය (ගඳ/සුවඳ) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    දිව + රසය (රස/තිත්ත) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    ශරීරය + ස්පර්ශය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

    මේ විදීම් වලට ආසවෙන්න එපා, ඇලෙන්න එපා කියලයි අපිට උගන්වන්නේ....

    විඥානය ගැන දීපු මේ උත්තරේ ප්‍රමාණවත් නැතිවෙයි සමහර විට....
    එත් මම දන්නේ, බණ වලින් ඇහුනු දේවල් ටිකක් විතරයි තවම...



    මම හිතන්නේ ඔතන විඥානය කිව්වේ සිතට, සමහර තැන වල විඥානය කියන්නේ දැන ගැනීම කියන එකට. එක එක අදහස් වලින් විඥානය කියනවා.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    uba harima Tube Light ekak:(
    mama kiwwe Damith kariyawasam boru bana kiyanawa kiyala..
    3.gif
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43




    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
    උදාහරණයක් ගත්තොත්, තමන්ගේ ඉඩ කඩම් යාන වාහන ගැන හිත හිත මැරුනොත් බල්ලෙක් වගේ සතෙක් වෙලා කොහෙහරි ඉපදිලා තමන්ගේ ගේ ඉඩකඩම් හොයාගෙන එනවා...
    ඇවිත් ඒවා මුර කරනවා...

    ඕගොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්න ටික
    ක් අමාරුයි. මොකද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආගම වල දේවල් වලට සාපේක්ෂව බලන නිසා ..

    උදාහරණයක් ගත්තොත්, ඕගොල්ලන්ගේ අගම් වල තියෙන මොකක්හරි දෙයක් ගැන ඕගොල්ලෝ කතා කරොත්,
    "දෙවියන් වහ*සේගේ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒවා කතා කරන්නේ..
    අනිත් අයගේ ආගමේ ගත්තොත්,
    "අල්*හ් දෙවියන්ගෙ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ..

    එහෙම බලද්දී,
    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොටත් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන්,අපි
    බෞද්ද දර්ශනය ගැන කතා කරද්දී ,
    මේවා සිද්දවෙන්නේ "බුදු හාමුදුරුවොන්ගේ කැමැත්තට" කියල අපි හිතන් ඉන්නවයි කියල...
    එත් මේ කිසිම දෙයක් සිද්ද වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට නෙවෙයි...

    බුදුහාමුදුරුවන් අපිට උගන්වන්නේ මේවා හැමදාම ලෝකේ සිද්ද වෙවී කෙළවරක් නැතුව යන දේවල් කියල..
    නැවත ඉපදීම ගත්තොත්, අපි මැරි මැරී නැවත ඉපදි ඉපදී යනවා, එනිසා මේක කෙළවරක් නැතෙයි කියල උන්වහන්සේ හොයාගත්තා,
    එනිසා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ "ආයේ නම් ඔහොම මැරි මැරී නැවත ඉපදි ඉපදී ඉන්න එපා" කියල, ඒක සදහටම නවත්වන හැටි තමයි!

    දැන් මං එහෙම කිව්වම ඕගොල්ලෝ හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපේ ස්වර්ගය වගේ, අපි දෙවියන්
    වහ*සේගේ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
    අනිත් ආගමේ අය හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපි අල්*හ් දෙවියන්ගෙ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...

    (මොකද ඔය ආගම වල තියෙන ගොඩක් කරුණු එක හා සමාන නිසා බෞද්ධ දර්ශනයේත් ඇත්තේ character එක වෙනස් කරල ඒවගේ එකක්මයි කියල හිතෙන්න පුළුවන්...)


    නැහැ! අපි බුදුන්ගේ තුරුලට යන්නේ නැහැ, බුදුන් කෙනෙක් දැන් කොහෙවත් නැහැ... කොටින්ම කියනවනම්, අර මන් කිව්වේ මැරුණ සැනින් තව තැනක වින්ඥාන උපදිනවා කියල, බුදුන්ට දැන් වින්ඥානයක්වත් නැහැ...
    මුකුත් නැහැ...
    එනිසා ආයේ ඉපදෙනෙත් නැහැ... කොහෙවත් දැන් ඉපදිලා නැහැ..

    ආයේ ඉපදෙන්නේ නැත්නම්, ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නැහැ..
    (පොඩ්ඩක් හිතල බලන්න)
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගෑනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....)

    එනිසා අපි කතා කරන්නේ බුදුන්ගේ තුරුලකට යන එකක් ගැන නෙවෙයි....
    අපි කතා කරන්නේ ආයේ ඉපදෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න ඕන කියන ඒක ගැනයි...
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....
    එහෙනම් ඒක තමයි මේ දුක් කරදර වලින් මිදෙන්න තියෙන මග....)

    අන්න ඒක කරන හැටි තමයි බුදුහාමුදුරුවන් අපිට ඉගැන්වුවේ....

    කිසිම දෙයකට ආස වෙන්න එපා කියල තමයි අපිට කියල දෙන්නේ..
    ඒක හරියටම කරන හැටි තමයි බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන්නේ....
    එකේ අවසාන
    පලය තමයි, තමන් ගැන තමන්ට තියෙන ආසාව පවා නැතිවෙලා ආයේ ඉපදෙන්නේ නැති තැනටම පත්වෙන එක...
    එක තමයි බෞද්ද
    දර්ශනයේ පදනම...

    එහෙනම් අද ඉඳන් මතක තියාගන්න, බෞද්ද දර්ශනයේ පදනම (meaning ඒක) තමයි, නැවත ඉපදෙන්නේ නැතිවෙන තැනට කටයුතු කිරීම.....


    ඒවගේ
    ම,
    මේකට අපි 'බුද්ධාගම' කියන්නේ නැහැ...
    'බුදුදහම' කියනවට උනත් මම කැමති නැහැ..
    අපි කියන්නේ '
    බෞද්ද දර්ශනය' කියලයි..

    (මේක 'religion' එකක් නෙවෙයි, මේක 'philosophy' එකක් නිසා... )

    වෙනස මොකක්ද?
    වෙනස තමයි, ඕගොල්ලානේ
    ආගම් වල 'අදහනවා', 'යදිනවා', 'ඉල්ලනවා', එතකොට ඒවා 'ලැබෙනවා' කියල ඕගොල්ලෝ විස්වාස කරනවා....
    නමුත් බෞද්ද දර්ශනයේදී එහෙමෙ ඒවා නෑ, අපි බුදුන්ගෙන් මුකුත් යදින්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ,
    බුදුන් දේශනා කලේ,
    "මෙන්න ඇත්ත"
    "මෙන්න යන පාර"
    "මෙහෙම ජීවත් වුනොත් මෙහෙම වෙයි"
    "අරම හිටියොත්
    අරම වෙයි"
    "තමන්ගේ නුවනින් කල්පනා කරල බලන්න මම කිව්වේ ඇත්තද කියල"
    "මේවා කවුරු, කාව ඇදහුවත් හැමෝටම සිද්දවෙනවා"

    කියල මිසක්,

    "මගේ ආගමට බැඳෙන්න"
    "මාව අදහන්න, මම කරල දෙන්නම්"
    "මාව අදහනවානම්
    ඔබ මැරුණට පස්සේ මගේ ලඟට ගන්නවා"

    වගේ දේවල් නෙවෙයි..

    එනිසා බෞද්ද දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි, ඉගැන්වීමක්...

    ආගමකට නම් බැඳෙන්න ඕන (ඕගොල්ලෝ බෞති*ම කරනවා වගේ)
    එත් බෞද්ද දර්ශනය ඉගෙනගන්න ඕන කෙනෙකුට පුළුවන්, මේකට 'බැඳෙනවා' කියල එකක් නැහැ..
    එනිසා තව දුරටත් තේරෙනවා නේ, බෞද්ද දර්ශනය කියන එක ආගමක් නෙවෙයි...

    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොට මේවා ඔලුවේ තියන් කතා කරන්න...
    බෞද්ද දර්ශනය තුල තියෙන්නේ ඕගොල්ලන්ට උගන්වන දේවල් වලට වඩා ගොඩක් වෙනස් දේවල්...

    එනිසා ඔය අහන්න ඉන්න ප්‍රශ්නවලට කට්ටිය උත්තර දෙනකොට මං මේ කියපු පදනමේ ඉඳන් තමයි බෞද්ද අය උත්තර දෙන්නේ....
    එනිසා ඒ අයගේ උත්තර ගලපන්න ඕනේ මං කියපු දේවල් එක්ක මිසක් ඔය ආගම්වල තියෙන ඒවත් එක්ක නෙවෙයි...
    එතකොට උත්තර තේරුම් ගන්න පහසුවෙයි....

    බුදුසරණයි...




    Machan ubala kiyanawa api marunoth ape athme tawa tanaka epa denawa kiyala? etin machan etakota api hituowth minissu 100 ennawa kiyala. 2nek mala. etakota ayeth e denna epadunama 100 wenna one? wardanaya weemak wenna baha. ai ehema wenne? wena loka walin awanam ai egollo gana hoyanna bari?

    Essara hamuduruwo kiwe waduragen parinamaya wela minissu haduna kiyala piligannawa kiyala. man me lagadi poya day1kaka hamudurowo kiyanawa parinamayen haduna kiyala piliganne naha kiyala. ehema ai change wenne?

    1ka 1ka hamudurwo owage wena ideas wala ans dunnama etanin mokakda tiyena truth1ka?

    Budungen mukuth ayadinne nattanam ai minissu bara wenne temple giyama ai minissu ewa karanne?

    kawuda hariyatama danne ayeth epadenne naha kiyala? kawuda niwan dakka kiyala believe karanne? buduhamudurowma kiyala tiyenawa dakkla, ahala misak believe karanna kiyala? etin kohomada niwan dakka kiyala api danne? Mokada buddisam wala hamoma kiyana1kaka tamai dakkoth misak believe karanan kiyana1ka. eka anuwa baluwoth niwanak tiyenawada? ayeth epadeemak tiyenawada kiyala marunama tamai ballanna wenne.
     
    for buddhists :
    මං මේ 'amd2100'
    ට reply එකක් දානවා... එයා අන්යාගමිකයෙක් වගෙයි.... ඒනිසා අතිශය සරල විදියට තමයි reply එක මං හැදුවේ......
    ඕගොල්ලෝ දහම් දැනුමක් තියෙන බෞද්ධයෝ නම්, ඒක කියවන්න ගියොත් හිරිකිතවෙයි... එතරම් සරල විදියට
    මං දමන්නේ........
    එනිසා එක කියවන්නේ නැති තරමට හොඳයි....

    බුදුසරණයි....


    Machan ubala kiyanawa api marunoth ape athme tawa tanaka epa denawa kiyala? etin machan etakota api hituowth minissu 100 ennawa kiyala. 2nek mala. etakota ayeth e denna epadunama 100 wenna one? wardanaya weemak wenna baha. ai ehema wenne? wena loka walin awanam ai egollo gana hoyanna bari?

    මිනිස්සු වෙලා විතරක් ඉපදෙනවා කියල ද හිතාගෙන හිටියේ..... එක වැරදියි... බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි දේශනා කලේ..
    කෙනෙක් මැරුණම ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියනවා.... (ලෝක කිව්වේ පෘතුවිය අඟහරු බ්‍රහස්පති වගේ ග්‍රහලෝක නෙවෙයි.... මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අයට කියනවා 'මනුස්ස ලෝකේ' ඉපදිලා ඉන්නවා කියල. අපි ඉන්නේ මනුස්ස ලෝකේ... බල්ලෙක් ගත්තොත් ඒ බල්ලා ඉපදිලා ඉන්නේ 'තිරිසන් ලෝකේ'...)
    ඔයාගේ ප්‍රශ්නේ තමයි, "මිනිස්සු මැරෙනවා, ආයේ ඉපදෙනවා, ඒනිසා හැමදාම නියත මිනිස්සු ගානක් ඉන්න ඕන නේද" කියල....
    නියත ගානක් වෙන්නනම්, මැරෙන මිනිස්සු ආයේ මිනිස්සු වෙලාම ඉපදෙන ඕන..
    එත්, බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ මැරෙන කෙනෙක් ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියෙනවා කියලයි....

    *මනුස්ස ලෝක (1)
    *දිව්‍ය ලෝක (6)
    *බ්‍රහ්ම ලෝක (20)
    *අපාය (4) (තිරිසන් අපාය , ප්‍රේත අපාය (ghosts) , මහා නිරය, අසුර අපාය)

    ඔක්කොම 31i......

    මේ ලෝකේ මනුස්සයන් ගණන ගණන් කරලා කෝටි 600යි කියල කියන්න පුළුවන් වුනාට, අපිට පුළුවන්ද මේ ලෝකේ ඉන්න සත්තු ගැන ගණන් කරලා කියන්න..... බැහැ... (කුඹි ගුලක් ගැන හිතල බලන්න කුඹි විතරක් කොච්චර ඉන්නවද කියල.... මුහුදේ මාළු කොච්චරද.....)
    ඒ ඔක්කොම අයිති අර ලෝක 31න් 'තිරිසන් අපාය/
    තිරිසන් ලෝකේ 'ට....
    ghostල අයිති 'ප්‍රේත
    අපාය/ප්‍රේත ලෝකෙ'ට...
    එතකොයි කොහේ ජීවත්වෙන මොන සත්වයෙක් වුනත් ඔය ලෝක 31න් එකක තමයි ඉන්නේ.....
    අපි දැන් මනුස්සයෝ වෙලා ඉපදිලා ඉන්නවා.... එත් මීට කලින් අපි සත්තු වෙලත් ඉපදිලා තියනවා.... ඉස්සරහටත් එහෙම වෙනවා ආයේ ආයේ මැරී මැරී ඉපදී ඉපදී ඉන්නවනම්.......
    ඒක එහෙම වෙන නිසා තමයි ආයේ ඉපදෙන්න එපා කියන්නේ....
    එත් අපි හිතල ඉපදෙනවා නෙවෙයි....
    අපි මැරුණම ආයේ කොහෙහරි ඉපදෙන්නේ, අපි ජීවිතයේ තියෙන ඒක ඒක දේවල් වලට අපි ආස වෙලා ඉන්න නිසයි....
    එක එක දේවල් දකින්න ආසයි, (ඇසින්)
    එක එක දේවල් අහන්න ආසයි...,(කනින්)
    එක එක දේවල් වල සුවඳ විඳින්න ආසයි..., (නාසයෙන්)
    එක එක දේවල් වල රහ බලන්න ආසයි... (දිවෙන්)
    එක එක දේවල් touch කරන්න ආසයි, touch වෙනවට අසයි..., (කයෙන්)
    එක එක දේවල් හිත හිත සතුටුවෙන්න ආසයි.... (මනසින්)...

    අන්න එහෙම කට්ටිය මැරුණම ආයේ උපදිනවා.....මයි.......

    එකියන්නේ ඔයා මැරුණත් ආයේ ඉපදෙනවා...

    ඔයාට තියෙන ගෙදර ගොඩක් ලොකු හරි ලස්සන ගෙදරක් කියල හිතමු... ඔයා ගෙදරට හරි ආසයි කියලත් හිතමු...
    කවදහරි ඔයා මැරිල, africa වල ඉපදුනා කියල හිතමු.... ඔයාට එතකොට, දැන් ඔයා ඉන්න ගෙදර එදාට මතක නැහැ....
    කිසිම දෙයක් මතක නැහැ.... දැන් ඉන්න අම්ම තාත්තා, යාලුවෝ, wife , මේ කවුරුවත් මතක නැහැ,,, ඔයාගේ රූපෙත් වෙනස්, කටහඩත් වෙනස්, ඔක්කොම වෙනස්...
    ඊට පස්සේ අලුත් අම්ම කෙනෙක් අලුත් තාත්තා කෙනෙක්, අලුත් යාලුවෝ.... ආයේ එහෙදිත්
    කවදහරි මැරුණම තව තැනක් ඉපදෙනවා.... ආයේ තව අම්ම කෙනෙක්.... තව තාත්තා කෙනෙක්.... වෙනස් යාලුවෝ.... වෙනස් හතුරෝ....
    ඉතින් ඕක හැමදාම ඔහොම වෙවී තියනවා.....
    කෙළවරක් නැහැ..... ඉතින් වැඩක් තියේද.....
    ඉපදෙන ඉපදෙන සැරේට ඉස්කෝලෙ යනවා, tution යනවා... exam pass වෙනවා , fail වෙනවා..., දුක් විඳිනවා.....
    ඉතින් මේක මෙහෙම හැමදාමත් වෙවී තියනවනම් එකේ කිසිම තේරුමක් නැහැනේ..... අනිත් සැරේ ඉපදුනාම
    කෝ අපි මේ සැරේ හදපු ගෙවල්... කෝ මේ සැරේ හිටපු යාළුවො ටික....
    ඒ මුකුත් නැහැ....

    ඒවිතරක් නෙවෙයි, අපේ ජීවිතයේ වැඩිපුරම තියෙන්නේ දුකද? සතුටද?......
    ඒක ඔයාම කල්පනා කරලා බලන්න.....
    එක උදාහරණයක් ගමු....,
    ඔයා ලෙඩ වෙන්නේ හිතලද, කැමැත්තෙන්ද.. ලෙඩ වුනාම දුකක් නේද....
    ලෙඩ වුනු වෙලාවක ඔයාට හිතෙනවා "අනේ මේ ලෙඩේ හොඳ වෙන්නකෝ...." කියල.....
    එත් එහෙම හොඳ වෙනවද?.... නැහැ.... එහෙම හොදවෙනවානම් ඉතින් doctors ල කියල ජාතියක් නැහැනේ...

    but wait .... ඉතින් තමන්ට නේ ලෙඩේ හැදුනේ.... ඉතින් තමන් ට නම් හැදුනේ, තමන්ට පුළුවන් වෙන්න එපැයි හොඳ කරගන්න....
    තමන් ට හැදුනු ලෙඩේ තමන්ට හොඳ කර ගන්න බැහැ නේද..... එහෙනම් එකෙන් කියන්නේ මොකක්ද? එකෙන් කියන්නේ තමන්ගේ ඇඟේ ලෙඩ තමන්ට සනීප කරගන්න බැරිනම් මේ ඇඟ තමන්ගේ නෙවෙයි කියන එකයි.......
    eg: ඔයාට පුලුවන්ද amarica වේ barak obama ගේ body එක control කරන්න...
    බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා.....
    එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න,
    බැහැ,,,,,, (body එක control කරන්න පුළුවන් කියල හිතන් ඉන්නවනම්, ඔයා වයසට නොගිහින් ඉඳල පෙන්නන්න.... ලෙඩ නොවී ඉඳල පෙන්නන්න.... මැරෙන්නේ නැතුව ඉඳල පෙන්නන්න....)
    ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න,
    බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා.....
    එහෙනම් අපිට අපේ body එකවත් control කරන්න බැරිනම් වැඩක් තියේද.... නැහැනේ...
    body එකවත් අපේ නෙවෙයි නම් අනිත් ඒවත් අපිට control කරන්න බැහැ... අපේ කියල හදපු ගෙවල් පවා පරණ වෙවී පරණ වෙවී කැඩිලා යනවා දවසක.... අපිට පුලුවන්ද ඒවා control කරන්න,
    අපිට පුලුවන්ද ඒවා නවත්වන,... බැහැ....
    එහෙනම් ඉපදිලත් වැඩක් නැහැ....
    එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලදුන්නේ ඉපදීම මහා දුකක් කියලයි...
    ඉපදීම දුකක් නම් මොකටද ඉපදෙන්නේ.....
    එහෙනම්, අපි ඉපදෙන්නේ නැතුව ඉන්නනම්, මොනවද අපි කරන්න ඕනේ, අන්න ඒ කරන්න ඕන දේවල් තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දුන්නේ....
    එතන ඉඳන් බුදුදහම ගැඹුරටම යනවා.....
     
    Last edited:

    1ka 1ka hamudurwo owage wena ideas wala ans dunnama etanin mokakda tiyena truth1ka?

    එක එක හාමුදුරුවරු එක එක ඒවා කියනවා.....
    බුදුහාමුදුරුවෝ පිරිසිදුව පැහැදිලිව දේශනා කරපුව තියෙන්නේ ත්‍රිපිටකයේ තමයි.....
    දැන් ඉන්න හාමුදුරුවරු එක එක මත තමයි කියන්නේ.... එකෙන් කියන්නේ ඒගොල්ලොන්ගේ මත වැරදියි කියල මිසක් බුදු හාමුදුරුවෝ එක එක මත කිව්වා කියල නෙවෙයි....
    කොහොමත් එන්න එන්නම බුදුදහම විනාස වෙලා යනවා කියල බුදුහාමුදුරුවොම දේශනා කලා.... තව අවුරුදු 2445 කින් බුදුදහම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.... එක එක හාමුදුරුවරු කිව්ව පමණින් පිලිගන්නෙපා...

    පරිනාමනයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කලේ නැහැ මං හිතන්නේ..... ( i dont know )
    unlimited, uncountable කාලයක් තිස්සේ එක එක සත්තු වෙලා අපි ඉපදී ඉපදී මැරී මැරී ඉන්නවා කියල තමයි දේශනාකලේ...
    බුදු හාමුදුරුවෝ පරිනාමනය ගැන දේශනා කරලා තියනවද නැද්ද කියල අහගන්න වෙන්නේ හරියට බන කියන හාමුදුරු කෙනෙකුගෙන් තමයි...



    Budungen mukuth ayadinne nattanam ai minissu bara wenne temple giyama ai minissu ewa karanne?

    ඒ මිනිස්සු බුදුදහම ගැන දන්න තරම තමයි....
    temple එකේ බාරවෙන තැන් නැහැ.....
    temple එකේ තියෙන්නේ බුදු පිළිමේ තමා.... දේව රුප temple එකේ තියනවනම් ඒක වැරදියි....
    ඒවාට ගිහින් බාර වෙනවනම් ඒක ඒ මිනිස්සුන්ගේ මුලාවක්...
    ඔය 'බාරවෙන' කතන්දර බුදුදහමේ තියෙන ඒවා නෙවෙයි...
    මේගොල්ලෝ යදින්නේ බුදුහාමුදුරුවොන්ගෙන් නෙවෙයි... දෙවිවරුන්ගෙන්... (අර මං කිව්වනේ ඉපදෙන්න පුළුවන් තැන් 31ක්, අන්න එකේ තියෙන දිව්‍යලෝක වල (6) තමයි දෙවිවරු ඉන්නේ.. ඉතින් එක එක දෙවිවරුන්ව හිතේ තියන් ගිහින් බාරවෙනවා.... හිතේ තියන් ඉන්න සමහර දෙවිවරු ගැන බුදුහාමුදුරුවො වත් දේශනා කරලා නැහැ... ඒවා ඔක්ක්කොම හිතේ තියෙන මත... )
    ඔය 'බාරවෙන' ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපුව නෙවෙයි.... ඒගොල්ලෝ බුදු දහම විකෘති කරගෙන....

    kawuda hariyatama danne ayeth epadenne naha kiyala? kawuda niwan dakka kiyala believe karanne? buduhamudurowma kiyala tiyenawa dakkla, ahala misak believe karanna kiyala? etin kohomada niwan dakka kiyala api danne? Mokada buddisam wala hamoma kiyana1kaka tamai dakkoth misak believe karanan kiyana1ka. eka anuwa baluwoth niwanak tiyenawada? ayeth epadeemak tiyenawada kiyala marunama tamai ballanna wenne.
    ඔය "දැකල, අහල, believe කරන" කතාව ඔහොම නෙවෙයි තියෙන්නේ,,,
    එක තියෙන්නේ ධර්මය ගැන.... ඒක තියෙන්නේ මෙහෙමයි...

    බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් එක එක ආගම් තිබුනා..
    එක එක ආගම් වල කට්ටිය ගම් වලට ඇවිල්ල එක එක ආගමික කරුණු මිනිස්සුන්ට කියල යනවා.....
    "අපේ ආගම තමයි true ..." කිය කිය එක එක අය එනවා යනවා...
    ඒනිසා දවසක් කෙනෙක් ඇවිත් බුදුහාමුදුරුවොන්ගෙන් ඇහුව "එක එක අය එක එක ඒවා කියනවා, මොකක්ද ඇත්ත?" කියල.....
    එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කලේ,
    " *ඇසූ පමණින්, *පරපුරින් ආ පමණින්, *අනුමානයෙන් (guess කරලා), *පොත්පත් වල තිබ්බ පමණින්, *තර්කයට ගැලපුණු පමණින්, *න්‍යායට (theory එකට) ගැලපුණු පමණින්, *කරුණු හොඳයි කියල
    හිතුනු පමණින්, *දෘෂ්ටියට (idia එකට) ගැලපුණු පමණින්, *පුද්ගල ගෞරවයට, *ගුරුවරයා කියලදුන්නු පමණින්, පිළිගන්න එපා.... ප්‍රතික්ෂේප (reject) කරන්නත් එපා....
    බුදුදහමට ගලපලා බලන්න.....
    බුදුදහමේ තියෙන කරුණුවලට එකඟ නම් පිළිගන්න...
    නැත්නම් ප්‍රතික්ෂේප (reject) කරන්න ..... "
    කියලයි.....
    එක කිව්වේ දර්ම කරුණු ගැනයි.....

    නැවත ඉපදෙනවද නැද්ද කියන එක දැන් ඔප්පුවෙලා ගොඩක් කල්....
    scientist ල ඒවාගැන investigation කරලා ඔප්පු කරලා පෙන්නපු වැඩසටහන් ඇති, හොයල බලන්න...
    cristian ආගමේ තියෙන කරුණුවලට පිටින් යන නිසා දැන් ඕව tv වල දමන්නේත් නෑ එලියට එන්නෙත් නෑ... එන්න දෙන්නෙත් නෑ.....
    හොයල බලන්න.... net එකේ ඇති සමහරවිට... 'rebirth' වගේ ගහල serch කරලා බලන්න...
    මිනිස්සු වෙලා ඉපදීම කෙසේවෙතත් ghost ල වෙලා ඉපදීම දැන් ඕගොල්ලන්ට පේනවනේ ghost photos දැක්කම... ඒවායේ ghost ල වෙලා ඉපදිලා ඉන්නෙත් මිනිස්සු තමයි....
    (ghost ල වෙලා ඉපදෙන්නේ "because of unfinished buisness " කියල අනේ දැන් ඔන්න හොයාගෙන කියවනවා... "අසාවල් තියන් මැරුණම ghost ල වෙනවා" කියල බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට විතර කලින් දේශනා කරපු එකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දැන් හොයාගෙන.... පවු......)

    නිවන ඔප්පු කරලද නැද්ද කියන එකට මං කලින් කෙනෙක් ට උත්තර දුන්න.., එකමයි මට කියන්න තියෙන්නේ,
    මෙන්න link එක....
    http://www.elakiri.com/forum/showthread.php?t=1105195&page=35

    නිවන් දැකපු කෙනෙක් ආයේ ඉපදෙන්නේ නැහැ.... (මෙතැනදී 'නිවන් දකිනවා' කියන්නේ ඇස් 2න් දකිනවා කියන එක නෙවෙයි....,"නිවන් දකිනවා" කියන්නේ "ආයේ ඉපදෙන්නේ නැහැ" කියන එකයි...)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,374
    113




    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
    උදාහරණයක් .


    ඔය භවය හෝ විඥානය හෝ සංසාර ගමන ඇතිවුනේ කොහොමද ?
    ඔය නැතිකරන්න හදන සංසාරගමන ආරම්භවුන ආකාරය බුදුදහමේ විස්තර කරන්නේ කෙසේද ?


    :oo::oo:
     
    තොත්ත බබා;10802108 said:
    ඔය භවය හෝ විඥානය හෝ සංසාර ගමන ඇතිවුනේ කොහොමද ?
    ඔය නැතිකරන්න හදන සංසාරගමන ආරම්භවුන ආකාරය බුදුදහමේ විස්තර කරන්නේ කෙසේද ?


    :oo::oo:

    ඔය ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි, ඒකාලේ හිටපු අයත් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා....

    කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('
    බුදු කෙනෙකුටත් අමාරුයි' කියන එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං තාම අහල නැහැ...)

    ඒතරම් දීර්ග කාලයක් තිස්සේ අපේ සංසාර ගමන පවතිනවා...


    සංසාර කාලය ගැන ටිකක් තේරුම් ගන්න ලේසිවෙන්න මං දන්න දැනුමෙන් කරපු ගණිතමය සාධනය: pics බලන්න (මේකේ වැරදි තියෙන්නත් පුළුවන්)

    anyway,
    ඒවගැන හොයන්න යන්නත් එපා කියල දේශනා කරා...
    හොයන්න ගියොත් උමතු වෙන්න (පිස්සු හැදෙන්න) පුළුවන් කියල දේශනා කරා...
    මොකද එක බුදුන්ගේ විෂයක්.... (බුදු කෙනෙකුට විතරයි ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, අපි අධ්‍යයනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා)
    කවදාවත් sientists ලට ඕව හොයාගන්න ලැබෙන්නේ නැහැ...
    බුදුහාමුදුරුවෝ අපිට වැදගත් දේ විතරයි දේශනා කලේ... අපි ලෝකෙට මුලින්ම ඉපදුනු ඒක අදාළ නැහැ අපේ සංසාර ගමන නවත්වන්න....
    බුදුහාමුදුරුවෝ දන්නවා ඇති කොහොමද මේවා උනේ කියල, එත් අපිට ඕව කියන ගියානම් අපිට පිස්සු හැදෙන්න පුළුවන්,... මොකද,
    1) ඒකාලේ (මීට අවුරුදු 2600 කට විතර කලින්) හිටපු මිනිස්සුන්ට තමයි ධර්මය දේශනා කලේ,ඒකාලේ මිනිස්සුන්ට විද්‍යාව ගැනවත් දැනුමක් තිබුනේ නැහැ.. ඒනිසා කියල දුන්නත් තේරෙන්නේ නැහැ...
    2) සමහර විට අපිට කියල දුන්නත් තේරෙන එකක් නැහැ, මොකද අපි නොදන්නා රහස් අනන්තවත් මේ විශ්වය තුල තිබෙනවා.. අපේ දැනුම බොහොම සාපේක්ෂයි....


    dsc00441p.jpg


    dsc00442ut.jpg


    dsc00443e.jpg


    sorry , මට type කරන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ තව අවුරුද්දක් විතර යනකම්....... අද ඉඳන් තමයි මට වෙලාවක් නැත්තේ.... ගොඩක් වැඩ තියනවා.....
    මේ pics ටිකෙන් තේරුම් ගන්න බලන්න..... මං අද ලියල photo ගැහුවේ.... මේක තේරුම් ගන්න අමාරුනම් මේ pics පෙන්නල, දන්න buddhist කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි....
    tackcare ....
     
    Last edited: