Garlic Naan හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    NN10.jpg

    ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!

    Tandoori Chicken හදන හැටි මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1162789

    Dhal Makhani මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622

    Garlic Naan හදමු!!

    NN2.jpg

    පාන් පිටි ග්‍රෑම් 350-400ක්
    මීකිරි මේස හැදි 2ක්
    මාජරින් මේසහැදි 1ක්
    යීස්ට් තේහැදි 2ක්
    සීනි තේහැදි 2ක්
    ලුණු තේහැදි 1/2ක්

    සියල්ල එකට මිශ්‍ර කරන්න.

    NN3.jpg

    වතුර ටික ටික දමමින් රොටී මෙන් හොදින් විනාඩි 10ක් අනාගන්න. දෙපසට අදිමින් බර්ගර් වලදී මෙන් තව විනාඩි 5ක් අනා බෝලයක් මෙන් සාදා තෙත රෙදි කඩකින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න.
    NN4.jpg


    මෙන්න මේ වගේ පිපෙන්න තබන්න.

    NN5.jpg

    බිත්තර තරමේ බෝල සදා ගන්න.

    NN6.jpg

    පිටි තැවරූ ලෑල්ලක් මත තබා 1cm ඝණකමට තුනී කර ගන්න. රෝලින් පින් එකක් හෝ ‍උස බොතලයක් වුනත් භාවිතා කල හැකිය.

    NN7.jpg

    රොටිය දෙපැත්තේම මාජරින්, බටර් හෝ Ghee ස්වල්පයක් ආලේප කර කුඩාවට කපාගත් සුදු ලූනු දමා අතින් හෝ රෝලින් පින් එකෙන් වරක් තුනී කරගන්න.
    NN8.jpg

    වැසූ Frying Pan එකක දමා අඩු ගින්දරෙන් දෙපැත්තම පුලුසුසා ගන්න.
    අවන් එකක වුනත් සාදා ගන්න පුලුවන්. නමුත් මේ ක්‍රමය ඉතා ඉක්මන් හා පිරිමැසුම් දායකයි!!

    images

    නියම විදියටනම් මේ වගේ
    Tandoori Oven එකක හදන්න ඕනේ.

    NN9.jpg

    මේ ප්‍රමාණයට පුලුස්සා ගන්න.
    NN1.jpg


    Tandoori Chicken හෝ කරියක් සමග කෑමට ගත හැකිය!!!
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    හදන්න දන්නෙ නැති දෙයක් නැ වගේ..:P
    ම‍රු..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Weekend එකේ වැඩ අල්ලලා වගේ:)................එළම තමා කොල්ලා.........මං කළිනුත් කිව්ව විදියට මේ කරන්නේ පිං අයිති වෙන වැඩක්..........!!!!!:love::love::love:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Weekend එකේ වැඩ අල්ලලා වගේ:)................එළම තමා කොල්ලා.........මං කළිනුත් කිව්ව විදියට මේ කරන්නේ පිං අයිති වෙන වැඩක්..........!!!!!:love::love::love:

    Yaantham waruwak niwadu hamba una!!
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හදල බලන්න ඕනෙ....මම ආස කෑමක් :rolleyes:
    ස්තූතියි බෙදා ගත්තට....:)
    rep added