Mix Chopsuey Rice හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mix Chopsuey Rice හදන්න කියලා ඉල්ලීමක් තිබුණා. ඔන්න ඒක අද ඉටු කරන්නයි යන්නේ!!
    Vegetable Chopsuey එක හදා ගන්නෙත් මේ විදියටමයි!!

    CR1.jpg

    Chopsuey එක හදලා උයා ගත්ත බත් වලට උඩින් දාලා Chilli Paste (http://www.elakiri.com/forum/showthread.php?t=1156579 ) එක්ක කන්න පුලුවන්.

    CR2.jpg

    ඉගුරු හා සුදු ලූනු කුඩාවට කපා ගන්න.
    කැරට්, ගෝවා, පක්චෝයි හා හතු වර්ග කීපයක් ග්‍රෑම් 75ක් පමණ බැගින් ගෙන කැබලි වලට කපා ගන්න. Baby Corn, Bamboo Shoot, Chinese Cabbage , Oyster Mushroom වැනි දේවල්ද භාවිතා කරන්න පුලුවන්.
    CR3.jpg

    තෝර හෝ මොදා, ඇටිස්සා වැනි ගල් මාලු වර්ගයක්
    දැල්ලන් හා ඉස්සන්
    කුකුල් මස්, ඌරු මස් වැනි මස් වර්ගයක්
    ග්‍රෑම් 100 බැගින්


    CR4.jpg

    මස් හා මාලු (off -cuts) සුන් බුන් සහ ඉස්සො පොතු ලුණු ටිකක් දමා තම්බා ගන්න.
    CR5.jpg

    තැම්බූ වතුර ටික (Stock) පෙරා වෙන් කර ගන්න. මේ වතුරෙන් බත් උයා ගන්න.


    CR6.jpg

    හතු පක්චෝයි කොළ පාට කොටස හැර එළවලුද මේ ආකාරයට කපා නටන වතුරේ දමා බාගෙට තම්බා ගන්න.

    CR9.jpg

    කටු ඉවත් කල මස් ,මාලු හා දැල්ලන් මේ ආකාරයට කපා ගන්න.
    ඉස්සෝ පොතු ඉවත්කර ගන්න.

    CR7.jpg

    තෙල් මේස හැදි 2ක් දමා ඉගුරු සුදු ලූනු බැදගන්න.

    CR8.jpg

    චිකන් හා මස් වර්ග එක්කර ලුණු හා ගම්මිරිස් කුඩු හැදි 1/2 බැගින් දමා හොදින් බැද ගන්න.


    CR10.jpg

    මාලු, දැල්ලන් හා ඉස්සන් එක් කරන්න.
    තරමක් බැදුන පසු......
    ඔයිස්ටර් සෝස් මේස හැදි 2-3ක්
    සීනි තේ හැදි 1/2ක්
    අජිනමොටෝ තේහැදි 1/2ක් (කැමති අය)
    එක්කරන්න.

    CR11.jpg

    ඉන් පසු තම්බා පෙරාගත් එළවලු ,පක්චෝයි කොළ පාට කොටස හා හතු එක්කර විනාඩි 2-3ක් පිස ගන්න.
    ඇල් වතුර කෝප්ප 1/2ක දිය කරගත් කෝන් ෆ්ලවර් තේහැදි 2ක් ටික ටික දමමින් අවශ්‍ය තරමට සෝස් එක හදා ගන්න.

    CR12.jpg


    කලින් පිසගත් බතට උඩින් දමා චිලී පේස්ට් සමග උණුවෙන්ම ආහාරයට ගන්න.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    -Rep for you bro :angry: මීට පස්සේ මේ වගේ බඩගින්නේ ඉන්න වෙලාවට මේ වගේ ත්‍රෙඩ් දැම්මොත්, -රෙප් ගන්න බලන් හිටපන්.......!! :P :P


    බඩගිනි වෙලාවට මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා බන්....... :no: :D


    ඊයේ උඹටයි, Dr. දත් කිඹුලටයි warning ආවා නේද කෑම ගැන ත්‍රෙඩ් දාන්න එපා කියලා..... :lol: :P


    Rep+ :D
     
    • Like
    Reactions: eKingmaster

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එලය....එලය....එලමයැ........!!!!!!
    හැබැයි රජෝ තවත් ගල් පාරක් නම් ෂුවර්යැ....!!!!
    මහත් වෙනව සහ පරණ කලිසම් අදින්න බෑ කියලා.....!!!
    :baffled:

    Hikz..... මැරුන් නොකා අලුත් එකක් දාපිය .....!! :angry:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Machan Podi seen ekak tiyenava Original Chopsoy ekedi karana vadak.... mata ape udagerda uncle kivve... (e uncle ta hotel ekak tiyenava)

    Api chopsoy ekata Ala danava hiniyata kapala...habai e ala tika tambanne Butter vala.... etakota tama original chopsoy rice eka hadanne....


    poddak mama kiyapu vidihatat try karala balapan...

    anika tava seen ekak machan me velavata kama danna epa yako apita badaginna vadi venava
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    යහපති...යහපති.........!!!
    නැත්නම් මම දන්නව නේ බස් එක ක්ලිනික් එකේ දොරේ කියලා.....!!!!!!

    Hikz...... 190ක් හරි 170ක් හරි ක්ලිනික් එකේ දොර කඩාගෙන ඈතුලට ආවා කියලා කියන්න එපා ඕන්......!! :lol::lol:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට මම ඉතා සද්භාවයෙන් යුතුව මාගේ කෘතඥ්තාව පල කර සිටිමි, ඔබතුමාගේ කෑම වට්ටෝරු සියල්ල එක තෑනක දෑමිය හෑකි නම් එය ඉතා අගනේය, එමගින් ඔබතුමාගේ වටිනාකම වෑඩිවනවා සේම අන් අයගේ පහසුව පිණිසද හේතු වන්නේය!