ආදරේ කාට ද?
අවශ්‍යතා රාශියක් එක ගමනින් ම ඉටුකර ගැනීමේ අදහසින් නගරයට ආ සියදෝරිස් එහි ෆාමසියකට ගොඩ වී බෙහෙත් තුණ්ඩු දෙකක් එහි සේවකයකු හට දෙමින් මෙසේ කීවේ ය.
‘ඔය තුණ්ඩු දෙකේ බෙහෙත් වෙන වෙනම බෝතල් දෙකකට දාලා මොන බේත අපේ හාමිනේට ද මොන බේත එළදෙනට ද කියල පැහැදිලිව ලියලා දෙන්ඩ මහත්තයො. මොකෝ, මං කැමැති නැහැ ඔය බේත් වැරදිලා, මොකක් හරි අලකලංචියක් වෙනවා දකින්න, අපේ එළදෙනට.’

රථ ගාය
සුළු රැකියාවක් සඳහා කොළඹ පැමිණි සුමාලි තවත් කල් නොයවා විවාහයක් කරගත යුතු යයි සිතුවාය. ඇයගේ ලොකුම සිහිනය වූයේ තම ගමන් බිමන් සඳහා මෝටර් රථයක් තමා සතු කර ගැනීම ය.
සති අන්ත පුවත්පත් කීපයක මංගල දැන්වීම් කියවා බැලූ ඇය මෙසේ දැන්වීමක් සකස් කළා ය.
‘බොදු, ගොවි, රූමත් රජයේ වැදගත් රැකියාවක් කරන තරුණියකි. වයස අවුරුදු 37 යි. ළාබාල පෙනුමැති ඇය විවාහ වීමට පතනුයේ හොඳ රැකියාවක් සහිත, මෝටර් රථයක් හිමි අයෙකි. මෑතදී ගත් මෝටර් රථයේ ඡායාරූපයක් සමඟ විස්තර දන්වන්න.’

කතා කරන කොට
වීරක්කොඩි වෛද්‍යවරයා වෙත ගියේ, තමා කාර්යාලයට වාර්තා නොකළ දින කීපය සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම පිණිස ය. ඔහුගේ කතා විලාසය පිළිබඳ ව විමසිලිමත් වූ වෛද්‍යවරයා මෙසේ ඇසීය.
‘ඔහේ හැම තිස්සෙම ගොත ගහනව ද?’
‘න්... නැ... නැ... දො... ස්... ස්... තර මහත්... ත... යො ක... ක... තා කර... න කො... කො... ට වි... වි... ත... ර... යි.’ වීරක්කොඩි කීවේය.

බැට් එකයි බෝලෙයි
චමිල රොෂාන් සමඟ අඹතලේ පාර අයිනේ කතා කරමින් සිටියදී අවමංගල පෙරහරක් ඔවුන් සිටි තැනින් යන්නට විය. අවමංගල රථයේ වූ මිනී පෙට්ටිය මත ක්‍රිකට් පිත්තක් සහ බෝලයක් ද තබා තිබිණ.
‘මැරිච්ච මනුස්සයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ.’ එය දුටු කල ක්‍රිකට් ලෝලියකු වූ රොෂාන් තම මිතුරු චමිල හට කීවේය.
‘නෑ නෑ මං දන්නවා ඔය කට්ටියව. මැරිලා තියෙන්නෙ ක්රිකටර්ගෙ වයිෆ්.’ චමිල කීවේය.
‘මොනවා? එතකොට අර බැට් එකයි බෝලෙයි මොකද මිනි පෙට්ටිය උඩ තියලා තියෙන්නෙ?’ රොෂාන් පුදුම වෙමින් ඇසීය.
‘මිනිහා මේ ගමන් ම මැච් එකක් ගහන්ඩ යනවා ඇති.’ චමිල කීවේය.

එයා කවුද?
සුමාලි හවස තම සේවය අවසන් වීමෙන් පසු සිය පෙම්වතා සමඟ ගමන් කරද්දී එතැනින් ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන ගිය අයෙක්. කට පුරා සිනාසී සුමාලි හට අත වනා ගෙන ගියේ ය. සුමාලි ගේ පෙම්වතා එදෙස බලා සිටියේ ඉරිසියාව මුසු වුණු කෝපයෙනි.
‘කවුද ඒ අත වනා ගෙන ගියෙ?’ පෙම්වතා ඇසුවේ එම කෝපයෙනි.
‘අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්.’ වැඩි ගණනකට නොගෙන සුමාලි පිළිතුරු දුන්නා ය.
‘එයා මොනවද එතන කරන්නෙ.’ වැඩිදුර තොරතුරු දැන ගැනීමේ කුහුලින් යුතුව පෙම්වතා ඇසීය.
‘මම ටයිප් කරන ලියුම් අත්සන් කරන්නෙ එයා තමයි.’ සුමාලි සැහැල්ලුවෙන් කීවාය.

ඒගොල්ලො මොකට ද?
‘අම්මේ ෆාදර් අපිට අද කිව්වා, අපිව මේ ලෝකෙට එවලා තියෙන්නෙ අනික් මිනිස්සුන්ට උදව් කරන්න කියල.’ ඉරිදා දහම් පාසලට ගොස් පැමිණි හේමන්තගේ පුතා තම මවට කීවේය.
‘ඔව් පුතා ඒක තමයි ඇත්ත.’ භක්තිමත් කාන්තාවක වූ චම්පා කීවාය.
‘එතකොට අම්මෙ අනික් මිනිස්සුන්ව එවලා තියෙන්නෙ මොකට ද?’ පුතා ඇසීය.
රිපෝස්ට්
එඩ්වඩ් චන්ද්‍රසිරි