දිගු දෑස දුටුවාම

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දිගු දෑස දුටුවාම

    geepotha1.jpg

    විරහව..... කුරුටු ගෑ ගී පොතේ වැඩිපුරම දිග හැරුනේ විරහ ගීත..... අපේ ගීත සාහිත්‍යය පෙරළා බලන්න..... එහි තියෙන ගී වලින් වැඩි හරියක්‌ විරහ ගීත විය යුතුයි....... ඒ තරමට විරහව අපේ ගීත ලෝලීන්ට සමීපයි.... මේකට හේතුව මොකක්‌ද ...... විරහව නොවිඳි කෙනෙක්‌ නැතිව ඇති.... ඒක වෙන්නැති විරහ ගීයට මේ තරම් ඉල්ලුමක්‌ තියෙන්නේ.... හොඳ, හිතට දැනෙන විරහ ගීතයක්‌ අද, හෙට ලියෑවුනත්.... විරහ ගීත සාහිත්‍යයට එය වැඩි නැහැ.


    දිගු දැස දුටුවාම

    හැඟෙනවා පෙරසේම

    උන්නු හැටි මගේ ගාව

    ඔය හිතට අමතකද

    බිඳ දමා මගේ සිහිනේ

    ඇයිද ඔබ හැංගෙන්නේ...

    මට දෙන්න මගේ සිහිනේ

    ළඟ ඉන්න පෙර වාගේ...

    මේකත් විරහ වේදනාවෙන් ගයන ගීයක්‌.... ඔහු ආදරය කළ යුවතිය... වෙන කෙනෙක්‌ එක්‌ක ගිහින්.... ඒත් අහම්බෙන් ඇය නෙත ගැටෙන ඔහුට අතීතය මතක්‌ වෙනවා....

    ඔයාගෙ දිගු නීල දැස... දැක්‌කාම එදා මගේ ළඟට වෙලා හිටි හැටි.... මට හැඟෙනවා..... දැනෙනවා..... ඔයාට ඒක අමතකද..... ඔයා එක්‌ක කූඩු වෙන්න මං කොතරම් හීන මැව්වද..... ඒත්... ඇයි ඔයා මගේ ඒ සුන්දර හීනය බිඳ දැම්මේ..... ඇයි ඔයා සැඟවෙන්නේ..... ඒ හීනය බොඳ කරන්න එපා.... පෙරදා වගේම මගේ ළඟින් ඉන්න.... මා දුටු සිහිනයේ යළි රැඳෙන්න මට ඉඩ දෙන්න.....

    මේ ගීතය ලියුවේ නන්දන වික්‍රමගේ... ජනප්‍රිය ගීත රැසකම පද රචකයා..... ගී පද එකටෙක ගෙතුනු අයුරු.... නන්දනගෙන් ඇහුවා.... මේ ඔහු අපට දුන්නු කෙටිම කෙටි උත්තරයයි....

    මේ සිංදුව එකපාරටම ලියෑවුණා... රොමේෂ්ගේ ස්‌ටුඩියෝ එකට දවසක්‌ රැයක මම ගියා.... ඔහු මට මෙලඩි එකක්‌ දුන්නා... අහන්න... ඒ මෙලඩි එක ඇසූ සැණින් මට ඒ තුළින් විරහවක්‌ දැනුනා.... ඒ අනුව තමයි මේ ගීය ලියෑවුනේ...

    රෑ දිවා හිතපුරා ඇවිලිලා මේ ගින්න

    තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ

    හිතට හිත හිමි නැතිද

    අහනවා හිත මාගේ

    මට දෙන්න මගේ සිහිනේ

    ළඟ ඉන්න පෙර වාගේ...

    රැයක්‌ දවාලක්‌ නෑ... ඔබ මට දුන් මේ විරහා ගින්න.... හිතපුරා ඇවිලෙනවා.... ඔයාට තේරෙන්නේ නැහැ.... මා විඳින දුක දැකල තරු පවා හඬනවා.... මගේ හිතට ඔයාගේ හිත අයිති නැද්ද..... ඔයාගේ හිතට මගේ හිත අයිති නැද්ද..... මේ පැනය නිතරම මගේ හිත මගෙන් විමසනවා.... අනේ.... ඔයා එදා වගේම මගේ ළඟින් ඉන්න.... මගේ සිහිනෙන් මා මුදවන්න එපා.....

    මේ ගීතයේ සංගීතයත් ගායකයාගේමයි. ගයන්නේ රොමේෂ් සුගතපාල.... යෞවනයේ ආදරය දිනා ගනිමින් සිටින ගායන ශිල්පියෙක්‌....

    අප පෙර එදා හමුවෙලා

    වෙලුනු හැටි මුදු පහසේ

    පෙනෙනවා දකිනවා

    නිහඬ රෑ දුර අහසේ

    දුරම මිස ළඟ නැතිද

    අහනවා නෙතු මාගේ
    එදා අපි හමුවුනාම... ආදරෙන් තුරුළු වෙලා.... මෘදු පහස.... විඳි අයුරු.... මට අදත් පෙනෙනවා වගේ.... සමහර විට ඒ ආදරබර මොහොත හිතින් මවාගෙන මා එය දකිනවා..... අපි එලෙස පෙමින් වෙලී සිටි හැටි.... නිහඬ රාත්‍රියේදී ඈත ඈත දුර අහසේ මැවී පෙනෙනවා.... ඒත් ඔයා ඉන්නේ දුර.... ළඟ නොවේ.... මගේ නෙත් මගෙන් විමසනවා.... ඇයි ඔයා දුරස්‌ව ඉන්නේ කියලා....

    ගීය ගැයෙන්නේ නව යොවුන් වියේ පසුවන හඬකින්... ගයන ශෛලියේත්.... වෙනසක්‌ තියෙනවා.... ඒ අද තරුණ පරපුර වඩාත් ප්‍රියකරන ශෛලියක්‌... රොමේෂ්ගේ හඬට වගේම සංගීතයටත් නන්දනගේ පදමාලාවටත්.... ගීත රසය විඳින තරුණ පරපුර දැඩි ඇල්මක්‌ දක්‌වන අයුරු මේ දිනවල අපට අසන්නට දකින්නට ලැබෙනවා....

    අජිත් අලහකෝන්
    source
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ස්තුතියි යාලුවා ගීතය ගැන රසවිදිh හැකි කතාවක් ඉදිරිපත් කලාට!
    මේක හොද වැඩක් ඉදිරියටත් කරමු.ර්‍
    8+
     
    • Like
    Reactions: sandhanuwan1

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ස්තුතියි යාලුවා ගීතය ගැන රසවිදිh හැකි කතාවක් ඉදිරිපත් කලාට!
    මේක හොද වැඩක් ඉදිරියටත් කරමු.ර්‍
    8+
    බලමු බලමු ;)
    උඹට මොකක් හරි අමතක වී ඇත :P
    එල මචෝ :D
    :P
    ගීත කතාවක්..
    ස්තුතියි සහෝ
    (රෙප් දෙන්න බෑලු)
    කමක් නෑ අයියා කමෙන්ටුව වටී
    patta patta machan meka itin kollanta amuthu topic ekak nemei ne uruma dene ;):)
    :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා.............:love::love::love:

    තවම නම් විරහව දැනිල නෑ.......ඉදිරියේදී දැනගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා..............;);)
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    වැඩේ හොඳයි මචං....මහන්සිය අගේ කරනවා...පුළුවන් හැමදාම මේ article ඒක දාපන්...
     
    • Like
    Reactions: sandhanuwan1

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා.............:love::love::love:

    තවම නම් විරහව දැනිල නෑ.......ඉදිරියේදී දැනගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා..............;);)
    :oo::oo::oo::oo:
    එළ කොල්ලෙක්නේ මම උඹට සුභපතනවා:rofl: