නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

අපි ඉපදෙන්නත් කලින්ම අපේ අනාගතේ නාඩි කොලයක ( පුස් කොලයක ) ලියවිලා ඉවරයි කියන දේ මීට කලින් අහල තියෙනවද??

ඒ කොළ අතරින් ඔයාලට අයිති කොලය ඔයාගේ ඇඟිලි සලකුණෙන් හොයාගෙන ඔයාගේ නමේ ඉදල හැම විස්තරයක්ම ජීවිතේ දැනගන්න පුළුවන් කියල ඔයාල මීට කලින් අහල තිබ්බද??

සමහරවිට මීට කලින් අහල පුළුවන් අපේ එළකිරියේ යාළුවො...
එහෙම නැත්තන් නොදන්නා කට්ටියත් ගොඩක් ඇති....

හොදයි නොදන්න කට්ටියටයි දන්නා කට්ටියටයි දෙගොල්ලන්ටම වැදගත් වෙයි මම මේ කියන්න යන විස්තරේ...

නාඩි වාක්‍යය කියන්නේ ලෝකයේ ඉපැරිණි එමෙන්ම ඉතාමත් නිවරැදි ශාස්ත්‍රයක්...

මොකක්ද මේ නාඩි ශාස්ත්‍රය???

මීට අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ විසූ මහා ඍෂිවරුන් හත් දෙනකු විසින් ( අගස්තය , කෞශික ,ව්‍යාස, බොහාර් , බ්රිගු ,වසිෂ්ඨ , වාල්මිකී,)ලෝකයේ මතුවට ඉපදෙන අවම වශයෙන් ඉන්දියාවේ එක් වරක්වත් ඉපිද ඒ එක ආත්ම භාවයක් තුල අවම වශයෙන් එක් මහාපුරුෂ ලක්ෂණයක් වත් පිහිටා තිබූ මිනිසුන් සියල්ලගේම ආත්ම භාවයන් සියල්ලේම විස්තර සිය ආධ්‍යාත්මික බලයෙන් බලයෙන් නාඩි කොළ වල ශ්ලෝක ආකාරයෙන් සනිටුහන් කළේය....

images

පළමුව මේ අනාවැකි සකු බසින් ලියැවී තිබූ අතර පසුව මේ අනාවැකි සරල දෙමල බසකට පරිවර්තනය විය...

මුල් කාලයේ මේ නාඩි පුස්තක අති විශාල ප්‍රමාණය භාරතයේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර තිබූ අතර පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මේ පුස්තක වලින් යම ප්‍රමාණයක් විනාස කල අතර යම ප්‍රමාණයක් වෙන්දේසි කරන ලදී....

නමුත් අදටත් මේ පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර ඇති අතර මීට අමතරව පාරම්පරික ගුරු කුල විසින් ගුරු කුල වශයෙන් මේ පොත් ආරක්ෂා කරමින් පවතී...

images

හොදයි කොහොමද අපි මේ නාඩි කොළ වලින් අපේ අනාගතය නම ගම විස්තර හරියටම දැනගන්නේ...??

එය සිදු වන්නේ මේ ආකාරයටයි...

අපි නාඩි වාක්‍ය බලන පුද්ගලයෙක් ලගට ගියහම ඔහු අපේ මහපට ඇගිලි සලකුණ අරගෙන ( පිරිමි නම් දකුණුද ගහැනු නම් වමද ) අරගෙන අපේ ඇගිලි සලකුණු වලට අදාළ පුස්කොල පොත් 50 ක් 60 ක් පමණ ගෙන ඒ අතුරින් අපට අදාළ පුස්කොලය සොයාගැනීම පිණිස අපෙන් යම් සරල ප්‍රශ්න වගයක් විමසනවා..

උදාහරණයක් විදියට ඔහු එක් පුස්කොලයක් ගෙන එහි සදහන් නම ඔබේ දැයි විමසනවා...
එවිට ඔබට තියෙන්නේ ඕව් නම් ඕව් නෑ නම් නෑ කියන්න...

මේ ආකාරයට කීප විටක් උත්සහා කර නිවැරදිවම ඔබේ අනාගතය ලියැවී ඇති පුස්කොලය සොයා ගැනීමට ඔහුට පුළුවන...

එවිට විස්මයජනක ලෙස ඔහු ඔබේ නම ,උපන්දිනය, මවගේ නම , පියාගේ නම , සහෝදර සහෝදරියන්ගේ නම්, ඔබේ අතීතය , වර්තමානය, අනාගතය ගැන පවසාවි....

ඒ ඔබ ගැන පුරාණ ඍෂිවරුන් විසින් ලියා තැබුන සටහනයි ඔහු කියවන්නේ....

ඔබේ ජීවිතේ සියලු විස්තර ( ඔබේ රැකියාව ආදී ඔබේ ජීවිතේ සාම විස්තරයක්ම) ඔබට දැනගැනීම හැකි වේවි..

කොටින්ම ඔබේ අනාගත සහකරුගේ නම පවා ඔබට දැනගැනීමට හැකි වේවි...

පහත දැක්වෙන YOUTUBE VIDEOS නැරබීමෙන් ඔබට මෙහි සත්‍යතාවය වටහා ගත හැක....

මේක මමම ලියපු දෙයක් මගේ දැනුමින්....
කොහෙන්වත් උපුටා ගත් දෙයක් නෙවෙයි...

මම මේක ගොඩක් අය නොදන්නා නිසා ලිව්වේ...
මේක බලලා නිකන්ම යන්න එපා... ඔයගොල්ලන්ගේ අදහසුත් ලියල යන්න...

අරව දුන්නටත් කමක් නෑලු.... :)

YOUTUBE VIDEOS නරබන්න කලින් ඔයගොල්ලන්ගේ අදහස් ලියල යන්න...

Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හොඳ ත්‍රෙඩ් එකක මචං
කරුණු ටික ගලපලා හැමෝටම අවබෝධ වෙන විදිහට ලියලා තියෙනවා
බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට:)
අරවා නම් දෙන්න බෑ කියනවා:(
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හ්ම් මාත් අහලා තියෙනවා ඔය ගැන.................
මම නම් මේවා ගැන එච්චර විශ්වාසයක් නැහැ..............
ඒත් අපි නොදන්න හැම දෙයක්ම බොරු කියලා කියන්න අපිට බැහැ................
මොකද ඒක මෝඩ වැඩක්................
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
හොඳ ත්‍රෙඩ් එකක මචං
කරුණු ටික ගලපලා හැමෝටම අවබෝධ වෙන විදිහට ලියලා තියෙනවා
බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට:)
අරවා නම් දෙන්න බෑ කියනවා:(

තැන්ක්යූ මචෝ.... :)
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
හ්ම් මාත් අහලා තියෙනවා ඔය ගැන.................
මම නම් මේවා ගැන එච්චර විශ්වාසයක් නැහැ..............
ඒත් අපි නොදන්න හැම දෙයක්ම බොරු කියලා කියන්න අපිට බැහැ................
මොකද ඒක මෝඩ වැඩක්................

නෑ බන් අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවොත් ගොඩක් වැඩ අරගෙන තියෙනවා ඔය ශාස්ත්‍රයෙන්.....

අපේ අනගාරික ධර්මපාල තුමා දැන් ඉපදිලා ඉන්න තැන දැනගෙන තියෙන්නෙත් නාඩි වාක්‍යයෙන්...

උන්වහන්සේ ගැන පොතක් ලියපු සමුද්‍ර වෙත්තසිංහ වත උන්වහන්සේ හදුනාගෙන තියෙන්නේ එහෙමයි...

2012 න් පස්සේ ලංකාවේ ආගමික පුනරුදයට දායක වෙන්න දැන්ම ඉදල ලැස්ති වෙන්න කියල සමුද්‍ර වෙත්තසිංහට උන්වහන්සේ කිවුවෙත් නාඩි වාක්යෙන් බලල....

උන්වහන්සේත් පිලිගන්නවා මේ ශාස්ත්‍රය ඇත්තක් කියල....

:yes::yes::yes::yes::yes::yes::yes:
 
එහෙමද...........
මේගැනනම් දැන ගත්තේ අද..............
ආන්නද මෛත්‍රිය හාමුදුරුවන් ගැන පොත් වගයක් තිබුනා................
කියවලා බලන්න ඕන................
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    වටින ලිපියක් මචන්,,, මාත් ඔය ගැන අහල තිබුණා... විස්තර ඇතුව ලියලා තියෙන විදිය එළ මචං,,

    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො, සමුද්‍ර වෙත්තසිංහ මහත්තයට කියල තියෙන කතාවත් මම කලින් කියවල තිබුණට
    ආයෙත් මතක් වුනේ දැන්.. මේ යන විදියට 2012 න් පස්සෙ මොනා හරි දෙයක් වෙයි වගේ මටනං හිතෙන්නෙ... :rolleyes::rolleyes::rolleyes:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    වටින ලිපියක් මචන්,,, මාත් ඔය ගැන අහල තිබුණා... විස්තර ඇතුව ලියලා තියෙන විදිය එළ මචං,,

    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො, සමුද්‍ර වෙත්තසිංහ මහත්තයට කියල තියෙන කතාවත් මම කලින් කියවල තිබුණට
    ආයෙත් මතක් වුනේ දැන්.. මේ යන විදියට 2012 න් පස්සෙ මොනා හරි දෙයක් වෙයි වගේ මටනං හිතෙන්නෙ... :rolleyes::rolleyes::rolleyes:

    ඔවු මචන් සමුද්‍ර වෙත්තසිංහට උන්වහන්සේ කියල තියෙන්නේ අනගාරික ධර්මපාල තුමා නැවත 2012 න් පස්සේ නැවත ඇතිවෙන ආගමික පුනරුදයට දායක වෙනවා කියල....

    ඒ ආගමික පුනරුදය වෙනුවෙන් සමුද්‍ර වෙත්තසිංහටත් කරන්න වැඩ තියෙනවා කියල උන වහන්සේ කියල තියෙනවා....

    උන්වහන්සේ යන යන හැම තැනකදීම සමුද්‍ර වෙත්තසිංහට ලියුම් ලිව්වෙත් සමුද්‍ර වෙත්තසිංහව ඒ කාර්යය සදහා හැඩගස්සවන්නලු.... :)